Tuesday, March 17, 2015

Minister Rajitha's 2nd son Kidnapped an 'Under Aged' girl by force Update

By: Prosperity Tech On: 11:39 PM

පොලීසිය සත්‍ය විකෘති කරන බවට රාජිතගේ පුතු පැහැර ගත් දැරියගේ දෙමව්පියන් කියයි

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත‍්‍රයෙකු බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බව අදාළ දැරියගේ මව්පියන් මීට පෙර අනාවරණය කළා. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කරුණු පැහැදිලි කිරීමේදී සත්‍ය විකෘති කර අදහස් දක්වා ඇති බවට එම දෙමව්පියන් පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.



පසුගිය වසරේ පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන එක්සත් සේනාරත්න තම දියණිය පැහැරගත් බවට මෙම මව්පියන් චෝදනා කරනවා. පොල්හේන්ගොඩ ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචිව සිටි දිනිති ආලෝකා රණසිංහ නැමති එම 16 හැවිරිදි තම දියණිය මෙලෙස පැහැරගැනීමට ලක්වූ බවයි ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ.

දැරියගේ පියා ද එම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කළ ද මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවයි.

කෙසේ වෙතත්, ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන බව මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීමේදී සත්‍ය විකෘති කර ඇති බව දැරියගේ මව්පියන් පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දැරියගේ උපන් දිනය සනාථ කිරීම සඳහා ඔවුන් මාධ්‍ය වෙත ඇයගේ උප්පැන්න සහතිකය ද එවා තිබුණා. සිය නිවේදනය මගින් ඔවුන් දක්වා ඇත්තේ 2014 පෙබරවාරි මස 24 වැනි දින දැරිය පැහැරගැනීමට ලක්ව ඇති අතර, ඒ වනවිට දැරියගේ වයස අවුරුදු 16 යි මාස 4 ක් වන බවයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එදිනට දැරියගේ වයස අවුරුදු 16යි මාස 11 බවට කළ ප‍්‍රකාශය සාවද්‍ය බව එමඟින් දක්වා තිබෙනවා. පැමිණිල්ල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූ බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිදුකළ ප‍්‍රකාශය අභියෝගයට ලක් කරමින් දිනිති ආලෝකාගේ මව්පියන් සඳහන් කරන්නේ පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශවය කැඳවා තිබුණත් ඊට රාජිත සේනාරත්න ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නොපැමිණි බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පාර්ශවය විසින් පෙර දිනෙක කැඳවා ප‍්‍රකාශයක් ලබාගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්. වැටක ආරවුලක් විසඳීමේදී පවා දෙපාර්ශවයම කැඳවා එම විමර්ශනය සිදුකරන පොලීසිය මෙම පරීක්ෂණයේදී එක් පක්ෂයකට පමණක් ඇහුම්කන් දීමෙන් ඒකපාර්ශවික තීරණයක් ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නොදැන සිටිය ද අදාළ පොලිස් නිලධාරීන්ට එසේ කිරීමට සිදුවූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිනකට 8 වතාවක් ඔවුන්ට කථා කර සිදුකළ බලපෑම් නිසා බව මෙම නිවේදනය මගින් දක්වා තිබෙනවා. වයස අවුරුදු 16ට වැඩි තැනැත්තියක් පුරුෂයෙකු සමග කැමැත්තෙන් සිටින විට ඇයගේ දෙමව්පියන් ඇයව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද පොලීසියට කළ හැකි යමක් නොමැති බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිදුකළ කරුණු දැක්වීම ද ඔවුන් අභියෝගයට ලක් කරනවා.

