Sunday, January 11, 2015

Imran Khan Second Marriage With Reham Khan

By: Prosperity Tech On: 12:08 AM


පාකිස්තානය කැලඹූ ඉම්රාන්ගේ දෙවැනි විවාහය

ලෝක ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස නමක් දිනා සිටි පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායකයා ලෙසින් ද පාකිස්තාන ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. ඔහු එරට අනාගත අගමැතිවරයා වනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබේ.
මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් පසුගිය සතියේ ලෝක ක්‍රිකට් පිටියේ මෙන්ම දේශපාලන පොර පිටියේ කාගෙත් අවධානයට ලක්වෙමින් දෙවැනි වරටත් විවාහ දිවියට ඇතුළත්විය. ඔහුගේ අතගත්තේ බී.බී.සී.යේ කාලගුණය පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කළ රිහාම් ඛාන්ය. 41 හැවිරිදි රිහාම් ඛාන් එංගලන්තයේ ජීවත්වූ පාකිස්තාන කාන්තාවකි.
ඉම්රාන් මෙන්ම ඇය ද මීට පෙර විවාහ වී සිටි කාන්තාවකි. දෙදෙනා අතර කාලයක් පුරා දළුලා වැඩුණු ප්‍රේමය විවාහය දක්වාම රහසක් ලෙස තබාගැනීමට ඉම්රාන් සමත්වූ අතර එය අනාවරණය වූයේ පසුගියදා සිය විවාහයට හිටපු බිරියගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔහු එංගලන්තයට යාමත් සමගය. එහි දී ඔහුගේ හිටපු බිරියත්, පුතුන් දෙදෙනාත් හමුවූ ඉම්රාන් සිය විවාහය පිළිබඳ සියලු තතු ඔවුන් හමුවේ පැවැසූ බව එංගලන්තයේ ‘ඩේලි මේල්‘ පුවත්පත වාර්තා කළේය. ‘නැවත විවාහ වීමට තීරණය කළ බව කියන්නයි මම ආවේ. කොහොමවුණත් විවාහය කියන්නේ සරල දෙයක් නෙවෙයි. විශේෂයෙන් දරුවනුත් ඉන්න නිසා දෙවැනි විවාහයේ දී පරිස්සමෙන් කටයුතු කරන්න වෙනවා. ‘ඔහු හිටපු බිරිය ජෙමීමාට එසේ කියා තිබේ.
ඉම්රාන් හා රිහාම් පසුගිය සතියේ ලහෝර් නුවරදී හොර රහසේම යුග දිවියට පිවිසි බව දැන සිටියේ අතලොස්සකි. ඔහුගේ පවුලේ සියලුදෙනා මේ විවාහයට එරෙහිවූ බව ඉම්රාන්ගේ සමීපතම හිතවතකු වන ආචාර්ය ශාහීඩ් මසූඩ් කීවේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ දේශපාලනය පිළිබඳ දැඩි උනන්දුවකින් දක්වන රිහාම් පාකිස්තානයේ අනාගත පළමු කාන්තාව බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවය. ඉන් අදහස් වන්නේ ඇය ඉම්රාන් හා විවාහ වූයේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අභිලාෂයෙන් බවය. ඉම්රාන්ගේ හා රිහාම්ගේ විවාහයට පාකිස්තාන ජනතාවගේද එතරම් ප්‍රසාදයක් නොමැත. සමාජ වෙබ් අඩවි ගණනාවකම ඔවුන්ගේ විවාහය විවේචනයට ලක් කරමින් විවිධ පණිවුඩ රාශියක් පළකොට තිබිණි.
මීට පෙර වෛද්‍යවරයකු හා විවාහ වී සිටි රිහාම් දරු තිදෙනකුගේ මවකි. බී.බී.සී.රූපවාහිනී සේවයෙන් ඉවත්වූ ඇය දැන් පාකිස්තානයේ ඒ.ඒ.ජේ.ටීවි විසිහතර පැයේ රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටින්නීය.
සිය ක්‍රිකට් ජීවිතයේ සැඳෑසමයේ දී පාකිස්තානයට ලෝක එක්දින ක්‍රිකට් කුසලානය හිමිකර දෙමින් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම අවිවාහකයකු ලෙස ජීවත්වූ ඉම්රාන් පළමු වරට විවාහ දිවියට ඇතුළත් වූයේ 42හැවිරිදි වියේ පසුවෙද්දීය. පාකිස්තානයේ කෙතරම් රූමතියන් සිටියත් ඔහුගේ බිරිය බවට පත්වූයේ එංගලන්තයේ ඉහළ පැලැන්තියේ වංශවත් කුමරියක වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත්ය.
ඒ වනවිට 21හැවිරිදි වියේ පසුවූ ජෙමීමා ඔහු සමග අතිනත ගැනීමෙන් පසුව පාකිස්තානයේ පදිංචියට පැමිණියාය. එහෙත් ඉම්රාන්- ජෙමීමා විවාහයට වැඩි ආයුෂ තිබුණේ නැත. වසර 9ක විවාහ ජීවිතය කුරුටු ගා 2004 වසරේ දී ඇය නැවත එංගලන්තය බලා පිටත්වූයේ ඉම්රාන්ට දාව උපන් පුතුන් දෙදෙනාත් කැටුවය.
යළි තනිකඩ ජීවිතයකට හිමිකම් කී ඉම්රාන් පූර්ණකාලීනව දේශපාලනයට එක්විය. වසර ගණනාවකට පසුව ඔහුට නැවත විවාහවීමේ සිතක් පහළ වීම එක අතකින් එය අරුමයක් නොවන්නේ තනිකඩ ජීවිතයක් ගතකළ කාලය පුරාම ඔහු වරින් වර විවිධ රටවල රූමත් කාන්තාවන් ඇසුරු කළ බැවිනි.
එහෙත් ඉම්රාන්ගේ දෙවැනි විවාහය ද ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අවිනිශ්චිත එකක් වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.

