Friday, February 6, 2015

Cricket World Cup Song 2015 - Kirula Genemu - CENTIGRADZ ft. Sachithra Senanayake

By: Prosperity Tech On: 12:36 AM

CENTIGRADZ සමඟ සචිත්‍ර සින්දු කියලා – වීඩියෝව මෙන්න


එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්වන CENTIGRADZ සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ගීතයක් ගායනා කර තිබේ.

Kirula Genemu ලෙස නම් කර ඇති මෙම ගීතය රචනා කර තිබෙන්නේ තිලාන් රංගන විසිනි.

ගීතය පහතින් නරඹන්න


adaderana.lk



දිරිය දෙන්න කොල්ලනේ....
මෙන්න මෙන්න මෙහෙ වරෙව්....
දිරිය දෙන්න කෙල්ලනේ...
මෙන්න මෙන්න මෙහෙ වරෙව්....

මෙන්න මෙන්න මෙහෙම.. මෙන්න මෙහෙම...
මෙන්න මෙහෙ වරෙව්...

සිංහ කොඩිය ලොව හොල්ලන කාලේ අවිල්ලා...
අපට උරුම කිරුල ගන්න එකතු වෙයල්ලා..
එක්වම යමු පෙරටම ජය කෙහෙළි නංවලා..
සිංහ නාද පතුරමු අපේ කොල්ලෝ දිනවලා..


පම් පම් රපම් පපම්... පම් පම් රපම් පපම්...
පම් පම් රපම් පපම්... පම් පම් රපම් පපම්...


දස්කම් තම නමට නොවේ
මුළු රටටයි දිරිය හිතේ
දහසක් බාධක අවත්
මේ පාරත් දෙනවා බැටේ

බැට් එක අතින් අරන්
සහස් පැතුම් හිතේ දරන්
ශ්‍රී ලංකන් අපෙ කොල්ලෝ
වැඩ කිඩ පෙන්නන ලස්සන

යෝකර්ස් සික්සර්ස්
පපරේ එක්ක ෆුල් ෆීචර්ස්
සිංහ පැටව් රජ වෙයි ලොව
අනිත් ටීම්ස් යවයි ගෙදර

එක තමයි අපි කියුවේ
අපිත් එක්ක බෑ කියුවේ
ජය ඝෝෂා හතර වටේ
සිංහ ධජය ලොවම දිලේ


දිරිය දෙන්න කොල්ලනේ....


ක්‍රිකට් අපේ ප්‍රාණයයි...
දේශයේ අභිමානයයි...
ලොවේ උතුම් දේශයයි...
අපට උරුම සිහසුනයි..

ක්‍රිකට් අපේ ප්‍රාණයයි...
දේශයේ අභිමානයයි...
ඔබේ පැතුම් උරුමය ගෙන එන්න කැප වෙලා...
කිරුල ගෙනෙමු අයෙත් අපි සැවොම එක් වෙලා..


දිරිය දෙන්න කොල්ලනේ...

Saree Ke Fall Sa Song ft. Shahid Kapoor & Sonakshi Sinha | R... Rajkumar

By: Prosperity Tech On: 12:21 AM

Check out the foot tapping number 'Saree Ke Fall Sa' sung by Antara Mitra and Nakash Aziz from R...Rajkumar featuring Shahid Kapoor & Sonakshi Sinha.

Music: Pritam
Lyrics: Mayur Puri

Saree Ke Fall Sa Lyrics:

SAREE KE FALL SA KABHI MATCH KIYA RE
KABHI CHOD DIYA DIL KABHI CATCH KIYA RE
SAREE KE FALL SA KABHI MATCH KIYA RE
KABHI CHOD DIYA DIL KABHI CATCH KIYA RE
TOUCH KARKE, TOUCH KARKE, TOUCH KARKE, TOUCH KARKE
KAHAN CHALDI BACH KARKE
TOUCH KARKE, TOUCH KARKE

