Saturday, March 14, 2015

Tagged Under: , ,

Raini Charuka Goonatillake

By: Prosperity Tech On: 3:41 AM

තාත්තාගේ බෑන්ඩ් එකෙන්ම සහකරුවා සොයාගත් රයිනි විවාහ ගිවිසගනී - PHOTOS


රූකාන්ත හා චන්ද්‍රලේඛා යන ජනප්‍රිය ගායක යුවලගේ දියණිය වන රයිනි චාරුකා කියන්නෙත් ශ්‍රී ලාංකික රසික රසිකාවියන් අතර ඇයගේ මියුර කටහඬ නිසාම ජනප්‍රියත්වයට පත්වුනු චරිතයක්.

සජීවී වේදිකාවෙදි වුනත් ඇය ගයන ගීත වලට වශීවුනු රසික රසිකාවියන් බලන් හිටියේ ඇයගේ අතගන්න පෙම්වතා කවුරු වෙයිද කියන එක ගැන. මේ වෙනකොට හංගාගෙන හිටපු ඒ ආදර කතාව රයිනි අපිත් එක්ක මුළු ලෝකෙටම කීවා. ඒ විතරක් නෙවෙයි ඇය විවාහ ගිවිසගෙනලු.

ඇමරිකාවේ වොෂින්ටන් වලදී තමයි රයිනි මේ විදියට ඇයගේ විවාහ ගිවිස ගැනීම සිද්ධකරලා තියෙන්නේ. නමින් අකිල වුනු ඇයගේ පෙම්වතා මීට අවුරුදු 8කට කලින් තමයි ඇයට හමුවෙලා තියෙන්නේ.
හැබැයි ඒ ආදරේ හරිම අමුතු එකක්. මොකද තාත්තගේ බෑන්ඩ් එකේ සෙල්ලම් කරනකොට තමයි ඇයට අකිල මුණගැහිලා තියෙන්නේ.

ඔහුත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ද නිසා මේ දෙන්නාගේ ආදරය තවත් සාර්ථක වුනා කියලා තමයි රයිනි අපිත් එක්ක කීවේ. ඔහුව මුණ ගැහුණාට පස්සේ දැන් වසර 6ක ඉඳන් මේ ආදර කතාව ගලාගෙන ආවා වගේම රයිනිගේ දෙමාපියනුත් මේ සම්බන්දයට කිසිම ප්‍රශ්නයක් නැතුව කැමතිවෙලා තියෙනවා.

විවාහයෙන් පස්සේ දෙන්නා ලංකාවේම ජීවත් වෙන්න පොඩි අදහසකුත් තියෙනවා කියලා රයිනි අපිත් එක්ක කීවා.

ඇයගේ සම්පූර්ණ කතාව පහතින් අහන්න


0 comments:

Post a Comment