කැමැත්ත යනු හුදු කැමැත්තක් නොවන අතර එය ස්වාධීන කැමැත්තක් විය යුතු බව පෙන්වා දෙන මව්පියන් එකී කැමැත්ත කිසිදු පෙළඹවීමකින්, බලපෑමකින් තොරව සිදුවිය යුතු බවයි ප‍්‍රකාශ කළේ. නීතියේ පිහිට නැතත් සමාජයේත්, ස්වාභාවික යුක්තියේත් පිහිට පතන බව මෙම දැරියගේ දෙමව්පියන් වැඩිදුරටත් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. hirunews.lk

If my dad become a president - Dulmini

By: Prosperity Tech On: 12:15 AM

තාත්තා  ජනාධිපති වුනොත් දුව කරන ඒවා  - තිස්ස අතත්නායකගේ දුව දුල්මි කියන කතා

නයිට් ක්ලබ් සීමා කරනවා.
ඉන්නේ අරලියගහ මන්දිරයද ජනාධිපති මන්දිරය කියලා තාත්තට තෝරගන්න දෙනවා
ග‚කා වෘත්තිය නීතිගත කරන්නේ නැහැ


මම ජනාධිපති දුවෙක් වුණොත් කරන පළමු වැනිම දේ තමා ලංකාවේ හොඳ Universities ඇති කරන එක. විශේෂයෙන් Private Universities . මොකද ලංකාවේ ගොඩක් ශිෂ්‍යයෝ පිටරට ගිහින් තමා ඉගෙන ගන්නේ. මමත් එහෙමයි. අපේ ලංකාවේ හොඳ Universities තියෙනවා නම් එහෙම වෙන්නෙ නැහැ. ඒ වගේම ලංකාවේ අම්මලා තාත්තලගේ සල්ලි නිකරුණේ නාස්ති වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ තාත්තා ජනාධිපති වුණොත් කරන ප්‍රධානම දෙයක් තමා රටේ සල්ලි එළියට නොයන විදියට Universities ඇති කරන එක.

Young ක්‍රවුඩ් එකට රස්සාවල් දෙනවා.

Young ක්‍රවුඩ් එකට රස්සාවල් නැති එක අපේ රටේ අද තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒකට අපි විසඳුමක් ගේන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් ආර්ථීකය දියුණු කරලා හදමබට ක්‍රවුඩ් එකට රස්සාවල් ලැඛෙන විදියේ වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕන.

තරුණ සංවිධාන හදන්නේ නැහැ.

මම ජනාධිපති දුවෙක් වුණා කියලා කිසිම තරුණ සංවිධානයක් හදන්නේ නැහැ. මම තනියෙන් මට පුළුවන් හැටියට වැඩ කරගන්නවා. ඒ වගේම යූ. එන්. පී. එකේ හෝ වෙනත් ඕනම පක්‍ෂයක ඉන්න

ජ්‍යෙෂ්ඨයන්ගෙන් උදවු අරගෙන ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියන්න

අධිෂ්ඨාන කරගන්නවා.

ළමයින්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරනවා.

සෞඛ්‍ය පැත්තෙන් අපේ ලංකාවේ ජනතාව සියයට 30කට වගේ තමා යම් ස්ටෑන්ඩඩ් එකක් තියෙන්නේ. ඉතිරි සියයට 70ම ශරීර සෞඛ්‍ය අතින් පල්ලෙහා මට්ටමක ඉන්නේ. මම ජනාධිපති දුවෙක් වුණොත්

ළමයින්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය ගොඩක් හොඳට හදන්න වැඩපිළිවෙළක් හදනවා. ඔවුන්ට හොඳ අනාගතයක් හැදීම අවශ්‍යයි.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.

නීතිය කාටත් සාධරණය ඉටුවෙන ආකාරයෙන් හරියටම ක්‍රියාත්මක විය යුතුයි. හොඳම එක්සාම්පල් එක තමා මගේ තාත්තාට චෝදනා ඉදිරිපත් කරලා හිරේ දැම්මා. ඒක අකුරටම නීතිය ක්‍රියාත්මක කළා කියනවනේ. ඉතින් මම බලාගෙන ඉන්නවා ඉස්සරහටත් ඔය චෝදනා තියෙන අය හිරේට දායි කියලා. මම ජනාධිපති දුවෙක් වුණොත් එහෙමයි කියලා නීතිය ක්‍රියාත්මක කරන්න මට බැහැ. ඒක තාත්තට අයිති දෙයක්. ඒත් ඒක හරියටම ක්‍රියාත්මක කරන්න කියලා මම තාත්තට බලපෑම් කරනවා.

