Tuesday, December 16, 2014

I don't have any affair with politicians

By: Prosperity Tech On: 10:33 AM

දේශපාලනඥයන් සමඟ අනවශ්‍ය සුහදතා මගේ ළඟ නෑ - දිල්කා සමන්මලී

• ලංකාවේ රූපවාහිනී නාළිකා අතර දේශපාලනික සංවාදාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන එකම මාධ්‍යවේදිනිය ඔබ නේද?
ඔව්, ඒක ඇත්ත. මීට කලින් දේශපාලනික සංවාද ඇතුළත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට කාන්තාවන් ඉදිරිපත් වුණේ නෑ. යම් යම් අවස්ථාවලදී කෙටිකාලීනව ඇතැම් මාධ්‍යවේදිනියන් දේශපාලනික වැඩසටහන්වලට සම්බන්ධ වුණත් 360 වැනි වැඩසටහන් දීර්ඝ කාලයක් ඉදිරිපත් කරන එකම මාධ්‍යවේදිනිය මම කියලයි මට හිතෙන්නේ.

• කොහොම ද ඔබ මුලින්ම 360 වැඩසටහනට සම්බන්ධ වුණේ?
මම ටී. වී. දෙරණ නාළිකාවට එක්වුණේ ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලට. පූර්ණකාලීනව ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන විට තමයි ටී. වී. දෙරණ ආයතනයේ ප්‍රධානීන් මට කිව්වේ ‘360’ වැඩසටහන මෙහෙයවන ලෙස. දේශපාලනය කියන විෂය මගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.
උසස් පෙළට මම කළේ ජීව විද්‍යා විෂයන්. ඊට පසුව මම මනෝ විද්‍යාව හැදෑරුවා. මාධ්‍ය ක්ෂේත්‍රයට තිබුණු කැමැත්ත නිසා ටික කලක් මම නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ‘සිළුමිණ’ පුවත්පතේ වැඩ කළා. ඉන් පසුව ටී. වී. ලංකා ආයතනයටත් පසුව දෙරණ ආයතනයටත් සම්බන්ධ වුණා. මේ කොහෙදිවත් දේශපාලනය මම කැමැති විෂයක් වුණේ නෑ.
ඒ නිසයි දෙරණ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන් 360’ වැඩසටහන ඉදිරිපත් කරන්න කියල මට කළ යෝජනාව මම ප්‍රතික්ෂේප කළේ. නමුත් මේ වැඩසටහනට මීට කලින් සම්බන්ධ වෙලා සිටි කෙනෙකු වෙතින් මට එල්ල වුණු අභියෝගයක් නිසා තමයි මම 360 මෙහෙයවන්න ඉදිරිපත් වුණේ. දැන් අවුරුදු 7 ක් තිස්සේ මම මේ වැඩසටහන කරගෙන යනවා. මගේ ප්‍රධානීන් මෙම වැඩසටහනින් බලාපොරොත්තු වූ දේ ලබා දෙන්න මට හැකිවෙලා තියෙනවා කියල මම විශ්වාස කරනවා.
• 360 වැඩසටහනේදී ඔබ ආරාධිත දේශපාලනඥයින්ගෙන් කරන ඇතැම් ප්‍රශ්න කිරීම් සැර වැඩියි කියලා හිතන්නේ නැත්ද?
නැහැ මම එහෙම හිතන්නේ නෑ. මම නියෝජනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. ඒ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න තමයි මම වැඩියෙන්ම දේශපාලනඥයින්ට ඉදිරිපත් කරන්නේ. මහජනතාව දේශපාලනඥයින්ගේ කටයුතු පිළිබඳ අපෙන් ප්‍රශ්න කරන ආකාරයටම මමත් ඇතැම් ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. සැර වැඩියි කියල හැ‍ඟෙන්නේ එවැනි ප්‍රශ්න වෙන්න ඇති. ඇතැම් දේශපාලනඥයින් එහෙම ප්‍රශ්න කරනවට කැමැතියි.
එවැනි අය මට කියල තියෙනවා දිල්කා ඔයා ඔය විදියට ප්‍රශ්න අහන එකට අපි කැමැතියි, ඒක අපට උත්තර දෙන්නත් පහසුවක් කියලා. 360 වැඩසටහනේ ස්වරූපය තමයි ඒක.

