Wednesday, October 22, 2014

Daily horoscope, today daily horoscope 23-10-2014

By: Prosperity Tech On: 8:52 PM
අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 23 දින 


මේෂ
ආදායම් තත්ත්වය යහපත් වන අද දින අශුභඵල බොහෝ දුරට සමනය වනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි අත්වේ. රැකියාවේ  සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර ලියකියවිලි සම්බන්ධ ගැටලුවක් විසඳාගැනීමට හැකිවන බව පෙන්නුම් කරයි. පවු‍ලේ පී්‍රතිය හා වාසනාව උදා කෙරේ.
වෘෂභ
රැකියා ස්ථානයේ සාර්ථකත්වය ඇති වේ. ආර්ථිකය සතුටුදායකය. ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි දවසකි. පැවැති ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීමට හැකිවෙයි.

මිථුන
තම පදිංචි නිවස සම්බන්ධ ප්‍රශ්නයක් මතුවීමෙන් සිතට අසහනකාරී තත්ත්වයක් ගෙනදිය හැකි ප්‍රවණතාවක් පවතී. ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අද දින ආර්ථිකය යහපත් බව පෙනීයයි. රැකියා කටයුතු යහපත්ය. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙන දෙයි.

කටක
රැකියා ස්ථානයේ විවිධ ගැටලු පැන නගී. ආයතන ප්‍රධානියකුගේ දැඩි විවේචනයට ලක්වන බව පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට ශුභදායකය. ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපවාද පවා ඇසීමට සිදුවන අතර මුදල් පිළිබඳ බරපතළ ගැටලුවකට මුහුණදීමේ ප්‍රවණතාවක් පවතී.

සිංහ
අපේක්ෂාවෙන් සිටි දෙයක් නොලැබි යාම නිසා සිතට දැඩි වේදනාවක් ගෙන දේ. රැකියාවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට ශුභදායකය. ආර්ථිකය සතුටුදායක වන අතර ඥාතීන් සමග වෙනදා නොතිබූ සමීප ඇසුරක් පවත්වන බව පෙනී යයි. යුගදිවිය පී්‍රතිමත්ය.

කන්‍යා
කාර්ය බහුල දිනයක් බව පෙනී යයි. බාධා මැද වුවද තම කටයුතු කරගෙන යාමේ හැකියාව පෙන්නුම් කරන අතර ව්‍යාපාරික කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. දරුවකුගේ ක්‍රියා කලාපය හේතුකොටගෙන ඔබ කම්පාවට පත්විය හැකි වාතාවරණයක් දක්නට ලැබේ.

තුලා
රැකියා ස්ථානයේ සාර්ථකත්වය ඇති වේ. ආර්ථිකය සතුටුදායකය. ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි දවසකි. ඔබගේ දරුවන්ට යහපත් ප්‍රතිඵල ගෙන දේ. යුග දිවිය පී්‍රතිමත්ය.

වෘශ්චික
ආයතන ප්‍රධානීන් සමග කටයුතු කිරීමේ දී තරමක් විමසිලිමත් විය යුතු දවසකි. ව්‍යාපාරිකයන්ට වාසි සහගත තත්ත්වයක් උදාවන අතර ආර්ථිකය යහපත් වුවද වැයපස පාලනය කිරීම තරමක් අසීරු වන අතර නිවසේ පරිසරය තුළ සිත කලකිරවන සිදුවීමක් මතුවීමේ ප්‍රවණතාවක් පවතී.

ධනු
රැකියා කටයුතුවල දී මානසික නොසන්සුන්තාවන් පැනනැගීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන අද දින ආර්ථිකය සතුටුදායක වන අතර උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන අයට ශුභදායක බව පෙන්නුම් කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය.

මකර
රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වන අද දින ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකය. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර මතෛක් පැවැති බාධා අවම වනු ඇත. මුදල් ගනුදෙනුවල දී රැවටිලිවලට අසුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති දවසකි.  ගෘහ ජීවිතය යහපත්ය.

කුම්භ
තම බලා‍පොරොත්තු සාර්ථකත්වයට පත්වන අද දින රැකියා කටයුතුවල යහපත් ප්‍රගතියක් දක්නට ලැබේ. ආදායම් තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායක බව පෙන්නුම් කරයි. ගෙදරදොර වටපිටාව ප්‍රීතිදායක තත්ත්වයකට පත්විය හැකි දවසකි. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

මීන
අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි බව පෙන්නුම් කරන අතර රැකීරක්ෂා තනතුරුවල ශුභවාදී තත්ත්වයක් දක්නට ලැබෙන අද දින අයවැය සමබරව පවත්වාගගැනීමට අපහසු වෙතත්, ආදායම් තත්ත්වය යහපත් වනු ඇත. ගෙදරදොර වාදවිවාද මතගැටුම් ගෙනදිය හැකි දවසකි.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස
(rivira.lk)