TOUCH KARKE DIL SE DIL ATTACH KIYA RE
KABHI CHHODD DIYA DIL KABHI CATCH KIYA RE
SAREE KE FALL SA KABHI MATCH KIYA RE

SAAYA JABSE MILA TERA SAAYA
BHAAYA MUJHE HARBAAR TU BHAAYA
LAAYA SAPNE HAZAAR TU LAAYA
AISE AISE HAAN AISE AISE AISE JAISE
AAYA JABSE HAI YAAR TU AAYA
CHAAYA BANKE HAI PYAAR TU CHAAYA
LAAYA SAPNE HAZAAR TU LAAYA AISE AISE HAAN AISE AISE AISE

SACH KARKE SACH KARKE
MERE SAPNE SACH KARKE
KAHAN CHALDI BACH KARKE TOUCH KARKE, TOUCH KARKE

TOUCH KARKE DIL MERA KYUN SCRATCH KIYA RE
KABHI CHHODD DIYA DIL KABHI CATCH KIYA RE
SAREE KE FALL SA KABHI MATCH KIYA RE
KABHI CHHODD DIYA DIL KABHI CATCH KIYA RE
SAREE KE FALL SA KABHI MATCH KIYA RE

Eros International & Next Gen Films presents 'R...Rajkumar' a film directed by Prabhu Dheva featuring Shahid Kapoor & Sonakshi Sinha in the lead roles. The film is produced by Sunil Lulla & Viki Rajani.

R...Rajkumar releases in theatres on 6th December, 2013.

Thursday, February 5, 2015

Real age of wimal weerawansa's wife

By: Prosperity Tech On: 11:18 PM

'වීරවංශගේ හා ශෂිගේ ඇත්ත වයස හෙළිකරනවා' - රාජිත 

wimal shashi weerawansa
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ සැබෑ වයස සහ උපන්දින ළඟදීම හෙළිකරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය සැකසීමට දුන් උප්පැන්න සහතිකය ව්‍යාජ බවට තහවුරු වි ඇතැයි ද ඔහු සඳහන් කළේය. ද්විත්ව පුරවැසිබව ලබාදුන් පුද්ගලයන් පිළිබඳව සහ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබාදුන් පුද්ගලයන් පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බව හෙතෙම පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදීය

 (srilankamirror.com)

Dhammika Perera reveals

By: Prosperity Tech On: 11:03 PM

කැසිනෝ ධම්මික ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින් කළ සෙල්ලම්

ලංකාවේ තෙල් ගවෙශණය කළ කේන් ලංකා (Cairn Lnka) ඉන්දියානු සමාගමට ලබාදීමට ගුවන් හමුදාවෙන් අඩු මිලට හෙළිකොප්ටර් කුලියට ලබාගනිමින් හේලීස් සමාගම විසින් සිදු කළ විශාල අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ.
කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ප්‍රධානත්වය දරනු ලබන හේලීස් සමාගමේ අදාල අක්‍රමිකතාව පිටුපස සිට ඇති ප්‍රධාන පුද්ගලයා වන්නේ හේලීස්හි රිකී බාර්නට් නැමැති අයෙක් බව පැවසේ.

හෙළිකොප්ටර් නොමැති හේලිස් සමාගම අදාල ටෙන්ඩරය ලබාගත්තේ කෙසේද, ගුවන් හමුදාව එහි කොටස් කරුවෙකු කරනු ලැබුවේ කුමන අයුරින්ද යන්න පිළිබඳව මේවන විට ගැටලු පැනනැගී ඇති කේෂත්‍ර බව ගුවන් හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් මේ සඳහා ගුවන් හමුදාවෙන් කුලියට ගෙන ඇති බවත්, මේ ගනුදෙනුවේ අතර මැදියා වූ හේලීස් සමාගම කෙටිකාලීන පදනම මත හෙළිකොප්ටර් ගෙන ඒවාට ගෙවා ඇත්තේ ගුවන් පැයකට ඇමරිකානු ඩොලර් 2000ත් 3000ත් අතර මිලක් බව පැවසේ.

කෙසේවුවද බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් ගුවන් පැයක් ධාවනයට සම්මත නඩත්තු වියදම (Operating Costs Per Hour) ඇමරිකානු ඩොලර් 1316.8 කි.

බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් ගුවන් පැයකට කෙටිකාලීන පදනම මත කුලියට ගන්නේ නම් ඊට ගෙවිය යුතු මිල ඇමරිකානු ඩොලර් 5000ත් 6000ත් අතර බවද පැවසේ. 

එසේම ඒ සඳහා මාසිකව තවත් ඇමරිකානු ඩොලර් 250,000ක් පමණ ගෙවීමක්ද සිදු කළ යුතු බව වාර්තා වේ.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් තොරතුරු අප ඉදිරියේදි හෙළිකරන්නෙමු.

(srilankamirror.com)

Wednesday, February 4, 2015

TransAsia plane crash on cam! | Taipei | 04 02 2015

By: Prosperity Tech On: 6:45 AM

අද උදෑසන තායිවානයේ 12 දෙනෙකුට මරු කැඳවමින් ග`ගකට වැටුණ ගුවන් යානය එසේ පතිතවන අවස්ථාවේ අසළ අධිවේගී මාර්ගයක ගමන් කළ වාහනයක සවිකර තිබුන කැමරාවකට එය පතිතවන තත්පර කිහිපයක දර්ශනයක් හසුවී තිබුණා. එය පහත පරිදිය.

Tuesday, February 3, 2015

Would you let an ELEPHANT give you a massage?

By: Prosperity Tech On: 10:56 PM

ආසියා අලි සම්බාහකයෝ තායිලන්තයේ 

තායිලන්තයේ සෆාරි උද්‍යානයක ‘අලි‘ සම්භාහනයක සුවය විදින සංචාරකයෝ පිරිසක් ඇමරිකා ජාතික ඉයන් මැක්ලීන්ගේ කැමරාවේ සටහන් විය.
වැඩුණු ආසියා අලි සම්බාහකයෝය.
අලි සම්භාහනය ලබාගැනීමට කැමති පුද්ගලයින්ට මුලින්ම බිම වැතිරෙන්නැයි උපදෙස් ලැබෙන අතර අනතුරුව තම ඇත්ගොව්වාගේ උපදෙස් අනුව අලියා බිම වැතිර සිටින පුද්ගලයාගේ ඉණ,පිට,පාද තම පාද හා හොඬය යොදාගෙන සෙමින් තෙරපයි.
ජීවිතයත් මරණයත් අතර මොහොතක් වුවද සංචාරකයින් මේ අලි සම්භාහනය ලබාගැනීමට සිටින්නේ පෝලිම් ගැසී බව ඉයන් කියයි.
(asianmirror.lk)



i don't hate my life - meena kumari sri lanka

By: Prosperity Tech On: 10:41 PM

ජීවිතය ගැන පසුතැවීමක් මගේ හිතේ නැහැ

මීනා කුමාරි
මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය රැසකින් ම අප නෙතු මානයේ රංගනයේ සිතුවම් අඳින සොඳුරු නිළියක් ලෙස මීනා කුමාරි හඳුන්වා දිය හැකියි. කලකට පසුව මීනා ‘රසඳුන’ සමඟ ඇගේ රංගන දිවිය ගැනත් නවතම කලා තොරතුරු ගැනත් කතාබහ කළා.
ඔබේ නවතම කලා කටයුතු මොනවගේ ද?
මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩකටයුතු කරගෙන යනවා. ඒ ඇරෙන්න ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට දායක වුණා.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ඔබ නර්තනාංගනාවියක් නේද?
ඔව්. රංගනයක් නැතිව නර්තනයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. රංගන ජීවිතයේ රංගනය නොමැතිව පළමු වතාවට නර්තනයකින් පමණක් චිත්‍රපටයක් ඔස්සේ මගේ රසිකයින් හමුවට මම එන්නේ මේ ඔස්සේයි.

ක්ෂේත්‍රයේ අයගෙන් මෙයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා ඇති?
ඔව්. අපි දැනගෙන හිටියේ නැහැනෙ නර්තනය හොඳට පුළුවන් කියලා කියන එකයි ඔවුන් පවසන්නේ. ඇත්තටම ක්ෂේත්‍රයේ කවුරුත්ම දැනගෙන හිටියෙත් නැහැ, දැකල තිබුණෙත් නැහැ මම නර්තනයේ යෙදෙනවා. චිත්‍රපටයක් ඔස්සේ එය එළිදක්වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.