• 360 වැඩසටහනින් ඔබට හමුවුණු පළමු දේශපාලනඥයා කවුද?
වාසුදේව නානායක්කාර මහතා. මගේ පළමු 360 වැඩසටහනට සහභාගි වන ආරාධිතයා එතුමා කියලා දැනගත් විට මට තරමක චකිතයක්, තැති ගැන්මක් ඇතිවුණා. ඒ මොකද වාසුදේව නානායක්කාර මහතා කියන්නේ ලංකාවේ දේශපාලනය තුළ දැවැන්ත චරිතයක්. ඒ වගේම ඔහුගේ දේශපාලනික දැනුම ඉතාම ඉහළයි. වයස අතිනුත් වාසුදේව මහතා මගේ වයස මෙන් දෙගුණයකටත් වඩා වැඩිමහල්. ඉතින් එවැනි පුද්ගලයකුගෙන් සෘජුව ප්‍රශ්න කරන්නේ කෙසේ ද කියන ගැටලුව මට තිබුණා.
නමුත් මම පාසල් යන කාලෙ පටන් හැප්පිලා වැඩ කරන්න පුළුවන් චරිතයක්. ඒ නිසා මම පුංචි චකිතයකින් වුණත් අධිෂ්ඨානශීලීව මගේ පළමු වැඩසටහන ඉදිරිපත් කළා. එය සාර්ථක වුණා. ඉන් පසුව මට ලංකාවේ සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් සියලුම දෙනා සමඟ 360 ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා.
මුල් යුගයේ ඉඳලම මම මේ වැඩසටහනට එන ආරාධිතයා පිළිබඳ හොඳ හැදෑරීමක් කරල තමයි වැඩසටහනට ගියේ. ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය පුස්තකාලය මෙම වැඩසටහන ඉදිරිපත් කළ මුල් කාලයේ මට එය සාර්ථකව ඉදිරිපත් කරන්න කරුණු සොයා ගන්න බෙහෙවින් උපකාර වුණා. ඒ වගේම එදා ඉඳල ෂෙහාන් බරණගේ සහ දිනූෂ ජයකොඩි යන මහත්වරු ඇතුළු දෙරණ කණ්ඩායමෙන් මට ලැබෙන්නේ උපරීම සහයෝගයක්.

• 360 වැඩසටහනට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් සිටිනවා ද?
360 ට ගෙන්වන ආරාධිතයා පිළිබඳ තීරණය කරන්නේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන්. එසේ කළ ආරාධනා ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සිටිනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් කියල තියෙනවා “දැන්ම ආරාධනය බාරගන්න බැහැ, පස්සේ බලමු” කියලා.

• මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ඔබ විශේෂ ක්‍රම අනුගමනය කරනවා ද?
ඔව්. මෙහිදී වැඩසටහන ආරම්භයට පෙර හෝ වෙළෙඳ දැන්වීම් සඳහා වැඩ සටහන නවත්වන කෙටි කාලය තුළදී හෝ මම ආරාධිතයා සමඟ ආගිය තොරතුරු කතා කරන්නේ නෑ. ඒක මගේ හැටි. ඒක පහසුයි මට වැඩසටහන කරගෙන යන්න. ඒ මොකද ආරාධිතයා සමඟ එම අවස්ථාවේදී අනවශ්‍ය සුහදතාවක් වර්ධනය වුණොත් මට සෘජුව ප්‍රශ්න කරන්න හැකි වෙන්නේ නෑ. ඒ නිසයි මම එහෙම කරන්නේ.
මේ ළඟදී 360 ට ආව ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් මගේ ආයතනයේ ප්‍රධානියකුට කියල තිබුණා “දිල්කා හරිම දුෂ්ට චරිතයක්, දැන්වීම් විවේකයකදීවත් සුහදව වචනයක්වත් කතා කරන්නේ නැතැයි” කියලා.
ඒකට පිළිතුරු විදියට මගේ ප්‍රධානියා කියල තිබුණා “දිල්කා දුෂ්ට කෙනෙක් නෙමෙයි, ඒ; එයා වැඩසටහන ඉදිරිපත් කරන හැටි. 360 වැඩසටහනින් පිට ඔබව හමු වුණාම දිල්කා ඔබ සමඟ කතාකරයි. ” කියලා. ඒක තමයි ඇත්ත කතාව.

