Monday, July 17, 2017

Tagged Under: , , , , ,

Dinakshi priyasad's wedding

By: Prosperity Tech On: 10:38 PM

මාව බන්දලා දෙන්න.... කාලයක් තිස්සේ ඉදලා අම්මා හොයනවා


රංගනයෙන් දැන හැඳින ගත්ත දිනක්ෂි දැන් කලා ලෝකයේ නොයෙක් තැන්වල දී තමන්ගේ හැකියාවන් පෙන්වනවා. දිනක්ෂි කරන අලුත් වැඩකටයුතු වගේම අලුත් තොරතුරුත් දැන ගන්න.


මේ දවස්වල අලුත් වැඩක් නිසා ජනප්‍රිය වෙලා කියලා ආරංචියි? මේ දවස්වල මම නටනවානේ. අලුත්ම දෙයක් නමෛයි මම කලිනුත් කරපු දෙයක්. දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් නිසා ටිකක් වැඩිපුර නටන්න වෙලා. ඒ ඩාන්ස් අන්ලිමිටඩ්වලට තරග කරන ළමයි එක්ක නම් මට හැරෙන්නවත් බැහැ. ඒ වුණත් මම කැමැතියි මම ආසා කරන අලුත් දේවල් අත්හදා බලන්න.

වෙනස් වෙනස් චරිතත් තෝරා ගන්නේ අත්හදා බැලීම් කරන්නද? දැන් විකාශය වෙන කවුරුන්ද ඔබ මගේ නාට්‍යයේ මම කරන්නේ ටිකක් නපුරු චරිතයක්. එකම විදිය චරිත කරද්දී මටත් කම්මැළිනේ. ඒකයි මම ඒ චරිතෙට කැමැති වුණේ. කට්ටිය නම් කියන්නේ මට නපුරු චරිත ගැළපෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මම ආසයි වෙනස් චරිත කරන්න.
දිනක්ෂිගේ රඟපෑම්වලට වැඩිපුරම ප්‍රතිචාර දක්වන්නේ කවුද? ගෙදර අය තමයි. තාත්තට නම් නිතරම ටෙලි නාට්‍ය බලන්න හම්බ වෙන්නේ නැහැනේ. බලපු වෙලාවට අඩුපාඩු දැක්කොත් කියනවා. ශේෂාද්‍රි තමයි දැන් වැඩිපුරම නාට්‍ය බලලා එක එක දේවල් කියන්නේ.
ශනුද්‍රි දිනක්ෂිට වඩා ජනප්‍රිය වෙලා කියලා හිතෙන්නෙ නැද්ද? ශනුද්‍රි රඟපාන දෙවැනි ඉනිම නාට්‍ය තමයි දැන් ජනප්‍රියම නාට්‍යය. ඒ නිසා ශනුද්‍රිත් දැන් ජනප්‍රියයි. ඒ නාට්‍යයේ ශනුද්‍රිගේ රඟපෑමට මමත් ආසයි. රඟපානවා කියලා හිතෙන්නේ නැති තරමට හරි ලස්සනයි.
නංගිට ක්ෂේත්‍රයේ දිනක්ෂිටත් වඩා හොඳ ගමනක් තියේවිද? එහෙම වෙනවට වැඩිපුරම කැමැතිත් මම. අනික නංගි මට වඩා ඉස්සරහට යන එක මටත් හොඳයි. එයා මට වඩා ඉස්සරහට යන්නත් ඕන.
අක්කලා නංගිලා තුන්දෙනාගෙන් වැඩිපුරම අහිංසක දිනක්ෂිද? මම ඉස්කෝලෙ යන කාලෙ නම් ඇත්තටම අහිංසකයි. මම ඉන්න විදිය දැක්කම හැමෝම හිතන්නේ මම අහිංසකයි කියලා තමයි. හැබැයි මේ මම ඉන්න විදිහ මිසක් මවා ගත්ත දෙයක් නමෛයි. බොරු දේවල් මවාපාගෙන ජීවත් වෙන්න මම කොහොමටත් කැමැති නැහැ.
