Friday, February 12, 2010

හානියක් නැති විදිහට බැඳීම් පවත්වා ගන්න උත්සාහ කරනවා...

By: Prosperity Tech On: 11:43 PM

හානියක් නැති විදිහට බැඳීම් පවත්වා ගන්න උත්සාහ කරනවා...

February 7, 2010

හානියක් නැති විදිහට බැඳීම් පවත්වා ගන්න උත්සාහ කරනවා...

මුල් ඡායා රූ-කෝසල සෙනරත්/ඇතුළත ඡායා රූ-ටෙනිසන් එදිරිසිංහ

(වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිනියක් ලෙස නව පරපුරේ ජනප්‍රියත්වයක් දිනා ගත් "ඩිනක්ෂි ප්‍රියසාද්"මෙවර ආලින්දයට ගොඩවදී.දෙරණ නාලිකාව මගින් විකාශනය වන"වස්සාන සිහිනය"ටෙලි නාට්‍යයේ "චාපා"ගේ චරිතයට පණ පොවන හුරු බුහුටි කෙල්ල ඇයයි.)



* කොහොමද මේ දවස්වල ජීවිතේ?

"වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් එක්ක මේ දවස් වල වැඩ සටහන් කිහිපයක නිවේදන කටයුතු කරනවා. වෙළඳ දැන්වීමකටත් සම්බන්ධ වුණා. ඒ වගේම තව ටෙලි නාට්‍ය 2කට ආරාධනා ලැබිලා තියෙනවා. කලා කටයුතු ඇරුණම මම වැඩි අවධාන‍ය යොමුකරල තියෙන්නෙ මගේ අධ්‍යාපනය ගැනයි. දැනට මම සිවිල් ඉංජිනේරු අංශයෙන් උපාධිය හදාරනවා. ඒත් එක්කම ලන්ඩන් A/L කරන්නත් බලාපොරොත්තු වෙනවා.

* ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ කාගෙන්ද?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගෙදරට ලියුම්, සුබ පැතුම්පත් ලැබෙනවා. මගෙ ජංගම දුරකථනයට දවසකට කෙටි පණිවිඩ, ඇමතුම් හුඟක් ලැබෙනවා. පිරිමි ළමයින්ගෙන් වැඩි ප්‍රතිචාර ලැබෙනවා. මගෙ රඟපෑම් අගය කරනවා. පිරිමි ළමයි සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලනවා අඩුයි. ඒත් සමහරු මට කියනවා මං නිසාම ටෙලිනාට්‍ය බලන්න පුරුදු වුණා කියල. නමුත් මගේ රඟපෑම් ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවා. මම රංගනයට දක්ෂ නෑ කියනවා. ඒත් ඒ හැම ප්‍රතිචාරයක්ම මට සතුටක්.

* කටකතා වලට බයද?

නැහැ, ඇත්තටම බයක් නෑ. මම හිතන විදිහට කලා ක්ෂේත්‍රයේ හුඟක්ම කටකතා වලට මුහුණ දෙන්න වෙන්නෙ කාන්තා පාර්ශවයට. ඒත් ඒකට වගකිවයුත්තේත් එයාලමයි. මම හිතන්නෙ කලාව කියන්නෙ ලෝකයේ තියෙන උතුම්ම ක්ෂේත්‍රයක්. නමුත් මිනිස්සු හිතන්නෙ නරකම මිනිස්සු ඉන්නෙත් කලා ක්ෂේත්‍රයෙ කියලයි. එයාලගෙ වැරදි හැසිරීම නිසයි ඒ වගේ කටකතා පැතිරෙන්නෙ. කලා ශිල්පිණියන් විදිහට නිවැරදිව හැසිරෙනවා නම් කටකතා වලට බිය විය යුතු නෑ. තමන්ගෙ සීමාව හඳුනාගෙන කා සමඟත් කටයුතු කළ යුතුයි. මමත් ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දී බොහොම ප්‍රවේශම් වෙනවා. මගෙ චරිතයට හානියක් නොවෙන විදිහට හැසිරීමට. මම ඒකෙන් අදහස් කළේ අහංකාර වෙන්න ඕන කියල නෙමේ. නමුත් සීමාව හඳුනාගත යුතුයි. මොකද අපට කවදාවත් මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑ.

* කටකතා සම්බන්ධයෙන් ඔබට යම් අත්දැකීම් වලට මුහුණදීමට සිදුවෙලා නැද්ද?

