Thursday, May 14, 2015

LANKAN OWNED DUBAI MARRIOTT AL JADDAF HOTEL

By: Prosperity Tech On: 6:57 PM

ලොකුවිතානගේ හෝටලේ කාමරයක් ලක්ෂ හතයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තමාගේ සම්බන්ධයක් නැතැයි නිවේදනයෙක් එවමින් පැවසූ ඩුබායි මැරියට් හෝටලයේ ඇමෙරිකා ඩොලර් 550 (රුපියල් 72649.50) සිට කාමර පහසුකම් ඇත. රට රටවල ජනපතිවරුන් ඇතුළු ප්‍රභූන්ට සිටිය හැකි විශේෂ කාමරයක උපරිම මිල ඇමෙරිකා ඩොලර් 5500 (රුපියල් 726495.00) කි.

මෙම හෝටලය ගිය වසරේ සැප්තැම්බර 15 වැනි දා විවෘත කළ බවත්, කාමර 351ක් හා අනු නිවාස මැදිරි 128ක් ඇති බවත් නන්දන ලොකුවිතාන එහි හිමිකරු බවත්, ඔහු ආයෝජනය කළ මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් (රුපියල් කෝටි 2972.03) බවත් ඩේලි නිව්ස් පුවත්පත 2014 අගෝස්තුවේ දී වාර්තා කළේය.
කැබිතිගොල්ලෑව මැදවච්චියේ ඉපදුණු ලොකුවිතාන 1989 දී ඇඟළුම්කම්හලක සේවයට ඩුබායි ගිය බවත් මැරියට් සමාගමට බැඳුණු බවත් පුවත්පත කියයි.

ලෝකුවිතාන ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ හිමිකරු බව ද කියයි.

ලොකුවිතානගේ පියා විදුහල්පතිවරයෙකි. තම නිවසේ වහලේ පීල්ල කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත් ඔහු කියයි. හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බව ද ඔහු පවසයි. පිහිඹියගොල්ලෑව පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව හොරණට අවුත් ජනාධිපති විද්‍යාලයයේ නම වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ බවත්, පසුව අනුරාධපුර නිවත්තකචේතිය විදුහලෙන් සාමාන්‍ය පෙළද, අනුරාධපුර මැදි විදුහලෙන් උසස් පෙළද සමත් වූ බව ද ඔහු කියයි.

තමා ඉන්ජිනේරුවකු කිරීම මව්පියන්ගේ අදහස වුවත් ඔවුන්ගේ අකමැත්තපිටම 1989 දී ඩුබායි රැකියාවට ආ බව ද ඔහු කියයි.

1989 දී ඇමෙරිකා ඩොලර් 225ක වැටුපකට ආ තමා ඉන් වසර 25කට පසුව ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් ආයෝජනය කර ශ්‍රී ලංකා ධජයද ලෙලදෙන මැරියට් හෝටලය ඉදි කළ බවත්, මාස හතරකට වරක් මව්පියන් ඩුබායි කැඳවන නමුත් ඔවුන් දින කිහිපයකට වඩා එහි රැඳී සිටීමට අකමැති බවත් ඔහු සඳහන් කරයි.


lankadeepa.lk

Monday, May 11, 2015

Sajin de Vass Gunawardena arrested

By: Prosperity Tech On: 4:01 AM

සජින් වාස් අත්අඩංගුවට ගනී


ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස ද කටයුතු කළේය. 

Saturday, May 9, 2015

What It's Like to Have Severe Vaginismus

By: Prosperity Tech On: 6:48 PM

ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus )

ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus ) රෝගයට ප්‍රධාන ලෙස බලපානවා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැඛෙන ලිංගික ගැටලුව වන්නේ වේදනාකාරී සංසර්ගයයි.

