Thursday, December 11, 2014

Man Fails To Get 'Eaten Alive' By Anaconda

By: Prosperity Tech On: 11:23 AM

ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පණ පිටින් ගොස් යළි පැමිණි මිනිසෙක් (VIDEO)



ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පිවිස යළි පිටතට පැමිණි පුද්ගලයෙකු පිළිබඳව ජාත්‍යන්තර වෙබ් අඩවි සහ සමාජ ජාල වෙබ් අඩවිවල පළවී තිබේ.
පෝල් රොසලී නමැත්තෙකු එලෙස ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පිවිස ඇත්තේ, ලොව සුප්‍රකට රූපවාහිනී චැනලයක් මගින් නිෂ්පාදනය කෙරෙන Eaten Alive නමැති වැඩසටහනක් සඳහා ය.
ආරක්ෂිත ඇඳුම් ඇඳ කැමරාවක් ද අතැතිව කුස තුළට පිවිසිය ද පෝල් රොසලීට එම සර්පයාගේ කුස තුළට සම්පූර්ණයෙන් ඇතුළු වීමට හැකි වූයේ නැත.
ඒ, එම පුද්ගලයාට ඇතුළු වීමට තරම් අවකාශයක් එම සර්පයාගේ කුස තුළ නොපැවතීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම වැඩසටහන සඳහා අඩි 26ක ඇනකොණ්ඩාවෙකු යොදා ගැනීමට තීරණය කර තිබුණ ද ඒ සඳහා අඩි 20ක සර්පයෙකු යොදාගෙන තිබීම හේතුවෙන් එම පුද්ගලයා කුස තුළ සිරවී ඇති බව ය.
කුස තුළ සිටියදී සිරවූ පෝල් රොසලී තමන් බේරා ගන්නා ලෙස නිෂ්පාදන කණ්ඩායමෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඔහු බේරා ගන්නා අයුරු වීඩියෝවෙහි දැක්වේ.

(newsfirst.lk)


Menaka is the best lover - Nehara

By: Prosperity Tech On: 10:56 AM

මේනකට වැඩියෙන්ම ගැලපෙන පෙම්වතිය මමයි

 

නෙහාරා සහ මේනක විවාහයෙන් පසුව පුවත්පත් පිළිසඳරවලට එක්වූයේ නැති තරම්ය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර නෙහාරා සඳැල්ල සමග කතා බහකට එක් වූයේ මෙලෙසිනි. ඇයගේ ජීවිතයේ වෙනසක් වෙන්නත් යනවලූ. මොකක්ද මේ වෙන්න යන වෙනස? මේ දෙදෙනාම ක‍්‍රියා කාරී දේශපාලනයට පිවිසෙන්න ද? මේ සූදානම් වන්නෙ? නෙහාර ඒ සියල්ල ගැන සඳැල්ලට කීවේ මෙලෙසිනි.

Untitled-1

button නෙහාරා අද දවසේ වැඩ කටයුතු කොහොම ද?

නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ නවතම ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය 1920 ගණන්වලට අයත් වූ කතාවක් පදනම් කරගෙන කරන නිර්මාණයක්. ඒත් එක්කම මෙවර ‘‘රිදී රැයක්’’ රියසල්වලට දායක වෙනවා. සිරස ප්ලැටිනම් එවෝඞ් එකටත් රියසල් කරනවා. ඒ ඔක්කෝටම අමතරව දෙරණ ටී පාටි සහ මල්බර දෙරණ වැඩ සටහන්වලට නිවේදනයෙන් දායක වෙනවා.
 

button පසුගිය දිනවල ඩුබායි ගියේ ඇයි?

ඇත්තටම අපට විවේකයක්  ඕනෑ වුණා. ඉතින් අපි සති තුනක විතර කාලයක් ඩුබායිහි සංචාරයේ නිරතව හිටියා.
 

button කොහොම ද විවාහයෙන් පසු ජීවිතය? ඒ ගැන හිතෙන්නෙ කොහොමද?

ඉතාම සතුටින්, ඒත් කාර්ය බහුලව ගෙවුනු බව කියන්න පුළුවනි.
 

button තිරයේදී මේනක ඔබගෙ පෙම්වතා වුණා. සැබෑ ජිවිතයේ දී සැමියකු ලෙස ඔහුගේ භූමිකාව මොන වගේ ද?