Tuesday, October 21, 2014

Tiger Temple Thailand

By: Prosperity Tech On: 6:35 PM

ව්‍යාඝ්‍රයන් 100ක් එක්ක මුවෝ - ගෝන්නු ළඟින් තියාගෙන බුදුන් වඳින තායිලන්ත පන්සල

බැංකොක් නගරයේ දැඩි මාර්ග තදබදය අඩුවන්නේ නගරයෙන් තරමක් දුරට ගිය පසුවය. සීමාව පසු කළ විට රියැදුරු ඇක්සලේටරයට තබන පාදයේ බර වැඩි වන්නේ නිතැතිනි. එතැන් පටන් වාහනයේ වේගය පැයට කිලෝමීටර 150ට වැඩි වෙයි. එය පැයට කිලෝමීටර 100ට වඩා අඩු වන්නේ නොමැති තරම්ය.“No Traffic Jam No Bangkok”
බැංකොක් නගරයේ රියැදුරන්ගේත් සංචාරක මඟ පෙන්වන්නන්ගේත් මුවෙහි නිතර රැඳී තිබෙන වදන් පෙළකි මේ. මාර්ග තදබදයක් නොමැතිව බැංකොක් කියා නගරයක් පැවැතිය නොහැකි බව එහි සරල තේරුමයි. අපි දැන් ඒ මාර්ග තදබදයෙන් පිටට පැමිණ ඇත්තෙමු. පැයට කි.මි. 150ක පමණ වේගයෙන් මේ යන්නේ තායිලන්තයේ බටහිර පැත්තටය.

සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් වන "ව්‍යාඝ්‍ර පන්සල" (Tiger Temple)  පිහිටා තිබෙන්නේ අප මේ ගමන් කරමින් සිටින බටහිර තායිලන්තයේය. එය පිහිටා තිබෙන "කාන්චනබුරි"  (Kanchanaburi)  නගරය තායිලන්තයත් - මියන්මාරයත් වෙන් කරන දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබේ. තායිලන්තයේ වැසියන් "කාන්චනබුරි" නගරයක් ලෙස හැඳින්වුවද ඇත්තටම එය විශාල ප්‍රදේශයකි. අපේ රටේ නම් පළාතක් හෝ ඊටත් වැඩිය විශාල භූමි ප්‍රදේශයකි. එහි ගහ-කොළ, වටපිටාව ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට බොහෝ සෙයින් සමානය. කාන්චනබුරි බලා යන අතරමඟදී ධාරානිපාත වර්ෂාවක්ද ඇද හැලෙන්නට වූ නමුත් වාහනයේ වේගය නම් එතරම් අඩු වූයේ නැත. වැස්ස කපාගෙන ඊගහක වේගයෙන් වාහනය ඉදිරියට ඇදෙද්දී සිතේ බයක් ඇති නූනාම නොවේ. ඒ ගැන වාහනයේ රියැදුරුගෙන් විමසූ විට බිය නොවන ලෙසත් මෙය සාමාන්‍ය දෙයක් බවත් කීවේය.
කාන්චනබුරි නගර මධ්‍යයට එන විට වැස්ස පායා තිබිණි. බැංකොක්වලින් පිටත් වී ඒ වන විට පැය හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණත් සාමාන්‍යයෙන් කාන්චනබුරි දක්වා පැමිණීමට ගතවන්නේ පැය දෙකක පමණ කාලයකි. අපට අමතර කාලයක් වැය වූයේ කාන්චනබුරි වෙත පැමිණීමට කලින් පාවෙන වෙළෙඳපොළට(Floating Market)  ගිය බැවිනි.


ව්‍යාඝ්‍ර පන්සල පිහිටා තිබෙන්නේ කාන්චනබුරි නගරයේ "සයියොක්" (Saiyok)  ප්‍රදේශයේය. ඒ සඳහා කාන්චනබුරි නගර මධ්‍යයේ සිට තවත් පැය භාගයක පමණ දුරක් යා යුතුය. සයියොක් බලා යන අතරමඟදී පාර දෙපසම වනාන්තර දක්නට ලැබෙයි. ඒවා අපේ රටේ මෙන් ගන වනාන්තර නොවේ. ගස්ද එතරම් උස නැත. අෑතින් කඳු පන්තිද ඉහළට එසවී අප එන මඟ දෙස බලා ඉන්නාක් වැනිය.
කඳු පන්ති අෑතින් බලා සිටිද්දි අපි ප්‍රධාන පාරෙන් දකුණට හරුණෙමු. ඒ ව්‍යාඝ්‍ර පන්සලට ඇතුළු වීමටය. ප්‍රධාන පාරෙන් ඇතුළුවෙන තැනම ව්‍යාඝ්‍රයකුගේ මුහුණක් නිර්මාණය කරමින් තිබේ. තවමත් එහි වැඩ සම්පූර්ණයෙන් නිම කර නැත. එහි වැඩ අවසන් වූ පසුව ව්‍යාඝ්‍රයකුගේ කට ඇතුළට යන්නාක් මෙන් පන්සලට ඇතුළු විය හැකිය.
"ටයිගර් ටෙම්පල්" යනුවෙන් ලෝකය පුරා ප්‍රචලිත වුවද මෙහි සෑබෑ නම වන්නේ "වට් පා ලුන්ග්තා බුවා යනසම්පානෝ"(Wat pa luangta Bua Yannasam pano) යන්නය. "තොන්ග් පා පුම්" (Thong Pa Phum)  ප්‍රදේශයේ ජීවත් වූ "පූජ්‍ය ප්‍රා අචාන් පූසිට් "(Phra Achan Phoosit)  ස්වාමීන්වහන්සේ 1985දී දැන් ව්‍යාඝ්‍ර පන්සල පිහිටා ඇති ප්‍රදේශයට වැඩම කළහ. ප්‍රදේශයේ ඇති වනාන්තර තුළ උන්වහන්සේ වසර ගණනාවක් භාවනා කරමින් සිටියහ. එසේ සිටින අතරය පන්සලක් සාදා ගැනීම සඳහා පරිත්‍යාගශීලී මහත්මයකු මේ සුවිසල් භූමිය උන්වහන්සේට පරිත්‍යාග කර ඇත්තේ.