මෙය උගත් නූගත් දෙපිරිසම මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයක් බවට පත්වීම නිසාමත් අපවෙත ලැබුණු ගැටලු අතරින් බොහොමයක් මේ හා සම්බන්ධකම් පවත්වන නිසාත් මෙවර වැජිනිස්මස් රෝගය හෙවත් සංසර්ග භීතිකාව පිළිබඳව සාකච්ඡා කරන්නට අප තීරණය කළා. වැජිනිස්මස් රෝගී තත්ත්වය හා ඊට පිළියම් සම්බන්ධයෙන් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් අතර ගැමි කාන්තාවන් මෙන්ම වෛද්‍යවරියන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ගුරුවරියන් මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලතල දරණ අයද වෙනවා. මේ අනුව පෙනී යන්නේ වැජිනිස්මස් හෙවත් යෝනි ප්‍රදේශය තදින් සංකෝචනය වීමේ රෝගී තත්ත්වයට නූගත්කම හෝ නොදැනුවත්කම බල නොපාන බවයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තම ලිංගික සහකරු සමඟ ලිංගිකව එක්වීමේ ආශාව ඇතත් යෝනි සංසර්ගය ආරම්භයේදීම ඇතිවන වේදනාව නිසා ලිංගික ආශාව සහ ලිංගික හැඟීම් පහව ගොස් සිත් තැවුලට පත්වීමයි.
යෝනි ප්‍රදේශයේ ඇති පේශීන් තදින් සංකෝචනය වීම හෙවත් වැජිනිස්මස් (Vaginismus ) හෙවත් සංසර්ග භීතිකාව සඳහා හේතු කීපයක් බලපානවා.

පිරිමියකු සමඟ ලිංගිකව හැසිරීම යනු
* අසභ්‍ය හා වැරදි සහගත දෙයක් ලෙස සිතන මානසිකත්වයකින් පසුවීම.
* කුඩා කාලයේදී අප්‍රසන්න ලිංගික අපචාරණයකට හෝ දූෂණයකට ලක්වීම.
* ගර්භ වීම පිළිබඳ අධික බියකින් පසුවීම

* ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් සහ අධික රුධිර වහනයක් ඇති වෙතැයි යන අනියත බිය.
* තම විවාහයට අකමැති හෝ ඊර්ෂ්‍යා කරන අයෙක්, ලිංගික සංසර්ගය අවහිර කිරීම සඳහා කොඩිවින කිරීම මඟින් කල බන්ධනයක් කර ඇතැයි යන විශ්වාසය.මෙහිදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ මානසික තත්ත්වයන් මේ සඳහා බලපාන බවයි.

වැජින්ස්මස් රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී උපදේශනය, මනෝමය ප්‍රතිකාර මෙන්ම නිවැරදි ඉරියව්ව, නිවැරදි පරිසරය සහ ලිස්සන ජෙල් වර්ග භාවිතයට උපදෙස් දීමද වෛද්‍යවරුන් විසින් සිදු කරනවා.

කෙසේ වෙතත් වැජිනිස්මස් රෝගයේ මූලික අවස්ථාවේදීම වෛද්‍යවරයකු ලවා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සියයට සීයක ප්‍රතිඵල ලබාගත හැකියි. උපදේශනය තුළින් රෝගී තත්ත්වය පහව නොයන්නේ නම් යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාම සඳහා කාන්තාව යොමු කළ යුතු වෙනවා. යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාමයට හුරු කිරීම මඟින් යෝනි මාර්ගයේ වේදනාව පහව යාම සිදු වෙනවා. මෙය පළමුව තමන් තනියමත් ඉන්පසු තම සහකරු සමඟත් සිදුකළ යුතු වෙනවා.

ඈත අතීතයේ සිට පැවත එන කලව බන්ධනය නිසා බොහෝදෙනෙකු පීඩා විදින නිසා එහි දුර්මතද අප බැහැර කළ යුතු වෙනවා. වැජිනිස්මස් රෝගයේදී යෝනි මාර්ගය අවට පේශීන් මෙන්ම යටිබඩේ සහ කලවා ප්‍රදේශයේ පේශීන්ද තදින් සංකෝචනය වීම නිසා වැජිනිස්මස් රෝගයට අතීතයේදී කලවා බන්ධනය යැයි කියනු ලැබුවා.