ගෙදර වැඩිපුරම රණ්ඩු වෙන්නෙ කවුද? වැඩිපුර රණ්ඩු වෙන්නෙ නම් ශනුද්‍රි තමයි. ‍පොඩි එක්කෙනා නිසා එයා හිතාගෙන ඉන්නෙ අපි හැමෝම එයා කියන විදිහට ඉන්න ඕන කියලා. සමහර දේවල්වලට මටත් තරහ එනවා. හැබැයි තරහ ආවම මම කරන්නේ අඬන එක. කෑ ගහන්නේ නැහැ.
ලස්සනට අඳින්න පලඳින්න තියෙන කැමැත්ත නිසාත් දිනක්ෂිගේ ජනප්‍රියත්ව වැඩි වෙලා නේද? මම විතරක් නමෛයි අපි තුන්දෙනාම පුංචි කාලෙ ඉඳලම ලස්සනට වෙනස් විදිහට අඳින්න කැමැතියි. අපේ අම්මා තමයි පුංචි කා‍ලේ ඉඳාම අපේ ඇඳුම් හදලා දෙන්නෙත්. අම්මා නම් තාමත් කැමැති අපි තුන්දෙනාම එකම විදිහට ඇඳුම්  අඳිනවාට. එයාට තාම හිතෙන්නේ අපි ‍පොඩියි කියලා වෙන්න ඇති. ඒකයි එහෙම අඳිනවාට කැමැති. ඒ වුණාට අපි දැන් ‍පොඩි නැහැනේ.
පොඩි නැති ගෑනු ළමයින්ට හිතන්න තව දේවල් තියෙනවා නේද? ඔය කියන්නේ ආදරේ. විවාහය ගැනනේ. හිතන්න නම් දේවල් තියෙනවා. ඒ දේවල් හිතුණු වෙලාවලුත් නැතුවා නමෛයි. කලින් ආදර සම්බන්ධකම් තිබුණු කාලවල හිතුණට බඳින්න ඕන කියලා. ඒ සම්බන්ධකම් නතර වුණාට පස්සේ බඳින්න ඕන කියලා හිතුණු එකත් නැති වුණා.
ගෙදරින් කියන්නේ නැද්ද බඳින්න කියලා? අම්මා නම් කාලයක් තිස්සේ කිව්වා බඳින්න අයව හෙව්වත් එක්ක. දැන් නම් කියලා කියලා ඇති වෙලාද කොහෙද මුකුත් කියන්නේ නැහැ. මටත් හදිසියක් නැහැ කියලා එයාලට හිතෙනවා ඇති.
එතකොට ටික දවසකට කලින් ජනප්‍රිය රංගන ශිල්පියකුගේ නම ඈඳලා හැදුණු කටකතාව? කවුරු මොනවා කිව්වත් ඔය කියන කෙනා තවම මට නම් මුකුත් කියලා නැහැ. අනික එයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් මුලින්ම දැනගන්න ඕන මමනේ. අවුරුදු ගාණක් තිස්සේ අපි හොඳ යාළුවෝ. එච්චරයි.
ආදරයකින් වෙන් වුණු කෙනෙක් ගැන ඔය කියන විදිහේ තීරණයක් ඇත්තටම ගන්න වුණොත්? එහෙම තීරණයක් ගන්න වුණොත් ඒක මගේ පුද්ගලික තීරණයක්. මම පුද්ගලික ජීවිතේ ගැන අනාගතයේදී ගන්න තීරණ මොන වගේද කියලා දැන්ම කියන්න බැහැනේ. අනික මම කොහොම තීරණයක් ගත්තත් ඒක මගේ පුද්ගලිකත්වයනේ. වෘත්තීය වෙනයි, පුද්ගලික ජීවිතේ වෙනයි.
ඉදිරිය ගැන තියෙන බලා‍පොරොත්තු? රංගන කටයුතු සහ කලාවට සම්බන්ධ දේවල් ආසාවෙන් කැපවීමෙන් කරමින් ඉස්සරහට යනවා. හැමෝගෙම ආදරය තියෙනකල් ක්ෂේත්‍රයේ ඉන්නවා.
නෙලූෂා සිල්වා
Description: Dinakshi Priyasad, Funny, Gossip, Sri Lankan Actress, Models, Actress,

0 comments:

Post a Comment