ලොකු අත්දැකීම් නෑ. ඒත් එක් සිදුවීමක් මට මතකයි. නාමල් රාජපක්ෂ, යෝෂිත, රෝහිත අයියලා මගේ හුඟක් හොඳ යාළුවො. අපි ඇසුරු කරන්නෙ සහෝදරයො වගේ. අපේ පවුල් දෙකත් හුඟක් එකතුයි. එකපාරක් අපි විනෝද චාරිකාවක් ගිය වෙලාවක මමයි, නංගියි, නාමල් අයියයි ෆොටෝ එකක් ගත්තා. ඒ ෆොටෝ එක ඊට පස්සේ පත්තරේක පළවුණා. නමුත් ඒ වැරදි ප්‍රවෘත්තියකුත් එක්ක. නමුත් ඇත්තටම අපට ඒක ගැටලුවක් වුණේ නෑ. මොකද අපි දන්නවා ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා. ඒ වගේ බොරු කටකතා නවත්වන්න අමාරුයි. මම ඒ ගැන කනගාටුවෙන්නෙ නෑ. ඒ වගේ බොරු දේවල් වැඩි කාලයක් රැ‍ෙඳන්නෙ නෑ. කාලයත් එක්ක මැකිල යනවා.

අද ක්ෂේත්‍රය තුළ මතයක් තියෙනවා තරුණ ශිල්පිණියකට දිගු ගමනක් යාමට අවශ්‍ය නම් හැකියාව වැදගත් වෙන්නෙ නෑ. ඒ සඳහා වෙනත් කැපකිරීම් කිරීම අවශ්‍යයි කියලා. ඒ ගැන ඔබ දරන මතය මොකක්ද?

� � හැකියාවක් නැතුව දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න බෑ. ඊට අමතරව මම හිතන්නෙ වාසනා ශක්තියත් තියෙන්න ඕන. මම දන්නවා මට වඩා හුඟක් දක්ෂ අය ඉන්නවා ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාවක් නැතුව. මම රංගනයට ඒ තරම් දක්ෂ නෑ. ඒත් මම හිතනවා මට ලොකු වාසනාවක් තිබුණා මේ තරම් පැමිණෙන්න. ඒ ගැන මට සතුටුයි. ඒත් මම දැකල තියෙනවා දැන් බොහෝදෙනෙක් වැරදි මාර්ග වලින් ක්ෂේත්‍රයට පැමිණීම ප්‍රවණතාවක් කරගෙන. ජනප්‍රියත්වය වගේ තාවකාලික දෙයක් වෙනුවෙන් තමන්ගෙ චරිතයට හානියක් වෙන විදියට හැසිරීම අනුමත කරන්න බෑ. ජනප්‍රියත්වය හැමදාමත් රඳවගන්න බෑ. අවුරුදු කිහිපයක් තියේවි. ඒත් ඊට පස්සෙ මිනිස්සුන්ට මුහුණදෙන්නෙ කොහොමද කියන දේ හිතන්න ඕන. ඒ තත්ත්වය ඇතිකරගෙන තියෙන්නෙත් අපේ රංගන ශිල්පිණියන්මයි. සමහර අවස්ථාවල ඇතැම් ශිල්පිණියන්ගෙ හැසිරීම් දකිද්දී කළකිරීමක් ඇතිවෙනවා.මේ දේවල් නිසා කලාවට බැණල වැඩක් නෑ. කරන දේ හරියට කරන්න අපි දැනගන්න ඕන. මමත් චරිතයක් තෝරාගැනීමට පෙර ඉන් මට ඇතිවන බලපෑම ගැන අනිවාර්යයෙන් හිතනවා.

* යම් කෙනෙක් ඔබට චෝදනා කළොත් කෙටි කාලයක් තුළ ඔබට කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් පැමිණීමට හැකියාව ලැබුණේ ඔබේ පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසයි කියල. ඒ ගැන මොකද හිතන්නේ..?

