Monday, November 3, 2014

Malaka Silva undergone a surgery

By: Prosperity Tech On: 6:23 PM

Daily Astrology - 04-11-2014

By: Prosperity Tech On: 6:02 PM

අද දින ඔබගේ කල දසාව 2014 නොවැම්බර් 04 දින

මේෂ
රැකීරක්ෂා කටයුතුවලින් අධික වෙහෙසක් ගෙනදෙන බව පෙනී යයි. තම දෙමව්පියන්ගේ කටයුත්තක් සඳහා බලා‍පොරොත්තු රහිත වියදමක් දැරීමට සිදුවන අතර, රැකියා ස්ථානයේ හිත මිතුරන් සමග ආරවුල් ඇතිකර ගන්නා බැව් පෙන්නුම් කරයි. උසස් අය ඇසුරට ඉඩ සැලසෙන දවසකි.
වෘෂභ
ආර්ථිකය සතුටුදායක වුවත් බලා‍පොරොත්තු රහිත වියදමක් දැරීමට සිදුවන අද දින අත්‍යවශ්‍ය කටයුතු අතපසු කරමින් අනවශ්‍ය කරුණුවලට ප්‍රමුඛත්වය ලබාදීමෙන් සිතට අසහනකාරීබවක් ගෙනදිය හැකි අතර, රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතු සාමාන්‍ය අන්දමින් කරගෙන යෑමට හැකිවන දවසකි.

මිථුන
තරගකාරී වැඩකටයුතුවලින් ජය ලබනු ඇත. නව රැකියා අපේක්ෂිතයන්ට සුබදායක දවසකි. රැකීරක්ෂාවලට යහපත් වුවද වියදම ඉහළ යන බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි අද දින ගමන් බිමන්වලදී අධික ලෙස මුදල් වැයවනු ඇත. ගෘහ ජීවිතය යහපත්ය.

කටක
රැකීරක්ෂා කටයුතුවල තිබූ ගැටලුකාරී තත්ත්වයන් මග හැරේ. තාවකාලික රැකියාවල නිරත අයගේ තත්ත්වය ස්ථිර වන අද දින ව්‍යාපාරිකයන්ට ලාභ ගෙනදිය හැකි අතර, අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරගෙන යෑමට සුදුසු වාතාවරණයක් සැකසේ.

සිංහ
රැකියාවේ විශේෂ වෙනසක් ඇති නොවේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු අයට පාඩු ගෙනදෙයි. නව ආදායම් මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන අතර විදෙස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලා‍පොරොත්තු ඉටු නොවන බව දක්නට ලැබේ. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ඇතිවේ.

කන්‍යා
ආර්ථික අපහසුතා ගෙනදිය හැකි අද දින රැකියා කටයුතුවල උදාසීන බවක් දක්නට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට නොසිතූ ආකාරයේ පාඩු විඳීමට සිදුවන බව පෙන්නුම් කරයි. ඔබේ සිතුම් පැතුම් බොහෝමයක් සඵල නොවන බව පෙනී යයි.

තුලා
ඔබේ රැකියාව ගැන තිබුණු කලකිරීමේ ස්වභාවය ක්‍රමයෙන් මග හැරී යන අද දින වෙළහෙළෙඳාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන ගෙනදේ. අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර අලුත් ආදායම් මාර්ග උපදවා ගැනීමට කදිම දවසකි. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට අවස්ථාව සැලසේ.

වෘශ්චික
රැකියාවල නියුතු අයට තනතුරු, උසස්වීම් ලබාගත හැකි බව පෙනී යයි. ආදායම් තත්ත්වය යහපත් වන අතර උසස් පුද්ගලයන්ගෙන් උදව් උපකාර හිමිවිය හැකි දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.

ධනු
අවිවේකය දැඩි ලෙස බලපාන වාතාවරණයක් පැන නැගීමේ ප්‍රවණතාවක් පවතින අද දින අධිෂ්ඨාන ශක්තිය ඇතත් තම අපේක්ෂාවන් ඉටුකර ගැනීම අසීරු වන බව දක්නට ලැබෙන අතර රැකියා කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය.

මකර
වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයට එතරම් සුබදායක නොවන බව පෙනී යයි. රැකියාවල කාර්යබහුලතාවක් දක්නට ලැබෙන අතර මිල මුදල් සම්බන්ධයෙන් තිබූ අවහිරතා මග හැරේ. හිතමිතුරන් අතර සුහදතාව වර්ධනය වන අද දින දේපළ ලාභයකටද වාසනාව ගෙන දිය හැකි දවසකි.

කුම්භ
මතෛක් ඉටු නොවූ බලා‍පොරොත්තුවක් අද දින ඉටුවීමේ හේතුවෙන් ඔබගේ සිතට සැනසීමක් ගෙනදෙන බව පෙනී යයි. ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර ව්‍යාපාරිකයන්ටද සුබදායකය. අඹුසැමියන් අතර සමගිය වර්ධනය වේ.

මීන
ණයට ගත් මුදලකින් නිදහස් වීමට අවස්ථාවක් සැලසෙන අද දින සිතට සහනදායී තත්ත්වයක් ගෙනදිය හැකි දවසකි. රැකියාවේ ප්‍රගතියක් දක්නට ලැබෙන අතර මිල මුදල් අතින් යහපත් තත්ත්වයන් උදාවන බව පෙනී යයි. යුගදිවිය සතුටින් හා සාමයෙන් ගත කිරීමට ඉඩ ලැබේ.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස

 (rivira.lk)

Otara speaks

By: Prosperity Tech On: 4:51 AM

මට ඕන වුණේ විසේකාරියක් වෙන්න

ඔටාරා ගුණවර්ධන අපිට මුණගැසුණේ ඇයගේ කාර්යාලයේදී. සාමාන්‍ය ව්‍යාපාර හිමිකරුවෙක් පරිහරණය කරන කාර්යාලයකට වඩා එය තරමක් වෙනස් කියලා බැලූ බැල්මටම පෙනුණා. මගේ අවධානය මුලින්ම යොමුවුණේ ඇයගේ මේසයට පිටුපසින් තිබුණ බුදුපිළිමයට එහා පසින් තිබෙන පිඬුසිඟා වඩින හිමිනමකගේ පිළිරුව වෙත. එසේම ඇයගේ මේසය මත නොයෙක් නොයෙක් කුඩා ප්‍රමාණයේ ලස්සන ලස්සන මූර්ති සහ ෆෙංෂුයි නිෂ්පාදන කිහිපයක් තිබුණා. විලාසිතාවට සහ කලාත්මක බවට ඇය තුළ වූ සැබෑ කැමැත්ත ඇය සිටින තැන වටපිටාවෙන් මනාව පිළිබිඹු වුණා. මෑතක් වන තුරුම ඔඩෙල් සමාගමේ හිමිකාරීත්වය දැරූ ඇය තම සමාගමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට පැවරුවා. නමුත් තවමත් ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් සේවය කරනවා.
සන්නාමකරණය සහ අලෙවිකරණය (ඕපචදඤඪදඨ චදඤ ර්චපඬඥබඪදඨ) සේම නවීන විලාසිතා පිළිබඳ මනා දැනුමක් සහිත ඇය නිතරම ව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට ගොසින් යහපත් සමාජයීය වෙනසක් කරන්න ඇප කැපවන බව ඇය වත්මනේදී ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් මනාව ඔප්පු වෙනවා. මේ නිතරම හිනාවෙලා ඉන්න ඔටාරා සමඟ කළ සුහද සංවාදයයි.

ශ්‍රී ඔටාරා ඔබ පාට එක්ක වැඩ කරන කෙනෙක්. මේ දවස්වල ඔබගේ ජීවිතය පාට කරන්න කැමැති මොන පාටින්ද?
(සිනා) රෝස පාටින්.
ශ්‍රී ඒ ඇයි?
ඒ පාට කරුණාව සහ ආදරය සමඟ සම්බන්ධ නිසා වෙන්න ඇති. ජීවිතයේ පාට කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් කාලේ නම් රෝස පාටින්.
ශ්‍රී පුංචි කාලේ උත්සාහ කළේ හැඩකාරියක් වෙන්නද? වැඩකාරියක් වෙන්නද? විසේකාරියක් වෙන්නද?
(සිනා) විසේකාරියක් වෙන්න ඕන වුණා.

ශ්‍රී පුංචි කාලේ ඉඳන්ම ස්වභාවධර්මයට සහ සත්ත්වයන්ට කැමැතිද?
ඇත්තටම ඔව්. මට මතක කාලේ ඉඳන්ම මම ආසයි පරිසරයට සහ සත්ත්වයන්ට ආදරය කරන්න. ඒක නිසා තමයි මම ජීවවිද්‍යා අංශයෙන් උපාධියක් කළේ.
ශ්‍රී 1990දී සේවකයන් දෙන්නෙක් යොදාගෙන හදන්න පටන් ගත්ත ඔඩෙල් කියන ව්‍යාපාරික දරුවා කල වයස ආවාට පස්සේ 2014දී සොෆ්ට්ලොජික් සමාගමට බන්දල දුන්නා. ඔබේ දරුවෙක් වැනි ඔඩෙල් අහිමිකර ගැනීම තුළ ලැබුණ සතුට මොකක්ද?
(සිනා) වෙලාව ආවම අපිට සමහර දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒක ලෙහෙසි තීරණයක් නෙවෙයි. මම වසරක පමණ කාලයක් හිමින් මේ තීරණය ගැන ගොඩක් කල්පනා කළා. මගේ අනාගත සතුට වෙනුවෙන් තමයි මේ තීරණය කැමැත්තෙන්ම ගත්තේ.

