Sunday, May 17, 2015

Tagged Under: , , , ,

Hirunika premachandra schooling again

By: Prosperity Tech On: 9:19 PM

හිරුණිකා ආයෙත් ඉස්කොලෙ ගිහින්

ලාංකීය දේශපාලනයේ ප්‍රභල චරතයක්ව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය දිනක සිය පාසල් නිල ඇඳුමෙන් සැරසී නිවසින් පිටවූවා. කොළඹ විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන හිරුණිකා විශාකා විද්‍යාලයීය නිල ඇඳුමෙන් සැරසී ගියේ විශාකාව වෙතමයි.
විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවන් විසින් සංවිධානය කෙරුණු ‘බැක් ටු ස්කූල්’ (Back to School) ආකෘතියේ වැඩසටහනකටයි ඇය මෙලෙස සහභාගී වූයේ.

සුන්දර පාසල් දිවියට ඇලුම් කරන බොහෝ දෙනාට ඒ සොඳුරු අතීතයට නැවතත් එක් දිනකට හෝ යන්නට ඇත්නම් යයි සිතෙන අවස්ථා බොහෝමයි. එම සිහිනය සැබෑ කිරීමටයි මෙම ‘බැක් ටු ස්කූල්’ වැඩසටහන විවිධ පාසල්වල ක්‍රියාත්මක වෙන්නේ.

හිරුණිකා තම විශාකා විද්‍යාලයීය නිල ඇඳුමෙන් සැරසී එම අවස්ථාවට සහභාගී වූ ඡායාරූප පහත දැක්වේ.


























0 comments:

Post a Comment