ඇත්තටම. මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මුලින්ම මම "පුංචි පැංචි" වැඩ සටහනේ නිවේදන කටයුතු වලිනුයි කලාවට සම්බන්ධ වුණේ. මං ඒ වැඩසටහනට තේරුණේ 20දෙනෙක් අතර පැවති සම්මුඛ පරීක්ෂණයකින්. ඒත් එතකොටවත් ඒ වැඩසටහනේ නිෂ්පාදකවරුන් දැනගෙන හිටියේ නෑ මම දිනේෂ් ප්‍රියසාද්ගෙ දුව කියලා. "වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේදිත් එහෙමයි. සමහර වැඩසටහන් වල මම ඉන්නවා කියල තාත්තා දැනගන්නෙත් රූපවාහිනියෙන් මාව දැක්කමයි. මට හැමදේටම උදව් කරන්නෙ අම්මා. මම තාත්තාගෙන් ගුරු හරුකම් ලබාගන්නවා. නමුත් කවදාවත් මම රැකියාවක් හොයාගන්න මගෙ තාත්තා‍ගෙ නම පාවිච්චි කරන්නෙ නෑ. මට හැකියාවක් නැතත් තාත්තා නිසා මට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම තාත්තා නිසා හැකියාව තිබියදී අවස්ථාව නොලැබෙන්නත් පුළුවන්. මොකද තාත්තාගේ තරහකාරයොත් ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මගේ හැකියාවෙන්, ඒ වගේම මගේ සීමාව තුළ ඉඳගෙන කලාව තුළ ඉදිරියට යනවා. නමුත් කවදාවත් මගේ නම කැත කරගෙන මම ජනප්‍රියවෙන්න උත්සාහ කරන්නෙ නෑ.

* ලංකාවේ තරුණ කලා ශිල්පිණියන්ට, ප්‍රවීණයන්ට සාපේක්ෂව සමාජය තුළ ලැබිය යුතු ‍‍‍ෙගෘරවය හිමිවන්නෙ නෑ නේද?

ඒකට හේතුව වර්තමාන‍යේ කලා ශිල්පීන් පැරණි ශිල්පීන්ට වඩා වැඩිපුර සාමාන්‍ය ජනතාවත් සමඟ ගැටෙනවා. ජනතාවට නිතරම පොදු ස්ථාන වලදි කලාකරුවන් දකින්න ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ජනතාව තුළ කලාකරුවන් කෙරෙහි තියෙන වටිනාකම, අගය අඩුවෙලා කියලා. නමුත් කලා ශිල්පිණියන් කෙරෙහි ජනතා ‍‍‍ෙගෟරවය අඩුවීමට හේතුවක් ලෙස මම දකින්නෙ ඔවුන්ගේ හැසිරීමයි. එහි වරදත් අපේ ශිල්පිණියන්ගෙමයි.

* මේ දක්වා දායක වුණු නිර්මාණ ගැන සෑහීමට පත්වෙනවද? දිගටම කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවද?

කලාව තුළ පුංචි කාලයක් තුළ මේ දක්වා පැමිණි ගමන ගැන සෑහීමට පත්වෙනවා. මම හුඟක් වාසනාවන්තයි කියලා හිතනවා. නමුත් රංගනය ගැන සෑහීමට පත්වෙන්නෙ නෑ. සමහර වෙලාවට "වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේ මම කරපු රඟපෑම් දකිද්දි මටම හිනායනවා. මම රඟපානවා මදි කියල හි‍ෙතනවා. රංගනය තුළ මගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම මුල්තැන දෙන්නෙ මගෙ අධ්‍යාපනයට. සීනිබෝල චරිතයක් කියනවට වඩා මම කැමතියි උගත්, ඉහළ අධ්‍යාපනයක් ලද ශිල්පිණියක් විදිහට ජනතාව තුළ ගෞරවයක් ලබාගන්න.

* පුංචි තිරයේ "චාපා-කසුන්" වගේද සැබෑ ජීවිතයේ "ඩිනක්ෂි-මාධව"ත්?

අනේ! නෑ, මාධව අයියයි මමයි හුඟක් හොඳ යාළුවෝ. ක්ෂේත්‍රය තුළ එකට වැඩකරද්දි දකින අය ඒ වගේ දේවල් හිතන්න පුළුවන්. අපිට පිටස්තරයො වගේ හැසිරෙන්නත් බෑ. නමුත් කලිනුත් කිව්වා වගේ හැමවෙලේම මම උත්සාහ කරනවා මගෙ චරිතයට හානියක් නොවෙන විදිහට අපි අතර බැඳීම් පවත්වගන්න. ආදරය පිළිබඳ හැඟීම් ඇතිවෙලා නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත්, මගෙ අධ්‍යාපන කටයුතු නිසා ඒ දේවල් දුර දිග ගියේ නෑ. අම්මාගෙයි තාත්තගෙයි කැමැත්ත මත මගේ ජීවි‍තේ ඒ දේවල් තීරණය වේවි.

‍* ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා කරදරවලට මුහුණ දීපු අවස්ථා නැද්ද?

