Friday, March 13, 2015

Tagged Under: ,

Beware from Prostitutes In Sri Lanka

By: Prosperity Tech On: 8:46 PM

ලංකාවේ ගණිකාවන්ගෙන් ප්‍රවේසම් වන්න

එච්.අයි.වී. හා ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතර බහුල වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙරට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සිටින බවත් ඇතැම් විට මේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි විය හැකි බවත් මේ සමීක්ෂණයට අනුව වාර්තා වී ඇත.

වසර 2006 දී සියයට 0.2 ක් වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්තමානය වන විට සියයට 1 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වැඩි වීම පස් ගුණයක් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කෙළේය.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් පැවැත්වීම මීට ප්‍රධාන හේතුව වන අතර මේ සමීක්ෂණය වසර 2013 හා 2014 වල පැවැත්වූ බව ඒ මහතා කීය.

මේ වන විට ආසාදිතයින් 2074 ක් වාර්තා වී ඇති අතර ඉන් 1038 ක්ම වාර්තා වී තිඛෙන්නේ බස්නාහිර පළාතෙනි. වයඹ පළාතෙන් 157 ක් ද, මධ්‍යම පළාතෙන් 136 ක් ද, දකුණු පළාතෙන් 126 ක් ද ලෙස වාර්තා වී ඇත.

සමීක්ෂණයට අනුව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතරින් සියයට 75 ක් පමණ කොළඹ ස්ථිර පදිංචිකරුවන් වන අතර සියයට 25 ක් පමණ පිටපළාත්වලින් පැමිණි කාන්තාවන් බව වාර්තා වේ.

ඔවුන් අතරින් සියයට 18 ක් පමණ වෙනත් රැකියාවන් කරන අතර මේ වෘත්තියේ යෙදෙන බව හෙළි වී ඇත.

ඔවුන්ගෙන් සියයට 35 ක් පමණ කම්කරුවන් ලෙස සේවයේ යෙදෙන බවටත් සියයට 16 ක් සැලුන් සහ සම්භාහන ආයතනවල සේවයේ යෙදෙන බවටත් හඳුනා ගෙන ඇති බව වෛද්‍ය ලියනගේ මහතා පැවැසුවේය.

වසර 2005 දී කළ සමීක්ෂණය හා සන්සන්දනය කරන විට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 1000 ක් අතරින් එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇත්තේ දෙදෙනකුට පමණක් වුවත් එය වර්තමානයේදී දහ දෙනකු දක්වා වැඩි වී ඇතැයි ද වෛද්‍යවරයා පැවැසුවේය.

දුරකථන, අන්තර්ජාලය හරහා විවිධ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වී ඇතැයි ද අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

0 comments:

Post a Comment