Wednesday, October 22, 2014

Tagged Under: , ,

Daily horoscope, today daily horoscope 23-10-2014

By: Prosperity Tech On: 8:52 PM
අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 23 දින 


මේෂ
ආදායම් තත්ත්වය යහපත් වන අද දින අශුභඵල බොහෝ දුරට සමනය වනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි අත්වේ. රැකියාවේ  සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර ලියකියවිලි සම්බන්ධ ගැටලුවක් විසඳාගැනීමට හැකිවන බව පෙන්නුම් කරයි. පවු‍ලේ පී්‍රතිය හා වාසනාව උදා කෙරේ.
වෘෂභ
රැකියා ස්ථානයේ සාර්ථකත්වය ඇති වේ. ආර්ථිකය සතුටුදායකය. ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි දවසකි. පැවැති ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීමට හැකිවෙයි.

මිථුන
තම පදිංචි නිවස සම්බන්ධ ප්‍රශ්නයක් මතුවීමෙන් සිතට අසහනකාරී තත්ත්වයක් ගෙනදිය හැකි ප්‍රවණතාවක් පවතී. ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අද දින ආර්ථිකය යහපත් බව පෙනීයයි. රැකියා කටයුතු යහපත්ය. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙන දෙයි.

කටක
රැකියා ස්ථානයේ විවිධ ගැටලු පැන නගී. ආයතන ප්‍රධානියකුගේ දැඩි විවේචනයට ලක්වන බව පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයන්ට ශුභදායකය. ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපවාද පවා ඇසීමට සිදුවන අතර මුදල් පිළිබඳ බරපතළ ගැටලුවකට මුහුණදීමේ ප්‍රවණතාවක් පවතී.

සිංහ
අපේක්ෂාවෙන් සිටි දෙයක් නොලැබි යාම නිසා සිතට දැඩි වේදනාවක් ගෙන දේ. රැකියාවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට ශුභදායකය. ආර්ථිකය සතුටුදායක වන අතර ඥාතීන් සමග වෙනදා නොතිබූ සමීප ඇසුරක් පවත්වන බව පෙනී යයි. යුගදිවිය පී්‍රතිමත්ය.

කන්‍යා
කාර්ය බහුල දිනයක් බව පෙනී යයි. බාධා මැද වුවද තම කටයුතු කරගෙන යාමේ හැකියාව පෙන්නුම් කරන අතර ව්‍යාපාරික කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. දරුවකුගේ ක්‍රියා කලාපය හේතුකොටගෙන ඔබ කම්පාවට පත්විය හැකි වාතාවරණයක් දක්නට ලැබේ.

තුලා
රැකියා ස්ථානයේ සාර්ථකත්වය ඇති වේ. ආර්ථිකය සතුටුදායකය. ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි දවසකි. ඔබගේ දරුවන්ට යහපත් ප්‍රතිඵල ගෙන දේ. යුග දිවිය පී්‍රතිමත්ය.

වෘශ්චික
ආයතන ප්‍රධානීන් සමග කටයුතු කිරීමේ දී තරමක් විමසිලිමත් විය යුතු දවසකි. ව්‍යාපාරිකයන්ට වාසි සහගත තත්ත්වයක් උදාවන අතර ආර්ථිකය යහපත් වුවද වැයපස පාලනය කිරීම තරමක් අසීරු වන අතර නිවසේ පරිසරය තුළ සිත කලකිරවන සිදුවීමක් මතුවීමේ ප්‍රවණතාවක් පවතී.

ධනු
රැකියා කටයුතුවල දී මානසික නොසන්සුන්තාවන් පැනනැගීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන අද දින ආර්ථිකය සතුටුදායක වන අතර උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන අයට ශුභදායක බව පෙන්නුම් කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය.

මකර
රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වන අද දින ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකය. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර මතෛක් පැවැති බාධා අවම වනු ඇත. මුදල් ගනුදෙනුවල දී රැවටිලිවලට අසුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති දවසකි.  ගෘහ ජීවිතය යහපත්ය.

කුම්භ
තම බලා‍පොරොත්තු සාර්ථකත්වයට පත්වන අද දින රැකියා කටයුතුවල යහපත් ප්‍රගතියක් දක්නට ලැබේ. ආදායම් තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායක බව පෙන්නුම් කරයි. ගෙදරදොර වටපිටාව ප්‍රීතිදායක තත්ත්වයකට පත්විය හැකි දවසකි. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

මීන
අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි බව පෙන්නුම් කරන අතර රැකීරක්ෂා තනතුරුවල ශුභවාදී තත්ත්වයක් දක්නට ලැබෙන අද දින අයවැය සමබරව පවත්වාගගැනීමට අපහසු වෙතත්, ආදායම් තත්ත්වය යහපත් වනු ඇත. ගෙදරදොර වාදවිවාද මතගැටුම් ගෙනදිය හැකි දවසකි.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස
(rivira.lk)

0 comments:

Post a Comment