ශ්‍රී පිස්සු තීරණයක් ගන්නේ කියලා කවුරුත් කිව්වේ නැද්ද?
නැහැ. මගෙත් එක්ක සමීපව ඉන්න සහ වැඩ කරන අය දන්නවා මම ගොඩක් හිතල බලලා තීරණ හරියට ගන්නවා කියලා. ඒක නිසා කවුරුත් මගේ තීරණය වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ. මේක මම ගොඩක් විශ්ලේෂණය කරලා ගත්ත තීරණයක්.
ශ්‍රී විලාසිතා කිරීම තුළ කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?
අනිත් අයගේ මනස තුළ හොඳ හැඟීමක් ඇති කරන්න විලාසිතාවලින් පුළුවන්.

ශ්‍රී වොරන් බෆට්, බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් වගේ ව්‍යාපාරිකයන් ධනවාදයට නව අරුතක් දෙමින් දැවැන්ත ධන පරිත්‍යාග කරමින් ලෝකයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා. මේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද?
ඒ වගේ දෙයක් තමයි මටත් දැනුණේ. දිගටම ව්‍යාපාර කරද්දි කොයිතරම් කළත් තවත් වැඩි වැඩියෙන් මුදල් හොයන්න ඕන. ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියන පීඩනය මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට තියෙනවා. එහෙම නැතිව ව්‍යාපාර කරන්න බෑ. නමුත් ජීවිතයේ සැබෑ අර්ථය මුදල්වලින් ඔබ්බට ගිය එකක්. ඒ නිසා ව්‍යාපාර කටයුතුවලින් එහාට ගිහින් ජීවිතය අර්ථවත් කරන්න කටයුතු කරන්න ඕන.

ශ්‍රී බල්ලන්ගෙන් මිනිසුන්ට ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම මොකක්ද?
බල්ලන්ගෙන් මිනිසුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අය තුළ කුහකකම සහ ඊර්ෂ්‍යාව නැතිකම හොඳ පාඩමක්. ගොඩක් සමීක්‍ෂණවලින් පවා හෙළි වෙලා තියෙනවා බල්ලන් ඇති කිරීමෙන් සතුට සහ ජීවන රටාව වැඩි දියුණු වෙනවා කියලා. නමුත් සුරතල් සතුන් කූඩුවල දාන්නේ නැතුව පවුලේ කෙනෙක් වගේ ඔවුන්ට සලකන්න ඕන.

ශ්‍රී මීට අවුරුදු 25කට විතර කලින් බලය, ආදරය සහ නිදහස කියන තුනෙන් එකක් තෝරා ගන්න කිව්වොත් ඔබ තෝරාගන්නේ කුමක්ද?
මට ඒ තුනම ඕන.
ශ්‍රී ඒ ඇයි?
ආදරය කොහොමත් ජීවිතයට අවශ්‍ය දෙයක්. මම කියන්නේ සෑම සත්ත්වයෙක්ටම මනුෂ්‍යයෙක්ටම දක්වන ආදරය සහ කරුණාව ගැන. ඒ වගේම තරුණ කාලයේදී මා තුළ බලයට කැමැත්තක් තිබුණේ නැත්නම් අභියෝග හමුවේ මම අසරණ වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා බලය අවශ්‍යම වුණා. මට මතකයි එක වරක් ඩික්මන් පාරේ තිබුණ මගේ ඔඩෙල් සාප්පුව ගිනිගෙන විනාශ වුණා. ඒ වගේ වෙලාවක දුක්වෙලා හැමදේම අත්හරින්න ලෙහෙසියෙන් පුළුවන්. නමුත් බාධක හමුවේ නොසැලී ඉදිරියට යන්න තමන් තුළ බලයක් අවශ්‍යයි.

ශ්‍රී මවුපියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ඇත්තටම මගේ මවුපියන් ඒ අයට කැමැති දේ නෙවෙයි මට කැමැති දේ කරන්න මට අවස්ථාව සහ නිදහස දුන්නා. ඒක ගොඩක් වටිනවා.
ශ්‍රී ඔබ සේවක සේවිකාවන් දිරිගන්වන්නේ කෙසේද?
සේවක සේවිකාවන් දිරිගන්වන්න සල්ලි නෙවෙයි ඉතාම වැදගත්.

පඩිය ඉතා වැදගත් කියලා මම දන්නවා. නමුත් රැකියාව කැමැත්තෙන් සහ අභිමානයෙන් කරගෙන යන්න අවස්ථාව ඔවුන්ට ලබාදෙන්න ඕන. ඒ වගේම වැඩ කරන්න හිතෙන ආයතනික පරිසරයක් ගොඩනඟන්න ඕන.
ශ්‍රී ආයතනයේ අභ්‍යන්තර දේශපාලන ගැටලු කළමනාකරණය කරන්නේ කොහොමද?
කිසියම් ප්‍රශ්නයක් ගැන කවුරු හරි කිව්වම ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්නයක ස්වරූපය තියෙන්න ඕන. එහෙම නැතුව එක එක්කෙනා කියන කතා මම අහන්නේ නෑ. එහෙම කේලාම් අහන්න කාලය වෙන් කරන්න ගියොත් ව්‍යාපාර කරන්න වෙන්නේ නෑ. ඒ අයට හිතෙන විදියට ඔඩෙල් එක දියුණු කරන්න අවශ්‍ය යෝජනා දෙන්න ඔඩෙල් එකේ වැඩ කරන අයට නිදහස තියෙනවා. ඒ වගේ ආයතනික සංස්කෘතියක් තියෙන නිසා අපේ සමාගමේ මෑතකාලීනව අභ්‍යන්තර දේශපාලන ගැටලු ඉතාම අඩුයි.
ශ්‍රී ඔබ වඩාත් අගය කරන කාන්තා චරිතය කවුද?
තෙරේසා මවුතුමිය.

ශ්‍රී මේ වන විට ඔඩෙල් ෆේස් බුක් පිටුවට කැමැත්ත ප්‍රකාශ කිරීම් (ඹ්ඪඬඥඵ) 305114 තියෙනවා. ඔබගේ ෆේස් බුක් පිටුවට කැමැත්ත ප්‍රකාශ කිරීම් (ඹ්ඪඬඥඵ) 318119 ක් තියෙනවා. බොහෝ දුරට මේවා සමානයි. ඔටාරා ඔබ ඔඩෙල් සමාගමෙන් ඉවත්වීම තුළ ඔඩෙල් ආයතනය ඒ ආකාරයෙන්ම තවදුරටත් පවතියිද? එහෙම නැතුව ඔඩෙල් නාමයට තියෙන කැමැත්ත අඩු වෙයිද?
මම සහ ඔඩෙල් ව්‍යාපාරය අතර සමීප බැඳීමක් තිබුණත් ඔඩෙල් කියන නාමය දැන් මනාව ස්ථාවර වෙලා තියෙන්නේ. මම සහ ඔඩෙල් කියන්නේ දෙන්නෙක්.
ශ්‍රී සමස්තයක් ලෙස කාන්තාවකගේ ඔබ හඳුනා ගත්ත ප්‍රධාන ශක්තිය සහ දුර්වලතා මොකක්ද?
කාන්තාවන්ට එකවර ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ශක්තියක්. ඔවුන් බොහෝ විට තමන් පිළිබඳ අවතක්සේරුවක ඉන්නවා. එහෙම හිතන එක කාන්තාවන්ගේ දුර්වලතාවක්.

ශ්‍රී හරි පුද්ගලයන්, හරි අවස්ථාවේ හමුවීම (අඪඨඩබ ඒඵඵධජඪචබඪධද) සාර්ථකත්වයට දැඩිව බලපානව. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
ඔව්. ඒක ඉතා වැදගත්. ඕනෑම කෙනෙක් හරි අවස්ථාවේදී හමුවීම වැදගත්. ඒ වගේම ගමන් මඟේදී අපිට හමුවෙන සහ ළංවෙන අයගෙන් පුද්ගලයන් කවුද කියලා වටහාගන්න පුළුවන් වෙන්නත් ඕන. හරි පුද්ගලයන් හරි අවස්ථාවේ තමන්ට සමීප වෙන බව කලින් දැනගෙන ඔවුන් සමඟ එකතුවෙලා වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් ජීවිතයෙන් මඟහැරෙන්න පුළුවන්.
ශ්‍රී මීට වසර 25කට විතර කලින් ඔබ මුලින්ම භාණ්ඩ විකුණුවේ ඔබගේ ස්ටේෂන් වැගන් මෝටර් රථයෙන්. දැන් භාවිත කරන වාහනය මොකක්ද?
දැන් මම බෙන්ස් එකක් භාවිත කරන්නෙ. ඒ පරණ ස්ටේෂන් වැගන් මෝටර් රථය තාමත් මගේ ළඟ තියෙනවා.