ඔබ ටෙලිනාට්‍යවලත් මේ දවස්වල ජනප්‍රියම අම්මා නේද?

මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍ය කීපයක් ම විකාශය වෙනවා. ‘මායා පටල’, ‘උතුම් පැතුම්’, ‘ආදර දෑසක්’ වගේ ටෙලිනාට්‍ය. ‘මායා පටල’ ටෙලිනාට්‍යයේ චරිතයට මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. අහිංසක අම්මාගේ චරිතයෙන් තරමක් දුරට මිදුණු නීතිඥවරියක ලෙස කටයුතු කරන, තද ගතිගුණ තිබෙන අම්මා කෙනෙක් ගේ චරිතයක් එය.

චරිතාංග නිළියක වනවාට වඩා ඔබව මවගේ චරිතයටම කොටු කරලා වගේ හැ‍ඟෙන්නේ නැතිද?
දැනට නම් එහෙම තමයි කියලා හිතෙනවා. පසුගිය දවස්වල නම් චරිතයක් තිබුණා ‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයේ. එහි මම රඟපෑවේ විවාහ නොවුණු පුංචි අම්මා කෙනෙකුගේ චරිතයක්. ඒ කාන්තාවට සුවිශේෂී ගතිගුණ තිබුණා. බොහොම ලස්සන චරිතයක් එය. එයත් මම ආසාවෙන් රඟපෑවා. මම මීට පෙරාතුව රඟපෑ ‘වසූදා’ නාට්‍යයේ චරිතය අවුරුදු 19 සිට 55 දක්වා වයස සීමාව වනතුරු විකාශනය වූවා. ඉතින් ඒ නාට්‍යයෙන් රසිකයන් දුටුවේ මගේ වයස කාලය. මේ දැන් ඉන්න විදිහට නෙමේ ඒ චරිතයේදී හැම පැත්තෙන් ම හුඟක්ම ‘කොස්ටියුම්’, ‘බොඩි ස්ට්‍රක්චර්ස්’, ‘ම‍ූමන්ට්ස්’ පවා අපි හදාගෙන ඒ චරිතය රඟපෑවේ. මම හිතනවා ඒ සාර්ථකත්වයට‍ තමයි වයස සීමාවක් නැතිව අම්මාවරුන්ගේ චරිතවලට මට කතා කරන්නට හේතු වුණේ.

ඒ කියන්නේ ඔබට පෙම්වතියගේ චරිතය රඟපාන්න බැරි වටපිටාවක් නිර්මාණයව පවතිනවාය කියන එකද?
අපෝ නැහැ. තවම හොඳින් මට පෙම්වතියගේ චරිතය රඟපාන්න පුළුවන්. බැරිකමක් නැහැ. නමුත් මට මතකයි ‘බාඳුරා මල්’ ටෙලිනාට්‍යයේ මම හිටියේ යෙහෙළියකට. එය තරුණ ගැහැනු කෙනෙකුගේ චරිතයක්. එහෙම කරන්න බැරිකමක් නෙමෙයි.
නමුත් හුඟාක් ටෙලිනාට්‍ය චරිතවල විශේෂයෙන් ම මෙගා ටෙලිනාට්‍ය තුළ මා වෙනුවෙන් ලියවෙන්නේ මවගේ චරිතය තමයි.

පෙම්වතියකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත්?
මම කැමැතියි. ඒත් නොලැබුණා කියල දුකක් නැහැ. නොලැබෙන තරමට හොඳයි. මොකද දැන් මටත් තරුණ දියණියක් ඉන්නවා. අනෙක අද තරුණ ඇක්ට්‍රස්ලා ගොඩක් ඉන්නවා. මම බොහොම ආසාවෙන් අම්මාවරුන්ගේ චරිත රඟපාන්නේ. එහෙම නැත්නම් කාන්තා චරිත.