තාත්තගේ උපන් ගමට සේවය කරනවා.

මම ඉපදුණේ කොළඹ. හැබැයි තාත්තා මිනිපේ. තාත්තා ජනාධිපති වුණොත් අනිවාර්යයෙන්ම ඔහුගේ ගමට සේවය කළ යුතුයි. විශේෂයෙන් තාත්තගේ ගමේ අධ්‍යාපනය, සෞඛ්‍යය පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒවා වැඩිදියුණු කරලා ගම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ගමේ ළමයටත් කොළඹ ළමයට වගේ ඉන්ග්ලිෂ් වලින්  ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුයි කියලා. අපේ ක්ලාස් සිස්ටම් එක හැදෙන්නේ ඉන්ග්ලිෂ්වලින්. එතකොට ගමේ ළමයෙක් හොඳට ඉන්ග්ලිෂ් කතා කරද්දි ඒ ක්ලාස් සිස්ටම් එක නැති වෙලා යනවා. ජොබ් හැදෙනවා. ඒක අනිවාර්යයෙන් විය යුතුයි කියලා මම හිතනවා.

ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ.

ජනාධිපති කියන්නේ මිනිසුන්ට සේවය කරන ප්‍රධානම පුරවැසියා. මම හිතන්නෙ නැහැ එයා මිනිසුන්ගේ දේවල් ඕනෑවට වඩා පාවිච්චි කරන එක හරි කියලා. එයා ටොයිලට්ස්වලත් Aරැක‍ හයි කරලා සැප ගන්නවා නම් ටොයිලට්ස් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියලා හිතන්න ඕන. ඒ නිසා ජනතාවගේ මුදල් නාස්ති කරන්න හොඳ නැහැ. ඒ සල්ලි ඩොනේට් කරලා මිනිසුන්ට හොඳ දෙයක් කරන්න ඕන.

අනාගතයේ ජනාධිපති කෙනෙක් වෙන්න පාර කපා ගන්නේ නැහැ.

මම කවදාවත් දේශපාලනයට එන්න හිතන්නේ නැහැ. ඒ වගේම මට අනාගතයේ ජනාධිපති කෙනෙක් වෙන්න වුවමනාවකුත් නැහැ. ඒ සඳහා අවශ්‍ය මඟ පාදා ගැනීමක් කරන්නෙත් නැහැ. මම හිතනවා දැන් ඉන්න ජනාධිපති හා කලින් හිටපු ජනාධිපතිවරු හැමෝම හොඳ පුද්ගලයෝ කියලා. ඔවුන් සියලූ‍දෙනා සමඟ එකතු වෙලා රටට හොඳක් කරනවා මිසක් ජනාධිපති කෙනෙක් වෙන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

නයිට් ක්ලබ් සීමා කරනවා.

අපේ රටේ සංස්කෘතිය අනුව නයිට් ක්ලබ් වගේ දේවල් තියෙනවට මම කැමැති නැහැ. මොකද අපේ රට සිංහල බෞද්ධ රටක්. නමුත් අපේ රටට ෆොරිනර්ස්ලා එනවනේ. ඒ නිසා ඒ වගේ දේවල් අවශ්‍යයි. හැබැයි ලංකාවේ සංස්කෘතිය කවුරුහරි නැති කරන්න හැදුවොත් ඒකට විරුද්ධව පෙනී සිටිනවා. අපේ රටේ ආගම් ආරක්‍ෂා කරන්න ඕන. ෆොරිනර්ස්ලා ආවත් අපේ රටේ සංස්කෘතිය අනුව ඉන්න ඕන. ඒ නිසා මම හිතවා නයිට් ක්ලබ් වගේ දේවල් සීමා කරන්න ඕන කියලා.