වනගත අසපුවක් බවට මේ භූමිය "වට් පා ලුන්ග්තා බුවා යනසම්පානෝ" නමින් උන්වහන්සේ පත්කර ඇත්තේ 1994 දීය. ස්වාමීන්වහන්සේට භාවනා කිරීමට සුදුසු නිදහස් අසපුවකට අමතරව විවිධාකාරයේ වන සතුන්ට අභය ස්ථානයක් ලෙසට මෙය පත් කරන්නටද උන්වහන්සේ කටයුතු කළහ. කෙසේ නමුත් මෙම අභය ස්ථානය ව්‍යාඝ්‍රයන් ඉන්නා තැනක් බවට පත්වීමෙන් පසුව සහ එම ව්‍යාඝ්‍රයන් සමඟ එකට හිඳ ඡායාරූප ගැනීමට සතුන්ට කිරි පෙවීමට ආදී විවිධ ක්‍රියාකාරකම්වලට අවස්ථාව සලසා දීමෙන් පසුව, මෙය ලෝකය පුරා ප්‍රචලිත වන්නට වූයේ Tiger Temple  ලෙසටය.
මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමෙන් පසුව ව්‍යාඝ්‍ර පන්සලට ඇතුළු වූ විට දක්නට ලැබෙන්නේ තරමක කාෂ්ටක භූමියකි. එහි ගහකොළ ඇතත් යටි වගාව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. මුවෝ, ගෝන්නු, උෟරෝ, කුරුල්ලෝ, කුළු මීමෝ ඒ බිමේ නිදහසේ සැරිසරති. කිසිදා සතෙක් මිනිසුන්ට පහර දෙන්නට නොඑති. ඒ මඟ පසුකර සෑහෙන දුරක් ගිය විට ව්‍යාඝ්‍රයන් වැතිර ඉන්න ස්ථානය හමු වෙයි.


1994 දී ආරම්භ කළ මෙම අසපුවට පළමු ව්‍යාඝ්‍ර පැටවු දෙදෙනා ගෙනත් දමනු ලැබ ඇත්තේ 1999 දීය. ඒ ගම්වාසීන් විසිනි. කෙසේ වෙතත් ඒ ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනාගෙන් එකකු වැඩි කලක් ජීවත් නොවී මිය ගොස් ඇත. ඉතිරි වූ පැටවා පන්සලේ ස්වාමීන් වහන්සේ ඇති දැඩිකරගෙන ඇත. පසුව දඩයක්කාරයන් අම්මාවරුන්ව මරා දැමූ පසු අතරමං වූ ව්‍යාඝ්‍ර පැටවුන් කිහිප දෙනකුව මේ අසපුවට රැගෙන විත් තිබේ. ඒ පැටවුන් ලොකු මහත් වී 2007 වර්ෂය වන විට මෙම අසපුව තුළ ව්‍යාඝ්‍ර පැටවුන් 21 දෙනකු උපත ලැබූ බව එහි සිට තොරතුරු සපයන පුද්ගලයෙක් අප සමඟ පැවැසීය. 2011 වර්ෂය වන විට ලොකු කුඩා ව්‍යාඝ්‍රයන් 90 දෙනකු දක්වා එම සංඛ්‍යාව වර්ධනය වී තිබේ. මෙහි ව්‍යාඝ්‍ර පැටවුන් බෝ කිරීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථක බව තොරතුරු ලබා දුන් පුද්ගලයා පැවැසීය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කෙළේ ඉන්දුනීසියානු සහ බෙංගාල ව්‍යාඝ්‍රයන් මෙහි සිටින බවත් ඔවුන් දෙමුහුන් කිරීම මඟින් නව පැටවුන් උපද්දා ගැනීමට හැකි වූ බවත්ය. එය ඉදිරියටත් කරන බවද ඔහු පැවැසීය.
ව්‍යාඝ්‍රයන් සමඟ එකට හිඳ ඡායාරූප ගත හැකි එක් ස්ථානයක් වන්නේ, ව්‍යාඝ්‍රයන් වැතිර ඉන්නා ස්ථානයය. අප එතැනට යන විට පොද වැස්සක් ඇද වැටෙමින් තිබිණි. එහෙත් ඒ විනාඩි කිහිපයකට පමණය. ඒ මොහොතේ එහි ලොකු කුඩා ව්‍යාඝ්‍රයෝ 18 දෙනෙක් වැතිර සිටිහය.