• 360 වැඩසටහනේදී තරහ ගිය දේශපාලනඥයින් සිටිනවා ද?
ඔව් එවැනි දේශපාලනඥයින් සිටිනවා. 360 මම කරන්න පටන්ගන්න මුල්ම දවස්වල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා සමඟ කළ වැඩසටහන මට අමතක වෙන්නේ නෑ.
ඔහු වැඩසටහනට ගෙන්වනවා කියල දැනගත්තාම අපේ ආයතනයේම ඇතැමුන් මට කිව්වා ඔහු සමඟ වැඩසටහන කරන්න ලේසි වෙන එකක් නැහැ කියලා. එක්කෝ දිල්කා, එක්කෝ ජෙයරාජ් කියලත් ඇතැමුන් කිව්වා. මමත් දැනගෙන හිටියා ඔහු කට සැර පුද්ගලයෙක් කියලා. කොහොමහරි එදා වැඩසටහන ආරම්භ කළ පළමු ප්‍රශ්නයේ ඉඳලම ජෙයරාජ් ඇමැතිවරයා හිටියේ කෝපයෙන්.
මෙම වැඩසටහනේදී දේශපාලනඥයින් අමාරුවේ දමන ප්‍රශ්න අහනවා කියන හැඟීමකින් ඔහු එදා පැමිණ සිටි බවයි මට පෙනී ගියේ. කොහොමහරි මගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ තරහින්, වේගවත්ව. මම ඔහුගෙන් කෙළින්ම ඇහුවා “ඔබතුමාට කේන්ති ගිහිං නේද?” කියලා. එතකොට කිව්වා නැහැ එහෙම එකක් නැහැ කියලා. ඊට පසුව මම කිව්වා, එහෙමනම් ඔය ඔබට කේන්ති ගිහිං නෙමෙයි ඔය ඔබගේ හැටි නේද කියලා. “ඔව් ඒ මගේ හැටි” කියලා පෙරළා පිළිතුරු දුන්නා. ඉන් පසුව ජෙයරාජ් ඇමැතිවරයා ඉතාම සුහදව වැඩසටහනට සහභාගි වුණා.

• මෙම වැඩසටහනේදී ඔබට තර්ජනය කළ දේශපාලනඥයින් සිටිනවා ද?
ඔව් එහෙම අවස්ථාත් තියෙනවා. ඇතැමුන්ගෙන් මම කළ ප්‍රශ්න කිරීම්වලදී වැඩසටහන අතරතුර පිළිතුරු දෙන්න බැරිව, මට බනින්න බැරිව, වැඩසටහන අතරතුර තිබෙන සුළු විවේක කාලවලදී දරුණු වාග් ප්‍රහාර එල්ල කළ අවස්ථා තිබෙනවා. ඒ වගේම පූර්ණ කාලීනව දේශපාලන ක්ෂේත්‍රයේ නොසිටින වෙනත් වෙනත් දේවල් කරල දේශපාලනයට පැමිණි පුද්ගලයින් තර්ජනය කළ අවස්ථාත් තිබුණා. නමුත් පූර්ණ කාලීන දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පරිණත දේශපාලනඥයින් ගෙන් කිසිම විටෙක තර්ජන එල්ල වී නෑ.

(silumina.lk)

Teenage girl collapses and dies after first kiss

By: Prosperity Tech On: 3:29 AM

ප්‍රථම හාදුව දෙන්නට ගොස් යුවලක් මරුදකී

සිය ප්‍රථම හමුවිමෙන්ම පෙම්වතුන් වු තරූණ යුවළකට සිය ප්‍රථම හාදුවේ රසය විඳිමින් සිටියදි අනපේක්ෂිත ලෙස මිය යෑමට සිදුවු පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර හෝටලයකදී මෙම තරුණ පෙම්වතුන් යුවළට තම ජීවිතයට සමුදීමට සිදුව ඇත්තේ එම හෝටලයේ හයවෙනි මහලේ සඳලු තලය මත සිට එකිනෙකා සිප ගැනීමට ගොස් පය ලිස්සා අඩි 60 පහළට ඇද වැටීමෙනි.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවද වර්තා වේ. ඔවුන් එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වී සිට ඇති බවටද වාර්තා වේ.