ශ්‍රී එම්බාර්ක් (ඡ්ථඡචපඬ) වෙළෙඳ නාමය ඔඩෙල් සමඟ විකුණුවාද?
නැහැ.
ශ්‍රී ඒ කියන්නේ එම්බාර්ක් (ඡ්ථඡචපඬ) ක්‍රියාත්මක වෙන්නේ ඔඩෙල් එකෙන් බැහැරවද?
එම්බාර්ක් නිෂ්පාදන අලෙවිකරන්නේ ඔඩෙල් සාප්පුවල පමණයි. නමුත් එම්බාර්ක් ක්‍රියාත්මක වෙන්නේ වෙනම.
ශ්‍රී ඔබගේ ඊළඟ ව්‍යාපාර කටයුත්ත එම්බාර්ක් වෙන්න පුළුවන්ද?
ඔව්.

ශ්‍රී වත්මන් පරම්පරාවේ ඔබ හඳුනාගත්ත වැදගත් ලක්‍ෂණ මොනවාද?
ඇත්තටම ඔවුන්ට අවශ්‍යයි වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන්න. ඒ වගේ යහපත් වෙනස්කම්වලට ඔවුන් කැමැතියි. ඒක නිසා නව පරම්පරාව ස්වභාවධර්මයට ආදරය කිරීම ඉතාම වටිනවා.

ශ්‍රී ඔබ මොන වගේ පොත්පත්ද කියවන්නේ?
කාලෙන් කාලෙට එක එක පොත් කියවනවා. විශේෂයෙන් චරිත කතා, ධනාත්මක චින්තන පොත් සහ විලාසිතා සම්බන්ධ දේවල් කියවනවා. ඉස්සර නම් රිචර්ඩ් බ්‍රැන්සන්, වොරන් බෆට් ගැන ලියැවුණ පොත් එහෙම කියෙව්වා.

ශ්‍රී ඔබ වාසනාව විශ්වාස කරනවාද?
ඇත්තටම මම වාසනාව විශ්වාස කරන්නේ නෑ. ඉතා වැදගත් වෙන්නේ ධනාත්මකව සිතීම සහ ඒ අනුව වැඩ කිරීම. මම මේ තත්ත්වයට එද්දි ගොඩක් හිනා වුණා වගේම ගොඩක් රහසින් අඬපු අවස්ථා තියෙනවා. දුකක් දැනුණු අවස්ථාවල අද නරකක් වුණත්, හෙට හොඳක් වෙයි කියලා මම හිතුවා. මට මේ අත්දැකීම් ලැබුණේ අනාගතයේ හොඳට කියලා හිතලා හිත ධෛර්යවත් කර ගත්තා.
ශ්‍රී බාධක හමුවේ ඔබව ධෛර්යවත් කළේ කවුද?
මාව ධෛර්යවන්ත කළේ මමමයි.

ශ්‍රී ඔබ දෙවියෝ විශ්වාස කරනවාද?
මම බෞද්ධ ආගමිකයෙක් වුණත් දෙවියෝ විශ්වාස කරනවා. දෙවියෝ කියන්නේ මෙහෙමයි, මට හිතෙනවා විශ්වයේ අපිට පෙනෙන්නේ නැති මොනවා හරි ලොකු බලයක් තියෙනවා කියලා. මම ඒ බලය විශ්වාස කරනවා.
ශ්‍රී හොඳ නායකයෙක් මොන වගේ වෙන්න ඕනද?
නායකයා කොයිතරම් සේවකයන්ට වැඩ කළත්, කොයිතරම් දේවල් ඉගැන්නුවත්, ඒවාට වඩා සේවකයන් තුළ නායකයා ඇති කරන හැඟීම තමයි ඉතා වැදගත්. සේවකයන් තුළ යහපත් හැඟීමක් ඇති කළ හැකි නායකයෙක් වීම ඉතා වැදගත්.
ශ්‍රී ඔබ ගොඩක් සතුටු වෙන්නෙ කුමක් කිරීමෙන්ද?
මූලිකව සතුන්ට උදවු කිරීමෙන්. විලාසිතාවලට, වෙළෙඳනාම නිර්මාණය කරන්න (ඕපචදඤඵ ච්ඥමඥතධනථඥදබ), ව්‍යාපාර කරන්න ආසයි. එහෙත් ලොකුම කැමැත්ත තියෙන්නේ සතුන්ට උදවු කරන්න සහ රැක බලා ගන්න.

ශ්‍රී ඔයා ගැන මිනිස්සු තාම හඳුනාගෙන නැති ලක්‍ෂණ මොකක්ද?
ව්‍යාපාර කරනවාට වඩා ආදරය සහ කරුණාව ලබාදෙන්න මම ගොඩක් කැමැතියි.
ශ්‍රී සුරතල් සත්තු එක්ක වැඩ කරද්දි වගේ ආයතනයේ වැඩ කරද්දි සේවකයන් හුරතල් කරලා, ඔළුව අතගාලා වැඩ ගන්න පුළුවන්ද? එහෙම නැතුව ටිකක් සැර වෙන අවස්ථා එහෙම නැද්ද? ඔබගේ එහෙම පැත්තක් තියෙනවා නේද?
(සිනා) ආහ්... අන්න ඒ පැත්ත තමයි වැඩිය කවුරුත් දන්නේ නැත්තේ. සමහර අවස්ථාවල මම ටිකක් සැර වෙනවා තමයි. නමුත් සැරවීම ප්‍රමාණයකට තියෙන්න ඕන. සේවකයන්ට නරක වචන කියලා, ඔවුන්ගේ ආත්මාභිමානය නැති වෙන විදියට කෑ ගහලා බනින්න හොඳ නෑ. ඒක තේරුමක් නෑ. නමුත් සේවක සේවිකාවන්ගේ වැරැදි අඩුපාඩුකම් පෙන්වන්න ඕන. මට තරහා යන එක ගොඩක් අඩුයි. නමුත් තරහා යන්නේ නෑ කියන්නත් බෑ.

ශ්‍රී ක්‍රීඩාව තුළින් ඉගෙන ගත්ත අමතක නොවන ජීවන පාඩම මොකක්ද?
මම පාසල් කාලේ ගොඩක් ක්‍රීඩා කළා. පිහිනුම්, උස පැනීම, දිවීම වගේ ගොඩක් ක්‍රීඩා කළා. එම ක්‍රීඩා කළ නිසා මම නිතරම පළමුවැනියා වෙන්න උත්සාහ කළා. ක්‍රීඩා කරද්දි කවුරුත් නිතරම උත්සාහ කරන්නේ පළමුවැනියා වෙන්න. පළමුවැනියා වෙන්න ඕන කියන හැඟීම සහ ධෛර්යය ආවේ ක්‍රීඩාවට සම්බන්ධ වීම නිසා.

ශ්‍රී අපි දන්නවා ඊඩඥ ඕධඤර ඉඩධන ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන අනිටා රොඩික් සිය ව්‍යාපාරය ඹ්'ර්ණීපඥචත සමාගමට විකුණලා ස්වභාවධර්මය රැකගන්න ජීවිතයම කැප කළා. එම නිසා ඇය "හරිත රැජන" ලෙසත් හඳුන්වනවා. මේ වගේ සමාජ සත්කාරක පැත්තකට යොමුවෙන්න ඇයගේ චරිතයෙන් පෙලඹවීමක් ඔබට ලැබුණාද?
ඇත්තටම මට එහෙම පෙලඹවීමක් ඇතිවුණේ බි්‍රජට් බාර්ඩෝගෙන්. ඔබ දන්නවා ඇය ජනප්‍රිය නිළියක්. මම මාස හයකට විතර කලින් පැරීසියේ පිහිටි ඇයගේ කාර්යාලයට ගියා. ඇය අසනීපයෙන් හිටිය නිසා මුණගැසුණේ නෑ. නමුත් ඇය සත්ත්වයන් වෙනුවෙන්, ස්වභාවධර්මය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස දැක්කම මටත් හිතුණා අපිට මේ ලෝකයට තව කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද කියලා.
ශ්‍රී වඩා විශ්වාස කරන්නේ හදවත කියන දෙයද? නැත්නම් මොළය කියන දෙයද?
හදවත කියන දේවල්.

ශ්‍රී හදවත සහ මොළය එකම අවස්ථාවේ දේවල් දෙකක් කියනවා කියලා ඔබට හිතෙනවාද?
ඔව්.
ශ්‍රී එහෙම හදවත කියන දේ කරලා ප්‍රායෝගිකව බිස්නස් කරන්න පුළුවන්ද?
මම හිතන්නේ ඇත්තටම පුළුවන්. හදවත නැතුව ගොඩක් තීරණ ගන්න පුළුවන්. එහෙත් ඉතා වැදගත් වෙන්නේ හදවත සහ මොළය කියන දෙක අතර සමබරතාවක් තියාගන්න එක. එතකොට ජීවිතය සාර්ථක වෙනවා.

