Monday, October 20, 2014

Tagged Under: , ,

Your Daily Forecast - Astrology

By: Prosperity Tech On: 5:30 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 21 දින

මේෂ

බලා‍පොරොත්තු වූ අදහසක් ඉටු කර ගැනීමේ භාග්‍ය උදා විය හැකි බව පෙන්නුම් කරයි. තම රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන අද දින ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙන අතර ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි.
වෘෂභ

රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින, ආර්ථිකය ශුභදායකය. කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි අතර හවු‍ලේ කරන ගනුදෙනුවකින් ප්‍රයෝජනයක් ලැබෙන බව පෙන්නුම් කරයි. සිතට තරමක ආඩම්බරකාරී බවක් ගෙන දෙන දවසකි.

මිථුන

වෙළෙඳ ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමෙන් පාඩු සිදුවිය හැකි අද දින රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ආර්ථික වශයෙන් එතරම් යහපත් නොවන අතර අනුන් කළ යුතු වියදම් ද ඔබට දැරීමට සිදුවන බව පෙනී යයි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

කටක

දේපළ සම්බන්ධව නීතිමය ගැටලුවකට මුහුණ දීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. රැකියා කටයුතුවලට යහපත් වන අද දින නව රැකියා අපේක්ෂකයන්ට ශුභදායකය. වෙහෙසෙන තරමට ප්‍රතිඵල නොලැබෙන අතර ප්‍රේම සම්බන්ධතාවන්ට වැඩිහිටියන්ගේ විරෝධතා මතුවීමේ ප්‍රවණතාවක් පවතී.

සිංහ

පවු‍ලේ කටයුතුවලදී මූලික වීමට සිදුවන බව දක්නට ලැබේ. රැකියාවල නියුතු අයට යහපත් තත්ත්වයක් උදාවිය හැකි අද දින ව්‍යාපාරිකයන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්නුම් කරන අතර උගත් පුද්ගලයන්ගේ උදව් උපකාර හිමි වුවද, හිතවතුන් සමග මත ගැටුම් ගෙන දිය හැකි දවසකි.

කන්‍යා

ව්‍යාපාර කටයුතුවල නව ප්‍රගතියක් පෙන්නුම් කරන අද දින රැකියා කටයුත්තක් සඳහා යන ගමනකින් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව පෙනී යයි. හිතවතුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වන අතර පවු‍ලේ අයගේ හොඳ හිත දිනා ගන්නා දවසකි.

තුලා

ෙදෙනිකව කරගෙන ආ වැඩ කටයුතුවල වෙනසක් සිදුවිය හැකි අද දින විශේෂ වියදමක් දැරීමට සිදුවන කටයුත්තක් යෙදෙන බව පෙනී යයි. නව රැකියා හෝ උසස් වීම් ගෙන දීමට ඉඩ ඇති අතර ඔබේ හිතවත් මිතුරෙකු සමග අමනාප විය හැකි දවසකි.

වෘශ්චික

බුද්ධිමත් අයගේ සහයෝගය ලබාගත හැකි අද දින සිතේ පී්‍රතිය ගෙන දෙන අන්දමේ තත්ත්වයක් උදා වෙයි. රැකියා කටයුතුවල සාර්ථකත්වයක් ගෙන දෙන අතර ව්‍යාපාරිකයන්ට ශුභදායකය. අධ්‍යාපන කටයුතුවලට යහපත් දවසකි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

ධනු

රැකියාවල නියුතු අයට රැකියාවේ උසස්වීම්  සහ ස්වයං රැකියාවල නියුතු අයට ශුභදායක වන අතර ආගමික කටයුතුවලට තම කාලයත්, ධනයත් වැය කිරීමට පෙලඹෙන අද දින සිතේ පැවැති බලා‍පොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. පවු‍ලේ වාසනාව උදාවේ.

මකර

රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ සහයෝගය ලබා ගත හැකි අද දින අතිරේක මුදලක් අතට පත්වේ. කලක සිට බලා‍පොරොත්තුවෙන් සිටි උසස්වීමකට ඉඩ ඇති බව පෙන්නුම් කරන අතර, ව්‍යාපාරිකයන්ට ශුභපල උදාවිය හැකි දවසකි. ගෘහ ජීවිතය සතුටුදායකය.

කුම්භ

අද දින රැකියා කටයුතුවල නව පිබිදීමක් දක්නට ලැබේ. ව්‍යාපාරිකයන්ට වැඩි ලාභ අත්වන අතර ඉඩකඩම් ආදියෙන් බලා‍පොරොත්තු නොවූ ආදායමක් ලබා ගන්නා බව පෙන්නුම් කරයි. මතු දියුණුව තකා කරන කටයුත්තකින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

මීන

ව්‍යපාරවල යෙදී සිටින අයට යහපත්ය. ලාභ ප්‍රයෝජන ලබා ගන්නා බව දක්නට ලැබේ. ආර්ථික වශයෙන් සතුටුදායක තත්ත්වයක් පවතින අතර රැකියාවේ වෙනසක් සිදුවන බව පෙන්නුම් කරයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතු දවසකි.

(rivira.lk)


 

0 comments:

Post a Comment