ව්‍යාඝ්‍රයන් ඉන්නා කොටසට සංචාරකයන් ඇතුළු කරගත්තේ කොන්දේසි කිහිපයකට යටත්වය. ඉන් පළමු වැන්න තද පැහැති ඇඳුම් ඇඳ එම කොටසට ඇතුළු වීම සපුරා තහනම් වීමය. කාන්තාවන්ට කොට කලිසම් සහ කෙටි සායවල් ඇඳ එම කොටසට ඇතුළු වන්නට දෙන්නේ නැත. එහි ඇති අනෙක් විශේෂ කොන්දේසියක් නම් සංචාරකයකුට තමන්ගේ කැමරාවෙන් එම කොටස තුළදී තමන්ට හෝ තමන් සමඟ යන මිතුරකු ලවා ඡායාරූප ගැනීමට නොහැකි වීමය. එය කරනු ලබන්නේ එහි සිටින කාර්යමණ්ඩලයේ කෙනකු විසිනි. සංචාරකයාගේ අතින් අල්ලා ගන්නා කාර්යමණ්ඩලයේ එක් අයෙක් කැමරාවද තමන් අතට ගෙන එක් එක් ව්‍යාඝ්‍රයන් ළඟින් සංචාරකයාව හිඳුවා ඡායාරූපය ගනිති. අවුරුදු 10, 12 වයසේ දැරියෝද එම කාර්යය කරති. ඔවුහු ව්‍යාඝ්‍රයන්ට ළං වන්නට කිසි විටක බිය නොවෙති. මාධ්‍ය ආයතනයකින් බව පවසා මාගේ රාජකාරි හැඳුනුම්පතද පෙන්වීමෙන් අනතුරුව ඡායාරූප කිහිපයක් ගැනීමට ඉතා කෙටි කාලයක් ඔවුහු ලබා දුන්හ.


පැය දෙකකට ආසන්න කාලයක් අප මෙම ස්ථානයේ රැඳී සිටියද මෙහි සිටි ව්‍යාඝ්‍රයන් 18 දෙනාගෙන් එකකු හෝ එම සම්පූර්ණ කාලය තුළම මොහොතකටවත් කකුල් හතරෙන් නැඟී සිටියේ නැත. උන් සිටියේ වැතිරගෙනමය. සමහරුන් සැක කරන්නේ ව්‍යාඝ්‍රයන්ට ඔෟෂධ එන්නත් කිරීම මෙයට හේතුව බවය.
ව්‍යාඝ්‍ර පන්සලේ තොරතුරු සපයන්නා පැවැසුවේ තමන් කිසිවිටෙක ව්‍යාඝ්‍රයන්ට ඔෟෂධ එන්නත් නොකරන බවය. දහවල් කාලයේදී ව්‍යාඝ්‍රයන්ගේ සාමාන්‍ය හැසිරීම මෙය බවත් අව්ව වැටී රස්නය පවතින වේලාවට වැතිර සිටීම ව්‍යාඝ්‍රයන්ගේ සාමාන්‍ය චර්යාව බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය. සෞම්‍ය දේශගුණයක් පවතින උදෑසනටත් හැන්දෑවටත් ව්‍යාඝ්‍රයන් වඩා ක්‍රියාකාරී බව ඔහු කියාගෙන ගියේය. අප එහි සිටියේ මධ්‍යහ්න ‍ෙදාළහත් සවස දෙකත් අතර කාලයේදීය. එදින පැවැතියේ වැසිබර කාලගුණයකි. වැඩි රස්නයක් තිබුණේ නැත. එහෙත් ව්‍යාඝ්‍රයන් නැඟිට්ටේ නම් නැත.


අපට තොරතුරු කී පුද්ගලයා පැවැසුවේ මේ දක්වා ව්‍යාඝ්‍ර ප්‍රහාර එකක් පමණක් සංචාරයකයකුට එරෙහිව එල්ල වී ඇති බවය. ලේ ඉවත් කර තම්බන ලද කුකුල් මස් ආහාරයට දීම ව්‍යාඝ්‍රයන් හීලෑ කර ගැනීමට උදව්වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
කාන්චනබුරි අහස කළු කෙළේ තවත් වැස්සක පෙරනිමිති පළකරමිනි. ව්‍යාඝ්‍ර පන්සලට සමුදිය යුතු කාලයත් පැමිණ තිබේ. අෑතින් පේන කඳු පන්ති අප දෙසම බලා සිටියේ "ඇයි ආපහු යන්නේ" යැයි අසන්නාක් බඳුවය. ළඟම සිටි ව්‍යාඝ්‍රයා දිගු අෑනුමක් පිටකර මහීකාන්තාවගේ තුරුලේ හිස තබා ගත්තේය.
ව්‍යාඝ්‍ර පන්සල බලන්නට යන සොඳුරු සංචාරයට "සාවාරි ට්‍රැවල්ස් ශ්‍රී ලංකා" සමඟ ඔබටත් එක්විය හැකිය. තායිලන්තයට යෑමට සහ ඒමට ගුවන් ටිකට් පත්, වීසා, නවාතැන්, ආහාර සහ තායිලන්තයේදී ප්‍රවාහන කටයුතු ඔබට දැරිය හැකි මිලකට සංවිධානය කර දීමට ඔවුන් සූදානම්ය. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ගැළපෙන සංචාරක සේවා ලබා දීමටද ඔවුන් සැදී පැහැදී සිටී.

(mawbima.lk)

I Have No Idea to act

By: Prosperity Tech On: 6:22 PM

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

http://www.rivira.lk/online/images/2014/10/19/r.jpgස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක ගැන මෙවර රිවි සරසි පිටුවක් හැඩ කළා. මේ ඇය ගැනයි.
රිද්මාලි කොහොමද තොරතුරු?
හොඳයි. හොඳින් ඉන්නවා.