ඡායාරූප - විමුක්ති ඇඹුල්දෙණිය


(mawbima.lk)

Ranjan's six pack

By: Prosperity Tech On: 2:56 AM
හිරු ගෝල්ඩන් උලෙලේ රන්ජන්ගෙ බඩ


Sunday, November 2, 2014

"Future" Education Minister Malaka Silva remanded over assault on foreign couple

By: Prosperity Tech On: 2:31 AM

ස්කොට්ලන්ත ජාතික යුවළට පහර දුන්නැයි සැකපිට මාලක රිමාන්ඩ්

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිත බව මෙයට පෙර අප විසින් වාර්තා කරන ලදී. නමුත් මේ වනවිට එම සිදුවීම වෙනත් අතකට හැරී තිබේ. පොලිස් පරීක්ෂණ වලට අනුව මාලක සිල්වා විසින් ස්කොට්ලන්ත ජාතික යුවලට පහරදී ඇති බවත් එම යුවල සොයා බැලීමේදී ඔවුන්ට තුවාල සිදුවී පහරකෑමකට ලක්වී ඇති බවත් තහවුරු වී තිබේ. ඒ අනුව ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කොට තිබේ. 
 
රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ සිදුවීමෙන් අනතුරුව තමාට ස්කොට්ලන්ත යුවල විසින් පහරදුන් බව කියමින් මාලක සිල්වා රෝහල්ගත වී තිබුණි. මේ සම්බන්ධව අදහස් දක්වන මර්වින් සිල්වා අමාත්‍යවරයා පවසන්නේ තමාගේ පුතාට ඉතාමත් අසාධ්‍ය බවකි. ඒ බැව් සඳහන් කරමින් අමාත්‍යවරයා මාධ්‍යය වෙත පවසා තිබුනේ මෙවැන්නකි. 
 
"සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා මම දැනගෙන හිටියා. පුතාට හුඟක් තුවාලයි. දැන් කල්පනා කළා සිංගප්පූරුවට එක්ක යන්න.
 
මගේ පැත්තෙන් තියෙන්නේ පුතා හොඳ කරගන්න සිංගප්පූරුවට යන්න. එහෙම නැත්නම් වැඩේ බැරිනම් මල් ශාලාවට යන එකයි. මං ඒ දෙකට ලෑස්තියි."

(nethfm.com)

 

Malaka Silva remanded over assault on foreign couple

By: Prosperity Tech On: 12:55 AM

ගුටි කෑ මාලක සිල්වා රක්‍ෂිත බන්ධනාගාරයට

විදේශික යුවලකට පහර දුන්නේ යයි ලද චෝදනා මත ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොළඹ ඩප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී මෙසේ පහර දුන් බවට එම විදේශික යුවල විසින් කරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.
ගැටුමෙන් සිදු වූ තුවාල හේතුවෙන් ලැබූ මාලක සිල්වා මහතාද රෝහල් ගත වී තිබේ.

 

Night club owner of Anuradhapura speaks

By: Prosperity Tech On: 12:45 AM

අනුරාධපුර නයිට්‌ ක්‌ලබ් හිමිකරු අපට කියන කතාව... ආතල් හොඳ කොළඹට විතරද? අනුරාධපුරයේ ඉන්නේ බයියො ද? 

 පෑන් පහර.....

අනුරාධපුර නගරයේ රාත්‍රි සමාජශාලාව ගැන පසුගිය සතියේ අපි හෙළිදරව් කළෙමු. අප කළ අනාවරණයෙන් පසු සිරිමා බෝධියට පෙනෙන දුරින් පවත්වාගෙන යන රාත්‍රි සමාජ ශාලාව ගැන පාර්ලිමේන්තුවේද කතාබහ කෙරිණි. එමෙන්ම එම රාත්‍රි සමාජශාලාවේ හිමිකරු අපට කතා කර 'ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද... අනුරාධපුරේ ඉන්නේ බයියෝද...' කියා අපගෙන් විමසුවේය. ඔහු කියන කතාවේ ද යම් සාධාරණත්වයක්‌ තිබේ. එහෙයින්ම අපි ඔහුට පුවත්පත් සාකච්ඡාවකට ඇරයුම් කළෙමු. ඔහු අපේ ආරාධනාව පිළිගත්තේය. පහතින් පෙළ ගැසෙන්නේ ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්‍ෂිප්තයකි.

ඔබ කවුද...?

ඇලැක්‌සැන්ඩර් වසන්ත

පදිංචිය කොහේද...?

අනුරාධපුරේ.

ඒ උපන් ගමද...?

ඔව්.

පාසල් ගියේ...?

අනුරාධපුර සෙන්ට්‍රල්.

කොච්චර දුරට අධ්‍යාපනය ලැබුවද...?

උසස්‌ පෙළ සමත්. විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදි.

ඊට පස්‌සේ මොකද කළේ...?

ජොබ් කිහිපයක්‌ කළා. අවුරුදු හතක්‌ සීටීබී එකේ වැඩ කළා. පස්‌සේ එතැනින් ඉවත් වෙලා විදුලිබල මණ්‌ඩලයේ කොන්ත්‍රාත් කළා. ඒක ටික කාලයක්‌ කරලා එළවළු බිස්‌නස්‌ එකට බැස්‌සා. ඒක හරි ගියෙත් නැති තැන හෝටල් රස්‌සාව පටන් ගත්තා.

ඔබ රටේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ රියෑලිටි තරුවක්‌ විදිහට...?

පුංචි කාලේ ඉඳල රියෑලිටි මගේ ඇඟේ තිබුණා. ඒ දේ මට පෙන්වන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒකෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ දක්‍ෂතාවය රටට පෙන්නුවා. ඊට අමතරව මම ලෝක වාර්තා අටක්‌ පිහිටුවලා තියෙනවා.

මෙහෙම දක්‍ෂතා තියෙන කෙනකුගේ වෘත්තිය මොකක්‌ද...?

ව්‍යාපාර සහ කරාතේ උපදේශනය.

ව්‍යාපාර මොනවද...

සංචාරක හෝටලයක්‌ කරගෙන යනවා.

කොහේද...?

අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ...

එතැන තියෙන්නේ සංචාරක හෝටලයක්‌ නෙමෙයි නයිට්‌ ක්‌ලබ් එකක්‌...?

නෑ... ඒක සංචාරක හෝටලයක්‌.

ඔබ කොහොමද සංචාරක හෝටලයක්‌ කියන්නේ...?

සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය ඇතුව කරගෙන යන නිසයි.

එතකොට එතැන රාත්‍රි සමාජ ශාලාවක්‌ නැද්ද...?

තියෙනවා... සංචාරක හෝටලයක්‌ තුළ සංචාරකයන්ට ලබා දෙන සේවාවක්‌ විදිහට නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න පුළුවන්.

රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැමට ප්‍රධාන වශයෙන් තිබිය යුතු සුදුසුකම් මොනවද...?

අංක එකට මත්පැන් බලපත්‍රය තියෙන්න ඕනා. පරිසර බලපත්‍රය, ශබ්ද බලපත්‍රය සහ සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය තිබුණොත් ප්‍රමාණවත්.

ඒ සියලු බලපත්‍ර ඔබට තියෙනවද...?

ඔව්.

හරි... ඒත් අනුරාධපුරය වගේ ඓතිහාසික පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න සුදුසුයි කියලා ඔබ හිතනවද...?

නයිට්‌ ක්‌ලබ් එකක්‌ ඇතුළෙ ඔය මිනිස්‌සු කියන තරම් මහ ලොකු දෙයක්‌ වෙන්නේ නෑ. සෙක්‌ස්‌වලට යන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාව ඇතුළේ මිනිස්‌සු වින්දනයක්‌ ලබනවා. මෙතැනට එන කොල්ලෝ බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා ලොකු තෘප්තියක්‌ ලබනවා. ඒ වින්දනය රටට අගුණ නෑ. රටකට තියෙන්න ඕනෑ. එහෙම හරි වින්දනයන් ගන්න බැරි තැන තමයි මිනිස්‌සු විවිධ අපචාර ක්‍රියාවලට යොමු වෙන්නේ.

ඒක හරි කියමු... අනුරාධපුරය වැනි පූජනීය නගරයකට රාත්‍රි සමාජ ශාලාවක්‌ සුදුසුද...?

පූජනීය නගරය තියෙන්නේ හෝටලය ළඟ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්නේ. එහෙම බලනවා නම් කොළඹත් පූජනීය නගරයක්‌. කැලණි විහාරය තියෙනවා. බෙල්ලන්විල පන්සල. ගංගාරාමය ඒවාත් පූජනීය ස්‌ථානනේ. සිරිමා බෝධියට සමානයි. එහෙම නම් කොළඹ කොල්ලන්ට විතරද ආතල් ඕනෑ අනුරාධපුරේ බයියන්ට නයිට්‌ ක්‌ලබ් ඕනෑ නැද්ද.

මේක ආතල් පිළිබඳ ප්‍රශ්නයක්‌ නෙමෙයි. නුවර දළදා මාළිගාව ඉදිරිපිට ක්‌ලබ් එකක්‌ දැම්මොත් ඔබ එකඟ වෙනවද...?

