Sunday, July 12, 2015

Tagged Under: , , ,

Dinakshi Priyasad ~ Bridesmaid of all sinhala actress

By: Prosperity Tech On: 8:30 PM

නිළි මනාලියන්ගේ දෙවැනි මනාලිය...

දිනේෂ් ප‍්‍රියසාද් පරපුරෙන්, ශේෂාද්‍රි ප‍්‍රියසාද්ගෙන් පස්සෙ ඔන්න දැන් දිනක්‍ෂි ප‍්‍රියසාදුත් සිනමාවට එක්ව සිටිනවා. ශේෂාද්‍රි සිනමාවෙ ඉන්න කාලෙ දිනක්‍ෂි සම්බන්ධ වුණේ ටෙලි නාට්‍යවලට විතරයි. හරියට අක්කයි නංගියි කතාවෙලා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන වගෙයි කටයුතු කෙරුවෙ. ඒත් ශේෂාද්‍රි විවාහයෙන් පස්සෙ තාවකාලිකව වගේ රංගනයෙන් දුරස්වෙලයි ඉන්නෙ. ඒ අතරෙයි දිනක්‍ෂි සිනමාවට මේ එකතුවෙලා තියෙන්නෙ. ඒත් හැබැයි දිනක්‍ෂිනම් කියන්නෙ අක්කයි නංගියි දෙන්නා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන හිටියෙ නෑ කියලයි.
ඇයට සිනමාව පැත්තෙන් හොඳ ආරාධනා නොලැබුන නිසාලූ සිනමාවට සම්බන්ධ නොවී හිටියෙ. කොහොම උනත් දැන් මේ වෙද්දී සිංහල සිනමාවේ අලූත්ම පෙම්වතිය දිනක්‍ෂි පි‍්‍රයසාද්. ඇය සිනමාවට එකතුවන්නෙ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්‍ෂණය කරන ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයත් සමඟයි. ලඟදීම එය තිරගතවීමට නියමිතයි. මේ, සිනමාවේ ඒ අලූත්ම පෙම්වතියත් සමඟ වෙනත් මාතෘකාවක් ගැන අපි ඇත්තට තොරතුරු කතා කළ මොහොතයි.

 
DSC_0727
button දිනක්‍ෂි සද්ද නොකරම ‘වාර්තාවක්’ තියන්න උත්සාහයක යෙදී ඉන්නවා නේද?.
‘‘.... වාර්තාවක් තියන්න මේ මම..? අනේ ඒ මොනවා සම්බන්ධවද... මට නම් හිතාගන්න බෑ... මොනවා සම්බන්ධවද මේ කියන්නෙ කියලා.’’
 

button ඇයි බොරු කියන්නෙ...?
‘‘...ම්... මේ දිනක්‍ෂි කවදාවත්ම බොරු කියන බොරු කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාම කියන්නකො මම වාර්තාවක් තියන්න හදනවා කියන ඔය කතාව ගැන..’’
 

buttonමනමාලියන් වැඩිම දෙනෙකුගෙ ‘දෙවැනි මනමාලි’ වෙලා වාර්තාවක් තියන්න නේද, ඔයා මේ කාලයක ඉඳලා හෙමින්සීරුවෙ උත්සාහයක යෙදෙන්නෙ..?
(හයියෙන් සිනාසෙමින්)... ආ, එහෙම ‘රෙකෝඞ්’ එකක් ගැනද ඔයා මේ අහන්නෙ...
 

button ඒක ඇත්තනෙ...?
‘‘ඔව්, වැඩි දෙනෙකුගෙ දෙවෙනි මනමාලි වුන කතාව නම් ඇත්ත. ඒත් මම එහෙම වුණේ. ඒකෙන් ‘රෙකෝඞ්’ එකක් තියනවා කියන අදහසකින් නම් නෙමෙයි. ඒක මම හිතලා උවමනාවෙන් කරගන්න දෙයකුත් නෙමෙයි. ඒ තුල තියෙන්නෙ පුංචි අහිංසක කැමැත්තක් විතරයි.
 

button මේ වෙද්දි ඔයා කී දෙනෙකුගේ දෙවෙනි මනමාලි වෙලා තියනවාද?
‘ඒ ගාන කීයද කියලා එකපාරටම මතකයට එන්නෙත් නෑ. එහෙම නම් ඉතින් එකේ ඉඳලා ගණන්කරගෙනම යන්න  ඕනෙ. මම හිතනවා පහලොස් දෙනෙකුට වැඩි මනමාලියො පිරිසකගෙ මම දෙවැනි මනමාලි වෙලා තියෙනවා.’’
 