සැමියකු ලෙස බොහෝම වගකීමක් ඇතිව ජීවත්වන කෙනෙක්.  ඕනෑම දෙයක් ගැන බොහොම ලෙංගතුව කතා කළ හැකි චරිතයක්. නළුවකුගෙ චරිතය ඔහු ගෙදර දී කරන්නෙ නැහැ. බෙහෙවින්ම සාමාන්‍ය සරල චරිතයක්. එයාට මා කෙරෙහි ලොකු තේරුම් ගැනීමක් තියෙන්නෙ. හරිම ලෙහෙසියි ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න.
 

buttonඔහු වෙතින් ඔබ දකින විශේෂම දේ?

ඔහු කරන්නන් වාලේ කිසිවක් කරන්නෙ නැහැ. හැම දෙයක්ම මා එක්ක සාකච්ඡුා කරලා තමයි තීරණ ගන්නෙ. අපි දෙදෙනා අතරේ ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
 
button ගෙදර වැඩටත් උදව් කරනව ද?

ගෙදර වැඩට උදව් කරන්න හරිම ආසයි. මොන විදියකින් හෝ සහයෝගය දෙන්න අහනවා. අඩු තරමින් ලූණු ගෙඩියක් හෝ සුද්ද කරලා දෙන්න ද කියලාවත් ඒත් මම ඒකට කැමති නැහැ.
 

button හේතුව?

මට  ඕනෑ කරන්නෙ ගෙදර ගෘහණියක ලෙස මගෙන් ඉටුවිය යුතු සියලූ දේ එයා වෙනුවෙන් කරලා දෙන්නයි.
 

button ඔබට හොඳට උයන්න පුළුවන් ද?

හොඳ රසට උයන්න පුළුවන් කියලා හිතනවා.
 

button නෙහාර ස්පෙෂල් වට්ටෝරුවක් ගැන සඳැල්ල පාඨකයන්ට කිව්වොත්?

අපි රස චිකන් කරියක් හදමු. ඒකට අවශ්‍ය ප‍්‍රමාණයට චිකන් (ස්කින්ලස්) කෑලි කපලා. එකට තුනපහ, වතුර, ලූණු, මිරිස් කහ සෝයා සෝස් ගල්වා විනාඩි 20ක් විතර පදම්වෙන්න තියන්න. අමතරව සුදුළුණු, ඉඟුරු, කරපිංචා, සියඹළා සියල්ල පිළියෙල කර තබා ගන්න. පසුව ඒවා තෙම්පරාදුකර පොල්කිරි සහ වතුර ස්වල්පයක් යොදා චිකන් මිශ‍්‍රණය ලිප තබා පිසගන්න.
 

button ඔබ ගෙදර වැඩ කරන අතරේ මේනක මොනවද කරන්නෙ ?

අපි දෙන්නට පැරණි ගීත අහන්න හරි ආසයි. ඉතින් ඒවා අහනවා. චිත‍්‍රපට නැරඹීමත් බහුලව සිදු වෙනවා
 

buttonඉස්සර කතාවක් තිබුණා. ඔබ එක්ක හැර මේනකට වෙනත් නිළියන් එක්ක රඟපාන්න දෙන්න නැහැ කියන එක ගැන?

ඒ ප‍්‍රශ්නය ඇසීම ගැන මගේ ස්තුතිය. එහෙම කිසිම වර්ග කිරීමක් තිබුණේ නැහැ. තහංචියක් තිබුණෙත් නැහැ. එක කාලයක අපි දෙන්නා ගැන කතා කළ අවස්ථා තිබුණා. ඒ අපි එකට රගපෑ නිසා. නමුත් මේනක සහ මා අතර එවැනි ප‍්‍රශ්න නැහැ. ඔහු මගේ සැබෑ පෙම්වතා සහ සැමියා. සැබෑ ජීවිතයේ දී එයා අයිති මටයි.
 

button ඔබ අධ්‍යක්‍ෂවරියක් නම්, ඒ නිර්මාණයෙහි පෙම්වතාගේ චරිතය රඟපාන්නෙ මේනක නම්? ඔහුට පෙම්වතිය ලෙස ඔබ යෝජනා කරන්නෙ කවුද?

මමම තමයි. ඔහුට වඩාත් ගැලපෙන පෙම්වතිය මමම තමයි.

button ඒ කියන්නෙ යටිහිත කැමති නැද් ද? වෙන කෙනෙක් පෙම්වතිය වෙනවට?

මම අධ්‍යක්‍ෂිකාව නිසාත්, ඒ නිර්මාණය වඩා සාර්ථක වන්න අපි දෙන්නාගෙ පෑහීම නිසා එය වඩාත් සාර්ථක වේවි. මේනක, සුජානි අක්කා, කාංචනා, හිමාලි අක්කලා එක්ක වගේම මහේෂි දක්වා බොහෝ දෙනා එක්ක රඟපාලා තියෙනවා.

buttonඔබ ඔහු වෙතින් දකින ගුණාංග මොනව ද?