බෞද්ධයෙක්‌ විදිහට මම ඒකට කැමති නෑ... දළදා මාළිගාව කියන්නේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ.

එතකොට සිරිමා බෝධිය කියන්නේ මොකක්‌ද...?

මේ සිද්ධස්‌ථාන දෙක අතර වෙනසක්‌ නෑ කියලා මම පිළිගන්නවා. ඕනෑම පූජා නගරයක කිලෝ මීටර් දෙකකින් එහා පැත්ත සාමාන්‍ය නගරයක්‌. ඒත් මගේ හෝටලය තියෙන්නේ සිරිමා බෝධියට කිලෝ මීටර් පහක්‌ දුරින්.

අනුරාධපුරේ පදිංචිකරුවකු විදිහට ඔබ පූජාභූමිය දකින්නේ කොහොමද...?

පූජා භූමියට මගේ විශාල ගරුත්වයක්‌ තියෙනවා. ඒක අඹ මල් රේණුවක්‌ තරම්වත් වෙනස්‌ වෙලා නෑ. ඒත් රටේ නීතියට අනුව පූජා භූමිය තියෙන්නේ අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝ මීටර් දෙකක්‌ දුරින්. එතැනින් මෙහාට සාමාන්‍ය නගරයක්‌. මගේ හෝටලය තියෙන්නේ පූජා භූමියේ ඉඳලා කිලෝ මීටර් පහක්‌ දුරින්. එහෙම නම් නුවර දළඳා මාළිගාව ඉදිරිපිටත් හෝටලයක්‌ තියෙනවා. රටේ නීතිය හැම පළාතකම මිනිස්‌සුන්ට එකක්‌ වෙන්න ඕනෑ. කොළඹ මිනිස්‌සුන්ට එක නීතියකුත් නුවරට තව නීතියකුත් අනුරාධපුරයට තව නීතියකුත් තියෙන්න බෑ.

ඔබ කියන්නේ දළදා මාළිගාව ඉදිරිපිට තියෙන හෝටලය තුළත් නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යනව කියලද...?

නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. ඒ හෝටලයට මත්පැන් බලපත්‍ර තියෙනවා. රටේ සෑම පුරවැසියකුටම එක සමාන අයිතියක්‌ තියෙන්න ඕනෑ. අනිත් එක මගේ හෝටලය පූජනීය නගරය තුළ පිහිටලා තියෙනවා නම් බාර් ලයිසන් දෙන්නේ නෑ. සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක දෙන්නෙත් නෑ. ඔය හැම ලයිෂන් එකක්‌ම මගේ හෝටලයට තියෙනවා. අනිත් එක පූජා භූමිය ඇතුළෙ තමයි වෙන තරම් නරක වැඩ වෙන්නේ... අරක්‌කු තැබෑරුම් කීයක්‌ තියෙනවද. මස්‌ කඩ තියෙනවා. ගණිකා ජාවාරම කරගෙන යන තැන් තියෙනවා. පූජා භූමියේ ප්‍රධාන දොරටුවට කෙළින්ම තියෙන්නේ මාළු ලෑල්ලක්‌. ඇයි ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ.

පූජා භූමිය ඇතුළේ වෙන නරක වැඩ මොනවද...?

මට ඒවා කියන්න බෑ. මම හෙටත් ජීවත් වෙන්න ඕනෑ අනුරාධපුරේ.

ඔබ තවමත් ළමයින්ට කරාතේ පන්ති කරනවද...?

ඔව්...

ගුරුවරයෙක්‌ විදිහට රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යන එක සුදුසුද...?

මම මේ ව්‍යාපාරයේ වැරැද්දක්‌ දකින්නේ නෑ. මම කරන්නේ කොළඹ තරුණයන්ට තියෙන අයිතිය අපේ තරුණයන්ටත් ලබාදීමයි. මේක පළාතට කරන සේවයක්‌. අපේ මව්බිම ශ්‍රී ලංකාව නම් අපිටත් කොළඹ මිනිස්‌සුන්ට තියෙන අයිතිය තියෙන්න ඕනෑ. අනුරාධපුරේ දැන් බයියෝ නෑ. ඒ මිනිස්‌සුත් කැමතියි ගෙවල්වල තියෙන ප්‍රශ්න අමතක කරලා අඩියක්‌ පුඩියක්‌ ගහලා කෙල්ලෙක්‌ එක්‌ක ඩාන්ස්‌ කරලා විනෝද වෙන්න.

අපි නම් දකින්නෙ තවමත් අනුරාධපුරේ ජීවත් වන බහුතරය මහ පොළවත් සමග ගැටෙන මිනිස්‌සු. පොළව තඩිගහලා දුක්‌මහන්සියෙන් හරි හම්බ කරගන්න මුදල ඔබේ නයිට්‌ ක්‌ලබ් එකේදී සොච්චමක්‌...?

ක්‌ලබ් එකට එන්න කියලා අපි මිනිස්‌සුන්ට බල කරන්නෙ නෑ. මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුව නයිට්‌ ක්‌ලබ් එකට එයි. නැත්නම් වෙන තැනකට යයි. අනුරාධපුරේ සමහර කොල්ලෝ කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට ඇවිත් යනවා. මේක පූජනීය නගරයක්‌ කියල මිනිස්‌සුන්ගේ අයිතිය නැති කරන්න හොඳ නෑ.

ඔබේ පන්තිවල ළමයි නයිට්‌ ක්‌ලබ් එකට එන්නේ නැද්ද...?

එනවා. මම ඉන්නව දැක්‌කම 'සර් ෆන් එකක්‌ ගන්න ආවා' කියලා කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා විනෝද වෙලා යනවා.

නයිට්‌ ක්‌ල්බ් එකේ වෙන්නෙ කලා බීලා කෙල්ලෙක්‌ එක්‌ක නටලා යන එක විතරද...?

ඔව්...

නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන එක වැරැද්දක්‌ නෙමයිද...?

එහෙම නෙමෙයි... ඔයාල දැන් මට ලොකු කළු පැල්ලමක්‌ ගහලා තියෙනවා. සමාජයත් නයිට්‌ ක්‌ලබ් දිහා බලන්නේ එක කෝණයකින් විතරයි. මම කියන්නේ ඒ බලන කෝණය වැරදියි. නයිට්‌ ක්‌ලබ් රටකට අවශ්‍ය දෙයක්‌ කියලා තේරුම් ගත්ත දවසකට මම එළිපිටට එන්න සූදානම්.

ඔබ නයිට්‌ ක්‌ලබ් එක දකින කෝණය මොකක්‌ද...?

ලංකාවේ නීතියක්‌ තියෙනවා නේ. රටේ පුරවැසියන් විදිහට රටේ වලංගු නීතියට අපි ගරු කරන්න ඕනෑ. ඒ නීති රාමුව ඇතුළෙ නයිට්‌ ක්‌ලබ් එකක්‌ පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා නම් ඒක අනුරාධුපරයේද... කොළඹද... කියලා නෑ. රටේ ඕනෑ තැනකට වලංගුයි. නැත්තම් ලංකාවට නයිට්‌ ක්‌ලබ් තහනම් කරන්න ඕනෑ. අපේ හෝටලයේ කරන්නේ අපිට තියෙන මත්පැන් බලපත්‍රයට මත්පැන් විකුණනවා. ඒකට එකතු කරලා තියෙනවා ඩී.ඡේ. සංගීතය. සහායට නර්තන ශිල්පීන් එකතු කරලා තියෙනවා. ඒ කෙනෙක්‌ එක්‌ක ඩි්‍රන්ක්‌ස්‌ එකක්‌ අරගෙන ඩාන්ස්‌ එකක්‌ දාන්න අවස්‌ථාව දීලා තියෙනවා. එතැනින් එහාට ඒ ළමයින්ව ගණිකා වෘත්තියෙ යෙදවීමක්‌වත්, එහෙම නැත්නම් වෙන යම් දෙයක්‌වත් සිදුවෙන්නේ නෑ.

ඔබ වගකීමෙන්ද කතා කරන්නේ...?

ඔව්... මගේ ක්‌ලබ් එකෙන් කෙල්ලෙක්‌ව එළියට අරගෙන පෙන්නුවොත් හෙට මම නයිට්‌ ක්‌ලබ් එක වහනවා. සීමාවෙන් එහාට කිසිම දෙයක්‌ වෙන්න මම ඉඩ තියලා නෑ. මගේ හෝටලයේ වැඩ කරන කාන්තාවන්ට උපරිම ආරක්‍ෂාව දීලා තියෙනවා.

අඩුම තරමින් අවශ්‍ය දෙයක්‌ ගන්න එළියටවත් යන්න දෙන්නේ නෑ. නිවාඩුවට ගෙදර යනකොටත් හෝටලයේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ ඇවිත් බස්‌ එකට දාලා යන්නේ. එහෙම කොන්දේසි මාලාවකට යටත් කරලා තමයි ගැහැනු ළමයින්ව සේවයට අරගෙන තියෙන්නේ.

දැන් ඔබ කියන්නේ ඔබේ නයිට්‌ ක්‌ලබ් එක ඇතුළෙ බීලා නටනවා ඇරෙන්න වෙන කිසිම දෙයක්‌ වෙන්නේ නෑ කියලද...?