වෘත්තීය ජීවිතේ කාලසටහන වෙනස් වුණා නේද?
දැන් නිවේදන වෘත්තියට අමතරව මනෝ විද්‍යා පරීක්ෂණ ආයතනයේ අලෙවි විධායකවරියක් හැටියට වැඩ කරනවා. උදේ පහ වෙනකොට ස්වර්ණවාහිනියට යනවා. මුල් පිටුව කරන දවසට ඒ වැඩ කටයුත්ත කරලා රැකියා ස්ථානයට යනවා. මුල් පිටුව නැති දවසට ලෝක සිතියම කරලා කාර්යාලයට යනවා.

විශ්ව විද්‍යාල ගමන නතර වුණේ මාධ්‍ය ජීවිතයට සමීප වුණ නිසාද?
මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණේ සංගීත අංශයෙන්. සංගීත විෂයෙන් උපාධිය ගත්තොත් ගුරු වෘත්තියට හෝ මාධ්‍යයට තමයි සම්බන්ධ වෙන්නේ. අවුරුදු හතරක් ඒකට කාලය ගත කරනවාට වඩා වෙනත් විෂයකින් වැඩිදුර අධ්‍යාපනය ලබන එක හොඳයි කියලා හිතුණා. ඒ නිසා විශ්ව විද්‍යාල ගමන නතර කළා. ඒ වුණාට අලෙවිකරණ පාශ්චාත් උපාධියකට මම මේ දවස්වල සූදානම් වෙනවා.

ඇයි අලෙවිකරණය තෝරා ගත්තේ ?
මම ඒ විෂයට කැමතියි. ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරන නිසා ප්‍රයෝජනවත් වෙනවා. භාණ්ඩ අලෙවි කරන්න ඕන මිනිස්සුන්ට ආකර්ෂණය වෙන විදියට. අලෙවිකරණය ගැන වැඩිදුර ඉගෙන ගත්තොත් මටත් අලුත් දෙයක් කරන්න පුළුවන් වෙයි.

රිද්මාලිව හඳුනාගන්නේ ලෝක සිතියම හා මුල් පිටුව නිසයි. එතැන දැන් හුරු පුරුදුද?
මාව මුලින්ම තෝරා ගත්තේ ලෝක සිතියම කරන්න. ලෝක සිතියම කරන්න පටන් අරන් අවුරුදු හතරක් ගත වුණා. දර්ශිකා අක්කා විදෙස් ගතවුණ නිසා මට මුල් පිටුව කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු තුනක ඉඳලා මුල් පිටුව කරනවා. මුල් දවස්වල වගේ නමෛයි දැන් හරිම හුරු පුරුදු තැනක් වෙලා. වරදිනවත් අඩුයි. ඉස්සර මගේ කටහඬ මුල් පිටුවට බර මදියි කියලා හුඟ දෙනෙක් කිව්වා. ඒත් දැන් මගේ කටහඬටත් කවුරුත් හුරු වෙලා.

පත්තර විස්තර කියන මුල් පිටුව වගේම ලෝක සිතියම කරද්දී දැනුමෙන් යාවත්කාලීන වෙන්න ඕන නේද?
ප්‍රවෘත්ති බලන්න නම් මට වේලාවක් ලැබන්නේ නැහැ. ඒ වුණාට වබේ අඩවිවලින් මම දවසේ ප්‍රවෘත්ති ටික ගැන දැනුවත් වෙනවා. උදේට ස්වර්ණවාහිනියට ගියහම නිෂ්පාදකතුමා මුල් පිටුවට ගන්න ඕන ප්‍රවෘත්ති සටහන් කරලා තියෙනවා. ඒවා බලා ගන්නවා. ඒ දේවලට ලෑස්තිවෙලා තමයි ස්ටුඩියෝ එකට යන්නේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මම දැන් වැඩසටහන ඉදිරිපත් කරන විදිය ගොඩක් වෙනස් කියලා සමහර අය කියනවා. ඉස්සරට වඩා ගොඩක් දියුණුවෙලා කියලා තමයි කියන්නේ. බන්දුල පද්මකුමාර සර් නැති දවසට මම කාටුන් ඉදිරිපත් කරනවා. ලොකු පිරිසකගෙන් මට ප්‍රතිචාර ලැබෙන්නේ කාටුන් ඉදිරිපත් කරන විදිහට. ඒ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ බන්දුල සර් නිසයි.
වැඩසටහන හරියට හසුරුවන්නත් සර් හුඟක් උදව් කරනවා. ඒ නිසා සර්ට ස්තූති කරන්න ඕන.

ගෙදරින් ලැබෙන සහයෝගය කොයිවගේද?
මගේ අම්මා කුමාරි නාගරනායක. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ කළේ. දැන් විශ්‍රාමිකයි. අප්පච්චි ආනන්ද බණ්ඩාර නාගරනායක. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අප්පච්චිත් විශ්‍රාමිකයි. මට හුඟක් උදව් කරන්නේ ඒ දෙන්න. අම්මයි අප්පච්චියි විවාහ වෙලා අවුරුදු පහළොවක් ගියාට පස්සේ තමයි මාව ලැබිලා තියෙන්නේ. ඒ නිසාත් පවු‍ලේ එකම දරුවා හැටියටත් මට ශක්තියක් වෙන්නේ ඒ අය. කවදාවත් මට නීති රීති දාන්නෙවත් නැහැ.