මිය ගිය තරූණයා නමින් (18) මිගෙල් රාමොස් නම් වන අතර ඔහු මෙක්සිකෝ දේශපාලකයෙකුගේ පුතෙකි. නමින් (19) ඇනාස්ට්‍රිෂියා ටුටීක් වන මිය ගිය යුවතිය රුසියනු ජාතික ශිෂ්‍යාවක් වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.








Monday, December 15, 2014

Miss South Africa Rolene Strauss crowned Miss World 2014

By: Prosperity Tech On: 9:35 PM

දකුණු අප්‍රිකාවේ ස්ට්‍රෝස් ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී (PHOTOS)

දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ තරගයේ කිරුළ දිනා ගත්තා ය.
ඊයේ ලන්ඩන් නුවරදී අවසන් මහා තරගය පැවැත්විය.
22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.
රූ රැජිණ තරගයේ දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.



දකුණු අප්‍රිකාවේ ස්ට්‍රෝස් ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී (PHOTOS)

article-bc5406aa-bc36-4512-8a8a-5b035b0aa1a6-6Up9seHxu-HSK1-539_634x430
National-finalists-perform-on-stage-during-Miss-World-2014 article-bc5406aa-bc36-4512-8a8a-5b035b0aa1a6-6Up9tM5PL-HSK1-107_634x405 EPA BRITAIN MISS WORLD ACE ENTERTAINMENT (GENERAL) GBR c018c41a04c73931680f6a706700469d_t730

(newsfirst.lk)9279b9a804873831680f6a706700edbf_t730

 

Salman Khan Is The Richest Indian Celebrity In Forbes List

By: Prosperity Tech On: 9:15 PM

ඉන්දියාවේ වැඩි ම ආදායම් ලැබූ ජනප්‍රිය තරු අතර පළමු තැන සල්මන්ට: ජැක්ලින් 62වන තැනට (Full List)


ඉන්දියාවේ වැඩි ම ආදායම් ලැබූ ජනප්‍රිය තරු අතර පළමු තැන සල්මන්ට: ජැක්ලින් 62වන තැනට (Full List) බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට  පත්ව සිටී.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි.
පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන්
මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.
ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි.
ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.
සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Jai Ho සහ Kick  චිත්‍රපට මෙම වසරේ වාර්තාගත ලෙස අදායාම් ඉපයී ය.
ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ්         බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු  වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.
අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.
f1 f2 f3 f4 f5 f6 f7 f8 f9 f10 f11 f12 f13

(newsfirst.lk)

Sunday, December 14, 2014

Bery was killed

By: Prosperity Tech On: 9:20 PM

බර්ටි මැරුනෙ නෑ හිටන්.. බර්ටි මැරුවා හිටන්..

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහත මරුණා නොව මරා දමූ බව ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ අනුරාධපුරයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා දිනවන්න 2005, 2010 මැතිවරණවල බර්ටි දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ කැපවීම මට වඩා හොදින් තමුන්නාන්සේලා දන්නවා. නමුත් මේ ඓතිහාසික පුරව‍රයේදී මම වේදනාවෙන් හා කණගාටුවෙන් කියනවා මා මිත්‍ර බර්ටි මැරුණේ නැහැ බර්ටිව මැරුවා කියලා හිටන්’
(lankacnews.com)

 