නැහැ, ඇත්තටම මගෙ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මට කරදරයක් නෙමේ. මට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා පුංචි නංගිලා මල්ලිලාගෙන්. ඒ වගේ එක් සිද්ධියක් මට මතකයි. මම එක දවසක් කොළඹ විශාකා විද්‍යාලයේ තිබුණ උත්සව අවස්ථාවකට සහභාගි වුණා. එදා මාව දැකලා පුංචි නංගිලා මාව වටකරගෙන සමරු පොත් වලට අත්සන් ගන්න පටන්ගත්තා. ඒ වෙලාවෙ ඇත්තටම අපහසුතාවයට පත්වුණේ මම නෙ‍මේ පාසලේ ගුරුවරු. මට ඒ වෙලාවෙ දැනුණේ කරදරකාරී හැඟීමක් නෙමේ. ලොකු සතුටක්.

* තරුණ කලා ශිල්පිණියක් තමන්ගේ ඇඳුම් විලාසිතා තෝරාගැනීමේදී යම් පාලනයක් තිබිය යුතුයි කියල හිතනවද?

ඇතැම්විට තමන්ට ලැබෙන චරිත අනුව නිළියකට ඇඳුම් විලාසිතාවල පාලනයක් තියාගන්න බැරිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පිහිනුම් ක්‍රීඩිකාවකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම පිහිනුම් ඇඳුමක් අඳින්න වෙනවා. එහි වරදක් දකින්න බෑ. නමුත් මම කවදාවත් එවැනි චරිත භාරගන්නෙ නෑ. මම චරිත තෝරාගන්නෙ සීමාවක් තුළ ඉඳගෙන. විලාසිතා කිරීමත් වරදක් නෙමේ. නමුත් අද අපිට හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා බොහෝ ශිල්පිණියන් සාමාන්‍ය අවස්ථාවන්ට පවා සහභාගි වෙන්නේ අශෝබන ඇඳුම් ඇඳගෙන. ඒක අනුමත කරන්න බෑ. කලා ශිල්පිණියන් කියන්නෙ සමාජය තුළ ජනප්‍රියත්වයක් ලබාගත් පිරිසක්. නිතරම ජනතාව ඔවුන්ව අනුකරණය කිරීමට පෙළ‍ඹෙනවා. ඒ නිසා අපි නිතරම ජනතාවට නිවැරදි දේ ලබාදිය යුතුයි. ඒකෙදි අපේ හැසිරීම ඉතාම වැදගත්වෙනවා.

http://www.fmderana.lk/sinhala/Openion_images/276579384din-02-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1557689889din-03-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1432207836din-o1-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/15843118din-04-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/179508846din-05-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1837378206din-06-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1153718928din-07-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1981992655din-08-L.JPG

thanks for Adaderana

අම්මා මට මනාලයෙක් හොයනවා

By: Prosperity Tech On: 1:19 PM

පබෝධා සංදීපනී

පරම්පරාවෙන්ම කලාවට උරුමකම් කියන්නට සමත් වූ වාසනාවන්තියන් අතර ඇය සැබෑම වාසනාවන්තියක වන්නීය. මවගේ සුරතේ එල්ලී කලාව උරුම කරගත් ඇයට කලා ක්ෂේත්‍රය ආගන්තුක නොවේ.


ඇගේ සුසුමද, කඳුළ ද, ආත්මය ද කලාව හා බද්ධව පවතී. පබෝධා සංදීපනී අද වන විට කලා අඹරේ දිදුළන තාරකාවක්. පබෝධා ‘රසඳුන’ සතුටු සාමීචිය ආලෝකවත් කළ මොහොතයි මේ.

පබෝධා ගැන ආයෙමත් රසික රසිකාවියන් කතාබහ කරන්නට පටන් අරගෙන නේද?

“මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ශි‍්‍රයානි අමරසේන ගේ ‘සිවුපත් රෑන’, ෂර්ලී පී. දෙලංකාවල ගේ ‘දෙගම්මැදියාව‘ ටෙලිනාට්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙනවා. මේ හින්දම රසික රසිකාවියන් මගේ රඟපෑම් ගැන කතාබහ කරන බව මා දන්නවා. ඔවුන් ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර මැද මගේ රංගන කටයුතු සිදුවෙනවා.

ඔබ මේ දිනවල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් සඳහා ද සහභාගි වනවා ද ?

‘රංගිර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවන්නේ නුවර ප්‍රදේශයේ. එයට සහභාගි වෙනවා. ගැමි තරුණියකගේ චරිතයක් තමයි මම එහිදී රඟ දක්වන්නේ. මේ චරිතයත් මගේ රසික රසිකාවියන් අතර ජනපි‍්‍රය වේවි කියා මම හිතනවා.