Friday, January 9, 2015

Dilan Perera has resigned from his ministerial posts

By: Prosperity Tech On: 4:14 AM
ඇමති ඩිලාන් අස්වෙයි - විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. අද (09) පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග සදහන් කළේ.

Maithripala Sirisena watches election results on TV

By: Prosperity Tech On: 2:41 AM
මෛත්‍රිපාල සිරිසේන ඡන්ද ප්‍රතිඵල බැලුූ හැටි (ඡායාරූපයක්) ඊයේ රාත්‍රියේ ජනපතිවරණ ප්‍රතිඵල රූපවාහිනියෙන් විකාශය වෙද්දී දැනට එහි ජයග්‍රාහකයා බවට පත්ව සිටින මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එම ප්‍රතිඵලය ඔහු සිටි කාමරයේ රූපවාහිනී තිරයෙන් නැරඹූ හැටි දැක්වෙන ඡායාරූපයක් මේ සමග පළ වෙනවා. මෛත්‍රිපාල සිරිසේන නව ජනපති ලෙස දිවුරුම් දීම අද සවස සිදුවන බවට වාර්තා පළවෙනවා.

Thursday, January 8, 2015

Wedding couple vote for select president

By: Prosperity Tech On: 4:13 AM

විවාහ වුනත් ඡන්දය අමතක කරපු නැති යුවල

ජනාධිපතිවරණයට ඡන්දය භාවිතා කරමින් මංගල ගමන් යන්නට මාරවිල යුවලකට හැකියාව උදා විය.ඔවුන් තම විවාහ මංගල උත්සවය කටුනේරිය දේවස්ථානයේදී සිදු කිරමෙන් අනතුරුව කටුනේරිය මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිතා කිරීමෙන් පසුව පිටවී ගිය ආකාරය ඡායාරූපයේ වේ.





 

Megumi Igarashi (Rokudenashiko): "Art and obscenity:

By: Prosperity Tech On: 3:53 AM

alt

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන කාන්තාව

තම ස්ත්‍රී  ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණය කරන ජපන් කලාකාරියකට එරෙහිව අසභ්‍ය දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක්ව ඇත.
මෙගුම් ඉගරශි නම් වූ 42 හැවිරිදි මෙම කාන්තාව තම අසභ්‍ය නිර්මාණ ටෝකියෝවේ ලිංගික අංගෝපාංග වෙළඳ සැලක ප්‍රදර්ශනය කර ඇත.එසේම තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමාණ දත්ත පුද්ගලයන් වෙත යවා ඇති බවත් සඳහන් වේ.

මැය මුල් වරට ජූලි මාසයේ දී  අත්අඩංගුවට පත් විය. ඇය නිදහස් කරනු ලැබූවේ ජනතා බලපෑම සහ නීතිමය අභියායචනයක් සාර්ථක වීමෙනි.

පසුගිය 24  දින ඇය චෝදනා ලබා ඇත්තේ තම ස්ත්‍රී ලිංගයේ අනුරුවක් ප්‍රදර්ශනය කිරීම සහ අන් අයටත් ත්‍රිමණ පිටපත් සකසා ගත හැකි ලෙස තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමණ දත්ත බෙදා හැරීම සම්බන්ධයෙන් බව විදෙස් පුවත් පත් වාර්ථා කර සිටී.

රෝකු දෙනෂි-කො එසේත් නැතිනම් “නරක ගැහැණු ළමයා“ ලෙස පෙනී සිටින ඉගරශි චෝදනාවට නිවැරදිකාරිය වන බවටද තීරණය වී ඇත.

“ඉතා හුරු බුහුටි ලෙස සැරසිලි මගින් අලංකාර කර ඇති ලිංගේන්ද්‍ර වන මගේ නිර්මාණ සියල්ලේම අරමුණ හුදු හාස්‍ය රසයක් ලබා දීම එහි ඇති කිසිම අසභ්‍ය බවක් නැහැ. යනුවෙන් ඇය අධීකරණය හමුවේ කියා ඇත.“ යනුවෙන්ද එම පුවත්  පත වර්ථා කර සිටී.

