Tuesday, March 17, 2015

Tagged Under: , ,

Minister Rajitha's 2nd son Kidnapped an 'Under Aged' girl by force Update

By: Prosperity Tech On: 11:39 PM

පොලීසිය සත්‍ය විකෘති කරන බවට රාජිතගේ පුතු පැහැර ගත් දැරියගේ දෙමව්පියන් කියයි

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත‍්‍රයෙකු බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බව අදාළ දැරියගේ මව්පියන් මීට පෙර අනාවරණය කළා. කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කරුණු පැහැදිලි කිරීමේදී සත්‍ය විකෘති කර අදහස් දක්වා ඇති බවට එම දෙමව්පියන් පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා.



පසුගිය වසරේ පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන එක්සත් සේනාරත්න තම දියණිය පැහැරගත් බවට මෙම මව්පියන් චෝදනා කරනවා. පොල්හේන්ගොඩ ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචිව සිටි දිනිති ආලෝකා රණසිංහ නැමති එම 16 හැවිරිදි තම දියණිය මෙලෙස පැහැරගැනීමට ලක්වූ බවයි ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ.

දැරියගේ පියා ද එම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කළ ද මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවයි.

කෙසේ වෙතත්, ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සාධාරණ පරීක්ෂණයක් සිදුකරන බව මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීමේදී සත්‍ය විකෘති කර ඇති බව දැරියගේ මව්පියන් පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දැරියගේ උපන් දිනය සනාථ කිරීම සඳහා ඔවුන් මාධ්‍ය වෙත ඇයගේ උප්පැන්න සහතිකය ද එවා තිබුණා. සිය නිවේදනය මගින් ඔවුන් දක්වා ඇත්තේ 2014 පෙබරවාරි මස 24 වැනි දින දැරිය පැහැරගැනීමට ලක්ව ඇති අතර, ඒ වනවිට දැරියගේ වයස අවුරුදු 16 යි මාස 4 ක් වන බවයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එදිනට දැරියගේ වයස අවුරුදු 16යි මාස 11 බවට කළ ප‍්‍රකාශය සාවද්‍ය බව එමඟින් දක්වා තිබෙනවා. පැමිණිල්ල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූ බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිදුකළ ප‍්‍රකාශය අභියෝගයට ලක් කරමින් දිනිති ආලෝකාගේ මව්පියන් සඳහන් කරන්නේ පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශවය කැඳවා තිබුණත් ඊට රාජිත සේනාරත්න ඇමතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නොපැමිණි බවයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පාර්ශවය විසින් පෙර දිනෙක කැඳවා ප‍්‍රකාශයක් ලබාගෙන ඇති බව එම නිවේදනයේ සඳහන්. වැටක ආරවුලක් විසඳීමේදී පවා දෙපාර්ශවයම කැඳවා එම විමර්ශනය සිදුකරන පොලීසිය මෙම පරීක්ෂණයේදී එක් පක්ෂයකට පමණක් ඇහුම්කන් දීමෙන් ඒකපාර්ශවික තීරණයක් ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නොදැන සිටිය ද අදාළ පොලිස් නිලධාරීන්ට එසේ කිරීමට සිදුවූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිනකට 8 වතාවක් ඔවුන්ට කථා කර සිදුකළ බලපෑම් නිසා බව මෙම නිවේදනය මගින් දක්වා තිබෙනවා. වයස අවුරුදු 16ට වැඩි තැනැත්තියක් පුරුෂයෙකු සමග කැමැත්තෙන් සිටින විට ඇයගේ දෙමව්පියන් ඇයව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද පොලීසියට කළ හැකි යමක් නොමැති බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිදුකළ කරුණු දැක්වීම ද ඔවුන් අභියෝගයට ලක් කරනවා.

කැමැත්ත යනු හුදු කැමැත්තක් නොවන අතර එය ස්වාධීන කැමැත්තක් විය යුතු බව පෙන්වා දෙන මව්පියන් එකී කැමැත්ත කිසිදු පෙළඹවීමකින්, බලපෑමකින් තොරව සිදුවිය යුතු බවයි ප‍්‍රකාශ කළේ. නීතියේ පිහිට නැතත් සමාජයේත්, ස්වාභාවික යුක්තියේත් පිහිට පතන බව මෙම දැරියගේ දෙමව්පියන් වැඩිදුරටත් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. hirunews.lk

0 comments:

Post a Comment