ඒ වගේ ම රොහාන් වැලිවිටගේ ‘සුසීමා’ චිත්‍රපටයේ ‘සුසීමා’ ලෙස රංගනයෙන් දායක වුණා. එහි රූගත කිරීම් මේ වන විට බොහෝදුරට නිමයි. තව ගීත කිහිපයකම රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගෙන් මොන වගේ සහයෝගයක් ද ඔබට ලැබෙන්නේ?

මගේ කලා ජීවිතයේ ජීවය අම්මා. පුංචි කාලෙ ඉඳලම අම්මත් එක්ක ඇගේ රූගත කිරීම් සිදුවන ලොකේෂන් වලට මමත් ගියා. ගෙදර වේවා පිට වේවා අපි සහභාගිවුණු විවිධ උත්සවවලදී නෑදෑයන් හැරුණු කොට මට දකින්නට, අහන්නට, කතාබහ කරන්නට සිදුවුණේ කලා ක්ෂේත්‍රයේ ශිල්පී ශිල්පිනියන් සමඟ. ඔවුන් මගේ නෑදෑයන් තරමටම මට සමීපයි.

අම්මා නිසා කලා ක්ෂේත්‍රයත් මට ගෙදර වගේ ම හුරුපුරුදු තැනක් බවට පත්වුණා. කලා ක්ෂේත්‍රයේ බොහෝ දේ මට ඇගෙන් උරුම වුණා පමණක් නෙවෙයි බොහෝ දේ මා ඇගෙන් උගත්තා.

මම පුංචි කාලෙ ඉඳලම තරමක් කම්මැලි දරුවෙක්. විශේෂයෙන්ම අදටත් මට ලැබෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට, කලා කටයුතුවලට මම සහභාගි වෙන්නෙ අඩුවෙන්. මට ඒ ගැන උනන්දුවක් නැහැ.

නමුත් අම්මා මගේ පිටුපස හෙවණැල්ලක් වගේ ඉඳගෙන මාව කලාවට තල්ලු කිරීමේ වගකීම ඉටු කරනවා. මට බනිමින් මාව දිරිමත් කරන්නේ අම්මා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නට, මේතාක් දුරක් එන්නට අම්ම තමයි මාව මෙහෙයවූයේ.

මේ ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා ඔබ විශ්වාස කරනවා ද?

කටකතා නම් නැත්තේ කොතන ද? ඒවා හැමතැනම තියෙනවා. ගමක් ගත්තත් කාර්යාලයක් ගත්තත් ඒ හැම එකකම හැම තැනම කටකතා කියන දේ පැතිරෙනවා. අද ලංකාවේ කටකතා ඒ තරමටම සාමාන්‍යකරණයට ලක්වෙලා.

එක අතකට ලංකාවේ කටකතා කියන දේ අද සමහරක් ඒ අයගේ ප්‍රසිද්ධියට රුකුලක් කරගන්න අවස්ථාත් තිබෙනවා. මම විශ්වාස කරන්නේ අපි කවුරුත් මැරෙන දවසට අරගෙන යන්නේ අපි කරපු හොඳ නරක විතරයි. මේ හින්ද කටකතා ගැන නම් මම එතරම් තැකීමක් කරන්නෙ නැහැ.

ඔබ පියා බලන්නට ළඟදී ප්‍රංශයට ගියේ නැද්ද?

මේ අවුරුද්දේ නම් තවම යන්න බැරිවුණා. මට යෙදෙන වැඩ කටයුතුත් එක්ක ඒ පිළිබඳව ඉදිරියේදී තීරණය කරනවා.

ඔබ දැන් විවාහ පත් වන වයසේ පසුවන තරුණියක්. නැද්ද තවමත් ආදර කතාවක්?

අප්පේ තවම නම් නැහැ. මට ගැළපෙන පෙම්වතෙක් තවම හමුවුණේ නැහැ. ඒත් අම්මා නම් මේ දවස්වලට මගේ විවාහය ගැන උනන්දුයි. ඇය මට ගැළපෙන සහකරුවෙක් හොයමින් ඉන්නවා. සුදුසු කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.

ඉතිං පබෝධා ඔයාට අනාගතේ බලාපොරොත්තු බොහොමයකුත් ඇති නේද?

මහා ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් කලා ක්ෂේත්‍රයේ හොඳින් නිර්මාණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා. විශේෂයෙන්ම මම ප්‍රංශ භාෂාව හදාරමින් සිටිනවා. ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා.