අසාධාරණයට බොහෝම විරුද්ධ කෙනෙක්.  ඕනෑම අසාධාරණයක දී කෙලින් කතා කරන කෙනෙක්. සැමියකු ලෙස මට උපරිම ආරක්ෂාවක් වගේම උපරිම ගෞරවයක් දෙන කෙනෙක්. ඇත්තටම හරි යුතුකම් වගකීම් දන්න කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාධාරණයට කතා කරන්න තරම් කොන්ද පණ තියෙන නියම පිරිමියෙක්.
DSC_0406

button ඒ වගේ අය දේශපාලනයට හොදයි නේද?

ඒ වගේ අය තමයි සුදුසු. ඒත් නැත්තෙත් ඒ වගේ අයනේ.
 
 
button ඔහුට දේශපාලනයට ආරාධනා ලැබුණ ලූ නේද?
මේනකටයි - මටයි දෙන්නටම ආරාධනා නම් ලැබුණා. ඒත් අපි ප‍්‍රතික්ෂේප කළා.
 

button කොහොම වුණත් ජීවිතයේ වෙනසක් වෙන්න යනවලූ නේද?

ජීවිතය ගැන කතා කළොත් අත්දැකීම් රාශියක් සමග ගලා යන දෙයක්. සෑම තීරණයක්ම ගන්න  ඕනෑ දෙතුන් පාරක් ඒ ගැන හිතලයි. මේනකට සහ මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි ජීවිතය ගැන සුළු පටුවට හිතන්නෙ නැහැ. ජීවිතයේ අරුත අපි දන්නවා. සමාජයට හෙට දවසේ වඩා යහපත් දේ කිරීම අපේ අරමුණයි. 

(lankadeepa.lk)

Monday, December 8, 2014

Legs & Personality

By: Prosperity Tech On: 7:01 PM

"කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි" 

අද කාලේ පාවහන් පළඳින්නේ දෙපා වල ආරක්ෂාවට පමණක්ම නොවෙයි. හැම දේම වගේ පාවහන් පවා දැන් විලාසිතාවක් වෙලා.
ඔබ දන්නවද ඔබ පළඳින පාවහන් දිහා බලල ඔබේ ගැන අනාවැකි කියන්නට පුළුවන් බව.

පාවහන් වල අඩිය ගෙවෙන ආකාරය එක එක අයගේ වෙනස් කියලා ඔබ නිරීක්ෂණය කරලා තිඛෙනවාද? එසේ වන්නේ එක එක්කෙනා ඇවිදින ආකාරය වෙනස් නිසා.
පුද්ගලයා ඇවිදින ආකාරය අනුව එයා ගැන කියන්නට පුළුවන්.
සමහරුන්ගේ සපත්තු වල හෝ සෙරෙප්පු වල අඩිය ගෙවෙන්නේ සමාන්තරවයි.
ඒ කියන්නේ ඉදිරියෙනුත්  පිටුපසිනුත් එක ගානට ගෙවෙනවා.
එහෙම අය රටට සේවයක් කරන්නට කැමති , අරපිරිමැස්ම හොඳින් දන්නා, පිනට දහම කැමති අය.
ඒ වගේම ඔවුන් ඔවුන් තීක්ෂණ බුද්ධියක් ඇති කාලය නාස්ති නොකරන දීමට කැමති පුද්ගලයින්.
ඔවුන් ලෙහෙසියෙන් රවටිලිකාරයන්ට හසු වන්නේත් නැහැ. සමහරුන්ගේ වම් පැත්තේ සෙරෙප්පුව දකුණු පැත්තට වඩා වැඩිපුර ගෙවෙනවා.

එවැනි පුද්ගලයින් උත්සාහයට ගැලපෙන ප්‍රතිපල නොලැඛෙන, නිතර චිත්ත පිඩාවන්ගෙන් පෙලෙන, බොහෝ විට අනුන්ගේ නින්දා අපහාස වලට ගොදුරු විය හැකි අයයි.

ඔවුන් බොහෝ දුරට තමන්ගේ හිතේ තිඛෙන දේවල් ඉටු කරගන්නට අපහසු වන අයද වනවා.

දකුණු පැත්තේ අඩිය වම් පැත්තට වඩා ගෙවෙනවා නම් හම්බ කරන දේවල් අපතේ යන, අනුන් වෙනුවෙන් කාලය ගත කරන්නට කැමති, දරුවන්ගේ පවුලේ ප්‍රශ්න ඕනෑවටත් වඩා කල්පනා කරන කෙනෙක්.
මේ වගේ අය අඹු සැමි ප්‍රශ්න වලට මුහුණ දෙන ආත්ම තෘප්තිය නොලබන කෙනෙක් විය හැකියි.