නව පරපුර ගැන මොකද හිතන්නේ?
නව පරපුරේ අය දක්ෂකම පැත්තෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඔවුන්ට සහජ හැකියාව තිබෙනවා‍. එකම දේ තමයි මේ අය රංගනය කියන්නේ කුමක්ද? කියන එක දැනගෙන, හදාරා ක්ෂේත්‍රයට එකතු වන්නේ නැති එක. රංගනය කියන්නේ රූපයම නොවෙයි. රූපය තියෙනවා නම් එය වාසනාවක්. රූපයයි හැකියාවයි ආභාසයයි වැදගත්. සමහර අය ඉන්නවා ක්ෂේත්‍රය ගැන තේරුම් අරගෙන ප්‍රවීණයන්ට ගරු කරමින් මේ ක්ෂේත්‍රයේ රංගනය කරන්නේ කොහොමද, මෙය කොතරම් වටිනවාද, පූජනීයත්වයකින් යුතු ද, කියන එක ගැන අවබෝධයෙන් එන පිරිසක්.
නමුත් බොහෝ වෙලාවට එහෙම වටපිටාවක් නැතිව එන පිරිසකුත් සිටිනවා. ඒ නිසාම දෝ මං දන්නැහැ අද කලාව තුළ යම් යම් කට කතා ඇතිවෙනවා මේ නළු නිළියන් කියන නාමයත් එක්ක. විනයක් ඇතිව, ඉගෙන ගෙන ආ යුතු තැනක් බව මම නවකයන්ට පවසන්න කැමැතියි. අනෙක අද බොහෝ වෙබ් අඩවි වල ගොසිප් බවට පත්වන්නේත් පුවත්පත්වල නරක දේ කළා කියා පළවන්නේත් හැදෑරීමක්, අධ්‍යාපනයක් නැතිව කලා ලොවට එකතු වූ නවකයන් නිසා බවයි මගේ හැඟීම.

ඔබේ දියණිය ඔ‍ෙ‍බ් රඟපෑම් ගැන මොකද කියන්නේ?;
හුඟක් වෙලාවට ඇය මම රඟපාන ටෙලිනාට්‍ය නරඹනවා. ඒවා ගොඩක් විඳිනවා‍. ගෙදරදීත් ඇය කියන්නේ අම්මා අනෙක් අම්මලා වගේ නෙවෙයි කියලා. ඒ නිසා අම්මා කියන සීමාවෙන් එහාට ගිහිල්ලා ඇය යාළුවෙක් විදියට තමයි මං ගාව ඉන්නේ. යාළුවෙක් විදියට, මවක් විදියට හැම විදියකටම ඇය මාව දකිනවා. ඇයට කේන්තියක් හෝ සතුටක් හෝ දැනුණු විට ඒ දේ පිටකරන්නේ මම අම්මා විදියට දැකලා නෙවෙයි. යාළුවෙක් වගෙයි. මම එයින් තේරුම් ගත් දෙයක් තමයි මං ළඟදි ‍‍මගේ දියණියට නිදහසක් තිබෙනවා කියන එක. මේ දිනවල නම් ඇය අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

දියණිය කලාවට දායක කරන්නේ නැද්ද?
ඇයට ඒ හැකියාව උපරිමව තිබෙනවා. දැනට ඇය විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?
එයට ඉතින් නිර්වචනයක් දෙන්න නම් මට අමාරුයි. මම දකින විදියට ආදරය තමයි ජීවත් වෙන්නට තියෙන එකම දේ. බොහොම සුන්දරයි. මමත් ආදරය කරනවා. ආදරය විඳිනවා. හැම පැත්තෙන් ම ලැබෙන ඒ ආදරය තුළයි මම ජීවත්වන්නේ.

ජීවිතය ගැන ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?
ජීවිතේ ගැන පසුතැවීමක් මගේ සිතේ නැහැ. නමුත් ආපසු හැරෙන්නේ නම් නැහැ. අපේ අනාගතය ගොඩනැ‍ඟෙන්නේ ආපසු ජීවිතය දෙස හැරී බලද්දී අප ලැබූ අත්දැකීම් තුළින් කියා මම සිතනවා. ඒ අත්දැකීම් මතින් ජීවිතේ තව තවත් ශක්තිමත් කරගෙන එයට මුහුණ දෙන්නට මට ශක්තිය තිබෙනවා.