Thursday, February 11, 2010

ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ

By: Prosperity Tech On: 1:33 PM
ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ දැමිය හැකියි
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හැකි ඉක්මනින් යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය ද්‍රෝහී වීමේ වරදට ෆොන්සේකා මහතා වසර 5 ක් බන්ධනාගාර ගත කළ හැකි බව ද හෙතෙම කියා සිටියේ සිංගප්පූරු මාධ්‍යයකට අදහස් දක්වමිනි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ නෝර්වේ සහය ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු ධූරයෙන් විශ්‍රාම ලැබූවද 6 මසක කාලයක් තුළ හමුදා නීතිය අනුව කටයුතු කළ හැකි බවත්,ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාත්මක වීම නීත්‍යනුකූල බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adaderana

Tuesday, February 9, 2010

නදිනි ප්‍රේමදාසගෙන්සුබ ආරංචියක්‌

By: Prosperity Tech On: 1:17 PM
සිරස සුපර ¨ස්‌ටර්ස්‌ දෙවන අදියරේ වඩාත් කතා බහට ලක්‌ වූ ගායිකාව වුනේ නදිනි ප්‍රේමදාස. මේ වනවිට නදිනි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌. මෙවර නවලිය කවරය සරසන ඇය අපි දුරකතනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තේ අලුත් තොරතුරු ගැන ඔබ වෙනුවෙන් දැන ගන්නයි.

මේ දවස්‌වල මොනවද කරන්නේ නදිනි....

මේ දවස්‌වල මගේ කාලය වැඩියෙන්ම ගතවෙන්නේ මගේ කුළුදුල්ම ගීත ඇල්බමයේ වැඩවලටයි. තවම නමක්‌ යොදලා නැහැ. ගීත දොළහක්‌ ඇතුලත් වෙනවා. මගේ ජනප්‍රිය වූ ගීතත් අලුත්ම ගීත හයක්‌ විතරත් ඇතුලත් වෙනවා. ලබන අප්‍රේල් මාසයේ හෝ මැයි මාසයේ මගේ ගීත එකතුව නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඇල්බමයේ මදෙස බලන්නයි, ගජමං නෝනා, ගුරු පාරට, යළි වඩින්න බුදු සාධු, සිත ආදරේ සොයා ගීත ඇතුලත් වෙනවා.

අලුතෙන්ම මොනවද කළ වැඩ...?

අලුත්තෙන්ම ඉංචි පිංචි කියලා ගීතයක්‌ කළා. ඊට අමතරව මගේ වෙබ් අඩවිය අඅඅගබ්dසබසකසඩැගජදප නමින් පටන් ගත්තා. ඊට අමතරව ජනාධිපතිතුමා වෙනුවෙන් මම කළ ගීතයක්‌ මේ දවස්‌වල ෂඔභ වල විකාශනය වෙනවා. ඒ ගීතය ලිව්වේ ඉත්තෑපානේ සද්ධාතිස්‌ස හිමි. සංගීතය සමන්ත පෙරේරා මහතා විසින්.

පිටරට සංචාරවලට ගියේ නැද්ද?

පසුගිය දෙසැම්බර් ජනවාරි මුල් කාලවල ජෝර්දානය, බහරේන්වල ගියා. මම සාමාන්‍යයෙන් අවුරුද්දේ එක කාලයකට තියෙන එතෙර ප්‍රසංගවලට පමණයි යන්නේ.

කැම්පස්‌ ජීවිතය කොහොමද?

දැන් නම් ගොඩක්‌ හොඳයි. මුල් කාලේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. දැන් මම ඉන්නේ දෙවන වසරේ. දැන් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ලැබුණා. මම වඩාත් කැමති සංගීතයටනේ. ඒ නිසා ඒ ආරාධනා බාර ගත්තේ නැහැ.

පෙම්වතෙක්‌ ඉන්නවද?

තවම නැහැ.

නො.179, මන්ඩාවිල පාර
වල්පල - අංගොඩ
[Nadini+Premadasa+Sri+Lanka.jpg]

Nadini Premadasa - Young Sri Lankan Music Mark
















Monday, February 8, 2010

මුතූ

By: Prosperity Tech On: 5:13 AM

මුතූ







She has won quite a number of awards in beauty contests like the Capri Queen and Miss Sri Lanka contests. Her full name is Muthu Tharanga Sri Nilupuli Peiris...



Muthu as she is popularly known started her career as a dancer. She had her education at the Roman Catholic School, Kadawatha and finally at the Holy Family Convent, Kirimateiyagara. Having passed her Ordinary Level examination she joined "Channa and Upuli" where she went through the paces of oriental dancing. During the period she was dancing with Channa & Upuli's troupe a chance meeting with another student who came for the classes led her to the fashion world. She was then invited by Nilhan Seneviratne to take part in Tele-dramas' which brought her much fame and acclaim.



