Thursday, October 30, 2014

Execution of Iranian woman sentenced to hanging for killing alleged attacker

By: Prosperity Tech On: 10:50 PM

තමන් දූෂණය කිරීමට උත්සාහ කළ පුද්ගලයා ඝාතනය කළ වරදට, එල්ලා මරා දැමූ ඉරාන තරුණිය (Photos)


තමන් දූෂණය කිරීමට උත්සාහ කළ පුද්ගලයා ඝාතනය කළ වරදට, එල්ලා මරා දැමූ ඉරාන තරුණිය (Photos) පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකාරියක වූ ඉරාන ජාතික තරුණියකට මරණ දඬුවම ලබා දී තිබේ.  
මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ, රිහානද් ජබාරි නම් 27 හැවිරිදි තරුණියට ය.
1414207280571_Image_galleryImage_A_picture_taken_on_Decemb
2007 වසරේ සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන්  2009 දී ටෙහෙරාන්හි අපරාධ අධිකරණයක් මගින්  ඇයට මරණ දඬුවම නියම කළේ ය.
ජබාරි නම් අදාළ තරුණිය අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මොරතසා අබ්දොල්අලි සර්බාන්දි නම් ඉරාන  හිටපු බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යාංශ සේවකයෙකි.
ජබාරි අධිකරණයට පවසා ඇත්තේ, අදාළ පුද්ගලයා තමන් ලිංගික අපයෝජනයට ලක් කිරීම  උත්සාහ කළ අවස්ථාවේ තියුණු ආයුධයකින් ඇන ඔහු  ඝාතනය කළ බව ය.
ජබාරි මෙම සිදුවීමට මුහුණ දී ඇයට වයස අවුරුදු දු 19ක්ව තිබියදී ය.
අදාළ පුද්ගලයා ව්‍යාපාරික ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා  සිය  කාර්යාලයට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් බව ත් ඒ අනුව එම ස්ථානයට ගිය අවස්ථාවේ මෙය සිදු වූ බව ත් ඇය පවසා ඇත.
ඇමිනේස්ටි ජාත්‍යන්තරය ඇතුළු සංවිධාන රැසක් ඇයගේ නඩු තීන්දුවට එරෙහිව නැගී සිටිය ද එම කිසිදු සංවිධානයකට ඇය මරණයෙන් ගලවා ගැනීමට නෙහැකි විය.
2785770707
පසුගිය සිකුරාදා ජබාරිගේ මවට අවසන් වරට සිය දියණිය දැක බලා ගැනීම සඳහා පැමිණෙන ලෙස බලධාරින් දුරකතන ඇමතුමකින් දැනුම් දී තිබේ.
සබන්දිගේ පවුලේ ඥාතීන් ඇයට සමාව දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊයේ (25) උදෑසන එල්ලා මරා දැමිණ.

  (newsfirst.lk)

Vehicle permit

By: Prosperity Tech On: 10:23 PM

රට විරුවන්ට දෙන වාහන බලපත්‍රයේ විස්තර මෙන්න 

විදේශ රටවල සේවය කරමින් මෙරටටවිදේශීය විනිමය උපයාදෙන ශ්‍රමිකයින්ට කරන උපහාරයක් ලෙසින් 2015 අයවැය මගින්ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමයක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් මේ වනවිට විශේෂඅධ්‍යනයක් සිදුකරමින් සිටින බව වාර්තා වෙයි. විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේදීමෙරටට ඩොලර් මිලියන 548 ක විදේශ විනිමය ඒවා තිබූ අතර 2013 අගෝස්තු මාසය සමගසැසඳීමේදී එය සියයට 1.5 ක වර්ධනයකි. මේ වසරේ මුල් මාස අට තුළදී විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටටඩොලර් බිලියන 4.5 ක විදේශ විනිමය ඒවා තිබෙන අතර එය ගිය වසර සමග සැසඳීමේදීසියයට 10 ක වර්ධනයක් වේ. මෙම අයවැය යෝජනාවට අනුව විදේශීය රටවල සේවය කරන පුද්ගලයින් මෙරටට එවාතිබෙන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමට සමාන වාහනයක් තීරු බදු රහිතවමිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබේ. අතීතයේ සිටම මෙරටට විදේශ විනිමය ලබාදුන් පිරිසට මෙම සහනය ලබාදෙනවාද, නැතිනම්යම් කාලයකින් පසුව පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණා පිළිබඳව මුදල්අමාත්‍යංශයේ අවධානය මේ වනවිට යොමුව තිබේ. මීට අමතරව, විදේශ විනිමය යම් සීමාවක් සඳහා පමණක් මෙම සහනය ලබාදෙනවාද යනකාරණය පිළිබඳවත් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙන අතර කඩිනමින් මේසම්බන්ධයෙන් අවසාන තීරණ ගෙන මෙම සහනය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අදහස්කර ඇත.

(asianmirror.lk)

Tuesday, October 28, 2014

My wife is in Colombo. I live Kurunegala - Dayasiri Jayasekara

By: Prosperity Tech On: 10:13 PM

වයිෆ් ඉන්නෙ කොළඹ මං කුරුණෑගල දැනුත් "හව් කැන් අයි මීට් යූ" කියල කාන්තාවන්ගෙන් මට එස්එම්එස් එනවා රෝසි එක්ක සම්බන්ධෙ අන්තිමට නීරස වෙලා ඉවර වුණා. - දයාසිරි ජයසේකර හෙළි කරයි