අසභ්‍ය දේ පිලිබද ජපාන නීතිය මගින් ලිංගේන්ද්‍ර ප්‍රතිනිර්මණය කිරීම  තහනම් කර තිබෙන අතර, රූපවාහිනී මධ්‍ය සහ ඡායාරූපවල  බොදවී ගිය ආකාරයෙන් ප්‍රදර්ශනය කළ යුතු බව දැක්වේ.

ඇය මෙම චෝදනාවට වැරදිකාරිය වූවා නම් වසර දෙකක සිර දඩුවමක් ජපන් යෙන් මිලියන 2.5 ක මුදලක් ගෙවන්නට සිදු වන බවත් පැවසේ.

ස්ත්‍රී ලිංග හැඩඩය ගත් කුඩා ඔරුවක ආකෘතිය ඉගරෂි ප්‍රසිද්ධියට පත් කල නිර්මාණයකි.

http://www.lapatilla.com/site/wp-content/uploads/2014/07/2014-07-16T124023Z_348957296_GM1EA7G1IGR01_RTRMADP_3_JAPAN-OBSCENITY.jpg

Piumi Hansamali - I dont care gossip

By: Prosperity Tech On: 3:37 AM


මම කටකතා ගනං ගන්නේ නෑ - පියුමි හංසමාලි

මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ඉතාමත් සාර්ථකත්වයට පත් වී සිටින ඇය රංඟනයට නම් අලුත් මුහුණක් මෝස්තර නිරූපණය වගේම රඟපෑමෙන ද සාර්ථක ගමනක් යාමට සූදානම් වන ඇය ගැන තොරතුරු සොයා බලන්න අදත් තරුවක් සමඟ මොහොතක් සමග එක්වෙනවා.
රංඟන ශිල්පිනියක් වෙන්න හිතුවෙ මොකද?
රංඟන ශිල්පිනියක් වෙන්න හිතුවෙ නෑ.ඒ අවස්ථාව උදා වෙන්නෙ අහම්බෙන්, හීනෙකින්වත් නොසිතූ විධියට රඟපෑමේ අවස්ථාව උදා වෙලා මට ලැබෙන ප්‍රතිචාර, ඒ ප්‍රතිචාර නිසා දැනෙන සතුට කියල නිම කරන්න බැහැ.
මෝස්තර නිරූපන ශිල්පිනියක් දෙස ගොඩාක් දෙනෙක් බලන්නෙ  වපර ඇසින් ඔයා ඒ ගැන හිතන්නෙ මොනවද?
මෝස්තර නිරූපණ ශිල්පිනියක් දිහා වපර ඇසින් බලන්නෙ නූගත් අය. මොකද මෝස්තර නිරූපණය කියන්නෙ හොඳ රැකියාවක් හැටියට ලෝකයම පිලි අරගෙන තියෙනවා. ඇත්තටම නිරූපණ ශිල්පිණියකගෙ  ඇඳුම් පැළඳුම් දෙස වපර ඇසින් බලන්නෙ නූගත් අය කියල තමයි මට නම් කියන්න තියෙන්නෙ.
ලංකාවේ විලාසිතා හා ජාත්‍යන්තර විලාසිතා ගැන මොකද හිතන්නෙ?
ලංකාවෙ තියෙන්නෙ සංස්කෘතියට ගැලපෙන විලාසිතා. ජාත්‍යන්තර නිරූපණය ඉන් එහාට ගිය දෙයක් ඒ ඇඳුම් විලාසිතාවලට සීමාවන් පනවලා නැහැ.හරිම විවෘත ලෙස තමයි ජාත්‍යන්තරයේ මිනිස්සු හිතන්නේ.අපේ වගේ සංකෘතිය විසින් ඇඳ බැඳ තබා ගත්තු විලාසිතා ජාත්‍යන්තරයේ නැහැ. සංකෘතිය හරි වෙන කිසියම් කරණාවක් ගැන හිතා ගෙන ඉන්නෙ නැහැ. මම හිතන්නෙ නිරූපණයේදී ඒ අය හරි. අපේ මිනිස්සු තමයි වැරදි.
පෞද්ගලික කතාරතුරු ටිකක් කියමුද?
මගේ නම පියුමි හංසමාලි ගෝමස්.ගම රාජගිරිය. ඉගන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයේ. මට ඉන්නෙ අම්මා විතරයි.තාත්තා ජී වතුන් අතර නැහැ. තාත්ත නැතිවෙලා තියෙන්නෙ මට වයස අවුරුදු 6දී. මට සහෝදර සහෝදරියන් කව්රුවත්ම නැහැ.
නිරූපණ ශිල්පිනියක් හරි රංඟන ශිල්පිනියක් හරි නොවුනනම් කව්රු වේවිද?
ගෙදරට වෙලා ඉදීවි.මොකද මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතිං ඒ දේ උනෙත් නෑ.දැන්නම් මට හිතෙන්නෙ මම ගුවන් සේවිකාවක් වුණේ නැත්තෙ මගේ වාසනාවට කියල .
“රිතූ”  කියන චරිතය ගැන කථා කළොත්?
අහිංසක චරිතයක් කියලා තමයි කියන්න  තියෙන්නෙ.
ඔබ රඟපාන ලද චරිතයට ලැ‍බෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ලැබෙන ප්‍රතිචාර නම් කියල නිම කරන්න බෑ. මගේ රසික රසිකාවියන් පාරෙදි, බස් එ‍කේදී හැමතැනකම වගේ  මාව හදුනගෙන කොහොමද රිතු කියල අහනවා. ඒ කියන්නෙ ප්‍රේක්ෂකයන් මව දන්නව ඉතිං එහෙම ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.
ඔයා හිතෙන්නෙ ඔයා ජනප්‍රියයි කියලද?
ඔව්. රිතූට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතෙනවා මම ජනප්‍රියයි කියලා.
කරන්න බලායපාරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද?
අලුත් වැඩක් නරන්න ආසාවෙන් ඉන්නවා. ගොඩක් අලුත් වැඩ ආව. ඒවා භාර ගත්තෙ නැහැ.රිතූ ටෙලි නාට්‍යයේ රඟපාල ඉවර වෙලාම අගලුත් වැඩ භාර ගන්නවා. මොකද වැඩ වැඩි වුණාම හරියට එකක්වත් කර ගන්න බැහැ.