ලිංගික ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුවීම වැළැක්වීම සඳහා මනාලිය පිළිබඳ බලාපොරොත්තුවෙන් සිට, එය ඉෂ්ඨ නොවූ කළ ද්වේෂයට පත් දුෂ්ඨයා විසින් කපන ලද කොඩිවිනයක් නිසා කලවා බන්ධනය සිදු වූ යැයි විශ්වාස කිරිම නිසා දරු සම්පතක් ලබා ගැනීමට පවා නොහැකි වූ කාන්තාවන් මට හමු වී තිඛෙනවා. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී රෝගියා සමඟ පුළුල් සාකච්ඡාවක් ඇතිකර ගත යුතුයි.

මේ සඳහා බලපෑ සියලුම කාරණා වෛද්‍යවරයා විසින් දැන ගැනීමෙන් පසු ඇයගේ මනස සුවපත් කිරීම පළමුව කළ යුතු වෙනවා. ඉන්පසු ඇයට ලිංගික ක්‍රියාවලියේ විද්‍යාත්මක පැත්ත වෛද්‍යවරයා විසින් පහදා දීම කළ යුතු වෙනවා. දරු ප්‍රසූතියකදී දරුවෙකුගේ හිසක් යෝනි මාර්ගය හරහා එළියට එන්නේ නම්, ලිංගික එක්වීමේදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳ බියක් ඇතිකරගත යුතු නොවන බවද ඇයට පහදා දියයුතු වෙනවා.

පළමු යෝනි සංසර්ගය වේදනාකාරී යැයි සිතන කාන්තාවන්ට වැජිනිස්මස් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම වැඩියි. මෙවැනි මිත්‍යා විශ්වාසයන් කාන්තාවන්ගේ මනසට වැඩි වශයෙන් ඇතුළු වන්නේ පාසල් යන වයසේදීයි. වැජිනිස්මස් රෝගයෙන් පෙළුණු බොහෝ කාන්තාවන්ට මෙම වැරදි තොරතුරු ලබා දී තිබුණේ තම පාසල් කාලයේ පන්තියේ යෙහෙළියන් බවද පැවසිය යුතුයි.

Gayesha Perera Sri Lankan Cute Hot Actress & Harin Fernando

By: Prosperity Tech On: 6:35 PM

අලුත්ම කතාවට ගයේෂාට මළ පැනලා

''නාමල්ට හොදයි හරීන් එක්ක තේ බොන්න... හැබැයි අපි කෑම කාපු ගමන් මම බැල්ලියෙක් වුණා...'' 

“ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයේ නිරූපණය කල ආන්දෝලනාත්මක චරිතයත් සමග වඩාත් කතාබහට ලක් වූ, ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව දායක වූ අයෙක්.

පසුගිය දා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ නැවතත් ඇය පිළිබඳ කතාබහක් ඇති වී තිබෙනවා.

මෙම ඡායාරූපය, හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසෙහි ඇය සහභාගී වූ රාත්‍රී භොජනයකදී ගත්තක්. එය යොදා ගනිමින් සැකසූ අපහාසාත්මක පින්තූරයක් මේ දින වල ෆේස්බුක් ජාලයෙහි සංසරණය වෙමින් පවතිනවා.

මෙම පින්තූරය ඵලකර ඇත්තේ රංග ජයවර්ධන නමින් ෆේස්බුක් ජාලය තුල පෙනී සිටින අයෙකු විසින්. ගයේෂා මෙන්ම රංග නමින් පෙනී සිටින එම පුද්ගලයා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වූ අයයි.