රිද්මාලි රඟපාන්න කැමති නැද්ද?
තවම රඟපාන්න අදහසක් නම් නැහැ. ඊට වඩා නිවේදන වෘත්තියට කැමතියි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
පසුතලය-ස්වර්ණමහල්
http://www.rivira.lk/online/images/2014/10/19/img_2234.jpg
http://www.rivira.lk/online/images/2014/10/19/img_2284.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/10/19/img_2292.jpg

Daily Astrology 22-10-2014

By: Prosperity Tech On: 6:10 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 22 දින

මේෂ

අද දින නව නිවසක් ගොඩ නැගීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට කටයුතු සැලසෙන බව පෙන්නුම් කරයි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ගෙනදෙන අතර, අසල්වාසීන්ගේ සහයෝගය ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
වෘෂභ

රැකියා බලා‍පොරොත්තු වන අයගේ පැතුම් ඉෂ්ට වන අද දින විනෝද කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරන බව පෙනේ. අමතර ආදායම් මාර්ගයක්ද උදාවිය හැකි අතර ව්‍යාපාරික කටයුතුවලින් විශේෂ දියුණුවක් ලබාගත හැකි බව පෙන්නුම් කරයි. තම බලා‍පොරොත්තු බාධාවකින් තොරව ඉටුවිය හැකි දවසකි.

මිථුන

අද දින රැකීරක්ෂා කටයුතුවල තරමක සහනශීලී බවක් ඇතිකරන බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසිදායක තත්ත්වයක් උදාවිය හැකි අතර පසුගිය දිනවලදී තිබූ ආර්ථික අර්බුදකාරී අවස්ථා නිමාවට පත්වේ. ගෙදරදොර කටයුතු යහපත් වේ.

කටක

ව්‍යාපාර කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන අද දින රැකියා කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් මතුවිය හැකි වාතාවරණයක් පවතින බව පෙනී යයි. තම ෙදෙනික කටයුතුවලද යම් යම් බාධා ගෙනදිය හැකි අතර අහිමි වේ යැයි සිතා සිටි ණය මුදලක් ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

සිංහ

රැකියාවල අවුල් සහගත තත්ත්වයක් මතුකළ හැකි අද දින අතිරේක වැඩකටයුතුවලට යොමුවීමෙන් කිසිදු වැඩක් ක්‍රමවත්ව කරගෙන යෑමට නොලැබෙන බව පෙනී යයි. උසස් අය සමග සබඳකම් වර්ධනය වන අතර අතිරේක ධන ලාභ ගෙනදිය හැකි දවසකි.

කන්‍යා

අද දින රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට එතරම් සුබදායක නොවන බව දක්නට ලැබෙන අතර ආදායම ලැබුණද වියදම් පක්ෂය ඉහළ යෑම නිසා මුදල් ඉතිරි කරගැනීම තරමක් අපහසු වන බව පෙනී යයි. පුද්ගලික කටයුතුවල වෙනසක් ගෙනදිය හැකි දවසකි.

තුලා

තාවකාලික රැකියාවල නිරත වූවන්ගේ රැකියා ස්ථිර වේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරික කටයුතු විධිමත්ව කරගැනීමට හැකිවන අද දින තම අපේක්ෂාවන් සාර්ථක කරගැනීමට හිතවතුන්ගේ සහයෝගය ලබාගත හැකි දවසකි. ආර්ථිකයේ සුවිශේෂි වර්ධනයක් උදාකරනු ඇත.

වෘශ්චික

රැකීරක්ෂා කටයුතුවල කිසියම් දියුණුවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් යහපත් බව දක්නට ලැබෙන අද දින කාර්යබහුලතාව හේතු කොටගෙන ෙදෙනික අවශ්‍යතා කිහිපයක්ම අතපසු වන බව පෙනී යයි. ආදායම් තත්ත්වය යහපත් වුවද මුදල් ඉතිරිකර ගැනීම අපහසු නොවේ.

ධනු

ප්‍රමාද වෙමින් තිබූ බොහෝ කටයුතු රාශියක් ඉටුකර ගත හැකි අද දින රැකියා කටයුතු යහපත් ලෙස කරගෙන යෑමට හැකිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව පෙනී යයි. අමතර ආදායම් කෙරෙහි සිත යොමුවේ. පවු‍ලේ සතුට හා සමගිය වර්ධනය වන දවසකි.

මකර

රැකියා කටයුතු සාර්ථක වන අද දින ව්‍යාපාරික කටයුතුවල පසුබෑමක් දක්නට ලැබේ. අධ්‍යාපන කටයුතුවල බලා‍පොරොත්තු වූ තරම් ප්‍රගතියක් දක්නට නොලැබෙන අතර කිසියම් ගැටලුකාරී තත්ත්වයක් නිරවුල් කරගැනීමට හැකිවන දවසකි. පවු‍ලේ සමගිය හා සමාදානය වර්ධනය වේ.

කුම්භ

‍පොළොව ආශ්‍රිත කටයුතුවල යෙදී සිටින අයට හා ව්‍යාපාරිකයන්ට සුබපල උදා කරයි. ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව පෙන්නුම් කරයි. රැකියා කටයුතු සාර්ථක වන අතර අමනාපයෙන් සිටි අය යළි සමගි වන ලකුණු පහළ වේ. තම හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය කරගත හැකි දවසකි.