ඔයත් රිතූ වගේ අහිංසක චරිතයක්ද?
නැහැ. ඒ තරමටම අහිංසක නැහැ. ඊට වඩා ටිකක් නපුරුයි.
ඉදිරියේදී මොනවගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම් කැමතිද?
නපුරු චරිතයක් රඟපාන්න ලැබෙනවට කැමතියි.
“රිතූ” ටෙලි නට්‍යයේ රඟපාන්න ලැබුණ අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?
පියුමි ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් නොවෙයි. ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. පියුමි කියන කෙනා ගැන ලංකාව දැන ගන්නෙ රිතූ ටෙලි නාට්‍යයේ රිතූ කියන චරිතය නිසා  මට මෙහෙම අවස්ථාවක් ලබා දුන්නට ශාන්ත සොයිස මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕන.
දිගටම රංඟනයෙ යෙදිල ඉන්නවද?
දැනට නම් එහෙම වෙනසක් වෙන්න හිතල නෑ. ඉදිරියේදි කොහොම වෙයිද කියල දන්නෙ නෑ.
ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය  මොනවගේද?
ගෙදර අය ගෙන් නම් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අයගෙන් ලැබුණ සහයෝගය නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.
ආදරය ගැනත් කථා කරමුද?
මම ආදරය විදිනවා.ඒ ගැන තොරතුරු පස්සෙ කියන්නම්.
කෙනෙක් ජනප්‍රිය වන විට කටකථා හැදෙනවාකටකථා ගැන ඔයා හිතන්නෙ මොනවද?
 කට කථා නම් හරි නියමයි. මේ කටකථා කියන ඒවා හැදෙන්නෙ නැත්තෙ කාටද?හොඳට හිටියත් කටකථා හැදෙනවා. නරකට හිටියත් කටකථා හැදෙනවා. මට නම් කටකථා වලින් වැඩක් නැහැ. මම ඒවා ගණන් ගන්නෙත් නැහැ.පියුමි කියන්නෙ එහෙම කෙනෙක්. මම හොඳට කටකථා වලට මුහුණ දීලා තියෙන කෙනෙක්. මම  මගේ පාඩුවේ මගේ වැඩ ටික කර ගෙන ඉන්නව මිසක් කටකථා ගැන සොයන්න යන්නෙ නැහැ.
දේශපාලනයට එන්න එහෙමහ බලාපොරොත්තුවක් තියෙනවද?
දැනට නම් බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියේදි කියන්න බැහැ.
අනාගත බලාපොරොත්තු මොනවද?
ලැබෙන හැම දෙයක්ම හොඳට කරගෙන ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ.තවත් දෙයක් තියෙනවා ඒ තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව මිසිස්  වර්ල්ඩ් තරඟයට ඉදිරිපත් වෙන එක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSkTdflE9wR03qXPUQstFr2-Q8fGdOFuLrDYA662rez7tCt56fi5_QW1A7I7FArzsD4Ss8_j9iDJQhlauocmEir2JIMesscClszsW_dmu4hoZLhojPtJmOHU4cduSPqPfnSK-V9KGjg-oN/s1600/404042_208771385921402_1493970041_n.jpg 
http://www.sithmaweb.net/models/modelimage/89584542253_Piumi%20Hansamali%20(10).jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy1Nwa6JJMlsl23BypCkx4BMYaoS8B-r6S20UxGI1gI8gKvPos-tQw4OhyphenhyphenWK9hTlt_CHOOuLxjl_iN4GR_X6il5nEKYQjAw8AaNx1hs6oWHvcWO7gMlg3nhu-LMclHdFxJwKXX1c-7fbA/s1600/1398932_370093579790774_1320313293_o.jpg