එහෙත් රංගගේ පින්තූරයෙන්, ගයේෂා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී ඇති බවට චෝදනා නගා තිබෙනවා. එසේම මැදියම් රැයේ හරීන් සහ “තව එකෙක්..” ඇගේ නිවසෙහි රැඳී සිටියා යන්න ද ඵලකොට තිබෙනවා. “ලාංකීය හමුදාවලට මඩ ගහන චිත්‍රපටවල නිරුවතින් රඟපෑ මෙවන් අය පැත්ත පළාතක වැද්ද නොගත යුතු බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කඩන්න එපා....” යනුවෙනුත් එහි සඳහන්.

එයට තම ෆේස්බුක් පිටුව යොදා ගනිමින් ගයේෂා ප්‍රතිචාර දක්වා ඇත්තේ මේ ආකාරයෙන්.


“මෙන්න මහින්ද මහත්තයට කඩේ යන ‘රංග ජයවර්ධන’ කියන පාහරයා මට අපහාස කරල තියන විදිහ! ජනාධිපතිවරණයේ දී රට පුරා රැස්වීම් 78ක මහින්ද මහත්තය වෙනුවෙන් දිවා රෑ කතා කරල වැඩ කරපු මට උඹලා මෙහෙම කරල මදි... නාමල් රාජපක්ෂට හොදයි හරීන් එක්ක තේ බොන්නයි, රගර් ගහන්නයි, හැබැයි අපි කෑම කාපු ගමන් මම බැල්ලියෙක් වුනා... උඹලා වගේ මඩ ගහන නූගත් එවුන් නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ.... බූරුවා..”

රංග ජයවර්ධනගේ පින්තූරයට උද්වේගකාරී ලෙස ප්‍රතිචාර දක්වමින් ගයේෂා තවදුරටත් කියා ඇත්තේ, හරීන් සහ ඈ සමඟ සිටින් අනෙක් පුද්ගලයා තම සැමියා මිසක් “වෙන එකෙකු” නොවන බවත්, රංගගේ පින්තූරය හෙට දිනයේම මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වන බවත් ය. රංග වැන්නවුන්ගේ මෙවැනි ක්‍රියා නිසා රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානි වන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණා.






eGossip.lk

Friday, May 8, 2015

Confession Behind Kotakethana Mother And Daughter Murders

By: Prosperity Tech On: 10:09 PM

කොටකෙතනේ අම්මයි දුවයි මැරූ හැටි පාපොච්චාරණය කරයි

කොටකෙතනේ තීන්දුව කල් යයි - අම්මයි දුවයි මැරූ හැටි පාපොච්චාරණය කළේ මෙලෙසයි (ඡායාරූප)

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ඉයේ (07)ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය මේ මස 28 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය තීරණය කළා

ලියනආරච්චිගේ ප්‍රේමවතී නමැති 63 හැවිරිදි මව සහ 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි නමැති ඇගේ දියණිය කපා කොටා ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් චමින්ද සිල්වා,සිසිර කුමාර සහ එල්ජී මිතිල චෝදනා ලැබ සිටියා

2012 ජූලි 19 වැනිදා මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණාපැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 503/12 ලෙසින් පවත්වාගෙන ගිය මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ පසුව විභාග වුණා

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල මෙම නඩුවේ දී සාක්කි දුන්නා

පසුගිය නඩු වාරයක දී ජීන් ටෙක්” ආයතනය වෙනුවෙන් මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සාක්කි ලබාදෙමින් රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා මරණකාරිනියන්ගේ ස්ත්‍රී ලිංග තුළ තිබූ ස‍්‍රාවයන් පිස්න ආකාරයෙන් ලබාගෙන තමන් වෙත එවූ බවත් පුෂ්පකුමාරිගේ ස්ත්‍රී ලිංගය තුළ තිබී පුරුෂ ධාතු සොයාගත් බවත් එම පුරුෂ ධාතු මෙම විත්තිකරුවන් තිදෙනා හා සිරිපාලගේ ඩීඑන්ඒ රටාවන් සමග නොගැළපුණු අන්දමත් හෙළි කළා