මීන

ආදායම් කටයුතු නිසි පරිදි සංවිධානය කරගැනීමට අ‍පොහොසත් වීමෙන් ආර්ථික තත්ත්වය පිරිහීමට පත්විය හැකි අද දින ව්‍යාපාර කටයුතුවලින් විශේෂ දියුණුවක් ලබාගත හැකි දවසකි. නව රැකියා මාර්ග කෙරෙහි සිත යොමුවන අතර යුගදිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.

(rivira.lk)

 

Boxing Legend Muhammad Ali Critically Ill

By: Prosperity Tech On: 1:10 AM

(SCROLL DOWN FOR THE VIDEO)එදා මෙදා තුර බිහිවූ ලොව විශිෂ්ටතම බොක්සිං ශූරයා ලෙස සැලකෙන අමෙරිකානු ක්‍රීඩක මොහොමඩ් අලි අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවී තිබේ.
වසර 30ක පමණ කාලයක සිට පාකින්සන් රෝගයෙන් පෙළෙන ඔහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව ‍පවුලේ ඥාතීහු පවසති.
මොහොමඩ් අලිගේ ජීවිතය පාදක කරගෙන නිපදවෙන චිත්‍රපටයක විශේෂ උත්සවයක් සඳහා ඔහුට ඇරයුම් ලැබී තිබුණ ද රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඒ සඳහා සහභාගි වීමට හැකියාවක් ලැබී නොමැත.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළි වී ඇත්තේ, ඉන් පසුව ය.
මේ වන විට 72 වන වියේ පසුවන මොහොමඩ් අලි උපත ලැබුවේ, 1942 වසරේ ජනවාරි මස 17 වන දා ය.
1960 වසරේ ඔලිම්පික් උළෙලේ ලයිට් හෙවිවේට් පන්තියේ රන් පදක්කම ද දිනාගත් ඔහු සහභාගි වූ ජාත්‍යන්තර 61න් 56ක් ම ජයගෙන තිබීම විශේෂත්වයකි.
ඔහුගේ උස අඩි 6 අඟල් 3ක් වන අතර The Greatest, The People’s Champion සහ The Louisville Lip යන ආරූඪ නම්වලින් ද ඔහු හඳුන්වනු ලැබිණි.
මොහොමඩ් අලි බොක්සිං තරගයක් අතරතුර:


(newsfirst.lk)

Monday, October 20, 2014

Akila viraj marries - wedding photos

By: Prosperity Tech On: 8:34 PM

අකිල විරාජ් යුගදිවියට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාති
ක පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) දිනයේ උත්තරා විජේනායක මෙනෙවිය සමග ගල්කිස්ස මහා හෝටලයේ දී යුග දිවියට පිවිසියේ ය.

මෙහිදී දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අත්සන් තබා තිබේ. 41 වන වියේ පසුවන අකිල විරාජ් යුග දිවියට එළඹීම මගින් සිය දේශපාලන පෞර්ෂය ගොඩනගා ගැනීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.




- See more at: http://www.gossipbook.lk/2014/10/blog-post_21.html#sthash.3zhciRvC.dpuf

 

Jaqualine in a New british movie

By: Prosperity Tech On: 7:59 PM

ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් (PHOTOS & VIDEO)



ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.
තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා තිබේ.
ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානයක් පවතින බව ය.
සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇගේ විශ්වාසය යි.
ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.
Jacqueline-Fernandez2
Jacqueline-Fernandez3
Jacqueline-Fernandez4
Jacqueline-Fernandez5
Kick චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝවක්…
(newsfirst.lk)

Your Daily Forecast - Astrology

By: Prosperity Tech On: 5:30 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 21 දින

මේෂ

බලා‍පොරොත්තු වූ අදහසක් ඉටු කර ගැනීමේ භාග්‍ය උදා විය හැකි බව පෙන්නුම් කරයි. තම රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන අද දින ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙන අතර ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි.
වෘෂභ

රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින, ආර්ථිකය ශුභදායකය. කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි අතර හවු‍ලේ කරන ගනුදෙනුවකින් ප්‍රයෝජනයක් ලැබෙන බව පෙන්නුම් කරයි. සිතට තරමක ආඩම්බරකාරී බවක් ගෙන දෙන දවසකි.

මිථුන

වෙළෙඳ ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමෙන් පාඩු සිදුවිය හැකි අද දින රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ආර්ථික වශයෙන් එතරම් යහපත් නොවන අතර අනුන් කළ යුතු වියදම් ද ඔබට දැරීමට සිදුවන බව පෙනී යයි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

කටක

දේපළ සම්බන්ධව නීතිමය ගැටලුවකට මුහුණ දීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. රැකියා කටයුතුවලට යහපත් වන අද දින නව රැකියා අපේක්ෂකයන්ට ශුභදායකය. වෙහෙසෙන තරමට ප්‍රතිඵල නොලැබෙන අතර ප්‍රේම සම්බන්ධතාවන්ට වැඩිහිටියන්ගේ විරෝධතා මතුවීමේ ප්‍රවණතාවක් පවතී.

සිංහ

පවු‍ලේ කටයුතුවලදී මූලික වීමට සිදුවන බව දක්නට ලැබේ. රැකියාවල නියුතු අයට යහපත් තත්ත්වයක් උදාවිය හැකි අද දින ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්නුම් කරන අතර උගත් පුද්ගලයන්ගේ උදව් උපකාර හිමි වුවද, හිතවතුන් සමග මත ගැටුම් ගෙන දිය හැකි දවසකි.

