Tuesday, October 21, 2014

Tagged Under: , ,

Boxing Legend Muhammad Ali Critically Ill

By: Prosperity Tech On: 1:10 AM

(SCROLL DOWN FOR THE VIDEO)එදා මෙදා තුර බිහිවූ ලොව විශිෂ්ටතම බොක්සිං ශූරයා ලෙස සැලකෙන අමෙරිකානු ක්‍රීඩක මොහොමඩ් අලි අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවී තිබේ.
වසර 30ක පමණ කාලයක සිට පාකින්සන් රෝගයෙන් පෙළෙන ඔහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව ‍පවුලේ ඥාතීහු පවසති.
මොහොමඩ් අලිගේ ජීවිතය පාදක කරගෙන නිපදවෙන චිත්‍රපටයක විශේෂ උත්සවයක් සඳහා ඔහුට ඇරයුම් ලැබී තිබුණ ද රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඒ සඳහා සහභාගි වීමට හැකියාවක් ලැබී නොමැත.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළි වී ඇත්තේ, ඉන් පසුව ය.
මේ වන විට 72 වන වියේ පසුවන මොහොමඩ් අලි උපත ලැබුවේ, 1942 වසරේ ජනවාරි මස 17 වන දා ය.
1960 වසරේ ඔලිම්පික් උළෙලේ ලයිට් හෙවිවේට් පන්තියේ රන් පදක්කම ද දිනාගත් ඔහු සහභාගි වූ ජාත්‍යන්තර 61න් 56ක් ම ජයගෙන තිබීම විශේෂත්වයකි.
ඔහුගේ උස අඩි 6 අඟල් 3ක් වන අතර The Greatest, The People’s Champion සහ The Louisville Lip යන ආරූඪ නම්වලින් ද ඔහු හඳුන්වනු ලැබිණි.
මොහොමඩ් අලි බොක්සිං තරගයක් අතරතුර:


(newsfirst.lk)

0 comments:

Post a Comment