ජනාධිපති නිල වාහන පාවිච්චි කරන්නේ නැහැ.

අපි සාමාන්‍ය මිනිස්සු. ජනාධිපති නිල වාහන කිසිවක් අපට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් විදියට අපි ජීවත් වෙනවා. තාත්තා අමාරුවෙන් හදාගත්ත ගෞරවය, ඒ වගේම අවුරුදු ගාණක පොලිටිකල් ලයිෆ් එකත් එක්ක එයාගේ බලතල පාවිච්චි කළාට ළමයි ඒ දේවල් පාවිච්චි කරන්න ඕන නැහැ.

අරලියගහ මන්දිරයද ජනාධිපති මන්දිරය කියලා තාත්තට තෝරගන්න දෙනවා.

තාත්තා ජනාධිපති වුණොත් ඉන්නේ කොහෙද කියන එක එයාට තෝරගන්න ඉඩ දෙනවා. තාත්තා කොහෙද ඉන්නේ අපි එතැන ඉන්නවා.

මාධ්‍යයට බලපෑම් කරන්නේ නැහැ.

ජනාධිපති දුවක් වුණා කියලා මාධ්‍යයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මාධ්‍ය නිදහස වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පෙනී සිටිනවා. මොකද මාධ්‍ය නිදහස ලංකාවේ තියෙන්න ඕන. එතකොට තමයි ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නේ.

තාත්තගේ බලය පෙන්නන්න යන්නේ නැහැ.

තාත්තගේ බලය කවදාවත් මම අයුතු විදියට පාවිච්චි කරන්නේ නැහැ. මගේ තාත්තා හිරේ ඉන්නවා බලන්න ගියහමයි මිනිස්සු මාව අඳුරගත්තේ තිස්ස අත්තනායකගේ දුව කියලා. නැත්නම් මිනිස්සු දන්නෙ නැහැ. ඒ වගේම තාත්තා ජනාධිපති වුණොත් බලය කවදාවත් අයුතු විදියට මම පාවිච්චි කරන්නේ නැහැ.

කැම්පස්වල රැග් එක නවත්වනවා.

මම ලංකාවේ ඹබසඩැරිසඑහ වලට ගිහිල්ලා නැහැ. හැබැයි මම ෑබටක්බා වල ගියපු ඹබසඩැරිසඑහවල අලූ‍ත් ිඑමාැබඑි ආපුහාම සීනියර්ස්ලා මාර ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් ඇති කරන්න ඕන. නීති හරියට ගෙනල්ලා, රැග් කරන ළමයින්ට පනිෂ් කරලා රැග් එක නවත්වන්න ලොකු වැඩපිළිවෙළක් ගේනවා.

ග‚කා වෘත්තිය නීතිගත කරන්නේ නැහැ.

ලංකාවේ සංස්කෘතියත් එක්ක ග‚කා වෘත්තිය නීතිගත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ කාන්තාවන්ට පාට් ටයිම් ජොබ් වැඩි කරන්න ඕන කියලා. අපේ රට බෞද්ධ රටක්. ඒ වගේම මුස්ලිම්, දෙමළ කියන්නෙත් ගැහැනු අයව ආරක්‍ෂා කරන ආගම් දෙකක්. එහෙම තියෙද්දි ලංකාවට කොහෙත්ම ග‚කා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ.