සෙරෙප්පුවේ අඩිය ඉස්සරහින් වැඩිපුර ගෙවෙනවා නම් ඔවුන් ආගමට දහමට ලැදියි.
දියුණුවට කැමතියි.

පුහු අලංකාරයට අකමැති වනවා වගේම නිතර රැවටිලි කාරයන්ට ගොදුරු වන කෙනෙකුද වනවා.
ඔවුන් උපයන දේවල් නිකරුනේ විනාශ වනවාට අකමැතියි වගේම අනිත් අයව පහත් කොට සලකන අයද වනවා.

අඩිය වැඩිපුර පිටුපසින් ගෙවනවා නම් එවැනි අය රට ජාතිය ආගම ගැන නිතර කතා කරන නමුත් කිසිවක් ක්‍රියාවට නගන්නට මැලි වන ටිකක් නපුරු ගති ඇති බොරු ආටෝප වලට කැමති අය වනවා. මොවුන්ට මසුරු ගති ගුණාත් තිඛෙන්නට ඉඩ තිඛෙනවා. 

(shaafm.lk)

Is it legal to be topless here?

By: Prosperity Tech On: 6:50 PM

නිරුවත් වී අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීනිය (වීඩියෝ සහිතයි)

 අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ. කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ  කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.
එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා  උඩු කය නිරුවත් වුවාය.

නගරාධිපතිවරයාද  ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත වී ඇත.

උඩුකය නිරුවත් මාධ්‍යවේදිනියගේ එම වීඩියෝව පහතින්.

(shaafm.lk)

Thissa Attanayake meets Mahinda

By: Prosperity Tech On: 4:40 AM

 තිස්ස - ජයන්ත අරලියගහදී ජනපති හමුවෙති

එක්සත් ජාතික පකෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ.




Sri Lankan model Ashini Perera

By: Prosperity Tech On: 3:58 AM

මිස් ග්ලෝබල් ඒෂනී


0101 ඒෂනි ඔබ කවු ද?
DSC_1041මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.
 

0101 අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද?
දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙනවා. හැබැයි ඒ කරන දේවල් වෘත්තීමය වගකීම වටහාගෙන කරන්නෙ. එහෙම නැතුව ආවට, ගියාට කරන දේවල් නොවෙයි.
 

0101 ඇයි ස්ථිර අංශයක නිරත නොවන්නෙ?
නිරූපණය, නිවේදනය, සමාජ සත්කාරවලට දායක වීම වගේ ඒ සියලූ දේ කරන්න ආසා නිසා.
 

0101 රඟපෑමට නාවේ?
වතාවක් ද ෆිල්ම් ටීම් ආයතනය යටතේ මෙහි දී රූගත කළ රුසියානු චිත‍්‍රපටයක රඟපෑවා. ඇත්තටම හොඳ චිත‍්‍රපටයක රඟපාන්න ආසයි. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.
 

0101 මේ කරන කියන දේවල් ආර්ථිකයට ප‍්‍රමාණවත් වෙනව ද?
මගේ අයියා ජ’පුර සරසවියේ උපාධිධාරියෙක්. එයා විද්්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධන කටයුතු ආයතනයක් පවත්වාගෙන යනවා. මාත් ඒ කටයුතුවලට සහයෝගය දෙනවා. ඊට අමතරව ACBT එක මම වැඩිදුර පාඨමාලාවක් හැදෑරුවා. ලබන වසරේ දී මගේම විලාසිතා ආයතනයක් පවත්වාගෙන යාම අරමුණයි.
 
sandalla-02
 

0101 ”මිස් ග්ලෝබල්” ගැන විස්තර සඳහනක් කළොත්?
මේ ජාත්‍යන්තර තරගයට මිස් ශ්‍රී ලංකා හෝ මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මෙවර තේරුණේ මමයි. ජැමෙයිකාවේ දී පැවැත්වෙන මෙම තරගයට රටවල් පනස් ගණනක් ඒ රටවලින් තේරුණු මිස් ග්ලෝබල් කිරුළ ලද සුරූපිණියන් සහභාගි වීමට නියමිතයි. මට හිතෙන විදියට රටට කීර්තියක් ගෙන දීමට පුළුවන් වේවි කියලා හිතෙනවා. තමන්ගේ රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට ප‍්‍රචාරය ලබා දීම මෙහි ඉලක්කයයි. ඉතින් මම මගේ රටේ ප‍්‍රවර්ධනයට සේවයක් කරන අතරේ පාසල් කාලයේ සිටම කරන සමාජ සේවයට මීට වඩා ලැදිව කටයුතු කිරීම අරමුණයි. මගේ උපන් දිනය යෙදෙන්නෙ දෙසැම්බර් 4 වැනිදාටයි. එදාට මම ඉන්නෙ ජැමෙයිකාවෙ. 6 වැනිදා පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒම ඒකායන අරමුණයි. මේ සියලූ දේ වෙනුවෙන් මට මේ ලොකු අවස්ථාව ලැබුණෙ ඇමරිකාවේ බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි චිත‍්‍රාල් ද මෙල් මහතා සහ ලියෝනි ද මෙල් මහත්මියගෙ අනුබලය සහ අනුග‍්‍රහය නිසයි. එය ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.

