Thursday, January 8, 2015

Tagged Under: , ,

Piumi Hansamali - I dont care gossip

By: Prosperity Tech On: 3:37 AM


මම කටකතා ගනං ගන්නේ නෑ - පියුමි හංසමාලි

මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ඉතාමත් සාර්ථකත්වයට පත් වී සිටින ඇය රංඟනයට නම් අලුත් මුහුණක් මෝස්තර නිරූපණය වගේම රඟපෑමෙන ද සාර්ථක ගමනක් යාමට සූදානම් වන ඇය ගැන තොරතුරු සොයා බලන්න අදත් තරුවක් සමඟ මොහොතක් සමග එක්වෙනවා.
රංඟන ශිල්පිනියක් වෙන්න හිතුවෙ මොකද?
රංඟන ශිල්පිනියක් වෙන්න හිතුවෙ නෑ.ඒ අවස්ථාව උදා වෙන්නෙ අහම්බෙන්, හීනෙකින්වත් නොසිතූ විධියට රඟපෑමේ අවස්ථාව උදා වෙලා මට ලැබෙන ප්‍රතිචාර, ඒ ප්‍රතිචාර නිසා දැනෙන සතුට කියල නිම කරන්න බැහැ.
මෝස්තර නිරූපන ශිල්පිනියක් දෙස ගොඩාක් දෙනෙක් බලන්නෙ  වපර ඇසින් ඔයා ඒ ගැන හිතන්නෙ මොනවද?
මෝස්තර නිරූපණ ශිල්පිනියක් දිහා වපර ඇසින් බලන්නෙ නූගත් අය. මොකද මෝස්තර නිරූපණය කියන්නෙ හොඳ රැකියාවක් හැටියට ලෝකයම පිලි අරගෙන තියෙනවා. ඇත්තටම නිරූපණ ශිල්පිණියකගෙ  ඇඳුම් පැළඳුම් දෙස වපර ඇසින් බලන්නෙ නූගත් අය කියල තමයි මට නම් කියන්න තියෙන්නෙ.
ලංකාවේ විලාසිතා හා ජාත්‍යන්තර විලාසිතා ගැන මොකද හිතන්නෙ?
ලංකාවෙ තියෙන්නෙ සංස්කෘතියට ගැලපෙන විලාසිතා. ජාත්‍යන්තර නිරූපණය ඉන් එහාට ගිය දෙයක් ඒ ඇඳුම් විලාසිතාවලට සීමාවන් පනවලා නැහැ.හරිම විවෘත ලෙස තමයි ජාත්‍යන්තරයේ මිනිස්සු හිතන්නේ.අපේ වගේ සංකෘතිය විසින් ඇඳ බැඳ තබා ගත්තු විලාසිතා ජාත්‍යන්තරයේ නැහැ. සංකෘතිය හරි වෙන කිසියම් කරණාවක් ගැන හිතා ගෙන ඉන්නෙ නැහැ. මම හිතන්නෙ නිරූපණයේදී ඒ අය හරි. අපේ මිනිස්සු තමයි වැරදි.
පෞද්ගලික කතාරතුරු ටිකක් කියමුද?
මගේ නම පියුමි හංසමාලි ගෝමස්.ගම රාජගිරිය. ඉගන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයේ. මට ඉන්නෙ අම්මා විතරයි.තාත්තා ජී වතුන් අතර නැහැ. තාත්ත නැතිවෙලා තියෙන්නෙ මට වයස අවුරුදු 6දී. මට සහෝදර සහෝදරියන් කව්රුවත්ම නැහැ.
නිරූපණ ශිල්පිනියක් හරි රංඟන ශිල්පිනියක් හරි නොවුනනම් කව්රු වේවිද?
ගෙදරට වෙලා ඉදීවි.මොකද මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතිං ඒ දේ උනෙත් නෑ.දැන්නම් මට හිතෙන්නෙ මම ගුවන් සේවිකාවක් වුණේ නැත්තෙ මගේ වාසනාවට කියල .
“රිතූ”  කියන චරිතය ගැන කථා කළොත්?
අහිංසක චරිතයක් කියලා තමයි කියන්න  තියෙන්නෙ.
ඔබ රඟපාන ලද චරිතයට ලැ‍බෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ලැබෙන ප්‍රතිචාර නම් කියල නිම කරන්න බෑ. මගේ රසික රසිකාවියන් පාරෙදි, බස් එ‍කේදී හැමතැනකම වගේ  මාව හදුනගෙන කොහොමද රිතු කියල අහනවා. ඒ කියන්නෙ ප්‍රේක්ෂකයන් මව දන්නව ඉතිං එහෙම ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.
ඔයා හිතෙන්නෙ ඔයා ජනප්‍රියයි කියලද?
ඔව්. රිතූට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතෙනවා මම ජනප්‍රියයි කියලා.
කරන්න බලායපාරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද?
අලුත් වැඩක් නරන්න ආසාවෙන් ඉන්නවා. ගොඩක් අලුත් වැඩ ආව. ඒවා භාර ගත්තෙ නැහැ.රිතූ ටෙලි නාට්‍යයේ රඟපාල ඉවර වෙලාම අගලුත් වැඩ භාර ගන්නවා. මොකද වැඩ වැඩි වුණාම හරියට එකක්වත් කර ගන්න බැහැ.