ක්‌ලබ් එකේ වැඩිම වුණොත් කෙල්ලෙක්‌ කොල්ලෙක්‌ තුරුළු වෙලා ඉඳිවී. නැති නම් කෙල්ලෙක්‌ කොල්ලෙකුගේ ඔඩොක්‌කුවේ වාඩි වෙයි. එච්චරයි. එතැනින් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නෑ. ලංකාවේ ක්‌ලබ් අරගෙන බැලුවොත් ආලෝකය වැඩියෙන්ම තියෙන්නේ අපේ ක්‌ලබ් එකෙ. අනිත් එක තමයි කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට රෑට එන ගෙස්‌ට්‌ව සෙට්‌ කරගෙන උදේට කෙල්ල ඩීල් වෙනවා. මගේ ක්‌ලබ් එකේ ඒවා වෙන්නේ නෑ. වැඩ කරන ගෑනු ළමයින්ට ආරක්‍ෂාව දීගෙන, කන්න බොන්න දීගෙන ලොකු පඩියක්‌ දීගෙන තියාගෙන ඉන්න එක මට පාඩුයි. ඒත් මම ඒ දේවල් කරනවා.

කාන්තාවන්ට ලොකු පඩියක්‌ ගෙවනවා කිව්වේ කීයක්‌ විතරද...?

රුපියල් හැත්තෑපන්දහක්‌ විතර අපි ගෙවනවා. වෙනම ටිප් එකත් හම්බ වෙනවා. ඒ ගැන අපි හොයන්නේ නෑ.

එහෙම පඩියක්‌ ගෙවන්න ලොකු ආදායමක්‌ ඇති...?

ආදායමක්‌ තියෙනවා. ඒ වගේම වියදමත් වැඩියි.

ඔබටත් සහෝදර සහෝදරියන් ඇති. ඔබතුමාගේ සහෝදරියක්‌ මේ වගේ නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කළොත්...?

නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරනවා කියන එකේ හොඳ පැත්තක්‌ මම දකින්නේ නෑ. ඒත් ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ මේ රටේ ගොඩක්‌ ඉන්නවා. ඒ අයගේ දරු පවුල් රැකගන්න මොකක්‌හරි රැකියාවක්‌ කරන්න ඕනෑ. සමහර කාන්තාවෝ පුංචි පුංචි ජොබ් කරනවා. එහෙම කරලා ගන්න පඩිය පවුලක්‌ නඩත්තු කරන්න මදි. මේ රස්‌සාවේදී හොඳ වැටුපක්‌ ලබන්න පුළුවන්. අනිත් එක මේ රස්‌සාව ඇඟ විකිණීමක්‌ නෙමෙයි. අදටත් මගේ නයිට්‌ ක්‌ලබ් එක වටලලා ගණිකාවක්‌ අත්අඩංගුවට අරගෙන නෑ. හොයලා බලන්න.

පූජා නගරයක්‌ ආසන්නයේ මෙවැනි රාත්‍රි සමාජශාලාවක්‌ ආරම්භ කරනකොට ඔබට බලපෑම් ආවේ නැද්ද...?

එහෙම බලපෑම් කරන්න කවුරුවත් හිටියේ නෑ.

මේ රාත්‍රි සමාජශාලාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක්‌ වෙනවද...?

අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා.

ඒ කාලය පුරා කිසිම බලපෑමක්‌ ආවේ නැද්ද...?

නෑ..

ඒ කියන්නෙ ඔබ ප්‍රදේශයේ ප්‍රබල චරිතයක්‌...?

අනේ නෑ... මම බොහෝම පුංචි මිනිහෙක්‌...

එහෙම නම් ඔබට දේශපාලන බලය ඇති...?

නෑ... මට කිසිම දේශපාලන බලයක්‌ නෑ.

ඒත් ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට උදව් කරනවා නේද...?

කිසිම දේශපාලනඥයකුට උදව් කරලා නෑ. දේශපාලනය කියන්නේ මහ වදයක්‌.

දේශපාලන බලයක්‌ නැතුව මෙවැනි නගරයක්‌ තුළ රාත්‍රි සමාජ ශාලාවක්‌ කරගෙන යන්න බෑ...?

සංචාරක මණ්‌ඩලයේ ලයිෂන් එක තියෙනවා නම්... බාර් පර්මිට්‌ එක තියෙනවා නම්... නයිට්‌ ක්‌ලබ් එකක්‌ කරන්න දේශපාලන හයියක්‌ ඕන නෑ. නයිට්‌ ක්‌ලබ් එකක්‌ කියන්නේ රටක අවශ්‍යතාවයක්‌. විදේශීය සංචාරකයෝ අනුරාධපුරයට ආපුවහම සිද්ධාස්‌ථාන බලලා රාත්‍රියට දඹුල්ල සීගිරිය ප්‍රදේශවලට යනවා. ඒ ප්‍රදේශවල සංචාරකයන්ට අවශ්‍ය 'ස්‌පා' හැම දෙයක්‌ම තියෙනවා. දැන් අනුරාධපුරයට එන සංචාරකයෝ බොහෝ දුරට අපේ නයිට්‌ ක්‌ලබ් එකට එන්න පුරුදු වෙලා ඉන්නවා.

ඔබ කියන්නෙ අනුරාධපුරයට සංචාරකයන් ගෙන්න ගන්න නම් රාත්‍රි සමාජශාලා තියෙන්න ඕන කියලා...?

විදේශීය සංචාරකයෝ එන්නෙ වඳින්න නෙමෙයි. නරඹන්න. ඒ අය දවල් කාලෙට නරඹලා රාත්‍රි කාලය ගත කරන්න මේ වගේ තැන්වලට යනවා.

ඔබේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන් එන්නේ දේශීය සංචාරකයෝද. විදේශීය සංචාරකයෝද...?

දෙපිරිසම එනවා.

ඒත් අපිට දැන ගන්න ලැබෙන්නේ මේ රාත්‍රි සමාජ ශාලාවට වැඩියෙන්ම එන්නෙ පාසල් වයසේ පසුවෙන ළමයි කියලයි...?

ඒක පිළිගන්න බෑ... අපි වයස දහඅටට අඩු ළමයි ඇතුළට ගන්නෙ නෑ.

ඒ කියන්නෙ ඇතුළු වෙනකොට අයිඩින්ටි චෙක්‌ කරනවද...?

නෑ. කෙනෙක්‌ දිහා බැලුවහම වයස කියන්න පුළුවන්නේ.

අපිත් එක්‌ක අවුරුදු දහහතක ළමයෙක්‌ ගියා. ඒ ළමයාව චෙක්‌ වුණේ නැනේ...?

අවුරුදු දහහතක්‌ කියන්නේ ලොකු ළමයෙක්‌. ඒ නිසා ඇතුළු කරන්න ඇති.

එහෙම නම් ඉතිං අවුරුදු දහඅටට අඩු ළමයින්ටත් යන්න පුළුවන්නෙ...?

සමහර වෙලාවට එහෙම මඟහැරෙනවා ඇති.

ඔබ කසාද බැඳලාද...?

ඔව්. මට ලොකු දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.

ඔබගේ දරුවකු දිගින් දිගටම රාත්‍රි සමාජශාලා තුළට රිංගන්න පටන් ගත්තොත්...?

ඒක මට නවත්වන්න බෑ. අවුරුදු දහඅටෙන් පස්‌සේ සල්ලි තියෙනවා නම් ඒ දරුවට ඕන දෙයක්‌ කරන්න අයිතිය තියෙනවා.

ඒ කියන්නෙ ඔබේ දරුවකු නයිට්‌ ක්‌ලබ් ගියාට ගැටලුවක්‌ නෑ...?

කිසිම ගැටලුවක්‌ නෑ. එයාට වියදම් කරන්න සල්ලි තියෙන නිසානෙ යන්නේ. මාව තවත් හිර කරන්නද ඔයලා හදන්නේ..

කොහෙත්ම නෑ. අපි ප්‍රශ්න කළා. ඔබ උත්තර දුන්නා. ඊට වඩා කිසිම දෙයක්‌ මේ සටහනට එකතු වෙන්නේ නෑ.

තරංග රත්නවීර - දිනේෂ් විතාන

(divaina.com)

Saturday, November 1, 2014

My view on my popularity

By: Prosperity Tech On: 6:21 AM

මගේ ජනප්‍රියත්වයේ රහස තනිකඩකම නොවෙයි - යශෝධා

http://www.rivira.lk/online/images/2014/11/02/yasho.jpgයශෝධා විමලධර්ම යළිත් වතාවක් ජනප්‍රියම චිත්‍රපට නිළියට හිමි සම්මානය දිනාගත්තා. ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේදී. යශෝධා එක්ක කතා කරන්න නිමිත්ත වුණේ ඒ සම්මානය. යශෝධා රංගන ජීවිතේ ගැන වගේම තමන්ගේ ජීවිතේ ගැනත් අපිත් එක්ක කතා කළා.
ආයෙත් ජනප්‍රිය සම්මානයක් ලැබුණා ?
ජනතාවගෙන් ජනප්‍රිය සම්මාන මම අවුරුදු 27ක් තිස්සේ ලැබුවා. මට තියෙන ආදරේ වෙනසක් නැහැ කියලා ඔවුන් ආයෙත් ඔප්පු කළා.

