Sunday, May 31, 2015

Tagged Under: , ,

I spend everything i earn for clothes - Buvini Chapa Diyalagoda

By: Prosperity Tech On: 2:07 AM

උපයන හැම සතයම මම විලාසිතාවලට වියදම් කරනවා – බුවිනි දියලගොඩ

කටකාර වගේම හැඩකාර සුන්දර යුවතියක් වන බුවිනි දියලගොඩට ලැබෙන ප්‍රතිචාර දවසින් දවස ඉහළ යන නිසාම මෙවර රිවිසරවිසි කතාබහට ඇයට ඇරයුම් කළා.
බුවිනිගේ අලුත් තොරතුරු මොනවාද?
හොඳියි. සුපුරුදු විදියට කලාවට සම්බන්ධවෙලා.
බුවිනි ආඩම්බරයි කියන්නේ ඇත්තද?
කවුද කියන්නේ මම ආඩම්බරයි කියලා. මම කැමැති හැමෝමත් එක්ක හිනාවෙලා සතුටින් ඉන්න. ඉතිං මම ආඩම්බර නෑ.

මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?
ඔව්. උතුම් පැතුම් ටෙලිනාට්‍යය වගේම ස්පන්දන චිත්‍රපටය හරහා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.
ඒ එක්කම බැණුම් අහන්නත් වෙනවා නේද?
ඔව්, උතුම් පැතුම් නිසා තමයි වැඩිපර බැණුම් අහන්නේ. සමහරු හම්බ වුණාම කියන්නේ ඒ වගේ කරන්න එපා කියලා. ඉතිං චරිතෙට සාධාරණයක් කරපු නිසානේ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසා ගොඩක් සතුටුයි.
ස්පන්දනවලින් පසුව රිදී තිරයට ආරාධනා ලැබුණද?
තවම නෑ. ඒත් ආසාවෙන් ඉන්නවා සිනමාවට සම්බන්ධවෙන්න.
අක්කට වැඩිය බුවිනි ජනප්‍රියයි කියලා හිතනවාද?
අනේ එහෙම හිතන්නේ නෑ. අක්කට හැමෝම ආදරෙයි. එයාගේ ජනප්‍රියත්වය මට ගන්න බෑ.
රංගනයෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත්ද?
ප්‍රමාණවත්. තාම මට අම්මයි, තාත්තයි එක්ක ඉන්න නිසා ලොකුවට මුදල්වල අවශ්‍යතාව දැනෙන්නේ නෑ. මම මට ආස දේවල් ගන්න එක තමයි කරන්නේ.
ඇඳුම් පැලඳුම් වගේම රූපයට කොච්චර මුදලක් බුවිනි වියදම් කරනවාද?
මම හම්බවෙන හැමදේම වියදම් කරන්නේ රූපෙටයි ඇඳුම්වලටයි. අපි දිහා හැමෝම බලන් ඉන්නවා ඒ නිසා වියදම් කරන්න වෙනවා. රූපෙට වඩා වැඩි වියදමක් යන්නේ ඇඳුම්වලට. මම ලස්සන සපත්තු, හෑන්ඩ්බෑග්වලටත් ගොඩක් කැමැතියි. ඒ නිසා උපයන හැම සතයම වියදම් කරනවා.
ඇත්තද ප්‍රවීණයෝ බුවිනිට ආදරෙයි කියන්නේ?
ඔව්. හැමෝම මට හරි ආදරෙයි. එකට වැඩ කළේ නැතත් උත්සවයකදී මුණගැහුණම මම හැමෝම එක්ක කතාබහ කරනවා. ඒ අය මගේ අඩුපාඩු වගේම මෙහෙම කරොත් හොඳයි කියනවා. ඉතිං මට ඒ වෙලාවට හරි සතුටුයි.
උසස් අධ්‍යාපනය හදාරන්න බලා‍පොරොත්තුවක් තියෙනවාද?
ඔව්. එහෙම බලා‍පොරොත්තුවක් තියෙනවා. මොකද මම 2012 වර්ෂයේ තමයි උසස් පෙළ ලීවේ. උ/පෙළ අන්තිම පේපර් එක ලියලා කෙළින්ම ගියේ රූගත කිරීම් කරන්න. ඊට පසුව උසස් අධ්‍යාපනය ගැන හිතන්න බැරිවුණා. ඒකා‍ලේ ගොඩක් කැමැත්තෙන් හිටියේ රඟපාන්න. දැන් ‍පොඩි අදහසක් තියෙනවා ව්‍යාපාරකරණය පිළිබඳ වැඩිදුර හදාරන්න.
වෘත්තීය විදියට රංගනය තෝරගන්න බුවිනිගේ අදහසක් නැද්ද?
එහෙම අදහසක් නෑ. මම රඟපාන්නේ විනෝදාංශයක් විදියට විවාහයෙන් පස්සේ රංගනය සීමා කරන්න වේවි. ඒ නිසා මම කැමැතියි ව්‍යාපාරයක් පටන් ගන්න.
ඇයි විවාහයෙන් පස්සේ රංගනය සීමා කරන්න හිතුවේ?
රංගන ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි එකට ගෙනියන්න හරි අමාරුයි. අක්කත් විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත් වුණා. අපිට යම්දෙයක් අවශ්‍ය නම් තව දෙයක් කැප කරන්න වෙනවා.
රංගනයෙන් ඉවත්වෙන්න කියලා තහංචි දාලා තියෙනවාද?
අනේ නෑ. එහෙම තහංචි දාලා නම් දැනුත් රඟපාන්න බෑනේ. මමයි හිතුවේ විවාහයෙන් පස්සේ රංගනය සීමා කරනවා කියලා. එතකන් මට හොඳ නිර්මාණවලට දායකවෙන්න පුළුවන්.
බුවිනි ඉක්මනින් විවාහ වෙනවද?
තාම මගේ වයස අවුරුදු 21 යි. තව අවුරුදු හතරක්වත් යාවි විවාහ වෙන්න.
කොහොමද පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය?
හොඳ සහයෝගයක් ලැබෙනවා හැබැයි කලාවට එයාගේ ලොකු නැඹුරුවක් නෑ. මොනව හරි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කියන්නේ හොඳයි කියලා හිතෙනවා නම් කැමැති තීරණයක් ගන්න කියලා.
තවම බුවිනිට විවාහ යෝජනා එහෙමත් ලැබෙනවා නේද?
තාත්තට නම් යෝජනාවක් ගෙනත් තිබුණා. මට පෙම්වතෙක් ඉන්න නිසා ඒ හැම යෝජනාවක්ම ප්‍රතික්ෂේප කරනවා.
ඡායාරූප- චමිල කරුණාරත්න | තිළිණි මධුවන්ති 
buwani diyalagoda (2)

0 comments:

Post a Comment