 

"Rupavahini Corrects 'Crossover Story' Of Sajith Premadasa"

By: Prosperity Tech On: 3:18 AM

මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි කරයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය.
දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට දැන්වූ බවයි.
රූපවාහිනිය එම පුවත නිවැරදි කර විකාශනය කළ බව ද දේශප්‍රිය මහතා කියයි. 
(වීඩියෝ ඒසියන් මිර්ර අනුග්‍රහයෙනි)

(lankadeepa.lk)

Wednesday, January 7, 2015

What you did not know about air asia Devastation

By: Prosperity Tech On: 5:56 PM
නත්තලත් සමඟ එළැඹි නිවාඩු දින කීපය ගත කිරීමට ක්‍රිස්ටියානා සහ ඇගේ සහෝදරයාගේ පවුලේ අය තෝරා ගත්තේ සිංගප්පූරුවයි. ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ සිට සිංගප්පූරුව කරා යන මේ ගමනට ඔවුහු සුපුරුදු ලෙසින් අන්තර් ජාලය හරහා ප්‍රවේශපත් වෙන් කළහ. ඔවුන් ගේ ගමන නියමිතව තිබුණේ පසුගිය 28 වැනි ඉරිදාය. පවුලේ ඇත්තන් ලහි ලහියේ ගමනට සූදානම් වූයේ සිංගප්පූරුවේ විනෝදවීම සඳහා සිතේ වූ බලාපොරොත්තු ගොන්නද සමඟිනි.
අන්තිම මොහොතේ අපේ ජීවිත ගැලවුණා
ගමන පිටත්වීමට ගුවන් තොටුපොළ කරා මේ පවුල් දෙකේ අය ගියේ මෝටර් රථ දෙකකිනි. ඒ යද්දී ඔවුන් යෑමට නියමිතව තිබූ ගුවන් යානය ගුවන් ගතවී හමාරය. ඒ පවුල් දෙකේ දස දෙනකුගේ බලාපොරොත්තු ඒ මොහොතේ සුන්ව ගියේය. එහිදී ඔවුනට දැන ගැනීමට ලැබුණේ ගුවන් ගමන් වේලාව වෙනස් කර ඒ පිළිබඳ ඔවුන් දැනුම්වත් කරමින් විද්යුත් තැපෑලෙන් පණ්වුඩයක් යොමුකර තිබූ බවය. එහෙත් ඔවුන් සිය විද්යුත් තැපෑල පරික්ෂා කර නොතිබූ නිසා එම පණිවුඩය ලැබී නොතිබුණෙන් ඔවුනට යානය මඟ හැරිණි.

එම පණිවුඩයත් සමඟින් පවුලේ ඇත්තන්ගේ සිංගප්පූරු විනෝද සවාරි සිහිනය බොඳව ගියේය. එහෙත්, ඔවුන් එසේ ගැලවුණේ සිය දෛවෝපගත ඉරණම් ගමනකින් බව ඔවුන් දැන ගත්තේ ඉන් පැය කීපයකට පසුය.


මේ තවත් කතාවකි.
ඉන්ගේ ගොරෙටි සිය දරුවන් සමඟ සිංගප්පූරුව බලා යෑමට එයාර් ඒෂියා යානයේ ප්‍රවේශ පත් වෙන් කළේ මීට මාස නවයකට පෙරය. එහෙත් පසුගිය සතියේ ඇගේ පියා අසනීප වූයෙන් ඇය සිය ගමන අවසන් මොහොතේ අත්හැර දැමුවේ කුඩා දරුවන් තිදෙනා‍ගේ බලවත් විරෝධය මධ්‍යයේය.


''අන්තිම මොහොතේ මගේ පියා ළඟ සිටිය යුතුයැයි ‍මගේ සිත මට බල කළා. ඒ නිසා අපේ ඉරණම වෙනස් වුණා''යැයි එයාර් ඒෂියා ගුවන් යානා විපත සැලවූ විගස ගොරෙටි විදෙස් මාධ්‍ය හා ප්‍රකාශ කර තිබුණේ අවසන් මොහොතේ තම දෛවෝපගත ගමන වෙනස් වූ අන්දම සිහිපත් කරමින් වැලපෙමිනි. ඇය දැන් එයාර් ඒෂියා යානයේ සිය අවසන් ගමන ගිය මගීන් වෙනුවෙන් දුක් වන්නීය.

ලොව පුරා සැමගේ හදවත් සන්තාපයට පත් කරමින් වර්ෂයක් ඇතුළත සිදුවූ තෙවැනි බිහිසුණු ගුවන් අනතුර වාර්තා කරමින් එයාර් ඒෂියා QZ 8501 ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටුණේ පසුගිය 28 වැනි ඉරිදාය.