ඔයත් රිතූ වගේ අහිංසක චරිතයක්ද?
නැහැ. ඒ තරමටම අහිංසක නැහැ. ඊට වඩා ටිකක් නපුරුයි.
ඉදිරියේදී මොනවගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම් කැමතිද?
නපුරු චරිතයක් රඟපාන්න ලැබෙනවට කැමතියි.
“රිතූ” ටෙලි නට්‍යයේ රඟපාන්න ලැබුණ අවස්ථාව ගැන මොකද හිතෙන්නෙ?
පියුමි ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් නොවෙයි. ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. පියුමි කියන කෙනා ගැන ලංකාව දැන ගන්නෙ රිතූ ටෙලි නාට්‍යයේ රිතූ කියන චරිතය නිසා  මට මෙහෙම අවස්ථාවක් ලබා දුන්නට ශාන්ත සොයිස මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕන.
දිගටම රංඟනයෙ යෙදිල ඉන්නවද?
දැනට නම් එහෙම වෙනසක් වෙන්න හිතල නෑ. ඉදිරියේදි කොහොම වෙයිද කියල දන්නෙ නෑ.
ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය  මොනවගේද?
ගෙදර අය ගෙන් නම් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අයගෙන් ලැබුණ සහයෝගය නිසා තමයි අද මම මේ තැන ඉන්නෙ.
ආදරය ගැනත් කථා කරමුද?
මම ආදරය විදිනවා.ඒ ගැන තොරතුරු පස්සෙ කියන්නම්.
කෙනෙක් ජනප්‍රිය වන විට කටකථා හැදෙනවාකටකථා ගැන ඔයා හිතන්නෙ මොනවද?
 කට කථා නම් හරි නියමයි. මේ කටකථා කියන ඒවා හැදෙන්නෙ නැත්තෙ කාටද?හොඳට හිටියත් කටකථා හැදෙනවා. නරකට හිටියත් කටකථා හැදෙනවා. මට නම් කටකථා වලින් වැඩක් නැහැ. මම ඒවා ගණන් ගන්නෙත් නැහැ.පියුමි කියන්නෙ එහෙම කෙනෙක්. මම හොඳට කටකථා වලට මුහුණ දීලා තියෙන කෙනෙක්. මම  මගේ පාඩුවේ මගේ වැඩ ටික කර ගෙන ඉන්නව මිසක් කටකථා ගැන සොයන්න යන්නෙ නැහැ.
දේශපාලනයට එන්න එහෙමහ බලාපොරොත්තුවක් තියෙනවද?
දැනට නම් බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියේදි කියන්න බැහැ.
අනාගත බලාපොරොත්තු මොනවද?
ලැබෙන හැම දෙයක්ම හොඳට කරගෙන ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ.තවත් දෙයක් තියෙනවා ඒ තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව මිසිස්  වර්ල්ඩ් තරඟයට ඉදිරිපත් වෙන එක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSkTdflE9wR03qXPUQstFr2-Q8fGdOFuLrDYA662rez7tCt56fi5_QW1A7I7FArzsD4Ss8_j9iDJQhlauocmEir2JIMesscClszsW_dmu4hoZLhojPtJmOHU4cduSPqPfnSK-V9KGjg-oN/s1600/404042_208771385921402_1493970041_n.jpg 
http://www.sithmaweb.net/models/modelimage/89584542253_Piumi%20Hansamali%20(10).jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy1Nwa6JJMlsl23BypCkx4BMYaoS8B-r6S20UxGI1gI8gKvPos-tQw4OhyphenhyphenWK9hTlt_CHOOuLxjl_iN4GR_X6il5nEKYQjAw8AaNx1hs6oWHvcWO7gMlg3nhu-LMclHdFxJwKXX1c-7fbA/s1600/1398932_370093579790774_1320313293_o.jpg

 

0 comments:

Post a Comment