Her father is <> Mr. M. D. B. Peiris now in retirement and mother Mrs. Rita Juliet Peiris. She is the eldest in a family of two girls and her younger sister Harshini, is married to a businessman and they have two children.

Though Muthu Tharanga became popular through TV and modeling her first love is something else. She has studied under Maestro P. V. Nandasiri and her first love is to be a singing sensation. You got to listen to her to believe us. Hopefully in the near future we will make available couple of her songs on this site. She says she has no one special in her life but we have our doubts. Still an eligible lass!







හැමෝම ඇයට ආදරේට කියන්නේ මුතු කියලා. ඇගේ සැබෑ නමත් මුතු තරංගා. මුතු මේ දවස්‌වල දකින්න ලැබෙන්නේ සුදුහංසි චිත්‍රපටයෙන් වගේම පුංචි තිරයේ දිස්‌වන රිදී තාරකා ටෙලියෙනි. හැබැයි ගොඩක්‌ දෙනෙක්‌ නම් කියන්නේ ඇයට ලස්‌සනට සින්දු කියන්න පුළුවන් කියලයි. එහි විනිශ්චය අපි මෙගා ස්‌ටාර් වේදිකාවට භාරදීලා ඇගේ තොරතුරු විමසන්න අදහස්‌ කළා.



මොනවද අලුත්ම වැඩකටයුතු ?

මේ දවස්‌වල නම් මෙගා ස්‌ටාර් වැඩසටහනේ පටිගත කිරීම්වලට සහභාගිවෙලයි ඉන්නේ. ඊට පස්‌සෙ සතියක්‌ විතර ලංකාවෙන් බැහැරවෙන්න වෙලත් තිබෙනවා. මොකද සින්දු කියන්න සංදර්ශන කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.



මෙගා ස්‌ටාර් වේදිකාවෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම?

එහෙම කියන්න තරම් විශේෂයක්‌ නම් නැහැ. හැබැයි කාලයක්‌ මම ටී. වී. ප්‍රොaග්‍රෑම්වලට විතරයි සහභාගි වුණේ. ඒත් එක්‌කම මම රඟපෑ නාට්‍ය ඔක්‌කොම වගේ විකාශනය වෙලත් අවුරුදු දෙකක්‌ විතර වෙනවා. තවද ලංකාවෙනුත් බැහැර වෙලයි හිටියෙ. කාලයේදී මගේ රසික රසිකාවියන් කිව්වේ මුතු දැන් නාට්‍යවල වැඩිපුර දකින්න නැහැ කියලයි. ඔහොම ඉන්න කොට තමයි මෙගා ස්‌ටාර් වේදිකාවට ආරාධනා ලැබුණේ. හරහා ප්‍රේක්‍ෂකයන් ආයෙත් මට ආදරය කරන්න පටන් ගත්තා.



මෙගා ස්‌ටාර් වීමේ සිහිනයකුත් ඇති නේද?

මගේ ජීවිතේ කොහොමත් සිහින නැහැනේ. අනික මම ටිකක්‌ තරගවලට ඉදිරිපත් වෙන්න කැමැති නැති කෙනෙක්‌. මොකද දන්නවද ඒවට මගේ උනන්දුවක්‌ නැති නිසා. මේ වැඩසටහනට නම් කැමැති වුණේ ගායනයට කැමැති නිසයි. ස්‌වර්ණවාහිනියට ස්‌තූති කරන්න ඕන මාව වැඩසටහනට සම්බන්ධ කරගත්තාට.



වැඩිපුර ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ?

මම රඟ පෑ ටෙලිනාට්‍ය එක දිගට විකාශනය වුණා. ඊට පස්‌සේ කාලයක්‌ දකින්න ලැබුණේ නැහැ. මෙගා නාට්‍යවලට නම් ආරාධනා ලැබුණා. මූල්‍යමය හේතු නිසා ඒවාට මම අකමැති වුණා. තව මම රඟ පෑ නාට්‍ය හතරක්‌ විතර විකාශනය වෙන්නත් තිබෙනවා.



එතකොට රිදී තාරකා මෙගා නාට්‍යයේ රඟපාන්නේ?

ඒක දමිතා අක්‌කාගේ ඉල්ලීමක්‌. වචනය අහක දාන්න බැරි නිසයි රිදී තාරකා නාට්‍යයේ රඟපාන්න කැමැතිවුණේ.



ළඟදී විවාහවෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මේ අවුරුද්ද අන්තිම තමයි විවාහවෙන්න හිතාගෙන ඉන්නේ.



කවුද වාසනාවන්තයා?

