Tuesday, October 21, 2014

Tagged Under: , ,

Daily Astrology 22-10-2014

By: Prosperity Tech On: 6:10 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 22 දින

මේෂ

අද දින නව නිවසක් ගොඩ නැගීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට කටයුතු සැලසෙන බව පෙන්නුම් කරයි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ගෙනදෙන අතර, අසල්වාසීන්ගේ සහයෝගය ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
වෘෂභ

රැකියා බලා‍පොරොත්තු වන අයගේ පැතුම් ඉෂ්ට වන අද දින විනෝද කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරන බව පෙනේ. අමතර ආදායම් මාර්ගයක්ද උදාවිය හැකි අතර ව්‍යාපාරික කටයුතුවලින් විශේෂ දියුණුවක් ලබාගත හැකි බව පෙන්නුම් කරයි. තම බලා‍පොරොත්තු බාධාවකින් තොරව ඉටුවිය හැකි දවසකි.

මිථුන

අද දින රැකීරක්ෂා කටයුතුවල තරමක සහනශීලී බවක් ඇතිකරන බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසිදායක තත්ත්වයක් උදාවිය හැකි අතර පසුගිය දිනවලදී තිබූ ආර්ථික අර්බුදකාරී අවස්ථා නිමාවට පත්වේ. ගෙදරදොර කටයුතු යහපත් වේ.

කටක

ව්‍යාපාර කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන අද දින රැකියා කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් මතුවිය හැකි වාතාවරණයක් පවතින බව පෙනී යයි. තම ෙදෙනික කටයුතුවලද යම් යම් බාධා ගෙනදිය හැකි අතර අහිමි වේ යැයි සිතා සිටි ණය මුදලක් ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

සිංහ

රැකියාවල අවුල් සහගත තත්ත්වයක් මතුකළ හැකි අද දින අතිරේක වැඩකටයුතුවලට යොමුවීමෙන් කිසිදු වැඩක් ක්‍රමවත්ව කරගෙන යෑමට නොලැබෙන බව පෙනී යයි. උසස් අය සමග සබඳකම් වර්ධනය වන අතර අතිරේක ධන ලාභ ගෙනදිය හැකි දවසකි.

කන්‍යා

අද දින රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට එතරම් සුබදායක නොවන බව දක්නට ලැබෙන අතර ආදායම ලැබුණද වියදම් පක්ෂය ඉහළ යෑම නිසා මුදල් ඉතිරි කරගැනීම තරමක් අපහසු වන බව පෙනී යයි. පුද්ගලික කටයුතුවල වෙනසක් ගෙනදිය හැකි දවසකි.

තුලා

තාවකාලික රැකියාවල නිරත වූවන්ගේ රැකියා ස්ථිර වේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරික කටයුතු විධිමත්ව කරගැනීමට හැකිවන අද දින තම අපේක්ෂාවන් සාර්ථක කරගැනීමට හිතවතුන්ගේ සහයෝගය ලබාගත හැකි දවසකි. ආර්ථිකයේ සුවිශේෂි වර්ධනයක් උදාකරනු ඇත.

වෘශ්චික

රැකීරක්ෂා කටයුතුවල කිසියම් දියුණුවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් යහපත් බව දක්නට ලැබෙන අද දින කාර්යබහුලතාව හේතු කොටගෙන ෙදෙනික අවශ්‍යතා කිහිපයක්ම අතපසු වන බව පෙනී යයි. ආදායම් තත්ත්වය යහපත් වුවද මුදල් ඉතිරිකර ගැනීම අපහසු නොවේ.

ධනු

ප්‍රමාද වෙමින් තිබූ බොහෝ කටයුතු රාශියක් ඉටුකර ගත හැකි අද දින රැකියා කටයුතු යහපත් ලෙස කරගෙන යෑමට හැකිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව පෙනී යයි. අමතර ආදායම් කෙරෙහි සිත යොමුවේ. පවු‍ලේ සතුට හා සමගිය වර්ධනය වන දවසකි.

මකර

රැකියා කටයුතු සාර්ථක වන අද දින ව්‍යාපාරික කටයුතුවල පසුබෑමක් දක්නට ලැබේ. අධ්‍යාපන කටයුතුවල බලා‍පොරොත්තු වූ තරම් ප්‍රගතියක් දක්නට නොලැබෙන අතර කිසියම් ගැටලුකාරී තත්ත්වයක් නිරවුල් කරගැනීමට හැකිවන දවසකි. පවු‍ලේ සමගිය හා සමාදානය වර්ධනය වේ.

කුම්භ

‍පොළොව ආශ්‍රිත කටයුතුවල යෙදී සිටින අයට හා ව්‍යාපාරිකයන්ට සුබපල උදා කරයි. ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව පෙන්නුම් කරයි. රැකියා කටයුතු සාර්ථක වන අතර අමනාපයෙන් සිටි අය යළි සමගි වන ලකුණු පහළ වේ. තම හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය කරගත හැකි දවසකි.

මීන

ආදායම් කටයුතු නිසි පරිදි සංවිධානය කරගැනීමට අ‍පොහොසත් වීමෙන් ආර්ථික තත්ත්වය පිරිහීමට පත්විය හැකි අද දින ව්‍යාපාර කටයුතුවලින් විශේෂ දියුණුවක් ලබාගත හැකි දවසකි. නව රැකියා මාර්ග කෙරෙහි සිත යොමුවන අතර යුගදිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.

(rivira.lk)

 

0 comments:

Post a Comment