පසුගියදා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් වයඹ මහඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ තමා සමග අනියම් ඇසුරක් බලාපොරොත්තුවෙන් නොයෙක් කාන්තාවන්ගේ විවිධාකාර යෝජනා නිරතුරුවම තමාට ලැඛෙන බවයි.
නමුත් ඒවාට ඇහුම්කන්නොදී තම තත්වය රැකගෙන තමා සිටින බවත් රෝසි සමග පැවති සම්බන්ධය කටකතා වැරදි අර්ථ දැක්වීම් රැසක් මැද නීරසවී
අවසන් වූ බවත් ඔහු හෙළි කරනවා.
ඔහු දැක්වූ අදහස් පහත පරිදිය.
"මං ඉන්න තත්වෙ අනුව මට නම් පන්සීයක් වුණත් පට බැෙඳන්න පුළුවන්. නමුත් මං ඉතාම පරිස්සමෙන් ජීවත්වෙන්නෙ. එස් එම් එස් ගහනවා විශාල සංඛ්‍යාවක්. හායි හව් ආයූ කියල එව්වම මාත් මොකක් හරි උත්තරයක් දුන්නොත්
අයි වෝන්ට් සී යූ කියල එනවා..
හව් කැන් අයි ටෝක් ටු යූ කියල එනවා,
හව් කැන් අයි ටෝක් ටු යූ පර්සනලි කියල එනවා. ඒවගේම හව් කැන් අයි මීට් යූ කියලත් එනවා...හහ්...හා..
ඊට වඩා බරපතල ඒවත් එනවා..මං ඒව බොහොම ෂේප් එකේ බැලන්ස් කරල අතහෝදගන්නෙ.
නැත්තම් ප්‍රශ්නෙකට යනවා.

නැත්නම් ඒක කරදරයක් මට පාඩුවෙ ඉන්නත් එපැයි.. දරුවො දෙන්න බලාගන්නෙ වයිෆ්. එයා කොළඹ ඉන්නෙ මම ඉන්නෙ කුරුණෑගල. ඕන නම් මට ඕන දෙයක් කරන්න පුළුවන් කුරුණෑගල ඉඳල නමුත් මං කිසි දවසක වයඹ පළාතෙ මම මගේ නම කැත කරගන්න සූදානමක් නෑ. විවිධ කටකතා තියනවා. මට කටකතා වලට උත්තර දෙන්න ඕන කමකුත් නෑ. මට මගේ කියල පෞද්ගලික ජීවිතයකුත් තියනවා.

රෝසි ඇත්තටම මට ගොඩක් උදව් කළා. මම ඇයව හම්බ වුනේ 2001 විතර.
ඒකාලෙ යූ එන්පී එකේ අපි එකට වැඩ කළා කාලයක්. ඇය මගේ මැතිවරණෙදි සම්පූර්ණයෙන් බැහැල වැඩ කළා.ඊට පස්සෙ ඇයගෙ මැතිවරණ වෙලාවෙ මාත් උදව් කළා. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට ඇය ආවම තව සම්බන්ධෙ වැඩි වෙනවනේ. මේ ඔක්කොම එකතුවලා තිබුනෙ. නමුත් ඒක අන්තිමට නීරස තත්වෙකට පත්වුනා.

 ඒක විවිධ විදියට අර්ථ නිරූපණය කරන්න සමහරු පෙළැඹුණා. මේ නිසා ඇය සහ මා අතර තිබුණ සම්බන්ධතාවන් යම් යම් මට්ටමින් කඩා වැටුණා. විපක්ෂෙ ඉඳලා මං ආණ්ඩු පක්ෂයට ඒමත් එක්ක මං හිතන්නෙ ඒ සියල්ල ජවනිකාවක් විදියට අවසන් වුණා.
මුළු ජීවිත කාලෙම මූණ බලන්නෙ නැතිව ඉන්න මට උවමනාවක් නෑ කිසි වෙලාවක. නමුත් සමහර හැසිරුණ ආකාරවල් ඒවගේම විවිධ කටකතාවල් වලින් හැදුණ දේවල් ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙච්ච අවස්ථා තියනවා. ඒව ජීවිතේ හොඳ පැත්තට හදාගත්තම ලේසියි කියල මං හිතනවා.

දයාසිරි ශ්‍රී එෆ් එම් තරුවක් සමග වරුවක් වැඩසටහනට එක්වෙමින් භාෂිණී සමරසිංහ සමග මේ දේවල් කී ආකාරය ඕඩියෝව පහතින්

New funny sinhala music video

By: Prosperity Tech On: 1:08 AM

"නැන්දම්මාගෙන් දුව ඉල්ලන අලුත්ම විදියක් අන්තර්ජාලයේ"(Video)

අපේ කොල්ලො සෑහෙන කට්ටක් කාලා, විඳින්න ඕනි දුක් ඔක්කොම විඳලා තමන් ආදරේ කරන, හිත ගිය තැන මාලිගාව හඳන්න පුලුවන් කියලා හිතුණු කෙල්ලව කොහොම හරි සෙට් කරගන්නවා. දෙන්නා ඉතින් සෙට් වෙලා ආදරෙන් ඉන්නකොට ඔන්න එනවා ලොකූ අවුලක්. ඒ තමයි නැන්දම්මා.
අලුතින් කියන්න දෙයක් නෑනේ නැද්දම්මාගේ බර බරේ හින්දා මොකුත් කරගන්න බෑ, කෙල්ලත් ඉතින් අම්මා කියන දේ අහන නිසා පණ දාගෙන ලව් කරපු කොල්ලාට ප්‍රශ්න රොත්තකට මූණ දෙන්න වෙනවා. මොනවා කරන්නද සෙට් කරගන්න කට්ට කෑව එකේ නැන්දම්මා ශේප් කරගන්න එකත් මහලොකු ගේමක්ද කියලා කොල්ලා වැඩට බහිනවා.

අන්න ඒ විදියට කෙල්ලෙක්ට තමන්ගේ ආදරේ ගැන නැන්දම්මා ඉස්සරහම කියන කොල්ලෝ සෙට් එකකගේ අමුතුම වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරුවෙනවා..
කවුරුත් ආදරේ කරපු ආශිකී 2 චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක තනුවකට තමයි මේ කට්ටිය වැඩේ කරලා තියෙන්නේ. ඇහුවගමන් සින්දුවනම් මීටර් වෙයි. මේ කරපු වැඩේ ගැන කිසිම දෙයක් අපි කියන්නේ නෑ. අහලම බලන්න. හැබැයි එක දෙයක් නම් මතක් කරන්න ඕනි. අපේ යාලුවෝ පණ වගේ ආදරේ කරපු ඒ ආශිකී 2 ආදරණිය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ මුලින්ම පෙන්නුවේ හිරු ටීවී එකෙන් කියලා..