“එදා අපිට විද්යුත් තැපෑල පරීක්ෂා කිරීම අතපසු වුණා. නියමිත වේලාවට යානයට යන්න බැරිවූ නිසා අපේ පවුලේ දස දෙනාගේ ජීවිත බේරුණා.” යැයි එදා අනූනවයෙන් දිවි බේරාගත් ක්‍රිස්ටියානාවටී පවුලේ සාමාජිකයෙක් එයාර් ඒෂියා ගුවන් අනතුර සැලවූ වහාම බීබීසී මාධ්‍යයට පැවසීය.
බෝයිං වර්ගයේ එයාර් ඒෂියා ගුවන් යානය අනතුරට පත්වන මොහොතේ සුරබයා සිට සිංගප්පූරුව බලා පිටත්වී පැයක් ගතවීමට මත්තෙන් රේඩාර් තිරයෙන් අතුරුදන් විය. ඒ වෙද්දී යානයට ගමනාන්තය කරා ළඟාවීමට ඉතිරිව තිබුණේ පැය දෙකක කාලයකි.

යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වෙද්දී අඩි 35000 ක උසකින් ගමන් කරමින් තිබූ බව වාර්තා විය. යානයේ නියමුවා ඉන්දුනීසියානු ජාතිකයෙකි. ඉතා දක්ෂ ගුවන් නියමුවකු වූ ඉරියන්මෝ නමැති එම නියමුවා එයාර් ඒෂියා යානා විශාල සංඛ්‍යාවක් පදවා අත්දැකීම් ඇත්තෙකි.

ඉතා අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ පියාසර කරමින් තිබූ යානය එම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මිදී පියාසර කරවීම සඳහා නියමුවා විසින් පාලන මැදිරියෙන් යානය අඩි 38000 ක් උඩට නැංවීම සඳහා අවසර පතා ඇති බව අනතුරෙන් පසු වාර්තා විය. එහෙත් ඒ මොහොතේ ගුවනේ තිබූ දැඩි ගුවන්යානා තදබදය හේතුවෙන් එම අවසරය ලැබී නොමැත. තදබදය සමනය වූ වහාම යානය ඉහළ නැංවීමට අවසර දීමට මොහොතකට පෙර යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බව ඉන්දුනීසියානු බලධාරීහු සඳහන් කරති.

හදිසි ආපදා සංඥා නිකුත් නොකරම අතුරුදන් වූ යානය පිළිබඳව ඒ මොහොතේ සිටම සොයා බැලීම් ආරම්භ විය. මෙලෙස අතුරුදන්වූ මේ එයාර් ඒෂියා ගුවන් යානය ද මැලේසියානු ගුවන් සේවයට අනුබද්ධ යානයකි. ඒ අනුව වසරක් ඇතුළත මැලේසියාවට සම්බන්ධ යානා තුනක් අනතුරට ලක්වී ඇත්තේය. 2014 වසරේ මාර්තු 08 වැනිදා අතුරුදන් වූ MH370 යානය මැලේසියාවේ ක්වාලාම්පූර් සිට චීනයේ බීජිං නුවර කරා ගමන් කරමින් තිබිණ. ඒ යානයට හෝ එහි සිටි මගීන් 239 දෙනාට සිදුවූ දේ පිළිබඳ තවමත් කිසිම තොරතුරක් නොමැත. MH17 දරන මැලේසියානු ගුවන් යානයට යුක්රේන අහසේදී ප්‍රහාරයක් එල්ලවීමෙන් මගීන් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෑතදී අතුරුදන් වූ එයාර් ඒෂියා යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 155 දෙනෙක් වූහ. ඉන් බහුතරයක් ඉන්දුනීසියානු ජාතිකයන් ය. ඒ හැරුණු කොට දකුණ (Southern)ු කොරියානු, සිංගප්පූරු, මැලේසියානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් ද එහි වූ බවට තොරතුරු ලැබී තිබේ. යානයේ සහාය නියමුවා ප්‍රංස ජාතිකයෙකි.

රළු මුහුද නිසා සිරුරු ගැනීම අසීරුයි
යානය අතුරුදන් වූ පුවත සැලවීමත් සමඟ ඉන්දුනීසියානු, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව, දකුණ (Southern)ු කොරියාව සහ ඇමෙරිකාවට අයත් නැව් 30 ක් සහ ගුවන් යානා 21 ක් යානාව සෙවීම සඳහා යෙදවිණ. ඉතා දරුණු කාලගුණ තත්ත්වයක් යටතේ රළු මුහුද නිසා මීටර් 3 - 4 ක් උසට රැල්ල නැගීම නිසා යානය සෙවීමේ කටයුතු බෙහෙවින් අසීරු විය.


එසේ තිබියදී යානය සෙවීමේ නිරත යුද ගුවන් යානයකට පසුගිය අඟහරුවාදා (30 දා) ප්‍රථම වරට බෝර්නියා දූපත්වලට ආසන්න ජාවා මුහුදු පතුලේ තිබී යානයේ සැකිල්ල දැක ගැනීමට හැකිවී ඇත. එහෙත් දරුණු දියවැල් නිසා හටගන්නා දැඩි රළ පහර නිසා මුහුද යට දර්ශන අපැහැදිලිවීම හේතුවෙන් යානය තිබෙන ස්ථානය නිශ්චිතව සොයා ගැනීම අපහසු විය.