ඇගේ යෝනිය තුළ සොයා ගත් ශුක්‍රාණු වල ඩීඑන්ඒරටාව පරිගණකයට ඇතුල් කළ විගසම එමඩීඑන්ඒ රටාවට සමාන ඩීඑන්ඒ රටාවක් ඇති පුද්ගලයකුගේ සාම්පලයක් මීට පෙර පරීක්ෂා කර ඇති බව පෙන්වනු ලැබු බවත් ඊට පෙර සිදුකළ ද්විත්ව කාන්තා ඝාතනයටත් අමතරව එම අපරාධකරු තවත් කාන්තා ඝාතන දෙකකට සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළි වූ බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා

භූත බලවේගයක් නිසා මෙම ඝාතන සිදුවන බවට ගමපුරා ප්‍රචාරයක් පැතිර ගොස් තිබූ අතර ගම්මුන්ගේ අවධානය වෙනතකට යොමුකරලීම මේ ඝාතකයන්ගේ සැලසුමක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබුණා

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල ලබා දුන් කට උත්තරය පහත දැක්වෙනවා

ප්‍රේමවතී අක්කාටයි එයාගේ දුවටයි පිහියෙන් කෙටුවා ඔවුන් දෙදෙනා මරු විකල්ලෙන් ද`ගලද්දී දෙදෙනාටම අතවර කළා පස්සේ මමත් තුෂාරත් යට ඇඳුම්පිටින්ම ගෙදර ගියා තුෂාරගේ සිරුරට හා කමිසයේ ලේ තැවරී තිබූ නිසා ඒවා උනා ප්‍රේමවතී අක්කාගේ හා දියණියගේ දැවෙමින් තිබූ සිරුරු මතට වීසිකළා යට ඇඳුමෙන් සිටි දෙදෙනා දුෂණය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරුවලට භූමිතෙල් හලා ගිනි තිබ්බා යට ඇඳුම් පිටින් ගෙදර ඇවිදින් නාගෙන පිරිසිදු වී වෙනත් ඇඳුම් ඇඳ ගත්තා

මගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණේ නැහැ නමුත් මා ඇඳ සිටි සරම ගලවාගෙන කිහිල්ලේ ගසාගෙන තුෂාරත් සමග ආවා යැයි සැකකාර සිරිපාල නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කරමින් පවසා ඇත ඝාතනයට යොදාගත් මන්නාපිහිය තුෂාර වෙලට විසිකර දැමුවා පස්සේ දවසක ගිහින් ලේ තැවරී තිබූ ඒ පිහිය සෝදා මම නැවතත් ප්‍රයෝජනයට ගත්තා අපි ප්‍රේමවතී අක්කාගේ නිවසේ ගින්න නිවා දැමීමටත් හවුල්වුනා සිරුරුවලට ගිනි තැබුවායින් පස්සේ තමා ගෙටත් ගිනි ගත්තේ මේ දෙදෙනාගේ සිරුරු මෙට්ට හා ඇඳ ඇතිරිලි දමා භූමිතෙල් හලා ගිනි තිබ්බා ඒ ගෙදරින් පිටත්වෙලා එන්න කලින් ජනේලයක කම්බි කූරු ඈත්කළා

එහෙම කළේ පරීක්ෂණ පැවැත්වීමට එන පොලිසියේ මහත්වරුන් නොමග යවන්නයි මේ සිද්ධිය මට හැම තිස්සේ මැවී පෙනෙන්නට වුනා මම සමහරදාට රෑට හීනෙන් බය වෙලා කෑ ගැසුවා මේ නිසා රෑට හොඳට බීලයි නිදා ගන්නේ

නාමල් චමින්ද සිල්වා ලබා දුන් කට උත්තරය

ප්‍රේමවතී අක්කාගේ හා ඇයගේ දුවගේ ඝාතනයන්ට ශාප කරන්න මම ගමේ කට්ටියත් එක්ක රත්නපුර සමන්දේවාලයට ගොස් පොල් ගැසුවා මේ අපරාධය කරපු ඔවුන්ට හෙණ හතම ගහන්න ඕනෑ කියා දෙවියන්ට කන්නලව් කළා මේ වගේ ර`ගපෑමක් මට කරන්නවුනේ කාටවත් සැකයක් ඇති නොවන්න

