Saturday, February 11, 2017

Tagged Under: , ,

salman khan jacqueline fernandez

By: Prosperity Tech On: 2:17 AM

‘‘මගේ ජීවිතේ වෙනස් කළේ සල්මන් ඛාන්“ සුරූපී ජැකලින් ජීවිතය ගැන හෙළිකළ රහස - Photos


‘‘මුල් දවස්වල මම වැඩිය ඔහු සමඟ කතා කළේ නෑ..“
‘‘මම මොඩ්ලර් කෙනෙක් වෙන්න කැමති වුණේ මුදල් නිසා..“
ජැකලින් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ලංකාවෙන් ගිහින් බොලිවුඩ් පුරය හොල්ලපු නිළියක්. සුරූපී ජැකලින් මේ වෙද්දි බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි තාරකාවක් වෙලා. රෝයි මූවි යූ ටියුබ් නාළිකාව ජැකලින් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ඇගේ ජීවිතේ මෙතෙක් නොකී රහස් කිහිපයක් ජැකලින් හෙළිකර තිබුණා.

එම සාකච්ඡාව පහතින් බලන්න...
ළමා කාලය ගැන ඔබේ මතකයෙන් කතාබහ පටන් ගනිමුද ?



මම ඉපදුනේ පවුලේ බාල ගැහැණු ළමයා හැටියට. මට ඉතාම හොඳ ළමා කාලයක් තිබුණා. සහෝදරවරු එක්ක ගතකළා. පාසලේදී මම කැමැත්තෙන්ම ඉගෙන ගත්ත විෂය ප්‍රංශ භාෂාව. අවුරුදු හතේදි තමයි මම ටීවී එකේ පෙනී ඉන්න පිස්සුව ඇති වුණේ.

ඔබ නිරූපණ ශිල්පිනියක් ලෙස කරළියට ආව මුල් කාලය ගැන කියන්න ?

ඒ මීට අවුරුදු ගාණකට කලින් මම පාසල් අධ්‍යාපනය ලබමින් ඉන්න දවස්වල තමයි මොඩ්ලින් වලට ආවේ. මුලදී මම මොඩ්ලර් කෙනෙක් වෙන්න කැමති වුණේ මුදල් නිසා. මොකද ඉගෙන ගන්න අතරේ මොඩ්ලින් කරන්න ගිය නිසා මගේ පොකට් මනී වලට සෑහෙන්න මුදල් ලැබුණා. ඇත්තටම අවුරුදු 16 වෙනකොට මම මගේ සල්ලිවලින් එළියට ගිහින් මට ඕන දේවල් මිලදී ගන්න පුළුවන් තත්ත්වයක හිටියා.
ලංකාවේ දී ඔබ ගත කරපු ජීවිතය කොහොමද ?

මම නිරූපන කටයුතු කරපු කාලයේ තමයි මට මිස් ශ්‍රී ලංකා තරඟයට ඇතුළත් වෙන්න හිතුනේ. ඒ දවස්වල මට නිළියන් වෙන්න පුදුම පිස්සුවක් තිබුණේ. ඒ නිසා ඒ කාලේ ඇත්තටම මම හිතුවා නිළියක් වෙන හීනෙට මට යන්න පුළුවන් එකම මාර්ගය මිස් ශ්‍රී ලංකා වෙන එක කියලා. ඉතින් මම ඒකට ඉදිරිපත් වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්නකොට ඔබ නිරූපන ශිල්පය හැරුණුකොට වෙන මොනවද කළේ ?

මම රස්සාවක් කළා. රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක් ලෙස මම වැඩ කළා. මම විවිධ පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා අරගෙන ඒවා වාර්තා කළා.

දැන් ඔබට රූපවාහිනියක සම්මුඛ සාකච්ඡාවක් කරන්න ලැබුනොත් කාවද තෝරගන්නේ ?

ඉන්දියාවේ අගමැති මෝදි සහ අමිතාබ් බච්චන් ගන්නවා.

ලංකාවේ හිටපු ඔබ බොලිවුඩයට ගියේ කොහොමද ?

රූපවාහිනී මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරනකොට මට දුරකථන ඇමතුමක් ආවා ඉන්දියාවේ දැන්වීම් ඒජන්සියකින්. ඔවුන් මගෙන් ඇහුවා අමිතාබ් බච්චන් එක්ක චිත්‍රපටියක රඟපාන්න කැමතිද කියලා. අමිතාබ් කියන්නේ ඒ කාලයේ මගේ ජීවිතේ වීරයා. ඒ වෙලාවේ මට කියන්න ඕන දේ හිතාගන්න බැරි වුණා.

ඒ වෙලාවේ ඔබ මොකද කළේ ?

මම කෙළින්ම මගේ තාත්තට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා අමිතාබ්ගේ හොඳ රසිකයෙක්. ඒ ආරංචිය තාත්තටත් හරිම පුදුම එකක් වුණා. ඇත්තටම අපිට ඒ යෝජනාව ගැන දෙපාරක් හිතන්න ඕන වුණේ නෑ.

අමිතාබ් එක්ක වැඩ කරන එක පහසු ද ?

පෝ ඔව්. නමුත් මට ඒ වෙනකොට සිනමා රංගනය ගැන කිසිම පළපුරුද්දක් තිබුණේ නෑ. ඒ නිසා මුල් දවස්වල මම වැඩිය ඔහු සමඟ කතා කරන්න ගියේ නෑ. ටිකක් බය වුණා.

ඔබේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස කියන්න පුළුවන් සිදුවීම මොකද්ද ?

මගේ ජීවිතේ වෙනස් කළේ සල්මන් ඛාන් සමඟ වැඩ කරන්න ලැබුණ එක. ඔහු වටේ තැවරෙමින් ඉන්න ලැබුන නිසා මගේ ජීවිතය හුඟක් වෙනස් වුණා.

ජීවිතේ ඔබ වැඩියෙන් ආදර්ශයට ගන්න කෙනා කවුද ?

සල්මන් ඛාන්.


ඔබේ සුන්දරත්වයේ රහස ගැන කියන්න පුළුවන් ද ?

මම ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතු ක්ලෙන්සර්, ටෝනර්, මොයිස්චර් ආලේපන තුනක් පාවිච්චි කරනවා. අව්වට යනවිට හිරු එළියෙන් ආරක්ෂා වෙන්න ක්‍රීම් එකක් ගානවා. විටමින් සී බහුල ආහාර ගන්නවා.

පිරිසිදුකම ගැන ඔබ ලබාදෙන උපදෙස් මොනවාද ?

පිරිසිදුකම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සමහර ගෑනු ළමයි දත් මදින්නේ නැතුව, මේක්අප් ඉවත්කරන්නේවත් නැතිව නින්දට යනවා. මම නම් එහෙම කවදාවත් නිදාගන්නේ නෑ. නිදාගන්නකොට සම අලුත් වෙනවා. සම අලුත් වෙන්න නම් අපි කිසිම ආලේපනයක් නැතිව නිදා ගන්න ඕන.

දවසට කී වතාවක් ඔබ සම පිරිසිදු කරනවද ?

ඒ කියන්නේ දවසක් කී වතාවක් මූණ හෝදනව ද කියන එක නේද ? ඇත්තටම මම මූණ හෝදන්නේ නෑ. එතකොට හම වේලෙනවා. නමුත් නින්දට පෙර නම් මූණ හෝදනවා.













Description: Bollywood, Actress, Gossip,

0 comments:

Post a Comment