අනුරාධ සැමුවෙල්

ඡායාරූප - ගැමුණු වැල්ලගේ



Monday, March 16, 2015

Jacqueline Fernandez Does Sand Ballet in 'Boond Boond' song of Roy

By: Prosperity Tech On: 9:50 PM

බොලිවුඩයේ පලමුවරට ජැකලීන් බැලේ නටයි

“කික් (kick)” චිත්‍රපටයේ “ජුම්මේ කි රාත්” ගීතයේ ඉදිරිපත් කල මනහර රැඟුම් කුසලතා වලින් පසුව ජැකලීන් ෆර්ඩිනැන්ඩස් නර්තනයන් සම්බන්ධව බොලිවුඩය තුළ ඉහල ඉල්ලුමක් සහිත නිළියක් බවට පත්ව තිබේ. නර්තන අධ්‍යක්ෂකවරුන් ද මෙම අපූරු “නැට්ටුක්කාරිය” සමග වැඩ කිරීමටත් ඉමහත් සේ ප්‍රිය කරන බව ද සඳහන් වේ.
ඉදිරියේ දී තිරගත වීමට නියමිත ඇගේ නවතම චිත්‍රපටය වන “රෝයි (Roy)” සඳහා ජැකලීන් සම්පූර්ණයෙන් ම වෙනස් නර්තන ශෛලියක් අනුගමනය කර තිබේ. එනම් එහි එන “බූන්ඩ් බූන්ඩ් (Boond Boond)” ගීතය සඳහා සුප්‍රසිද්ධ බැලේ නර්තනයක් ඉදිරිපත් කිරීමයි.

රෝයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන වික්‍රම්ජිත් සිං හට මෙම ගීතය ආත්මීය වශයෙන් බැඳුනු කලාත්මක ආකාරකට ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබූ අතර ඒ සඳහා චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂක අහමඩ් ඛාන් භාවිතා කලේ බැලේ නරන ක්‍රමය යි.
මෙලෙස බොලිවුඩය තුළ බැලේ නර්තනයක් ඉදිරිපත් කරන පලමු නිලිය ජැකලීන් වෙයි.






The President Barack Obama's'Cadillac'

By: Prosperity Tech On: 7:37 PM

ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' !

ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.
අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වනමෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

ත්‍රස්තවාදී ප්‍රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ.


රසායනික ප්‍රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්‍රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි.

රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත.
එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්.....

රථයේ සවිකර ඇති ප්‍රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.

මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.

විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.

මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි.
ජනපති රථ භාවිතයේ අතීතය...

“Minister Rajitha'S Son Abducted Our Underage Daughter

By: Prosperity Tech On: 5:41 AM

ඇමති රාජිතගේ දෙවැනි පුතා බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ! දැරිය ඉල්ලා මව-පියා වැළපෙයි !! (VIDEO)

පොලිසියට කළ පැමිණිල්ලෙනුත් තාම වැඩක් වුනේ නෑ....
රාජිත ඇමතිතුමා එදා ඉඳන් ‍පොලිසියට බලපෑම් කළා....
ගෑණු දරුවා ගැන හිතලයි මෙච්චර ‍කල් ඉවසුවේ....
අන්තිමේදී හිතුවා අපේ රෙදි ගැලවුනත් කමක් නෑ ළමයා බේරගෙන කියලා.....

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි.
ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප‍්‍රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා.


අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.


පළමුව ඇය, අංක 85න් ඩී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ.
hirufm.lk

Saturday, March 14, 2015

PM Narendra Modi Flags off Train Service at Talaimannar in Sri Lanka

By: Prosperity Tech On: 8:04 AM

තලෙයිමන්නාරමටත් අද සිට දුම්රිය ගමන්

වසර 30කට පසු කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (14) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා වූ කිලෝමීටර් 103ක දුරකින් යුත් දුම්රිය මාර්ගයේ මඩු සිට තලෙයිමන්නාරම දක්වා වූ කොටස විවෘත කෙරෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.
එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් 1990 වසරේ සිට මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය සිදුවූයේ නැහැ. 2013 වසරේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගය විවෘත කෙරුණු අතර තලෙයිමන්නාරම දක්වා වූ ඉතිරි කොටසයි අද විවෘත කෙරෙන්නේ.