Friday, December 12, 2014

Jaipur girl Astha Agarwal gets Rs 2 cr job offer from Facebook

By: Prosperity Tech On: 7:14 PM

කෙල්ලගේ වයස 20යි වැටුප මිලියන 20යි 


ඉන්දීය රුපියල් කෝටි දෙකයි දශම එකක වැටුපකට ඉන්දීය තරුණියක් සදහා ෆේස් බුක් සමාගමෙන් රැකියාවක් ලබාදී තිබෙනවා. විසි හැවිරිදි වියේ පසුවන අස්තා අගර්වාල් නම් වු මෙම තරුණිය ජෙයිපූර් ප‍්‍රාන්තයේ පදිංචිකාරියක්. 2009 වසරේදී ඇය ෆේස් බුක් සමාජ ජාලය සමග එක්වී ඇත්තේද කිසියම් හෝ දිනක තමන්ට ෆේස් බුක් සමාගමෙන් රැුකියාවක් ලැබේවි යැයි යන විශ්වාසය අනුවයි. ඇය ෆේස් බුක් වෙබ් අඩවිය භාවිත කරමින් වැඩි වශයෙන් සිදුකර ඇත්තේ ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පියාඞ් තරගාවලියට එක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග දැනුම හුවමාරු කර ගැනීම බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුව අස්තාහට ඉකුත් මැයි මාසයේදී ෆේස්බුක් මූලස්ථානයේ පැවති මාස 2 ක අධ්‍යාපනික වැඩමුළුවකට එක්වීමටද අවස්ථාව උදාවී තිබුණා. ඇයට ෆේස්බුක් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස රැකියාවක් ලැබී ඇත්තේ ඉන් අනතුරුවයි.

lessons learned from husband

By: Prosperity Tech On: 12:09 AM
සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?


හිමාලි සයුරංගි නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ජනප‍්‍රියත්වයේ ඉහළම තැනකයි ඉන්නෙ. හිමාලි රඟපාන ”ලොක්කි” ටෙලිනාට්‍යය මේ දවස්වල විකාශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි හිමාලි දැන් අවුරුදු එකහමාරක විතර පුංචි දියණියක් ඉන්න අම්මා කෙනෙක් ද වෙනවා. අද ඇත්තම කියන්න කියලා අපි කියන්නෙ හිමාලි සයුරංගිටයි.


star සයුරංගි විවාහවෙලා දැන් කොච්චර කල්වෙනවද?
අවුරුදු තුනයි

star ඔයත් විවාහයෙන් පස්සෙ රඟපෑම් සීමා කර ගත්තු නිළියක්ද?
”නෑ... මට එහෙම සීමා කර ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ.. ඒ මොකද මම කොහොමටත් රඟපෑම් සීමා කරගෙන... තෝරා බේරා ගෙනයි... මේ ක්ෂේත‍්‍රයෙ රැුඳිලා ඉන්නෙ... දුව ලැබෙන්න ළංවෙනකම්ම මම රඟපෑවා.’’

starඇයි ඒ විදිහෙ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඔයා හිතුවෙ?
”මම කලාවට ආදරෙයි. හරිම ආදරෙයි. රඟපෑම... නිවේදනය, හඬ කැවීම.. ඒ තමයි මගේ වෘත්තිය. ඉතින් ඒ වෘත්තිය කරද්දි ගරුත්වයක්... වැදගත්කමක් ඇතිව ඒක කරගෙන යන්නයි මට  ඕනැවුණේ. මම කවදාවත්ම මට ලැබෙන හැම නිර්මාණයක්ම භාර අරගෙන නෑ. රඟපාපු නිර්මාණ ප‍්‍රමාණය වැඩි කර ගැනීමේ හීනයක් මට තිබුණෙ නෑ. ඊට වඩා මම හිතුවෙ මට තෘප්තිමත්වෙන දේවල් භාර අරගෙන ඒ දේවල් මගේ උපරිමයෙන් කිරීමයි. එතනදී මම ඒ නිර්මාණකරුවන් ගැන වගේම එයාල කලින් කටයුතු කරපු නිර්මාණ ගැනත් හිතනවා. කරන දේ හරි දෙයක්.. ඒ හරි දේ හරි විදිහට කරන්නයි මට  ඕනැ.”
SEDG
star විවාහයෙන් පස්සෙ... මොනම වෙලාවකවත් රඟපෑම් සීමා කර ගන්න කියලා සැමියාගෙන් බලපෑම් ආවෙ නැද්ද?
”නෑ... කිසිම වෙලාවක නෑ...”

