Monday, March 16, 2015

Tagged Under: , ,

“Minister Rajitha'S Son Abducted Our Underage Daughter

By: Prosperity Tech On: 5:41 AM

ඇමති රාජිතගේ දෙවැනි පුතා බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ! දැරිය ඉල්ලා මව-පියා වැළපෙයි !! (VIDEO)

පොලිසියට කළ පැමිණිල්ලෙනුත් තාම වැඩක් වුනේ නෑ....
රාජිත ඇමතිතුමා එදා ඉඳන් ‍පොලිසියට බලපෑම් කළා....
ගෑණු දරුවා ගැන හිතලයි මෙච්චර ‍කල් ඉවසුවේ....
අන්තිමේදී හිතුවා අපේ රෙදි ගැලවුනත් කමක් නෑ ළමයා බේරගෙන කියලා.....

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි.
ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප‍්‍රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා.


අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.


පළමුව ඇය, අංක 85න් ඩී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ.
hirufm.lk

0 comments:

Post a Comment