හැඩ ගැන්වීම්: මධාරා ප‍්‍රසාදි විතාරණ
පසුතලය: පාක් ස්ටී‍්‍රට් මියුස් (Park Street Mues)
 

lankadeepa.lk

Sunday, December 7, 2014

UNP General Secretary Tissa Attanayake To Join The Government

By: Prosperity Tech On: 11:02 PM

තිස්ස අත්තනායක එ.ජා.ප. මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ, තිස්ස අත්තනායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායකත්වයට භාර දුන් බව ය.

 

Anarkali Akarsha weds

By: Prosperity Tech On: 6:56 PM

අනර්කලී යුගදිවියට

ඩිෂාන් ජයසිංහ කුඩා කල සිටම ඇමරිකාවේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයෙකි. ඔහුගේ පියා සුප‍්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතායි. කැලිෆෝනියාවේ ලෝස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානය නමින් රෝහලක් පවත්වා යන ඔහු කෝටිපතියෙකි. ඩිෂාන් ඩොල්ෆින් ඇකඩමි හා ටේලර් කොලේජ් විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා පසුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු වී තිබෙනවා. මේ වන විට ඩිෂාන් ප‍්‍රයිමරි ප්‍රොවයිඩර් මැනේජ්මන්ට් නම් සමාගමක් පවත්වාගෙන යනු ලබනවා. 
 
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.  
අනර්කලීගේ විවාහයෙන් අනතුරුව බොහෝදුරට ඇමරිකාවේ පදිංචිවන්නට ඉඩ තිබෙන අතර ඇය ලංකාවේදී සිදු කළ ඇගේ දේශපාලන වැඩ කලා වැඩ සියල්ලෙන් ඉවත්වන්නටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(nethfm.com)

UK porrrn legislation

By: Prosperity Tech On: 2:42 AM

 බ්‍රිතාන්‍ය තුල කාමුක චිත්‍රපටවල චර්යාවන්ට තහනමක්

සිය රට තුළ නිපදවෙන කාමුක චිත‍්‍රපට සඳහා ඇතැම් ලිංගික චර්යාවන් තහනම් කිරීමට බි‍්‍රතාන්‍ය රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලිංගික චර්යාවන් 10කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට වාරණ මණ්ඩලය විසින් තහනම් කර තිබේ. කෙසේ වෙතත් විචාරකයින් චෝදනා කර ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය ලිංගික සිනමාව විනාශමුඛයට පාත‍්‍රවනු ඇති බවයි.බි‍්‍රතාන්‍ය අන්තර්ජාල පේ‍්‍රක්‍ෂකයින්ට තහනම් කරන ලද දසුන් විදෙස් නිෂ්පාදිත සිනමා පට වලදී දක්නට ලැබෙන හෙයින් මෙහි පදනමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය මාධ්‍යයට අදහස් දක්වමින් කාමුක සිනමා අධ්‍යක්‍ෂිකා එරිකා ලස්ට් පවසා ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය කාමුක සිනමාපට යළිත් වරක් කාන්තාවගේ ලිංගික ආශ්වාදය නොතකා හරින තත්වයකට පත්වනු ඇති බවයි.

hirufm.lk

Prasanna Solangaarachchi Joins Maithripala

By: Prosperity Tech On: 1:42 AM

ප්‍රසන්න සෝලංගආරච්චි පොදු අපේක්ෂක මෛත්‍රීපාලට සහය දීමට තීරණය කරයි

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මේ වනවිට කොටිකාවත්තේ පැවැත්වෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
ජාතික පක්ෂයේ සාමාජිකත්වයක් තමන් ලබා නොගන්නා බවත්, තව දුරට ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ත් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා එහිදී අවධාරණය කළේය.


(newsfirst.lk)