මීටර් 40 - 50 ත් අතර ගැඹුරින් මුහුදු පතුලේ ඇතැයි සැලකෙන යානය පිළිබඳ සෝනා උපකරණ යොදා ගනිමින් තවදුරටත් සොයා බැලීම් සිදු කෙරේ. මෙසේ යානය දර්ශනය වී ඇත්තේ එය අවසන් වරට දුටු ගුවන් සීමාවේ සිට කිලෝමීටර් 100 - 200 ත් අතර ඈත ජාවා මුහුදු පතුලෙනි. එසේ වුවද යානයේ සුන්බුන් පළමුවරට දුටුවේ ඉන්දුනීසියානු මසුන් මරන්නකු වන 38 හැවිරිදි මොහොමඩ් තානා ය. ඔහු පසුගිය අඟහරුවාදා සිය කර්මාන්තයේ යෙදුණේ ඉන්දුනීසියාවේ මූජු දූපත් අසල මුහුදේය.

“මං දැල් දාපු මුහුදු සීමාවේ වෙනදා නොදකින රතු පාට සුදු පාට කළු පාට ලෝහ කැබලි වගයක් පාවෙනවා මං දැක්කා.” ඔහු වාසය කරන බෙලින්යු ගම්මානය කරා සවස් යාමයේ පැමිණි මොහොමඩ් පැවසීය. එහෙත් එසේ තමා දුටුවේ ගුවන් යානයක කැබලි බව ඔහු දැන ගත්තේ පසුවය.

දිගින් දිගටම යානය පිළිබඳ සෙවීම් බැලීම් සිදුවෙද්දී නිරීක්ෂණ ගුවන් යානයක සිටි අයෙකුට ජාවා මුහුදේ පාවෙන යානයේ සුන්බුන් දැකගත හැකිවිය.

“යානයේ යැයි සිතිය හැකි සුන්බුන් සමඟ සිරුරු හත අටක් පාවෙනවා මා දුටුවා. ඉන් සිරුරු තුනක එකිනෙකාගේ අත් අල්ලාගෙන සිටියා” යැයි ඔහු විස්තර කළේය.
එම සුන්බුන් හඳුනා ගැනීමත් සමඟ මැලේසියානු බලධාරීහු ඒවා අතුරුදන් වූ එයාර් ඒෂියා යානයේ සුන්බුන් බවට තහවුරු කළහ.

යානය පිළිබඳ කිසිම තොරතුරක් නොවූ අවස්ථාවේ ම යානයේ මගීන් ගේ ඥාතීහු ඉන්දුනීසියාවේ සහ සිංගප්පූරුවේ රැඳී සිටිමින් කුමන ‍හෝ ප්‍රාතිහාර්යයක් සිදුවී සිය ඥාතීන් නිරුපද්‍රිතව එ‍තැයි පෙරමඟ බලා සිටියහ. එහෙත් සුන්බුන් එයාර් ඒෂියා යානයේ යැයි හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සුන්වූ බලාපොරොත්තු ඇතිව සිය වේදනාව මුදා හරින්නට වූයේ විලාප තබමිනි.

යානයේ මගීන් ගේ යැයි සැක කෙරෙන සිරුරු 40 ක් මුහුදෙන්‍ ගොඩගත් බව මුලින් වාර්තා වුවද පසුව සඳහන් වූයේ සිරුරු 6 ක් පමණක් ගොඩගත් බවය. ඉන් සිරුරු 3ක් කාන්තාවන්ගේය. එක් කාන්තාවක් ගුවන් සේවිකාවක බවට විශ්වාස කෙරේ. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් තවත් සුන්බුන් හා සිරුරු ගොඩ ගැනීම ප්‍රශ්නයක් වී තිබුණේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. යානයේ දොරක්, හදිසි ගොඩ බැසීමේ ඉණිමඟක්, ඔක්සිජන් සිලින්ඩර, මගීන්ගේ බඩු බාහිරාදිය සහ යානයේ ඇලුමිනියම් කොටස් ගොඩගත් ද්‍රව්‍ය අතර විය.

ගුවන් නියමු ඉරියන්මෝගේ දියණිය සිය පියා පිළිබඳව සමාජ වෙබ් අඩවියකට පණිවුඩයක් එක්කරමින් සිය ශෝකය පවසා තිබුණේ මෙසේය. ‘තාත්තේ, අනේ ගෙදර එන්න. මට මගේ තාත්තා ඕනැ.’යානය අනතුරට පත්වීම සැලවීමත් සමඟ සිය නිවෙසේ කාමරයකට වැදී දොරගුළු දමාගත් නියමු බිරිය නෑදෑ හිතමිතුරන් මුණ ගැසීම ප්‍රතික්ෂේප කරමින් වැලපෙන බවද වාර්තා විය.