Raini Charuka Goonatillake

By: Prosperity Tech On: 3:41 AM

තාත්තාගේ බෑන්ඩ් එකෙන්ම සහකරුවා සොයාගත් රයිනි විවාහ ගිවිසගනී - PHOTOS


රූකාන්ත හා චන්ද්‍රලේඛා යන ජනප්‍රිය ගායක යුවලගේ දියණිය වන රයිනි චාරුකා කියන්නෙත් ශ්‍රී ලාංකික රසික රසිකාවියන් අතර ඇයගේ මියුර කටහඬ නිසාම ජනප්‍රියත්වයට පත්වුනු චරිතයක්.

සජීවී වේදිකාවෙදි වුනත් ඇය ගයන ගීත වලට වශීවුනු රසික රසිකාවියන් බලන් හිටියේ ඇයගේ අතගන්න පෙම්වතා කවුරු වෙයිද කියන එක ගැන. මේ වෙනකොට හංගාගෙන හිටපු ඒ ආදර කතාව රයිනි අපිත් එක්ක මුළු ලෝකෙටම කීවා. ඒ විතරක් නෙවෙයි ඇය විවාහ ගිවිසගෙනලු.

ඇමරිකාවේ වොෂින්ටන් වලදී තමයි රයිනි මේ විදියට ඇයගේ විවාහ ගිවිස ගැනීම සිද්ධකරලා තියෙන්නේ. නමින් අකිල වුනු ඇයගේ පෙම්වතා මීට අවුරුදු 8කට කලින් තමයි ඇයට හමුවෙලා තියෙන්නේ.
හැබැයි ඒ ආදරේ හරිම අමුතු එකක්. මොකද තාත්තගේ බෑන්ඩ් එකේ සෙල්ලම් කරනකොට තමයි ඇයට අකිල මුණගැහිලා තියෙන්නේ.

ඔහුත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ද නිසා මේ දෙන්නාගේ ආදරය තවත් සාර්ථක වුනා කියලා තමයි රයිනි අපිත් එක්ක කීවේ. ඔහුව මුණ ගැහුණාට පස්සේ දැන් වසර 6ක ඉඳන් මේ ආදර කතාව ගලාගෙන ආවා වගේම රයිනිගේ දෙමාපියනුත් මේ සම්බන්දයට කිසිම ප්‍රශ්නයක් නැතුව කැමතිවෙලා තියෙනවා.

විවාහයෙන් පස්සේ දෙන්නා ලංකාවේම ජීවත් වෙන්න පොඩි අදහසකුත් තියෙනවා කියලා රයිනි අපිත් එක්ක කීවා.

ඇයගේ සම්පූර්ණ කතාව පහතින් අහන්න


Friday, March 13, 2015

Beware from Prostitutes In Sri Lanka

By: Prosperity Tech On: 8:46 PM

ලංකාවේ ගණිකාවන්ගෙන් ප්‍රවේසම් වන්න

එච්.අයි.වී. හා ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතර බහුල වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙරට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සිටින බවත් ඇතැම් විට මේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි විය හැකි බවත් මේ සමීක්ෂණයට අනුව වාර්තා වී ඇත.

වසර 2006 දී සියයට 0.2 ක් වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්තමානය වන විට සියයට 1 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වැඩි වීම පස් ගුණයක් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කෙළේය.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීම මීට ප්‍රධාන හේතුව වන අතර මේ සමීක්ෂණය වසර 2013 හා 2014 වල පැවැත්වූ බව ඒ මහතා කීය.

මේ වන විට ආසාදිතයින් 2074 ක් වාර්තා වී ඇති අතර ඉන් 1038 ක්ම වාර්තා වී තිඛෙන්නේ බස්නාහිර පළාතෙනි. වයඹ පළාතෙන් 157 ක් ද, මධ්‍යම පළාතෙන් 136 ක් ද, දකුණු පළාතෙන් 126 ක් ද ලෙස වාර්තා වී ඇත.

සමීක්ෂණයට අනුව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතරින් සියයට 75 ක් පමණ කොළඹ ස්ථිර පදිංචිකරුවන් වන අතර සියයට 25 ක් පමණ පිටපළාත්වලින් පැමිණි කාන්තාවන් බව වාර්තා වේ.