සිරිපාල ගැහැනුන්ට කෑදර මිනිහෙක් කියලා දැන ගත්තා මේ බව දැන ගත්තාට පස්සේ සිරිපාලට අසභ්‍ය දර්ශන තියන සීඞී කිහිපයක් ගෙනවිත් පෙන්නුවා ඒවා මිනිහා පුදුම ආශාවකින් බලා හිටියා එහෙම කළේ දුවගැන මිනිහට කාම ආශාවක් ඇතිකරවන්න හිතාගෙනයි හරියටම හරි ගියා

ඝාතනයට ලක්වූ හේවාගමගේ පුෂ්පකුමාරි




 ඝාතනය සිදු වූ නිවස
නීතිපතිවරයාගේ සමාව ලැබ පැමි‚ල්ල වෙනුවෙන් සාක්ෂි දෙන අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල

සැකකාර නාමල් චමින්ද සිල්වා

සැකකාර සිසිර කුමාර

සැකකාර එල්.ජී. මිතිල

Rag in Ruhunu campus

By: Prosperity Tech On: 7:25 PM

රුහුණේ නවක සිසුවියන්ට අතවර කරන හැටි - (හඬ පට සහිතයි!)


''දැනටමත් අපිට පිස්සු වගේ... කළුවර කාමරයකට දාලා බලෙන්ම අපිව කිස් කරවනවා'' 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සඳහා නවක සිසුන් මේ වන විට බඳවා ගෙන තිබෙනවා. නවක සිසුන්ට මුහුණ දීමට සිදුවන අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් කෙරෙන හෙළිදරව්වකි මේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ රුහුණු විශ්ව විද්‍යාලයෙන්.

රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසුන් සඳහා පසුගිය දා ජේෂ්ඨයින් ලබා දුන් නවක වදය හේතුවෙන් මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ නව සිසුවියන් කිහිප දෙනෙක් මාතර රෝහලේ 26 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. මේහිදී එම නවක සිසුවියන් ජේෂ්ඨයින් අතින් දුෂණයට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.


කැන්ටින් එකේ කාමරයක් තුළට රැගෙන ගොස් තරුණියන්හට අසැබ් වචනයෙන් බැන වදින බවයි එහි සිසුවෙක් කියා සිටියේ. ඒ සමගම ජෙෂ්ටයින් කැන්ටින් එකේ කාමරය තුළ දී තරුණියන්ට ලිංගිකව අතවර සිදු කරන බවත් ඔවුන් කියා සිටියා.

ඒ සමගම ජේෂ්ඨ සිසුන් විසින් නවක සිසුවියන්ට, නවක සිසුන්ව සිප ගැනීමට බලකරන බවත්, අසභ්‍ය වචනින් නවක සිසුන්ට බැන වැදීමට උපදෙස් දෙන බවත් වැඩි දුරත් ඔවුන් කියා සිටියා.

මෙම තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් නවක සිසුවියන් කිහිප දෙනෙක් මානසික මට්ටමෙන් ඇද වැටි ඇති බවටයි වාර්තා වන්නේ. ඔහුන්ට මේ සිදුවන හිංසනයන් තව දුරටත් ඉවසීමට නොහැකි බව ද ඔවුන් පවසනවා.


මෙවෙනි ක්‍රියාවන් නැවතීමට බලධාරීන් කටයුතු කල කල යුතුයි. මේ වන විට මේ සඳහා ෆේස්බුක් පිටු පවා නිර්මාණය වී තිබෙනවා.>>>> https://www.facebook.com/pages/%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%8A-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B1%E0%B7%94/864414603605346?sk=timeline

ඔවුන්ට සිදු වූ මෙම අතවර සම්බන්ධයෙන් වැඩි දුරටත් පැවසු කරුණු පහත වීඩියෝවෙන්.