Thursday, March 12, 2015

Tagged Under: , , ,

'Hero' remake starring Sooraj Pancholi and Athiya Shetty

By: Prosperity Tech On: 10:08 PM

සුනිල් ෂෙට්ටි දියණිය සිනමාවට

තරු දිළෙන බොලිවුඩයට අලුත් තරුවත් පායන්න සූදානම්. මේ තරුවත් සහජ හැකියාව වගේම මව් පිය උරුමයත් සමඟිනුයි බොලිවුඩ් තිරයට පැමිණෙන්නේ. රන්බීර් කපූර්, සෝනම් කපූර්, අර්ජුන් කපූර්, ශ්‍රැති හසන්, ආලියා භාත්, ශ්‍රද්ධා කපූර් පසුගිය කාලයේ මේ අයුරින් තිරය හැඩකළ නවක තරුකා වුණා.

නිඛිල් අද්වානි තමයි මේ නවක තාරකාවිය තිරයට කැඳවාගෙන එන්නේ. ඔහු අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය ඩ්ඥපධ කරුණු දෙකක් නිසා වැදගත් වෙනවා. එකක් මේ අලුත් තරුව. අනිත් කාරණය මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ සල්මාන් ෆිල්ම්ස් ආයතනය විසිනි.

අත්‍යා ෂෙට්ටි නිඛිල්ගේ Hero චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන නවතම තරුවයි. අත්‍යා බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි සහ මෝස්තර නිර්මාණ ශිල්පිනි මෝනා ෂෙට්ටිගේ දියණිය යි.
1992 වසරේ උපත ලද ආත්‍යා දැන් මා පිය ආශිර්වාදයෙන් සිනමාවට පිවිසෙනවා.

කුඩා කළ සිටම සිනමාවට කැමැත්තක් දැක්වූ ආත්‍යා නිව්යෝර්ක් චිත්‍රපට ආයතනයෙන් හැදෑරූ චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාව සම්පූර්ණ කළේ වයස අවුරුදු දහඅටේදී යි.

යතේජා ඥානරත්න

0 comments:

Post a Comment