කන්‍යා

ව්‍යාපාර කටයුතුවල නව ප්‍රගතියක් පෙන්නුම් කරන අද දින රැකියා කටයුත්තක් සඳහා යන ගමනකින් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව පෙනී යයි. හිතවතුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වන අතර පවු‍ලේ අයගේ හොඳ හිත දිනා ගන්නා දවසකි.

තුලා

ෙදෙනිකව කරගෙන ආ වැඩ කටයුතුවල වෙනසක් සිදුවිය හැකි අද දින විශේෂ වියදමක් දැරීමට සිදුවන කටයුත්තක් යෙදෙන බව පෙනී යයි. නව රැකියා හෝ උසස් වීම් ගෙන දීමට ඉඩ ඇති අතර ඔබේ හිතවත් මිතුරෙකු සමග අමනාප විය හැකි දවසකි.

වෘශ්චික

බුද්ධිමත් අයගේ සහයෝගය ලබාගත හැකි අද දින සිතේ පී්‍රතිය ගෙන දෙන අන්දමේ තත්ත්වයක් උදා වෙයි. රැකියා කටයුතුවල සාර්ථකත්වයක් ගෙන දෙන අතර ව්‍යාපාරිකයන්ට ශුභදායකය. අධ්‍යාපන කටයුතුවලට යහපත් දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

ධනු

රැකියාවල නියුතු අයට රැකියාවේ උසස්වීම්  සහ ස්වයං රැකියාවල නියුතු අයට ශුභදායක වන අතර ආගමික කටයුතුවලට තම කාලයත්, ධනයත් වැය කිරීමට පෙලඹෙන අද දින සිතේ පැවැති බලා‍පොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. පවු‍ලේ වාසනාව උදාවේ.

මකර

රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ සහයෝගය ලබා ගත හැකි අද දින අතිරේක මුදලක් අතට පත්වේ. කලක සිට බලා‍පොරොත්තුවෙන් සිටි උසස්වීමකට ඉඩ ඇති බව පෙන්නුම් කරන අතර, ව්‍යාපාරිකයන්ට ශුභපල උදාවිය හැකි දවසකි. ගෘහ ජීවිතය සතුටුදායකය.

කුම්භ

අද දින රැකියා කටයුතුවල නව පිබිදීමක් දක්නට ලැබේ. ව්‍යාපාරිකයන්ට වැඩි ලාභ අත්වන අතර ඉඩකඩම් ආදියෙන් බලා‍පොරොත්තු නොවූ ආදායමක් ලබා ගන්නා බව පෙන්නුම් කරයි. මතු දියුණුව තකා කරන කටයුත්තකින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

මීන

ව්‍යපාරවල යෙදී සිටින අයට යහපත්ය. ලාභ ප්‍රයෝජන ලබා ගන්නා බව දක්නට ලැබේ. ආර්ථික වශයෙන් සතුටුදායක තත්ත්වයක් පවතින අතර රැකියාවේ වෙනසක් සිදුවන බව පෙන්නුම් කරයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතු දවසකි.

(rivira.lk)


 

Sunday, October 19, 2014

Weatherman vs Dog News Blooper

By: Prosperity Tech On: 11:07 AM

බල්ලොත් එක්ක කාලගුනේ, අපේ මොඩ හැත්තත් දැන් මේක කරනව අනිවා
Ripple, a dog from Edmonton Humane Society, steals the show from weatherman during the weather forecast.

Ranil and Chandrika meet

By: Prosperity Tech On: 10:42 AM

රනිල්ගේ සහයට එන චන්ද්‍රිකාත් සමඟ ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයින් විපක්ෂ වේදිකාවට

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැඳවීමටත්, ඇය විපක්ෂ වේදිකාවට ගොඩවන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ශ්‍රී.ල.නි.ප. චරිත කිහිපයක් ඇයත් සමඟ එම වේදිකාවට නැංවීමටත් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී.ල.නි.පයෙන් එක්වූ ප්‍රබල මන්ත්‍රීවරයෙකු මේ දිනවල කටයුතු කරගෙන යන බවට වාර්තාවේ.

එම මූලික සැලසුම්වලට අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රි
කා බණ්‌ඩාරනායක ද සති දෙකකින් ලංකාවට එන බව තහවුරු කර තිබිණි. ඇය පැමිණි පසු ඇය සමඟ කටයුතු කරන කණ්‌ඩායමේ ප්‍රතිපත්තිවලට ගරු කරන, පොදු බලවේගයක්‌ මත ගොනු වූ, පොදු වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නඟන්නට කැමති, වෙනම ලාංඡනයක්‌ යටතේ සටන් වදින පොදු අපේක්‍ෂකයකුට ජවයක්‌ සැපයීමට ක්‍රියා කරන බවට එකඟ වී ඇති අතර ඒ අනුව තව සති දෙකකින් ලංකාවට පැමිණෙන ඇය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ නම් අපේක්‍ෂකයාගේ සහායට දේශපාලන වේදිකාවට පවා ගොඩවනු ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
හිටපු ජනාධිපතිනියත් සමඟ වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි ලෙස කලකිරී සිටින ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයින් කිහිප දෙනෙකුද විපක්ෂ වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.

courtesy to 'readsrilanka.com'