එයාර් ඒෂියා ගුවන් යානය අතුරුදන් පුවත වාර්තාවීමත් සමඟ සුරබයා හි ජුඅන්ඩා ගුවන් තොටුපොළට පාසල් සිසුවියෝ කීප දෙනෙක් පැමිණිය. ඔවුන් පැමිණ සිටියේ අවසන් වසරේ නිවාඩුව ගත කිරීම සඳහා දෙමවුපියන් සමඟ යමින් සිටි සිය මිතුරියන් කීප දෙනකු පිළිබඳ තොරතුරු දැන ගැනීමටය.

සුරබයා හි ගුවන් තොටුපොළේ මෙන්ම සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළේ සිය නෑ සිය මිතුරන් එනතුරා බලා සිටින බොහෝ දෙනෙකුගේ අවසන් පැතුම වී ඇත්තේ ඔවුන් ගැන කුමන හෝ තොරතුරක් ලබා ගැනීමය.

ඒ අතරම සුරබයා නගරයේ ගුවන් ‍තොටුපොළ ආසන්නයේ ගිලන් රථ පෙළක් මුහුදෙන් ගොඩ ගන්නා සිරුරු වහාම රැගෙන යෑම සඳහා පෙළ ගස්වා ඇත්තේය.

 විපතට පත් එයාර් ඒෂියා යානාව ගමන් කළේ
නීති විරෝධී පියාසර මාර්ගයක යයි හෙළි වේ.

ඉන්දුනිසියාවේ බෝර්නියෝ දුපත අසල දී කඩා වැටුණු එයාර් ඒෂියා යානාව ගමන් කළ පියාසර මාර්ගයේ යැමට බලපත්‍රයක්‌ නොතිබූ බව අනාවරණය වී ඇත.

මේ බව ඉන්දුනිසියානු ප්‍රවාහන ඇමැතිවරයා හෙළි කර තිබේ. විපතට පත් යානාව පියාසර කර ඇත්තේ නීති විරෝධී පියාසර මාර්ගයක බව ඔහු අනාවරණය කර ඇත.

මේ තොරතුරු හෙලිවීමත් සමගම කිසිම එයාර් ඒෂියා යානාවකට එකී පියාසර මාර්ගයේ යැම තහනම් කර තිබේ.

මේ අතර විපතට පත් යානාවේ සිටි මගීන්ගේ සිරුරු 30 ක්‌ සොයාගෙන ඇත.

තවත් සිරුරු 132 ක්‌ යානාවේ සිරවී ඇතැයි ජීවිතාරක්‍ෂක නිලධාරීහු පවසති.

Shemaroo to distribute Playboy content on mobile to Sri Lanka

By: Prosperity Tech On: 1:31 AM

"වැඩිහිටියන්ට සුදුසු Playboy දැන් ලංකාවටත් එන ලකුණු"

 
වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් විදියට නම්වුනු Playboy සඟරාව ගැන දැන්කාලේ නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මේ වෙන විට එම සඟරාවෙන් එළිදැක්වූ නිරූපිකාවන්ගේ පුවත් ලෝකයේ පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුනු නිසා.
කෙසේ නමුත් මෙම සඟරාව ආසියානු රටවල්වලට නම් අලෙවි වුනේ නෑ. ඒ කියන්නේ ආසියානු රටවල්වල වෙළඳපලට නිකුත්වෙලා තිබුණේ නෑ.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අලුත්ම පුවතකට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් ආසියානු රටවල් කීපයකට මේ වන කොට Playboy සඟරාවේ  ඡායාරූප හා වීඩියෝ ජංගම දුරකථන යෙදුමක්  (App) හරහා ලබාගැනීමේ හැකියාව ලැබිලා තියෙනවලු.

Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් මේ ආකාරයෙන් නිකුත් කරණු ලබන වීඩියෝ හා ඡායාරූප ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් වල බෙදා හැරීමට නියමිතව තිබේ.

Shemaroo Entertainment ආයතනය විසින් Playboy සඟරාවේ වීඩියෝ හා ඡායාරූප මෙන්ම විවිධ ජංගම දුරකථන ක්‍රීඩාද හඳුන්වාදීමට නියමිතව තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. 

Is this the first leaked Instagram from the Obama family?

By: Prosperity Tech On: 1:01 AM
මලියා ඔබාමාගේ ඡායාරූපය ධවල මන්දිරය කළඹයි

ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමාගේ පළමු දියණිය වන මලියා ඔබාමාගේ අද්භූත ඡායාරූපයක් අන්තර් ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී.

මෙම ඡායාරුපය ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවියේ පළ කර ඇත්තේ කවුරුද යන්න සොයා ගැනීමට හැකි වී නොමැති අතර මෙය අන්තර් ජාලයට යාමෙන් ඇමරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.

තවමත් අවුරුදු 16ක් වන මලියාගේ මෙම ඡායාරුපය නිසා ඇයගේ පුද්ගලිකත්වයටද ප්‍රශ්නයක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ඡායාරූපය......



ඇයගේ වෙනත් ඡායාරූප.....








 



 


(hirunews.lk)