Sunday, October 19, 2014

Tagged Under: , ,

Ranil and Chandrika meet

By: Prosperity Tech On: 10:42 AM

රනිල්ගේ සහයට එන චන්ද්‍රිකාත් සමඟ ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයින් විපක්ෂ වේදිකාවට

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැඳවීමටත්, ඇය විපක්ෂ වේදිකාවට ගොඩවන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ශ්‍රී.ල.නි.ප. චරිත කිහිපයක් ඇයත් සමඟ එම වේදිකාවට නැංවීමටත් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී.ල.නි.පයෙන් එක්වූ ප්‍රබල මන්ත්‍රීවරයෙකු මේ දිනවල කටයුතු කරගෙන යන බවට වාර්තාවේ.

එම මූලික සැලසුම්වලට අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රි
කා බණ්‌ඩාරනායක ද සති දෙකකින් ලංකාවට එන බව තහවුරු කර තිබිණි. ඇය පැමිණි පසු ඇය සමඟ කටයුතු කරන කණ්‌ඩායමේ ප්‍රතිපත්තිවලට ගරු කරන, පොදු බලවේගයක්‌ මත ගොනු වූ, පොදු වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නඟන්නට කැමති, වෙනම ලාංඡනයක්‌ යටතේ සටන් වදින පොදු අපේක්‍ෂකයකුට ජවයක්‌ සැපයීමට ක්‍රියා කරන බවට එකඟ වී ඇති අතර ඒ අනුව තව සති දෙකකින් ලංකාවට පැමිණෙන ඇය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ නම් අපේක්‍ෂකයාගේ සහායට දේශපාලන වේදිකාවට පවා ගොඩවනු ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
හිටපු ජනාධිපතිනියත් සමඟ වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි ලෙස කලකිරී සිටින ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයින් කිහිප දෙනෙකුද විපක්ෂ වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.

courtesy to 'readsrilanka.com'

 

0 comments:

Post a Comment