I like to be a mom

By: Prosperity Tech On: 12:59 AM
අප රටේ නව පරපුරේ නිළියන් අතර අභියෝගාත්මක චරිත බාරගන්නියෝ සිටීනම් ඒ ඉතා සීමිත ප්‍රමාණයකි. සුලෝචනා වීරසිංහ ද එම අතළොස්සට අයිති රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දුනහොත් මා නිවැරදිය.
නිකිණි වැස්ස සිනමාපටයේ ඇය කළ චරිතය ඊට හොඳම උදාහරණයයි. එමෙන්ම කෙටි චිත්‍රපට රැසකින්ම සුලෝචනා තම නිසඟ රංගන කුසලතාවය පිළිබිඹු කළේ රංගනය, රංගනයක් පමණකැයි සිතාය. මේ දිනවල තිරගතවන තන්හා රති රඟා සිනමාපටයේ ජසින්තා වෙමින් අප හමුවන ඇය හිරු දරුවෝ, හුස්ම සහ ඔක්සිජන් ටෙලි සිතුවම් හරහා ද අමුතුම චරිත දෙකකට පණ පොවමින් ප්‍රේකෂකයා පිනවයි. එමෙන්ම සුලෝචනා වේදිකාවට ද නැතිවම බැරි චරිතයක්ව හමාරය.
ආයුබෝවන් සුලෝචනා?
ඔබටත් ආයුබෝවන්.
ජීවිතයම රංගනයට කැපවෙලා වගෙයි?
කාලයක් එහෙම තිබුණා. නමුත් දැන් මං ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිලධාරිනියක් විදිහටත් වැඩ කරනවනේ. ඒ හින්දා රැකියාවටත් ඉඩ දෙමින් ඊට බාධාවක් නොවන පරිදි රඟපානවා.
ඔබ වැඩිපුර දකින්න ලැබෙන්නෙ ෙවිදිකාවේ. වේදිකා නාට්‍යයක රඟපානකොට පෙර පුහුණුවීම්වල යෙදීම අත්‍යවශ්‍යයි. රැකියාවේ නියැළෙන ගමන් ඊට සහභාගි වන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට මං රිහසල්ස් යන්නෙ හවස්වරුවේ. ඒ කියන්නෙ රැකියාව නිම වූ පසුව. කොහොමත් මං රංගන ශිල්පිනියක් වෙලා පසුව රැකියාවට ගිය නිසා පොඩි වාසියක් තියෙනවා. වේදිකා නාට්‍ය ෂෝස් තියෙන වෙලාවට ඒ නිසා ඉඩ පහසුකම් ලබාගත හැකියි.
මා දන්නා පරිදි ඔබ වෘත්තියක් විදිහට කළේ රංගනය පමණයි. ඇයි මෙවන් වූ රැකියාවකට යොමුවන්න තීරණය කළේ?
ඔබ කිව්වා වගේ මං කාලයක් තිස්සේ රඟපෑවා පමණයි. මගෙ උපාධිය මට ලැබුණෙත් දෙදහස් හත වසරෙදි. එතැන් පටන් අවුරුදු හයක් පමණ රංගනයේ යෙදුණා. උපාධිධාරිනියක් විදිහට උපාධියට සුදුසු රැකියාවක් කරන්නේ නැතුව සිටීම එක්තරා අයුරකින් නොමනා වැඩක්. ගෙදරිනුත් පොඩි පොඩි බලපෑම් ආවා. එහෙයින් කාලයක් තිස්සෙ රැකියාවන් හෙව්වා. නමුත් ඒක ලැබුණෙ ටිකක් පහුවෙලා.
කලාව ඇතුළේ ස්ථාවර වෙන්න අමාරු වුණාද ඔබට?
කලාව කියන ක්ෂේත්‍රය ස්ථිරයි. නමුත් අප රටතුළ තිබෙන කලා ලොව ඇතුළේ ස්ථාවර වෙන්න නම් අපහසුයි.
ඔබ ඔහොම කිව්වට අපේ කලා ශිල්පියෝ කී දෙනෙක් ඉන්නවාද කලාවෙන් පමණක් ස්ථාවර වුණු?
මං හිතන්නේ එයාලා බොහොමයකට වෙනත් ආදායම් මාර්ග තියෙනවා.
නැහැ, මං ඉන් අදහස් කළේ රංගනයෙන් පමණක් ආදායම් උපයන අය ගැන. විශේෂයෙන්ම මෙගා නාට්‍යවල ඉන්න නළු නිළියො?
එතනදි මෙහෙමයි. මෙගා කරන අය ස්ථිරයි ටික කාලෙකට. නාට්‍යය නැවතුනායින් පසුව ක්ෂණිකව අස්ථිර වෙනවා.
මම දැන් එන්නේ තන්හා රති රඟා ගාවට. නිකිණි වැස්ස සිනමාපටයේ ප්‍රධාන චරිතය මැව්වට මේක එහෙම නැහැ?
නිලේන්ද්‍ර අයියා මට තන්හා රති රඟා සඳහා කතා කළේ ද නිකිණි වැස්ස නරඹලා. ජසින්තා කියලා කියන්නේ එහි ප්‍රධාන කාන්තා චරිත දෙක තුනට පසුව තියෙන ඊළඟ උප ප්‍රධාන චරිතය. මට ඒ චරිතය ගැන තෘප්තිමත්. ඒකයි බාර ගත්තේ.
කොහොමද නිලේන්ද්‍ර දේශපි‍්‍රය සමඟ වැඩ කිරීම?
ඔහු ඉතාම හොඳ අධ්‍යක්‍ෂවරයෙක්. අපව තාක්ෂ-ණික පැත්තෙනුත් දැනුවත් කරන ගමනුයි ඔහු අපව හැසිරවූයේ. ගොඩක් දේ ඉගෙන ගත්තා මා දර්ශන තලයේදී.
සාමාන්‍යයෙන් ඔබට චරිතයක් ලැබුණාම මොනවද මුලින්ම කරන්නෙ?
මං එම චරිතයේ සුවිශේෂී ගුණාංග හඳුනා ගන්නවා.
බොහෝ දෙනකු නොකරන දෙයක් ඒක?
ඔව්, මං අද දකින ඇතැම් ටෙලි නාට්‍යවල ඉන්න නළු නිළියෝ තමන්ගේ චරිතයේ එම සුවිශේෂී ලක්‍ෂණ හඳුනා ගන්නේ නැතුවයි රංගනයේ යෙදෙන්නේ. එතකොට හරිම අතාත්විකයි. ඒ වගේම සමහර නළු නිළියො එක නාට්‍යයකට ඇඳපු ඇඳුම් තවත් නාට්‍යයකට අදිනවා. කොච්චර දුර්වල කමක් ද ඒක. ඒ අය හිතනවා ප්‍රේක්‍ෂකයෝ මෝඩයි කියලා. නමුත් අද ඉන්න රසික, රසිකාවන් ඉතාමත් බුද්ධිමත්. ඒක හින්දාමදෝ කොහෙද වේදිකා නාට්‍ය බලන්න එන පිරිස දැන් වැඩි වෙලා.
සුලෝචනා සෑහෙන්න කැමැත්තක් දක්වනවා අභියෝගාත්මක චරිත රඟපාන්න. විශේෂයෙන් කෙටි චිත්‍රපටවල?
නිකිණි වැස්සෙත් මං කළේ එවන් වූ චරිතයක්. එය නැරඹූ විචාරකයෝ දුන් ප්‍රතිචාරවලින් මා ප්‍රබෝධවත් වුණා. මං හිතන්නෙ නිර්මාණයට එම චරිතයෙන් කොතරම් සාධාරණයක් ඉටුවෙනවද කියලා. ඒවා කලාත්මක නිර්මාණ ලෙසිනුයි මං දකින්නේ.
බය නැද්ද ලංකාවේ සංස්කෘතියත් එක්ක එවැනි නිර්මාණවලට දායක වෙන්න?
ඔක්කොටම කලින් මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන්න ඕන. මිනිස්සු හරිම අකැමැතියි තමන්ගේ චරිත නිර්මාණ තුළින් දකින්න. මා නිරූපණය කරන චරිතය තුළ තමා ඉන්නවා නම් මට ඒ අදාළ අය බැනවදිනවා. ඔන්න ඕකයි තත්ත්වය. නිර්මාණයක් නිර්මාණාත්මක ඇසකින් බලන්න පුරුදු වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
සුලෝචනා වීරසිංහට තනිතටුවෙන් පියාඹන්න සිනමාපටයේ අනෝමා ජනාදරී කළා වගේ චරිතයක් ලැබුණොත් මොකද කරන්නේ. ඊට හා කියනවද?
අනෝමා ජනාදරී කියන්නේ අපට සිටින දක්‍ෂතම නිළියක්. ඇය කළා වගේ චරිතයක් ලැබුණොත් ඒ මොහොතේ මා සිටින මානසික මට්ටමත් එක්ක තීරණය කරයි හා කියනවද බැහැ කියනවද කියලා. ඒ වෙලාවේ හිතුණොත් මං ඒ චරිතය බාරගනීවි.
මේවන විට ඔබ විවාහකයි?
ඔව්, කාටත් රහසින් තමයි විවාහ වුණේ. නමුත් දැන් නම් හැමෝම දන්නවා.
ලොව උතුම්ම පදවිය ලබන්න තවම හිතක් නැහැ වගෙයි?
අම්මා කෙනෙක් වෙන්න මං ආසයි. ඒ බලාපොරොත්තුව කල්දාලා ඉන්නේ කලාව හින්දම තමයි.
ඔබගේ ඡායාරූප ගනිද්දි අන් නිළියන් වගේ මේකප් පාවිච්චි කරන්නේ නැත්තෙ ඇයි?
මං ආසයි මගෙ ඇත්ත ස්වරූපෙන් පෙනී සිටින්න. ඒකයි එහෙම කරන්නෙ.
සුලෝචනා වීරසිංහ කියන්නෙ මොනවගේ කෙනෙක්ද?
මට මා ගැන කියනවට වඩා ඒක මිනිස්සු තීරණය කරයි. මම මොනවගේ කෙනෙක්ද කියලා. ඔබ ඔය ප්‍රශ්නෙම අනිත් නිළියන්ගෙන් අහලා තිබුණා. එතකොට ඒ අය විවිධ උත්තර දීලත් තිබුණා. මට එහෙම බෑ. මං ගැන මමම කරන වර්ණනාවලට මං කැමැති නෑ.
මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොහොමද?
සුමුදු වෙල්ලාලගේ ගෙ හුස්ම සහ ඔක්සිජන්, මොහන්ජි රංගනාථගේ හිරු දරුවෝ වැනි නාට්‍යවල පමණයි රංගනයෙන් දායක වෙලා ඉන්නේ. වේදිකාවේ නම් ගිහාන් ඇලෝසියස්ගේ රියැලිටි ෂෝ නම් වූ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල නිරත වෙලා ඉන්නවා. ළඟදීම එහි මංගල දැක්ම පැවැත්වේවි.

