Friday, October 31, 2014

Tagged Under:

Plane Without Windows Scare You?

By: Prosperity Tech On: 10:17 PM


අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් නිර්මාණය කිරීමට සැලසෙන ගුවන් යානයේ ජනෙල් නැති වූවත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති  වීමයි.

ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විසල් අධි තාක්ෂණික තිරයක් මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට යොදා ඇති අතර  පිටත සවිකර ඇති කැමරා වලින් ලබාගන්නා ඡායාරූපයන් හා වීඩියෝවන් එහි දර්ශනය වේ. අනෙක් ගුවන්යානාවල මෙන් කවුළුව අසල ආසන සඳහා පොරකන්නටද අවශ්‍යතාවයක් මෙහිදී උදාවන්නේ නැත. මන්ද සියලුම ආසනවලට වටපිටාව  ඉතා මනරම් ලෙස දර්ශණය වෙන ආකාරයෙන් මෙම ගුවන්යානය නිමවා ඇත.


ඔබට අන්තර්ජාලයේ සැරිසරන්නට  අවශ්‍ය වූ විට අදාල තිරය යොදාගන්නටද පුලුවන්ය. ඒ සඳහා සිදුකල යුත්තේ  තමන් ඉදිරියේ ඇති තිරයේ කොටසක් ස්පර්ෂ කිරීම පමණකි. එවිට අදාලා පුද්ගලයා ඉදිරියේ ඇති තිරයේ කුඩා කොටසක් සාමාන්‍ය පරිගණක තිරයක් බවට පරිවර්තනවේ.

කෙසේ නමුත් මෙය තවමත් සංකල්පයකටම පමණක් සීමා වනු ඇති බවක් පෙනෙන්නට ඇතත් විශේෂඥයින් පවසන්නේ මෙවැනි ගුවන් යානා නිපදවිය හැකිනම් විශාල ලෙස ලාභ ලැබීමට හැකිවනු ඇති බවයි. මෙහිදී යානයේ බර අඩුවීම නිසා වැයවන ඉන්ධන ප්‍රමාණයද අඩුකරගැනීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. සීපීඅයි නම් සමාගම විසින් මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති  අතර තමන් දැනටමත් මෙම තිර නිපදවීම සදහා වන පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.





hirufm.lk




0 comments:

Post a Comment