එයාව අනාගතයේදී දැනගන්න ලැබේවි.



ජීවිතය ගැන හිතන පතන විදිහ?

මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැනේ.

එක බලාපොරොත්තුවයි තියෙන්නෙ.



මොකක්‌ද ?

මගේ නංගිවයි අම්මවයි තාත්තවයි සතුටෙන් තියන එක.

ඒක තාම මට හරියට කරන්න බැරිවුණා.



කාන්තාවක්‌ සමාජයේ ගෞරවය තබාගන්න මොනවිදිහට ජීවත්විය යුතුයි

කියලද හිතන්නේ ?

මෙහෙමයි. ඒක තමන්ගේ ඇඟෙන් එන්න ඕන දෙයක්‌. ගෞරවය ලබාගන්නම කියල ඕන කමින් මවාපාල හැසිරෙන්න නරකයි. එහෙම චරිතවලට මම කැමැතිත් නැහැ. ගැහැණියක්‌ හැමවිටම තමන්ගේ ආත්ම ගරුත්වය හා නම රැකගෙන වැඩකළ යුතුයි.



ඔබේ හැකියාවන් දකින්නේ ?

ඇත්තටම මම නම් දකින්නේ හැමවෙලේම වැරදියට. අනික මම හිතන්නේ නැහැ මට හැමදේම පුළුවන් කියලා. වෙලාවකට හිතෙනව එහෙම හිතෙන එකත් හොඳයි කියලා. එතකොට මට පුළුවන් දේ විතරයිනේ කරන්නේ.



රංගනය කියන විෂය ගැන හිතන විදිහ?

මටත් රංගනය විෂයක්‌ හැටියට ඉගෙන ගන්න බැරිවුණා. වුණාට මම හිතන්නේ රංගනය කියන දේ අපි හරියට හදාරලා ආවොත් හොඳ දක්‍ෂ තැනකට යන්න පුළුවන්. හොඳ රංගන ශිල්පියෙකු නම් නිතරම රංගනය අධ්‍යයනය කළ යුතුයි.



ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරනවාද?

ප්‍රවීණයන්ට මම ගරුකරනවා වගේම ඔවුනුත් මට ආදරෙයි. ප්‍රවීණයන් හරහා තමයි අපේ ගමන බිහිවෙන්නෙ. මම හැමවෙලේම ප්‍රවීණයන් සමග වැඩකරන කොට මගේ අඩුපාඩු ඔවුන්ගෙන් අහනවා. ඔවුන් කියාදෙන දේ පිළිපදිනවා. නිසා ඔවුන් මට ආදරෙයි.



රඟපාන්න හිතුණේ ?

මෝස්‌තර නිරූපණය තමයි මුලින් කළේ. කාලෙදි මට නාට්‍යවලට ආරාධනා ලැබුණා. නමුත් මම කැමැති වුණේ නැහැ මාස ගණන් රූගත කිරීම්වලට සහභාගි වෙන්න ඕන නිසා. පස්‌සේ තාත්තාගේ බල කිරීමටයි රංගනයට ආවේ. දෙමව්පියෝ නිසා තමයි මට මේ තැන ලැබුණේ.



නිළියක්‌ නොවුණා නම්?

සමහර විට ගායිකාවක්‌ වේවි.



ගොඩක්‌ දෙනෙක්‌ කියන්නේ ගායනයට දක්‍ෂයි කියලා නේද?

ඒක නම් එහෙම තමයි. නමුත් මම හිතන්නේ ගායනයෙන් මම ඉන්නේ ළදරු වයසේ කියලා. තව ටිකක්‌ උනන්දු වෙලා පුරුදු පුහුණු වෙන්න වෙනවා.



විවාහයෙන් පසු රංගනයෙන් ඈත්වෙනවද?

කොහෙත්ම නැහැ. හොඳ දෙයක්‌ ආවොත් භාරගන්නවා. එහෙම බලපෑමක්‌ නැහැ.



සිනමාව, ටෙලිනාට්‍ය මෙයින් වඩාත්ම කැමැති ?

මම මුලින්ම ආවේ ටෙලිනාට්‍ය වලින්. දැන් නම් චිත්‍රපට වලටත් දායක වෙනවා. විශේෂයක්‌ නැහැ. දෙකටම කැමැතියි.



සුදුහංසි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර?

ඉතාමත් ඉහළයි.



සුදුහංසි ප්‍රධාන චරිතයේ අර්බුද මතුවෙලා කියලත් ආරංචියි ?

ආරංචි නම් එනවා. ගැන කියන්න මම නම් දන්නේ නැහැ.