Monday, October 27, 2014

I am not angry with Kavinga

By: Prosperity Tech On: 7:06 PM

කාවිංග ගැන මගේ හිතේ තරහක් නෑ... - ආක්ෂා සුදාරි

ආක්ෂා සුදාරියි, මේනකා මධුවන්තියි හොඳම යාළුවෝ බව ප්‍රසිද්ධයි. මේ දෙන්නව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කරලා කියලා පසුගිය දවස්වල ආරංචියක් පැතිරුණා. ඒකට හේතුව ආක්ෂා පසුගිය දවස්වල මුහුණ දීපු ප්‍රශ්නයක් කියලයි කියැවුණේ. අපි ආක්ෂාට කතා කළේ මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න.

මොකක්ද මේ අත්අඩංගුවට ගත්තා කියන කතාව?
ඔය කතාව බොරුවක්. කවුරුහරි හදපු කතාවක්.

ඇයි එහෙම බොරු ආරංචි පැතිරෙන්නේ?
කතා පැතිරෙනවා නමෛයි අපි ගැන තියෙන ඉරිසියාවට කවුරුහරි කතා පතුරනවා.

ඒත් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ?
පරණ සිදුවීමකට මාවයි, මේනකාවයි ආයේ ඇදලා ගන්නයි ඔහොම කරන්නේ.

පත්තරවල නම් ගියේ එහෙම නමෛයි?
සමහර පත්තරවල ගියේ අපි කියපුවා නමෛයි. සමහර පත්තර අපිට කතා කරන්නෙවත් නැතුව ඉන්ටර්වීව් දාලා තිබුණා.

ආක්ෂාට ඔය කරදර වැටෙන්නේ මේනකාගේ යාළුකම නිසාද?
මායි මේනකයි හොඳම යාළුවෝ. මේනකා නිසා මට කරදර වෙලා නැහැ. මම නිසා මේනකාට කරදර වෙලත් නැහැ. අනික අපිට අනුන්ගේ දේවල් අදාළම නැහැ. ඔය කියන සිද්ධියට නම් මේනකාව ගාවන්න ඕනම නැහැ.

මේනකා නම් බිස්නස් එකක් පටන් ගත්තා එතකොට ආක්ෂා?
මගේ අලුත් සැලසුමක් තියෙනවා. ඒක කරන්න කලින් කියන්න මම කැමැති නැහැ. හැමෝටම සර්ප්‍රයිස් එකක් දෙන්නයි මට ඕන.

දැන් රඟපෑමට ලැබෙන ආරාධනා අඩුද?
කතා කරනවා. ගොඩක්ම මියුසික් වීඩියෝවලට. හැබැයි මම කැමැති වුණේ නැහැ.

ඇයි එහෙම වැඩ අත්හැර ගන්නේ?
දැන් හැදෙන ගොඩක් මියුසික් වීඩියෝවල තියෙන්නේ එකම කතාව. එකම දේ ආයේ ආයේ කරන්න මම කැමැති නැහැ.

නිවේදනය පැත්ත?
මම හිරු ටී. වී. එකේ වැඩසටහනක් කරනවා. ඒත් මම දන්නවා මම හොඳ නිවේදිකාවක් නමෛයි කියලා.

තමන්ම තමා ගැන අඩු තක්සේරුවක් කරන්නේ ඇයි?
මම තාම නිවේදනය ගැන ඉගෙන ගන්නවා. ඒකයි එහෙම කිව්වේ. හැබැයි මම කවදා හරි ලංකාවේ  හොඳම නිවේදිකාවක් වෙනවා.

ආක්ෂා දැන් පෙම්වතියක්ද?
පෙම්වතියක් වෙලා හිටියා. දැන් පෙම්වතියක් ‍නෙවෙයි.

හිටපු පෙම්වතා ප්‍රසිද්ධයිනේ?
කාවිංගයි, මමයි ගැන හැමෝම දන්නවා. ඒත් ප්‍රශ්න ඇතිවුණු නිසා අපි වෙන් වුණා.

කාවිංග නම් කියන්නේ ආක්ෂාට ගොඩක් ආදරේ කළා කියලා?
ඒක මම දන්නවා. අපි ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් අපි වෙන් වෙලානේ.

කාවිංගට ආදරය කරන්න ආයේ අවස්ථාවක් ලැබුණොත්?
මම හිතන්නේ නැහැ, එහෙම වෙයි කියලා. අනික දැන් එයාට පෙම්වතියක් ඇති.

පෙම්වතියක් ඇති කිව්වේ දුකෙන්ද?
දුකක් නැහැ. ප්‍රශ්න වෙලා ඈත් වුණු අපි ආයේ එකතු වුණා කියලා තේරුමක් නැහැනේ.

ආයේ ක්‍ෂේත්‍රයේ කෙනෙක්ම ආදරය ප්‍රකාශ කළොත්?
ආයේ නම් ක්‍ෂේත්‍රයේ අය එපා. එක අත්දැකීමක් ඇති.

ක්‍ෂේත්‍රයේ ප්‍රේමය ගැන කලකිරිලද?
එහෙම ම ‍නෙවෙයි. ක්‍ෂේත්‍රයේ නොවෙන කෙනෙක් ආදරය ප්‍රකාශ කරනවා නම් කැමැතියි.

දැන් කාවිංගව මුණ ගැහුණාම?
අපි එකම ක්‍ෂේත්‍රයේනේ. ඒ නිසා මුණ ගැහෙනවා, කතාබහ කරනවා. කාවිංග ගැන මගේ හිතේ තරහක් නැහැ. අනික කාවිංග ගොඩක් හොඳ කෙනෙක්.

ආක්ෂාගේ විලාසිතා?
මම විලාසිතා කරන්න කැමැතියි. හැබැයි මට ගැළපෙන විදියට.

කොටට අඳිනවද?
මම ෆොටෝස්වලට ඕන වුණාම කොටට අඳිනවා. හැබැයි හැබෑ ජීවිතේ විලාසිතා ඊට වඩා වෙනස්.

විලාසිතා නිසා බැණුම් අහලා නැද්ද?
බැණුම් අහන විදියෙ විලාසිතා මම කරන්නේ නැහැ. බැණුම් අහලවත් නැහැ. ගොඩක් දෙනා මගේ විලාසිතාවලට කැමැතියි.
නෙලූෂා සිල්වා

http://www.rivira.lk/online/images/2014/10/26/aaksha-2.jpg
කාවිංග ගැන
මගේ හිතේ තරහක් නෑ... - ආක්ෂා සුදාරි


 rivira.lk

Daily Astrology predictions 28-10-2014

By: Prosperity Tech On: 6:43 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 28 දින

මේෂ

ඉක්මන් තීරණ ගැනීමෙන් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙයි. රැකියාව කලට වේලාවට කරගෙන යාමේ අපහසුතාවක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන අතර යුගදිවිය සතුටින් ගතකිරීමට ඉඩ ලැබේ.
වෘෂභ

 වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි අද දින රැකියා කටයුතුවලට බාධා සිදුවිය හැකි බව පෙන්නුම්  කරයි. අතිරේක ධන මාර්ග පාදා ගැනීමට හැකිවන අතර තමාට වඩා පහත් අයගේ ආශ්‍රය ලැබිම තුළින් අස්ථාන චෝදනාවන්ට ඉඩ සලසා ගලන්නා බව පෙනී යයි.