Monday, February 2, 2015

Chandrasena Hettiarachchi's daughter Lihini Hettiarachchi

By: Prosperity Tech On: 9:50 PM

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දුවගේ වැලන්ටයින් සැමරුම

chandrasena hettiarachchi's daugter lihini hettiarachchi
ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි මෙවර ආදරවන්තයිගේ දිනය සැමරීමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ ආදරය කැටි වූ නවතම ආදර ගීතය එළැඹෙන පෙම්වතුන්ගේ දිනයේදී නිකුත් කිරීමෙන්. 
 
ළිහිණි හෙට්ටිආරච්චි සමඟින් මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රහල් අල්විස් නම් වූ යොවුන් පරපුරේ ගායන ශිල්පියෙක් වීම ද විශේෂත්වයක්. ගීතයේ පද මාලාව වරුණ චින්තක වගවත්ත විසින් ලියවී ඇති අතර මෙම ගීතයේ සංගීතය ෂෙනුක හේෂාන් පීරීස් 
නිර්මාණය කර තිබෙනවා.
 
වරුණ චින්තක වගවත්ත අතින් ලියවෙන මෙම ගීතය ඔහුගේ පළමු පද රචනය වීම සහ මොවුන් දෙදෙනාගේ ප්‍රථම ආදර ගීතයද මෙය වීම තවත් එක් විශේෂත්වයක්. පියාණන්ගේ අඩි පාරේ යෑමට සූදානම් වන ළිහිණි හෙට්ටිආරච්චි සහ රහල් අල්විස් හට දිගු ගමනක් යාමට හැකි වේයැයි අප විශ්වාස කරනවා. ගීතය තව දින කිහිපයකින් අන්තර්ජාලයට මුදා හැරීමට නියමිතයි.
 
ගීතය නිකුත් වූ සැණින් ඔබ වෙත ගෙන ඒම nethfm.com අප සූදානමින් සිටිනවා.
 


(nethfm.com)Lihin hettiarachchi

Whitney Houston's daughter 'fighting for her life'

By: Prosperity Tech On: 9:13 PM

අකාලයේ මිය ගිය විට්නි හූස්ටන් මෙන් නාන තටාකයේ වැටී සිටි දියණිය කෝමා තත්ත්වයට


අකාලයේ මිය ගිය විට්නි හූස්ටන් මෙන් නාන තටාකයේ වැටී සිටි දියණිය කෝමා තත්ත්වයට ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී සොයාගත් හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් කෝමා තත්ත්වයට පත්ව තිබේ.
පසුගිය සෙනසුරාදා උදෑසන ක්‍රිස්ටිනා ජලය පිරුණු නාන තාටකය තුළ මුණින් අතට වැටී සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.
21 හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.
පොලීසියේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ක්‍රිස්ටිනා සොයා ගන්නා අවස්ථාවේදී ඇය සිහිමුර්ජා වී සිට ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර අනතුරට මත්කුඩු හෝ මද්‍යසාර සම්බන්ධයක් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද හෝඩුවාවක් හෝ ලැබී නොමැත.
මීට අවුරුදු 3කට ඉහතදී අඟල් 12ක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ තිබියදී මෙලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර සොයා ගැනිණ.
කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ය.
ක්‍රිස්ටිනා විට්නි හූස්ටන්ගේ එක ම දියණිය ද වන්නී ය.
හූස්ටන් වරෙක පවසා තිබුණේ, සිය දියණියගේ දෑසින් තමන්ට තමන්ව දැකගත හැකි බව ය.
බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ඇයගේ සැමියා සමග
බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ඇයගේ සැමියා සමග

(newsfirst.lk)

http://i.dailymail.co.uk/i/pix/2013/07/16/article-2366042-1AD36669000005DC-77_634x515.jpg

Maithripala refuses his official plane

By: Prosperity Tech On: 7:28 AM

කෝටි 208 ක නිල ගුවන් යානය ජනපති එපා කියයි


ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම ගුවන් යානය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි බවත් සඳහන්. මෙම විශේෂිත ගුවන් යානය සඳහා වූ ගෙවීම් සිදු කිරීම නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් වන අතර ඒ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා දැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා පැවසීය