Tuesday, October 21, 2014

Tagged Under: , ,

I Have No Idea to act

By: Prosperity Tech On: 6:22 PM

රඟපාන්න අදහසක් තවම නම් නෑ - මුල් පිටුවේ රිද්මාලි

http://www.rivira.lk/online/images/2014/10/19/r.jpgස්වර්ණවාහිනියේ මුල් පිටුවත් ලෝක සිතියමත් හැඩ කරන හැඩකාරිය රිද්මාලි නගරනායක ගැන මෙවර රිවි සරසි පිටුවක් හැඩ කළා. මේ ඇය ගැනයි.
රිද්මාලි කොහොමද තොරතුරු?
හොඳයි. හොඳින් ඉන්නවා.

වෘත්තීය ජීවිතේ කාලසටහන වෙනස් වුණා නේද?
දැන් නිවේදන වෘත්තියට අමතරව මනෝ විද්‍යා පරීක්ෂණ ආයතනයේ අලෙවි විධායකවරියක් හැටියට වැඩ කරනවා. උදේ පහ වෙනකොට ස්වර්ණවාහිනියට යනවා. මුල් පිටුව කරන දවසට ඒ වැඩ කටයුත්ත කරලා රැකියා ස්ථානයට යනවා. මුල් පිටුව නැති දවසට ලෝක සිතියම කරලා කාර්යාලයට යනවා.

විශ්ව විද්‍යාල ගමන නතර වුණේ මාධ්‍ය ජීවිතයට සමීප වුණ නිසාද?
මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණේ සංගීත අංශයෙන්. සංගීත විෂයෙන් උපාධිය ගත්තොත් ගුරු වෘත්තියට හෝ මාධ්‍යයට තමයි සම්බන්ධ වෙන්නේ. අවුරුදු හතරක් ඒකට කාලය ගත කරනවාට වඩා වෙනත් විෂයකින් වැඩිදුර අධ්‍යාපනය ලබන එක හොඳයි කියලා හිතුණා. ඒ නිසා විශ්ව විද්‍යාල ගමන නතර කළා. ඒ වුණාට අලෙවිකරණ පාශ්චාත් උපාධියකට මම මේ දවස්වල සූදානම් වෙනවා.

ඇයි අලෙවිකරණය තෝරා ගත්තේ ?
මම ඒ විෂයට කැමතියි. ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරන නිසා ප්‍රයෝජනවත් වෙනවා. භාණ්ඩ අලෙවි කරන්න ඕන මිනිස්සුන්ට ආකර්ෂණය වෙන විදියට. අලෙවිකරණය ගැන වැඩිදුර ඉගෙන ගත්තොත් මටත් අලුත් දෙයක් කරන්න පුළුවන් වෙයි.

රිද්මාලිව හඳුනාගන්නේ ලෝක සිතියම හා මුල් පිටුව නිසයි. එතැන දැන් හුරු පුරුදුද?
මාව මුලින්ම තෝරා ගත්තේ ලෝක සිතියම කරන්න. ලෝක සිතියම කරන්න පටන් අරන් අවුරුදු හතරක් ගත වුණා. දර්ශිකා අක්කා විදෙස් ගතවුණ නිසා මට මුල් පිටුව කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු තුනක ඉඳලා මුල් පිටුව කරනවා. මුල් දවස්වල වගේ නමෛයි දැන් හරිම හුරු පුරුදු තැනක් වෙලා. වරදිනවත් අඩුයි. ඉස්සර මගේ කටහඬ මුල් පිටුවට බර මදියි කියලා හුඟ දෙනෙක් කිව්වා. ඒත් දැන් මගේ කටහඬටත් කවුරුත් හුරු වෙලා.

පත්තර විස්තර කියන මුල් පිටුව වගේම ලෝක සිතියම කරද්දී දැනුමෙන් යාවත්කාලීන වෙන්න ඕන නේද?
ප්‍රවෘත්ති බලන්න නම් මට වේලාවක් ලැබන්නේ නැහැ. ඒ වුණාට වබේ අඩවිවලින් මම දවසේ ප්‍රවෘත්ති ටික ගැන දැනුවත් වෙනවා. උදේට ස්වර්ණවාහිනියට ගියහම නිෂ්පාදකතුමා මුල් පිටුවට ගන්න ඕන ප්‍රවෘත්ති සටහන් කරලා තියෙනවා. ඒවා බලා ගන්නවා. ඒ දේවලට ලෑස්තිවෙලා තමයි ස්ටුඩියෝ එකට යන්නේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මම දැන් වැඩසටහන ඉදිරිපත් කරන විදිය ගොඩක් වෙනස් කියලා සමහර අය කියනවා. ඉස්සරට වඩා ගොඩක් දියුණුවෙලා කියලා තමයි කියන්නේ. බන්දුල පද්මකුමාර සර් නැති දවසට මම කාටුන් ඉදිරිපත් කරනවා. ලොකු පිරිසකගෙන් මට ප්‍රතිචාර ලැබෙන්නේ කාටුන් ඉදිරිපත් කරන විදිහට. ඒ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ බන්දුල සර් නිසයි.
වැඩසටහන හරියට හසුරුවන්නත් සර් හුඟක් උදව් කරනවා. ඒ නිසා සර්ට ස්තූති කරන්න ඕන.

ගෙදරින් ලැබෙන සහයෝගය කොයිවගේද?
මගේ අම්මා කුමාරි නාගරනායක. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ කළේ. දැන් විශ්‍රාමිකයි. අප්පච්චි ආනන්ද බණ්ඩාර නාගරනායක. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අප්පච්චිත් විශ්‍රාමිකයි. මට හුඟක් උදව් කරන්නේ ඒ දෙන්න. අම්මයි අප්පච්චියි විවාහ වෙලා අවුරුදු පහළොවක් ගියාට පස්සේ තමයි මාව ලැබිලා තියෙන්නේ. ඒ නිසාත් පවු‍ලේ එකම දරුවා හැටියටත් මට ශක්තියක් වෙන්නේ ඒ අය. කවදාවත් මට නීති රීති දාන්නෙවත් නැහැ.

රිද්මාලි රඟපාන්න කැමති නැද්ද?
තවම රඟපාන්න අදහසක් නම් නැහැ. ඊට වඩා නිවේදන වෘත්තියට කැමතියි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - ප්‍රදීප් දඹරගේ
පසුතලය-ස්වර්ණමහල්
http://www.rivira.lk/online/images/2014/10/19/img_2234.jpg
http://www.rivira.lk/online/images/2014/10/19/img_2284.jpg

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/10/19/img_2292.jpg

0 comments:

Post a Comment