මිථුන

 කෘෂි ක්ෂේත්‍රයේ නියලි අයට අද දින ශුභදායක බව පෙන්නුම් කරයි. රැකියා සහ ව්‍යාපාර කටයුතුවලට බාධා ගැටලු ගෙන දිය හැකි වාතාවරණයක් දක්නට ලැබෙන අතර තැන්පත් මුදලක් වැය කිරීමට කටයුතු යෙදෙන බව පෙන්නුම් කරයි. පදිංචි ස්ථානය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී යයි.

කටක

අනවශ්‍ය කරුණු සඳහා හෝ නඩුහබ වැනි කටයුතු සඳහා ධනය වැයවීමට ඉඩ ඇති අද දින රැකියාවල අවුල් සහගත තත්ත්වයක් මතුවිය හැකි බව පෙන්නුම් කරන අතර ව්‍යාපාරිකයන්ට ශුභදායකය. අපේක්ෂා ජයගැනීමේ අපහසුව නිසා පසුතැවිලි වන දවසකි.

සිංහ

රැකිරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ඇතිවේ. නොවිසඳී පවතින ප්‍රශ්න සතුටුදායක ලෙස විසඳෙයි. ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් නිසැකයෙන්ම ඇතිකරන බව දක්නට ලැබෙන අතර වගකිව යුතු තැන්වල සිටින අයගේ නොමසුරු සහයෝගය ලබාගත හැකි දවසකි.

කන්‍යා

 රැකියා කටයුතුවල කාර්ය බහුලතාවයක් දක්නට ලැබෙන අද දින ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගැනීමට හැකිවන අතර ව්‍යාපාරික කටයුතුවලින් බලා‍පොරොත්තු නොවූ වාසි අත්විඳීමට ඉඩ ඇති දවසකි. නීතිමය කටයුතු වලින් අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

තුලා

 නව රැකියා හෝ තනතුරු උසස්වීම් ලැබිමට ඉඩ ඇති අද දින ෙදෙනිකව කරගෙන ආ වැඩකටයුතුවල වෙනසක් දක්නට ලැබේ. සුළු වශයෙන් හෝ ධන ලාභයක් මතුකරගත හැකි අතර වැඩිහිටි ඥාතියකු සමග වාද භේදවලට යොමුවි හැකි දවසකි.

වෘශ්චික

 ෙදෙනික කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබේ. සිතට අවිවේකී බවක් ගෙනදෙන බව පෙනී යයි. ව්‍යාපාර කටයුතුවල නියුතු අයට යහපත් වන අතර, මිල මුදල් උපයාගැනීමේ උනන්දුව ඇති කෙරේ. ගෙදරදොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බව පෙන්නුම් කරයි.

ධනු

රැකියාවට අදාළව පැවති බාධා අහෝසිවේ. තම රාජකාරී කටයුතු සම්බන්ධයෙන් පෙරට වඩා කිසියම් මට්ටමක උනන්දුවක් ඇතිකරයි. උසස් අයගේ අනුග්‍රහය ලබාගත හැකි අතර තමා වෙත එන ඕනෑම අභියෝගයන් පහසුවෙන් ජයගත හැකි දවසකි. ගෘහ ජීවිතය යපත්ය.

මකර

වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි අද දින රැකියාව සම්බන්ධයෙන් වගකීම් රැසක් පැවරෙනු ඇත. රැකියා කටයුතුවලට යහපත් වුවද සිතට හා ගතට අවිවේකී බවක් ගෙනදෙන බව පෙන්නුම් කරන අතර, ගමන් බිමන්වලදී කරදර බාධා මතුවිය හැකි වාතාරවණයක් පවතී.

කුම්භ

රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන  අද දින මිත්‍රයන් නිසා ධන හානි ගෙනදීමට මාර්ග සැලසේ. නීති විරෝධී කටයුතුවලට මැදිහත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර සිතේ නොසන්සුන් තාවයක් ඇතිවෙයි. පවු‍ලේ ආරවුල් මතුවිය හැකි දවසකි.

මීන

 සිතේ සැනසිලි ගතියකින් වැඩකටයුතු කිරීමට හැකිවන දවසකි. බුද්ධිමත් අයගේ සහයෝගය ලබාගත හැකි අද දින රැකීරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරයි. සිතේ සතුට ගෙනදිය හැකි අවස්ථාවන් මතුවිය හැකි බව දක්නට ලැබේ.
(rivira.lk)


 