button පටන් ගත්තෙ කාගෙන්ද?
‘‘පටන් ගත්තෙ මගෙ බාප්පගෙ දුවගෙන්’’
 

buttonමේ වෙද්දි අවසානයටම දෙවෙනි මනමාලි වුණේ කාගෙද..?
‘‘ ඉෂාරා සඳමිණිගෙ..’’
 

button ඔය අතර අපේ නිළියො කීදෙනෙක් හිටියාද...?
අභිෂේකා විමලවීර, භාග්‍යා හෙට්ටිආරච්චි, සමාධි අරුණශාන්ති, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, ගයත‍්‍රී රාජපක්‍ෂ, මේනකා පීරිස්, ලෝචනා ඉමාෂි... ඉෂාරා සඳමිනි..’’
11134030_10200543618628839_9101895100507319545_n
ලෝචනාගේ දෙවැනි මනාලිය


button ආරාධනා ලැබිලා ලිස්ට් එකේ ඊළඟට ඉන්නෙ කවුද..?
‘‘ ඊළඟට ආරාධනයක් තවම ලැබිල නෑ..’’


button හැබැයි ඒ වුණාට ශේෂාද්‍රිගෙ දෙවෙනි මනමාලි වුණේ නෑ නේද ඔයා..
‘‘මම ශ්‍රේෂාද්‍රිගේ අක්කානෙ.. ඒ නිසා ඒක සුදුසු නෑනෙ..’’
66
button ඒ තරමටම දෙවෙනි මනමාලි විදිහට ඔයාවම තෝර ගන්න එකේ මොනවහරි රහසක් තියෙනවද..?
‘‘කිසිම රහසක් නෑ.. අපි යාළුවොනෙ. ඒක යාළුකම නිසා සිද්ධවෙන දෙයක්..’’

 button ඒ විදිහට ආරාධනා ලැබිල ඔයාට දෙවෙනි මනමාලි වෙන්න බැරිවුණ අවස්ථාත් තියනවද..?.
‘‘ඔව්, එහෙම එක අවස්ථාවක් තියෙනවා. ඒ උදාරි කෞෂල්‍යාගෙ.. එයා මට කතා කරද්දී.. ඒ දවස්වල මම ටෙලි නාට්‍යයක ෂූටින් වලට දින දීලා තිබුණා. ඒ නිසා ඒ අවස්ථාව මඟ ඇරුණා.

  button ඔයා දෙවෙනි මනමාලි වෙද්දී. ඔයා වගේම එක දිගටම දෙවෙනි මනමාලයො වුණ නළුවොත් ඉන්නවද...?
‘‘ඔව්, කාවිංග, මාධව, එරංග වගේ අය කීප අවස්ථාවකම මම දෙවෙනි මනමාලි වුන අයගෙ දෙවෙනි මනමාලයො වුණා..’’
 
SSL_7945
button ඔය අවස්ථා පහළොව අතරෙ අමතක නොවන බොහෝම ‘ආදරණීය මතකයන්’ එහෙමත් ඇති නේද..?
‘‘ඇත්තටම ඒ හැම විවාහ උත්සවයක්ම ආදරණීය මතකයක් තමයි. ඒ හැම එකකම ‘‘ඩාන්සින් පාට්’’ එකකුත් තිබුණ නිසා. ඒවා හරි සුන්දර අත්දැකීම් වුණා...
 
button ඔයා පහළොස්වතාවක් දෙවෙනි මනමාලි වෙද්දි, ඒ පහළොස් වතාවෙ දෙවෙනි මනමාලයො වුණ කාගෙන්වත්.. ඔයාට පේ‍්‍රම ආරාධනා එහෙම ලැබුනෙ නැද්ද..?
‘‘අනේ නෑ.. එහෙම දේවල් දැනුනෙවත් නෑ..’’
 
button එහෙම දේවල් දැනුනනම්.. ඔයාගෙ ප‍්‍රතිචාරය මොනවගේ වෙන්න ඉඩ තිබුණද..?
‘‘... එහෙනම් ඉතින් මමත් නොදැනුනා වගේ ඉඳියි..
 
button තව කී වතාවක් දෙවෙනි මනමාලි වෙන්නද හිතාගන ඉන්නෙ..?
‘‘.. ම්... ඒක කියන්න බෑ..’’
 
button එහෙමනම් දෙවෙනි මනමාලි.. ‘මනමාලි’ වෙන්නෙ කොයි කාලෙද..?
‘‘ඒකත් කියන්න බෑනෙ..’’


button දිනක්‍ෂි පැහැදිලිවම කියන්නෙ, මේ උත්සාහය වාර්තාවක් තියන්න නෙමෙයි කියලද..?
‘‘.. අනේ නෑ... අනේ නෑ...’’
 
M

0 comments:

Post a Comment