ඔවුන් අතරින් සියයට 18 ක් පමණ වෙනත් රැකියාවන් කරන අතර මේ වෘත්තියේ යෙදෙන බව හෙළි වී ඇත.

ඔවුන්ගෙන් සියයට 35 ක් පමණ කම්කරුවන් ලෙස සේවයේ යෙදෙන බවටත් සියයට 16 ක් සැලුන් සහ සම්භාහන ආයතනවල සේවයේ යෙදෙන බවටත් හඳුනා ගෙන ඇති බව වෛද්‍ය ලියනගේ මහතා පැවැසුවේය.

වසර 2005 දී කළ සමීක්ෂණය හා සන්සන්දනය කරන විට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 1000 ක් අතරින් එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇත්තේ දෙදෙනකුට පමණක් වුවත් එය වර්තමානයේදී දහ දෙනකු දක්වා වැඩි වී ඇතැයි ද වෛද්‍යවරයා පැවැසුවේය.

දුරකථන, අන්තර්ජාලය හරහා විවිධ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වී ඇතැයි ද අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

Valentine's Day with Jacqueline Fernandez

By: Prosperity Tech On: 1:51 AM

ජැකලීන් නිදියන්නේ හෙළුවන් බව හෙළිවූ අයුරු

ලාංකීය සම්භවයක් ඇති ජැක්ලින් ෆ්‍රනැන්ඩස් රෑට නිදියන්නෙ නිරුවතින් බව විදේස් මාධ්‍ය සාකච්චාවක් හා එක් වෙමින් හෙළි කර ඇත. දවසින් දවස පුවත් මවන්නට සමත් ජැක්ලින් පසුගිය දා කළ එම ප්‍රකාශය කාගේත් අවධානයට ලක්වෙලා.. පහතින් දැක්වෙන්නේ ඈ ඒ බව පැවසු අයුරු දැක්වෙන වීඩියෝවයි.



Thursday, March 12, 2015

'Hero' remake starring Sooraj Pancholi and Athiya Shetty

By: Prosperity Tech On: 10:08 PM

සුනිල් ෂෙට්ටි දියණිය සිනමාවට

තරු දිළෙන බොලිවුඩයට අලුත් තරුවත් පායන්න සූදානම්. මේ තරුවත් සහජ හැකියාව වගේම මව් පිය උරුමයත් සමඟිනුයි බොලිවුඩ් තිරයට පැමිණෙන්නේ. රන්බීර් කපූර්, සෝනම් කපූර්, අර්ජුන් කපූර්, ශ්‍රැති හසන්, ආලියා භාත්, ශ්‍රද්ධා කපූර් පසුගිය කාලයේ මේ අයුරින් තිරය හැඩකළ නවක තරුකා වුණා.

නිඛිල් අද්වානි තමයි මේ නවක තාරකාවිය තිරයට කැඳවාගෙන එන්නේ. ඔහු අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය ඩ්ඥපධ කරුණු දෙකක් නිසා වැදගත් වෙනවා. එකක් මේ අලුත් තරුව. අනිත් කාරණය මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ සල්මාන් ෆිල්ම්ස් ආයතනය විසිනි.

අත්‍යා ෂෙට්ටි නිඛිල්ගේ Hero චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන නවතම තරුවයි. අත්‍යා බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි සහ මෝස්තර නිර්මාණ ශිල්පිනි මෝනා ෂෙට්ටිගේ දියණිය යි.
1992 වසරේ උපත ලද ආත්‍යා දැන් මා පිය ආශිර්වාදයෙන් සිනමාවට පිවිසෙනවා.

කුඩා කළ සිටම සිනමාවට කැමැත්තක් දැක්වූ ආත්‍යා නිව්යෝර්ක් චිත්‍රපට ආයතනයෙන් හැදෑරූ චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාව සම්පූර්ණ කළේ වයස අවුරුදු දහඅටේදී යි.

යතේජා ඥානරත්න