Sunday, October 26, 2014

I Want to Be a Mom

By: Prosperity Tech On: 8:59 AM

මවක් වෙන්න ආසයි - කලාව හින්දා පස්සට යනවා

අප රටේ නව පරපුරේ නිළියන් අතර අභියෝගාත්මක චරිත බාරගන්නියෝ සිටීනම් ඒ ඉතා සීමිත ප්‍රමාණයකි. සුලෝචනා වීරසිංහ ද එම අතළොස්සට අයිති රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දුනහොත් මා නිවැරදිය.
නිකිණි වැස්ස සිනමාපටයේ ඇය කළ චරිතය ඊට හොඳම උදාහරණයයි. එමෙන්ම කෙටි චිත්‍රපට රැසකින්ම සුලෝචනා තම නිසඟ රංගන කුසලතාවය පිළිබිඹු කළේ රංගනය, රංගනයක් පමණකැයි සිතාය. මේ දිනවල තිරගතවන තන්හා රති රඟා සිනමාපටයේ ජසින්තා වෙමින් අප හමුවන ඇය හිරු දරුවෝ, හුස්ම සහ ඔක්සිජන් ටෙලි සිතුවම් හරහා ද අමුතුම චරිත දෙකකට පණ පොවමින් ප්‍රේකෂකයා පිනවයි. එමෙන්ම සුලෝචනා වේදිකාවට ද නැතිවම බැරි චරිතයක්ව හමාරය.
ආයුබෝවන් සුලෝචනා?
ඔබටත් ආයුබෝවන්.
ජීවිතයම රංගනයට කැපවෙලා වගෙයි?
කාලයක් එහෙම තිබුණා. නමුත් දැන් මං ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිලධාරිනියක් විදිහටත් වැඩ කරනවනේ. ඒ හින්දා රැකියාවටත් ඉඩ දෙමින් ඊට බාධාවක් නොවන පරිදි රඟපානවා.
ඔබ වැඩිපුර දකින්න ලැබෙන්නෙ ෙවිදිකාවේ. වේදිකා නාට්‍යයක රඟපානකොට පෙර පුහුණුවීම්වල යෙදීම අත්‍යවශ්‍යයි. රැකියාවේ නියැළෙන ගමන් ඊට සහභාගි වන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට මං රිහසල්ස් යන්නෙ හවස්වරුවේ. ඒ කියන්නෙ රැකියාව නිම වූ පසුව. කොහොමත් මං රංගන ශිල්පිනියක් වෙලා පසුව රැකියාවට ගිය නිසා පොඩි වාසියක් තියෙනවා. වේදිකා නාට්‍ය ෂෝස් තියෙන වෙලාවට ඒ නිසා ඉඩ පහසුකම් ලබාගත හැකියි.
මා දන්නා පරිදි ඔබ වෘත්තියක් විදිහට කළේ රංගනය පමණයි. ඇයි මෙවන් වූ රැකියාවකට යොමුවන්න තීරණය කළේ?
ඔබ කිව්වා වගේ මං කාලයක් තිස්සේ රඟපෑවා පමණයි. මගෙ උපාධිය මට ලැබුණෙත් දෙදහස් හත වසරෙදි. එතැන් පටන් අවුරුදු හයක් පමණ රංගනයේ යෙදුණා. උපාධිධාරිනියක් විදිහට උපාධියට සුදුසු රැකියාවක් කරන්නේ නැතුව සිටීම එක්තරා අයුරකින් නොමනා වැඩක්. ගෙදරිනුත් පොඩි පොඩි බලපෑම් ආවා. එහෙයින් කාලයක් තිස්සෙ රැකියාවන් හෙව්වා. නමුත් ඒක ලැබුණෙ ටිකක් පහුවෙලා.
කලාව ඇතුළේ ස්ථාවර වෙන්න අමාරු වුණාද ඔබට?
කලාව කියන ක්ෂේත්‍රය ස්ථිරයි. නමුත් අප රටතුළ තිබෙන කලා ලොව ඇතුළේ ස්ථාවර වෙන්න නම් අපහසුයි.
ඔබ ඔහොම කිව්වට අපේ කලා ශිල්පියෝ කී දෙනෙක් ඉන්නවාද කලාවෙන් පමණක් ස්ථාවර වුණු?
මං හිතන්නේ එයාලා බොහොමයකට වෙනත් ආදායම් මාර්ග තියෙනවා.
නැහැ, මං ඉන් අදහස් කළේ රංගනයෙන් පමණක් ආදායම් උපයන අය ගැන. විශේෂයෙන්ම මෙගා නාට්‍යවල ඉන්න නළු නිළියො?
එතනදි මෙහෙමයි. මෙගා කරන අය ස්ථිරයි ටික කාලෙකට. නාට්‍යය නැවතුනායින් පසුව ක්ෂණිකව අස්ථිර වෙනවා.
මම දැන් එන්නේ තන්හා රති රඟා ගාවට. නිකිණි වැස්ස සිනමාපටයේ ප්‍රධාන චරිතය මැව්වට මේක එහෙම නැහැ?
නිලේන්ද්‍ර අයියා මට තන්හා රති රඟා සඳහා කතා කළේ ද නිකිණි වැස්ස නරඹලා. ජසින්තා කියලා කියන්නේ එහි ප්‍රධාන කාන්තා චරිත දෙක තුනට පසුව තියෙන ඊළඟ උප ප්‍රධාන චරිතය. මට ඒ චරිතය ගැන තෘප්තිමත්. ඒකයි බාර ගත්තේ.
කොහොමද නිලේන්ද්‍ර දේශපි‍්‍රය සමඟ වැඩ කිරීම?
