Saturday, August 27, 2016

Tagged Under: , , ,

Mrs Sri lanka 2016 Udari Perera speaks about sex bribs

By: Prosperity Tech On: 6:48 AM

විවාහක රූ රැජින තරඟයේ ලිංගික අල්ලස් දුන්නැයි ගියපු කතාවලට උදාරි උත්තර දෙයි

''ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත් තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවත් මේ තරඟයට අදාලා නෑ''

උදාරි විවාහක රූ රැජිණ තරඟයෙන් කිරුල දිනාගත්තට පස්සේ ඒ ගැන ගොඩදෙනෙක් කතාවුණේ නිවැරදි කෙනාම තරඟයෙන් දිනුවා කියලා. ඉතින් රූ රැජිණ තරඟාවලිය ගැන වගේම ඒකෙදි වුණු සමහර සිද්ධි නිසා ඔය ගැන අන්තර්ජාලයේ කතා මැවුණා.

සමහරු කියලා තිබුණු ලිංගික අල්ලස් නිසා උදාරි දිනුවා කියලා. ඒ වගේම පැරදුණු නිසදෝ පියුමි වේදිකාවෙන් බැහැලා ගියා. ඔය සිද්ධි හැමදෙයක්ම ගැන මේ තරඟයෙන් දිනුපු උදාරි මේ වෙද්දි කියලා තියෙනවා.
ඒ සතිඅන්ත පුවත්පතකට. මේ තමයි ඇයගේ කතාව....

හීනයක් හැබෑ වුණා නේද ?

ඔව්, මම දැකපු තවත් එක හීනයක් හැබෑවුණා.

රංගන ශිල්පිනියක් වීම ඔය හීනේ හැබෑවෙන්න හේතුවක් වුණාද ?

මෙහෙමයි,මගේ යාළුවෝ යන්න යන්න මේක තමයි වෙලාව තව පරක්කු වුණොත් ඔයාට යන්න බැරි වෙනවා කියලා, ඊට පස්සේ තමයි මට යන්න හිතුනේ.

තරඟයේ අවසාන තත්පරයේදි මොකද වුණේ ?

මගේ හදගැස්ම හොඳටම වැඩිවුණා. මට ඒ ගැස්ම දරාගන්න බැරිව ගියා, මාත් එක්ක තරඟ වැදුණු අනිත් හැමෝම දක්ෂයි, ලස්සනයි. ඒ අය වගේ නෙවෙයි මම මේ තරඟෙට අලුත් කෙනෙක්. ඉතිං මට හැමදේම මුල ඉඳන් ඉගෙනගන්න සිද්ධවුණා.

තරඟකාරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුව කතාව ඇත්තද ?

මම දන්නේ මට සාපේක්ෂව. මගෙන්නම් කවදාවත් කවුරුවත් ලිංගික අල්ලස් ඉල්ලලා නෑ, ඉඟියක්වත් දැනිලා නෑ, මම දන්න විදියට මේ තරඟය හරිම විනිවිද භාවයකින් යුක්ත වුණා, ඇත්තටම එහෙම දෙයක් ගැන මම දන්නේවත් නෑ.

උදාරියි, පියුමියි ජනප්‍රිය නිසා අනෙක් අයට චාන්ස් නැති වුණා කියන්නේ ඇත්තද ?

ජනප්‍රියත්වය මේ තරඟයට අදාල නෑ, ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත් තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රත්චාරවත් මේ තරඟයට අදලා නෑ, අපි තරඟයක් දෙන විදිය අනුව අපේ ජයග්‍රහණය තීරණය වෙනවා.

එතකොට පියුමිට කිරුළ නැතිවුණේ උදාරි නිසාද ?

මම දන්නේ නැහැ. මගෙ ලකුණුවල එකතුවට පියුමිට වඩා වැඩිවුණු නිසා මම ජයගත්තා.

එතකොට සමහරු පැරදුනේ ඉංග්‍රීසි දන්නේ නැතිනිසා කියන්නේ ඇත්තද ?

එහෙම නෑ, අපිට කැමති භාෂාවක් තෝරාගන්න පුලුවන්, මම ඉංග්‍රීසි තෝරගත්තා, නමුත් කෙනෙකුට ඊට වඩා හොදට සිංහල භාෂාවෙන් තරඟකාරි උත්තර දෙන්න පුළුවන්නම් එයා දිනනවා.

උදාරිට කිරුළ හිමිවෙද්දි පියුමි බැහැලා ගියේ ඇයි ?

මම දැක්කේ නෑ, ජයග්‍රාහිකාව විදියට මගේ නම කියද්දි ඉස්සරහට ගියා, මට ක්‍රවුන් එක දාලා මට සුභපතලා ඒ සේරම ඉවරවෙද්දි පැය එකහමාරක් විතර වුණා, පිටිපස්සේ වුණු දේවල් මම දන්නේ නෑ

0 comments:

Post a Comment