Wednesday, July 27, 2016

Tagged Under: , , ,

Pallekele Cricket Match -Sri Lankan Show Man

By: Prosperity Tech On: 6:41 AM

ලංකාවේ පළමුවරට ක‍්‍රිකට් පිටිය මැද නිරුවත් දිවීමක් - පල්ලෙකැලේ මැච් එකේදී (video)

පිරිසක් බලා සිටියදී ක‍්‍රිකට් පිටිය මැද්දේ ඇඳුම් නැතිව දිවීමේ සිදුවීම් ලොව පුරා විවිධ රටවල සිදුව තිබුණත් ලංකාවේ ක‍්‍රිකට් පිටියක එවැනි සිදුවීමක් මේ දක්වා වාර්තාවී තිබුනේ නැත. නමුත් ඊයේ මහනුවර පල්ලෙකැලේදී ඕස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය වර්ෂාව නිසා පමා කර පිටිය ආවරණය කර තිබුණ අවස්ථාවේ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු පිටිය මැදට පැමිණ ඇඳුම් උනාදමා දිවයාමේ අවස්ථාවක් වාර්තා වුණා.

ඔහු ලකුණු පුවරුව ආසන්නයේ සිට පිටියට පැමිණියේ හොඳින් ඇඳුම් ඇඳගෙනයි. පසුව පිටිය මැදදි කලිසම ගලවා විසිකරන ඔහු රවුම් කිහිපයක් නිරුවතින් දිව නැවත කලිසම ඇඳගෙන පැමිණි ස්ථානයටම ගොස් තිබුණා. මුහුණේ ඕස්ටේ‍්‍රලියානු ධජයද පාට කරගෙන සිටි ඔහු ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු බව හඳුනාගන්නට හැකිවුණා. ඔහුට ආරක්ෂක අංශ කුමක් කළේදැයි වාර්තා නොවේ. සිද්ධියේ වීඩියෝව පහතින්

0 comments:

Post a Comment