ඔහු ඉතාම හොඳ අධ්‍යක්‍ෂවරයෙක්. අපව තාක්ෂ-ණික පැත්තෙනුත් දැනුවත් කරන ගමනුයි ඔහු අපව හැසිරවූයේ. ගොඩක් දේ ඉගෙන ගත්තා මා දර්ශන තලයේදී.
සාමාන්‍යයෙන් ඔබට චරිතයක් ලැබුණාම මොනවද මුලින්ම කරන්නෙ?
මං එම චරිතයේ සුවිශේෂී ගුණාංග හඳුනා ගන්නවා.
බොහෝ දෙනකු නොකරන දෙයක් ඒක?
ඔව්, මං අද දකින ඇතැම් ටෙලි නාට්‍යවල ඉන්න නළු නිළියෝ තමන්ගේ චරිතයේ එම සුවිශේෂී ලක්‍ෂණ හඳුනා ගන්නේ නැතුවයි රංගනයේ යෙදෙන්නේ. එතකොට හරිම අතාත්විකයි. ඒ වගේම සමහර නළු නිළියො එක නාට්‍යයකට ඇඳපු ඇඳුම් තවත් නාට්‍යයකට අදිනවා. කොච්චර දුර්වල කමක් ද ඒක. ඒ අය හිතනවා ප්‍රේක්‍ෂකයෝ මෝඩයි කියලා. නමුත් අද ඉන්න රසික, රසිකාවන් ඉතාමත් බුද්ධිමත්. ඒක හින්දාමදෝ කොහෙද වේදිකා නාට්‍ය බලන්න එන පිරිස දැන් වැඩි වෙලා.
සුලෝචනා සෑහෙන්න කැමැත්තක් දක්වනවා අභියෝගාත්මක චරිත රඟපාන්න. විශේෂයෙන් කෙටි චිත්‍රපටවල?
නිකිණි වැස්සෙත් මං කළේ එවන් වූ චරිතයක්. එය නැරඹූ විචාරකයෝ දුන් ප්‍රතිචාරවලින් මා ප්‍රබෝධවත් වුණා. මං හිතන්නෙ නිර්මාණයට එම චරිතයෙන් කොතරම් සාධාරණයක් ඉටුවෙනවද කියලා. ඒවා කලාත්මක නිර්මාණ ලෙසිනුයි මං දකින්නේ.
බය නැද්ද ලංකාවේ සංස්කෘතියත් එක්ක එවැනි නිර්මාණවලට දායක වෙන්න?
ඔක්කොටම කලින් මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන්න ඕන. මිනිස්සු හරිම අකැමැතියි තමන්ගේ චරිත නිර්මාණ තුළින් දකින්න. මා නිරූපණය කරන චරිතය තුළ තමා ඉන්නවා නම් මට ඒ අදාළ අය බැනවදිනවා. ඔන්න ඕකයි තත්ත්වය. නිර්මාණයක් නිර්මාණාත්මක ඇසකින් බලන්න පුරුදු වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
සුලෝචනා වීරසිංහට තනිතටුවෙන් පියාඹන්න සිනමාපටයේ අනෝමා ජනාදරී කළා වගේ චරිතයක් ලැබුණොත් මොකද කරන්නේ. ඊට හා කියනවද?
අනෝමා ජනාදරී කියන්නේ අපට සිටින දක්‍ෂතම නිළියක්. ඇය කළා වගේ චරිතයක් ලැබුණොත් ඒ මොහොතේ මා සිටින මානසික මට්ටමත් එක්ක තීරණය කරයි හා කියනවද බැහැ කියනවද කියලා. ඒ වෙලාවේ හිතුණොත් මං ඒ චරිතය බාරගනීවි.
මේවන විට ඔබ විවාහකයි?
ඔව්, කාටත් රහසින් තමයි විවාහ වුණේ. නමුත් දැන් නම් හැමෝම දන්නවා.
ලොව උතුම්ම පදවිය ලබන්න තවම හිතක් නැහැ වගෙයි?
අම්මා කෙනෙක් වෙන්න මං ආසයි. ඒ බලාපොරොත්තුව කල්දාලා ඉන්නේ කලාව හින්දම තමයි.
ඔබගේ ඡායාරූප ගනිද්දි අන් නිළියන් වගේ මේකප් පාවිච්චි කරන්නේ නැත්තෙ ඇයි?
මං ආසයි මගෙ ඇත්ත ස්වරූපෙන් පෙනී සිටින්න. ඒකයි එහෙම කරන්නෙ.
සුලෝචනා වීරසිංහ කියන්නෙ මොනවගේ කෙනෙක්ද?
මට මා ගැන කියනවට වඩා ඒක මිනිස්සු තීරණය කරයි. මම මොනවගේ කෙනෙක්ද කියලා. ඔබ ඔය ප්‍රශ්නෙම අනිත් නිළියන්ගෙන් අහලා තිබුණා. එතකොට ඒ අය විවිධ උත්තර දීලත් තිබුණා. මට එහෙම බෑ. මං ගැන මමම කරන වර්ණනාවලට මං කැමැති නෑ.
මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොහොමද?
සුමුදු වෙල්ලාලගේ ගෙ හුස්ම සහ ඔක්සිජන්, මොහන්ජි රංගනාථගේ හිරු දරුවෝ වැනි නාට්‍යවල පමණයි රංගනයෙන් දායක වෙලා ඉන්නේ. වේදිකාවේ නම් ගිහාන් ඇලෝසියස්ගේ රියැලිටි ෂෝ නම් වූ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල නිරත වෙලා ඉන්නවා. ළඟදීම එහි මංගල දැක්ම පැවැත්වේවි.

