Monday, March 16, 2015

Tagged Under: , ,

Jacqueline Fernandez Does Sand Ballet in 'Boond Boond' song of Roy

By: Prosperity Tech On: 9:50 PM

බොලිවුඩයේ පලමුවරට ජැකලීන් බැලේ නටයි

“කික් (kick)” චිත්‍රපටයේ “ජුම්මේ කි රාත්” ගීතයේ ඉදිරිපත් කල මනහර රැඟුම් කුසලතා වලින් පසුව ජැකලීන් ෆර්ඩිනැන්ඩස් නර්තනයන් සම්බන්ධව බොලිවුඩය තුළ ඉහල ඉල්ලුමක් සහිත නිළියක් බවට පත්ව තිබේ. නර්තන අධ්‍යක්ෂකවරුන් ද මෙම අපූරු “නැට්ටුක්කාරිය” සමග වැඩ කිරීමටත් ඉමහත් සේ ප්‍රිය කරන බව ද සඳහන් වේ.
ඉදිරියේ දී තිරගත වීමට නියමිත ඇගේ නවතම චිත්‍රපටය වන “රෝයි (Roy)” සඳහා ජැකලීන් සම්පූර්ණයෙන් ම වෙනස් නර්තන ශෛලියක් අනුගමනය කර තිබේ. එනම් එහි එන “බූන්ඩ් බූන්ඩ් (Boond Boond)” ගීතය සඳහා සුප්‍රසිද්ධ බැලේ නර්තනයක් ඉදිරිපත් කිරීමයි.

රෝයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන වික්‍රම්ජිත් සිං හට මෙම ගීතය ආත්මීය වශයෙන් බැඳුනු කලාත්මක ආකාරකට ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබූ අතර ඒ සඳහා චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂක අහමඩ් ඛාන් භාවිතා කලේ බැලේ නරන ක්‍රමය යි.
මෙලෙස බොලිවුඩය තුළ බැලේ නර්තනයක් ඉදිරිපත් කරන පලමු නිලිය ජැකලීන් වෙයි.






0 comments:

Post a Comment