මීට වඩා වැඩි සම්මානයක් ගැන බලා‍පොරොත්තුවක් තිබුණද?
ඇත්තටම මම හිතුවා සමනල සංවනියේ රංගනය ඇගැයීමට ලක්වේවි කියලා. ඒත් සමනල සංවනිය චිත්‍රපටය එකම අංශයකින්වත් නිර්දේශ වෙලා තිබුණේ වත් නැහැ.

ඒ කියන්නේ සම්මාන දුන්නේ අසාධාරණ විදියට?
ලැබුණු සම්මානය අතිශය සාධාරණයි. සම්මාන ලැබිම සහ නිර්දේශ වීම එකක් හැටියටයි මම දකින්නේ. සම්මාන නොලැබුණාට කමක් නැහැ අඩුගානේ නිර්දේශවත් වුණා නම් ඇති.

ඔය වගේ සිදුවීම් රංගනය ගැන කලකිරීමක් ඇති කරවනවාද?
මම රංගනය ගැන කලකිරෙන්නේ නැහැ. මොකද රංගනය කියන්නේ මගේ ජීවිතේ. ඒත් ඔය වගේ දේවල්වලදී දුකයි. ඇයි හොඳ දේ අගයන්නේ නැත්තේ කියලා හිතෙනවා.

යශෝධාගේ තවත් වෙනස් රංගනයක් ළඟදීම තිරගත වීමට නියමිතයි?
මහරජ ගැමුණු ජයන්ත චන්ද්‍රසිරිගේ ඊළඟ චිත්‍රපටය දෙසැම්බරයේදී හරි ජනවාරියේදී හරි තිරගතවීම අරඹාවි. ඒ චිත්‍රපටය මතෛක් දැකපු හැම ඉතිහාස කතා චිත්‍රපටයකටම වඩා වෙනස්.

ඒ වෙනස යශෝධාට දැනුණේ කොහොමද?
ඉතිහාස කතාවක් වුණත් හරිම සංවේදී කතාවක්. මනුෂ්‍යත්වය තේමා කරගෙනයි. කතාව ගොඩ නැගෙන්නේ. මම මේ චිත්‍රපටයෙදී දායක වෙන්නේ ප්‍රධාන චරිතයකට නමෛයි.

රංගනයෙන් සාර්ථක දෙයක් කරන්න ප්‍රධාන චරිතයක්ම ලැබිය යුතුද?
ඒ ලැබෙන චරිතය තමන්ට දැනෙනවා නම් එයින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න පුළුවන්. ඒකට චරිතය ප්‍රධාන චරිතයක්ද කියන එක බලපාන්නේ නැහැ.

යශෝධා චරිත තෝර ගන්නේ මොන වගේ හේතු මුල් කරගෙනද ?
මුල්ම දේ ඒ චරිතයෙන් මට යමක් කළ හැකි විය යුතුයි. අනික ඒ චරිතය මට දැනෙන, මට විඳින්න පුළුවන් වෙන්නම ඕන.

 ජනප්‍රියකම රැඳෙන්න හැමදාම පෙනෙන්න ඕන නැද්ද?
මතක හිටින දේවල් කරලා මිනිස්සුන්ගේ හිත්වලට යන්න පුළුවන් නම් හැමදාම පේන්න ඉන්න ඕන නැහැ. මට ලැබෙන වෙනස් වෙන්නේ නැති රසික ප්‍රතිචාර තමයි ඒක ඔප්පු කරන්න හොඳම දේ.
යශෝධා දවස ගත කරද්දී රසිකයින් අතර ගැවසෙනවාද?
මම මගේ වැඩ කරගන්න එළියට යනවා. මගේ අම්මාගේ දේවල් වෙනුවෙන් මට එළියට යන්න වෙනවා. ඒ හැම වෙලාවෙම මම මිනිස්සු අතර ගැවසෙනවා. ඒ අය මාව හඳුනාගෙන කතා කරනවා. ඒක හරිම වාසනාවක්.

අද ඉන්න තැන ගැන සතුටුද ?
මාව රංගනයට ගේන්න හීනය තිබුණේ මගේ තාත්තට. ඒත් මගේ හොඳම රංගනයන් දකින්න තාත්තාට බැරි වුණා. ඒත් මම ආපු ගමනට තාත්තා ආශිර්වාද කරන්න ඇති. තාත්තාගේ හීනය ලස්සනට හැබෑ කරන්න පුළුවන් වුණු එක ගැන සතුටුයි.

ඔය සාර්ථක ගමනට තනිකඩ ජීවිතෙන් උදව් වුණාද?
මම හොඳ නිර්මාණවලට දායක වෙලා මගේ දක්ෂතාවයෙන් මිනිස්සු අතරට ගියා. ඉගෙන ගත්තා. තනිකඩව ඉන්න එකෙන් ඒකට බලපෑමක් වුණා කියන්න බැහැ. මම කොහොම හිටියත් මම මේ ගමන එනවා.

මේ තරම් සුන්දර යශෝධා විවාහ නොවෙන්නේ ඇයි ?
නොගැළපෙන දේවල් ජීවිතේට එකතු කරගෙන මගේ සතුට නැති කර ගන්න ඕන නැහැ කියලා හිතුණා. කෙනෙක් මගේ ජීවිතේට එකතු වෙලා වෙන් වුණොත් මම දුක් වෙනවා වගේම මට ආදරය කරන අයත් දුක් වේවි.

යශෝධා ජීවත් වෙන්නේ සතුටින් ?
ඇත්තටම ගොඩක් සතුටින්. හරි නිදහසේ ඉන්නේ. මම මේ ඉන්න විදිය ගැන මම සෑහීමකට පත් වෙනවා.

ඉගෙන ගත්ත දේවල්වලින් වැඩක් ගන්නේ නැද්ද?
හින්දි භාෂාවෙන් මම ආචාර්ය වික්ටර් රත්නායක වෙනුවෙන් ගීත 10ක් ලිව්වා. ඒ ගී එකතුව දෙසැම්බර් 13 වැනිදා එළි දකිනවා. තව කවි ‍පොත් වගේ දේවල්වලින් මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න බලා‍පොරොත්තු වෙනවා.

රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ ?
මම හිතන්නේ ඒක තමයි ලෝකයේ තියෙන වාසනාවන්තම රැකියාව. හැමෝගෙම ආදරය දිනාගෙන ජීවත් වීම හැමෝටම නොලැබෙන වාසනාවක්. ඒ නිසාම මම කවදාවත් රංගනයෙන් ඈත් නොවේවි. මැරෙන මොහොතේත් මම රඟපෑමේ යෙදී ඉඳීවි. රංගනය කියන්නේ මගේ ආත්මය එක්ක බැඳුණු දෙයක්.

යශෝධාගේ තවත් අලුත් නිර්මාණ ඉදිරියේදී දකින්න ලැබෙනවාද?
සුමිත්‍රා පීරිස්ගේ වෛශනාවී කියන චිත්‍රපටය මාර්තු මාසයේදී තිරගතවීම් අරඹාවි. ඒ චිත්‍රපටයත් මම බොහෝ දේ ඉගෙන ගත් තැනක්. හැමදාම මම රංගනයේ යෙදුණු හැම නිර්මාණයකින්ම ගොඩක් දේ ඉගෙන ගන්නවා.
නෙලූෂා සිල්වා
ඡායාරූප-චමිල කරුණාරත්න
http://www.rivira.lk/online/images/2014/11/02/img_6707.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/img_6775.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/11/02/img_6789.jpg

 

Malaka Silva hospitalized after assaulted by a foreigner

By: Prosperity Tech On: 5:15 AM

පුතා සිංගප්පූරුවට නැත්නම් මල්ශාලාවට - මර්වින් සිල්වා

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය පුතු මාලක සිල්වාට පහරදීම පිළිබඳ අදහස් ප්‍රකාශ කළා සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා හිතන් හිටියේ. දැන් මං පුතා එක්ක යනවා සිංගප්පූරුවට. මට සතුටු නෑ. ඊර්ෂියාකාරයින්ට සැනසීමක්. මට ආදරය කරන උදවියට මේක දුකක්. එහෙම වෙන්න එපැයැ. නැත්නම් ජීවිතේ එකවිදියටම යන් නෑනේ. මේක අභියෝගයක්. අභියෝගයට මුහුණ දෙනවා. පුතාට හුඟක් තුවාලයි. දැන් කල්පනා කළා සිංගප්පූරුවට එක්ක යන්න.

කෑවා බීවම මිනිස්සු ගහ ගන්නවා. එච්චරයි ඒක ලොකු දෙයක් නොවෙයි. ජීවිත කාලෙම මේවට මුහුණ දෙන්න ඕන. මගේ පුතා ආබාධිතයෙක් නෙමෙයිනේ. ඇමතිවරයාගේ පුතාට වුණාම තමා ලෙඩේ. වෙන කාගේහරි පුතාට වුණානම් දන්නෙත් නෑනේ. මගේ පැත්තෙන් තියෙන්නේ පුතා හොඳ කරගන්න සිංගප්පූරුවට යන්න. එහෙම නැත්නම් වැඩේ බැරිනම් මල් ශාලාවට යන එකයි. මං ඒ දෙකට ලෑස්තියි.ර්‍ණ යැයි අමාත්‍යවරයා පැවසීය.