Saturday, October 25, 2014

lagna matches horoscope

By: Prosperity Tech On: 6:12 AM

"ඔබගේ ලග්නයට ගැලපෙන ලග්න"

ඔබ අප සෑම කෙනෙකුගේම ජන්ම පත්‍රයට අනුව අයිති ලග්නයන් (රාශියක් ) ඇත. මෙම ලග්න අනුව එක් එක් අයගේ ඒ ඒ ලග්න වලට අවේනික ලක්ෂණ ඇත. විවාහ කටයුත්තක් අරභයා කරනු ලබන කේන්ද්‍ර පරීක්ෂාවකදී මෙම ලග්න ගැලපිමටද මුල් තැනක් යෙදේ. ඒ මන්ද යත් දෙදෙනෙකුගේ ලග්න ගැලපීම ඔවුන්ගේ අදහස් මෙන්ම සිතුම් පැතුම්ද ගැලපීමට බොහෝ දුරට ඉවහල් වන බැවිනි.



*මේෂ ලග්නයට – මිථුන , සිංහ , තුලා


*වෘෂභ ලග්නයට – කන්‍යා , කටක , මීන


*මිථුන ලග්නයට – තුලා , සිංහ , ධනු



*කටක ලග්නයට – කන්‍යා , වෘෂභ , මකර


*සිංහ ලග්නයට – ධනු , තුලා , කුම්භ


*කන්‍යා ලග්නයට – වෘෂභ , වෘශ්චික , මීන


*තුලා ලග්නයට – කුම්භ , මිථුන , මේෂ


වෘශ්චික ලග්නයට – මින , මකර , තුලා


*ධනු ලග්නයට – මිථුන , කුම්භ , සිංහ


*මකර ලග්නයට – කටක , වෘෂභ , කන්‍යා


*කුම්භ ලග්නයට – සිංහ , මිථුන , ධනු


*මීන ලග්නයට – කන්‍යා , වෘශ්චික , මකර