Pooja Umashankar's Boyfriend Reveals

By: Prosperity Tech On: 5:01 AM

එයාටත් කලින් මුලින්ම ආදරේ කළේ මමයි - පූජා උමාශංකර් පෙම්වතා ගැන රහසක් හෙළිකරයි

පූජා උමාශංකර් කියන්නේ රිදී තිරය ලස්සන කරන රුවැත්තියක්. ඒ රුවැත්තියගේ හිත ගත්ත නිරූපණ ශිල්පියෙක් ගැන පසුගියදා අපට අහන්න ලැබුණා. ඔහු දීපක් සම්මුගනාදන්. ඇගේ ආදර කතාව ගැන රිවිසරසියට කියූ රහස් මේ.

මල්සර හීසර සුන්දරද පූජා?
සුන්දරයි. අලුත් අත්දැකීමක් සතුටින් ආදරෙන් හිත පිරිලා මේ දවස්වල.

රන්හුයෙන් දෑඟිලි බැඳෙන කාලය ළඟයි කියලත් ආරංචියි. ඇත්තද?
ඒකට නම් තව කල් තියෙනවා. මුලින්ම භාරගත්ත වැඩ ටික ඉවත් කරන්න ඕන ඊට පස්සේ ඉක්මනට විවාහ වෙනවා.

දීපක් කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. රංගන කටයුතු නිසාද පූජාව ඔහුට මුණගැහෙන්නේ ?
දීපක් නිරූපණ ශිල්පියෙක් කියලාවත් මම නිළියක් කියලාවත් අපි දෙන්නම දැනගෙන හිටියේ නැහැ. මගේ හොඳම යාළුවෙක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන එයා 2011 අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා. එයා තමයි මට දීපක්ව මුණ ගැස්සුවේ. ස්ටෙෆනි දන්නවා මගේ අම්මා මට විවාහයට කෙනෙක් හොයනවා කියලා. එයා මට කිව්වා එයාගේ යාළුවෙක් ඉන්නවා ඔයාට සියයට සියයක්ම ගැළපෙන කෙනෙක් කියලා. මම ඇහුවා එයා  මොනවද කරන්නේ කියලා. ස්ටෙෆනි කිව්වා එයා මොඩ්ලින් කරන කෙනෙක් නම දීපක් කියලා. මම ගත් කටටම කිව්වා 'අ‍පෝ මොඩ්ලින් නම් එපා කියලා.' ඒත් ස්ටෙෆනි නම් කිව්වේ එයාගේ හොඳම යාළුවා දීපක් හොඳ මනුස්සයෙක් කියලා.

ඉතිං කවදද දීපක්ව මුලින්ම දැක්කේ.?
ස්ටෙෆනි රෑ කෑමකට මටත් දීපක්ටත් ආරාධනා කළා. ඒත් දීපක් එන්න කැමැති වුණේ නැහැ. ස්ටෙෆනි දීපක්ට කතා කරලා බැන්නා පූජා වගේ ලස්සන හොඳ කෙල්ලෙක්ව නැති කරගන්න එක  ගැන දවසක ඔයා පසුතැවෙයි කියලා. ඊට පස්සේ තමයි දීපක් කවුද මේ ලස්සනයි කියන කෙල්ලව බලන්න ආවේ. ඒ ජනවාරි මාසේ දවසක. එදා ඉඳලා අපි තුන්දෙනා පුළුවන් හැම වෙලාවකම මුණ ගැහිලා කතාබහ කරනවා. ඔය විදිහට තමයි යාළුකම ආදරයකට පෙරළුණේ.

මුලින්ම ආදරය ප්‍රකාශ කළේ පූජාද... එහෙම නැත්නම් දීපක්ද?
ටික දවසක් ආශ්‍රය කරන කොට මට තේරුණා දීපක් කියන්නේ ජීවත් වෙන්න පහසු ආදරණීය චරිතයක් කියලා. ඒ නිසා මගේ හිතේ මුලින්ම ආදරයක් ඇති වුණා. ඒත් දීපක් ඒ ගැන කතා කළේ නැහැ. ඒකට මැදිහත් වුණෙත් ස්ටෙෆනිමයි. අපි තුන්දෙනා එකතු වෙන වෙලාවට ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ මම ස්ටෙෆනිට කිව්වා හැමදේටම කලින් දීපක් මට කැමැතිද කියන එක දැනගන්න කියලා. දීපක් දැනගෙන හිටියා මම එයාට කැමැතියි කියලා. මමත් දැනගත්තා එයත් කැමැතියි කියලා. දීපක් වගේ හොඳ මනුස්සයෙක්ව මග හැරගන්න තිබුණ ලෝභකමටමයි දීපක් මොකද කියන්නේ කියන එක මම හොයලා බැලුවේ. කැමැති දෙයක් තියෙනවා නම් ඒ දේ ලැබෙන කල් බලාගෙන ඉන්නේ නැතිව ලබාගන්න උත්සාහ කරන්න ඕන. නැති වුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැනේ. ඔය අදහසින් තමයි මම දීපක්ට කැමැති වුණේ.

පුද්ගල ආකර්ෂණයට ප්‍රථම දැක්ම වැදගත් කියනවනේ. දීපක්ව මුලින්ම දැක්කාම පූජාට මොකද හිතුණේ ?
ෂා.. හරි ලස්සනයිනේ කියලා මම එයාට කිව්වා. මම අවංකවම ඒ දේ කිව්වා. එයාව හරි ලස්සනට මම එදා දැක්කා. කඩවසම් තරුණයෙක්නේ. හැම වෙලාවෙම හිනාවයි, සතුටයි, ආදරයයි එයා ළඟ තියෙනවා කියලා තමයි හිතුණේ. ඒ වගේම ආශ්‍රය කරනකොට ඒ දේවල්වලින් මුළු ජීවිතයම මාව ලස්සනට තියයි කියලා හිතුවා.

ඔබේ මනමාලයා කරගන්න ඔහුට තිබුණ සුදුසුකම මොකක්ද?
පෞරුෂවත් පෙනුම, ලස්සන ඒ දෙකටම වඩා මට වැදගත් වුණේ ගුණයහපත්කම, තේරුම් ගැනීම, විශ්වාසය ආදරය, මනුස්සකම, සතුටින් ජීවත් වෙන්න මේ දේවල් වැදගත්. ඒ දේ එයා ළඟ තියෙනවා. එයාගේ ජීවිතේ හැමදාම සතුටින් පිරිලා. ඒ සතුට මමත් හෙව්වා. මට ලැබුණා. හරිම සතුටුයි. මොකද මම හීන දකින කෙනෙක් නමෛයි. ඒත් අවුරුදු 18ක් පිරෙන කොටම හීන දැක්කා හොඳ මනුස්සයෙක්ව විවාහ කරගන්න. ඒ සුබ සිතුවිල්ල අද ඇත්තක් වුණා.

විවාහයට කල වයස හරි කියලා පූජාගේ දෙමාපියන් හැමදාම විවාහ යෝජනා හෙව්වනේ. දීපක්ට දෙමාපියන් කැමැති වුණාද?
අම්මා මට මනමාලයෙක් හොයද්දී මට එකේ හැමදාම මොකක් හරි අඩුපාඩුවක් දැක්කා. ඒ නිසා අම්මා මට නිතරම කිව්වා ඔයාට අංග සම්පූර්ණ මනුස්සයෙක් මවන්න තමයි වෙන්නේ කියලා. ඒ නිසා දීපක්ව අම්මාටයි, අප්පාටයි හඳුන්වලා දුන්නම ඒ අය හුඟක් සතුටු වුණා. මගේ කැමැත්තට ඉඩ දුන්නා. අපිට දැන් දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබුණා.

පූජා රඟපානවට දීපක් තහනම් තහංචි දාන්නේ නැද්ද?
කවදාවත් නැහැ. එයා මට කියන්නේ ඔයාගේ සතුට මගේ සතුට කියලයි. මම කැමැති දේ කරන්න කිව්වා. එපා කියලා කිසිම දෙයකට සීමාමායිම් දාන්නේ නැහැ. ඒක මගේ හිතට සැනසීමක් ගෙනාවා. ඒ නිසා දීපක් කියන්නේ මට ඩබල් වාසනාව ගෙනාව චරිතයක්.

විවාහ වෙලා ඉන්දියාවේ පදිංචියට යනවද?
දැන් කාටවත් මාව ඉන්දියාවට එළවන්න බැහැ. මම විවාහ වෙලා පදිංචි වෙන්නේ ලංකාවේ. මට දැන් ලංකාවේ අයිතිය තියෙනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - සංදේශ් බණ්ඩාර
හැඩගැන්වීම - මොයින් ඛාන්
http://www.rivira.lk/online/images/2014/11/02/w00.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/w01.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/img_5740-copy.jpg
http://www.rivira.lk/online/images/2014/11/02/img_5753-copy.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/11/02/img_5754-copy.jpg