starඑහෙම බලපෑම් ආවනම්?
”එහෙම බලපෑම් එන්න විදිහක් නෑ.. ඒ මොකද අපි දෙන්නා දැන හඳුනාගෙන එකපාරටම නෙවෙයිනෙ විවාහ වුණේ... දැන හඳුනා ගැනීම් තුළින් දෙන්නට දෙන්නගෙ අදහස් තේරුම් අරගෙනනෙ විවාහවුණේ. ඉතින් එයා මගේ සිතුම්... පැතුම්... මගේ විදිහ හොඳින්ම දන්නවා...”

star ඒත් බැරිවෙලාවත් එයා ඔයාට රඟපෑමෙන් අයින් වෙන්න කිව්වා නම්
”ඒක එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවනෙ... එයත් දන්නවා මට රඟපෑමෙන් ඈත්වෙලා ඉන්න බෑ කියලා... මම ජීවිතය බොහෝම කළමනාකරණය කරගෙනයි වැඩ කටයුතු කරන්නෙ. ඒ තුළ.. හැම දෙයක්ම මට හොඳින් සමබරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.”

star විවාහයෙන් පස්සෙ ඔයාලගෙ ජීවිත ඇතුලෙ වැඩිපුරම සිද්ධවුණේ ඔයා සැමියා කියන විදිහට හැඩ ගැහුණු එකද නැත්නම් සැමියා ඔයා වෙනුවෙන් හැඩ ගැහුණු එකද?
”අපි දෙන්නගෙන් කාටවත් එහෙම විශේෂයෙන් කියලා හැඩගැහෙන්න දේවල් තිබුණෙ නෑ. සිතුම් පැතුම් තේරුම් ගැනීම තුළ ඒ ඒ දේවල් අඩු වැඩියෙන් දෙපැත්තෙන්ම සිද්ධවෙන්න ඇති.”

starඔයා හිතනවද බිරිඳක් විදිහට ඔයාගෙන් සැමියට ඉටුවිය යුතු යුතුකම් හැම එකක්ම නොපිරිහෙලා ඉටුවෙනවා කියලා?
”මම හිතනවා මගෙන් ඉටුවිය යුතු යුතුකම් අතපසුවෙනවා අවමයි කියලා.”

star සැමියා නිසා ඔයාට ඔයාගෙ ජීවිතයෙ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?
”සමහර වෙලාවට සමහර දේවල්වලට මට කේන්ති යනවා. ඒ වෙලාවලට කියන්න තියෙන දේ මූණටම කියනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කරන විදිහ එයා නිසා මම ඉගෙනගෙන තියෙනවා.”

star මොන මොන වගේ දේවල්වලට ද ඔයාට කේන්ති යන්නෙ?
”බොරු කියනවට.... බොරු කරනවට මම ආස නෑ. අසාධාරණයට කැමති නෑ. අකටයුතුකම්වලට කැමති නෑ.

star විවාහ ජීවිතයක් සාර්ථක කර ගන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඔයාලගෙ අත්දැකීම් එක්ක ඔයා ඒකට දෙන කෙටිම පිළිතුර මොකක්ද?
කවදාවත්ම දෙන්නෙකුගෙ අදහස් සියයට සියයක්ම සමාන වෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ඒත් අදහස්වලට සමීප වෙන්න පුළුවන්.. දෙන්නෙක් එකතු වුනහම ගැලපීම් වගේම නොගැලපීම් තියෙන්න පුළුවන්. විවාහ ජීවිතයක් ඇතුලෙදී කරගන්න තියෙන හොඳම දේ තමයි.... ඒ ගැලපීම්... නොගැලපීම් අවම කර ගැනීම හා සමබර කර ගැනීමට උත්සාහ කිරීම. විවාහ ජීවිතයක් පවත්වාගන යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.

(lankadeepa.lk)

Thursday, December 11, 2014

Man Fails To Get 'Eaten Alive' By Anaconda

By: Prosperity Tech On: 11:23 AM

ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පණ පිටින් ගොස් යළි පැමිණි මිනිසෙක් (VIDEO)



ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පිවිස යළි පිටතට පැමිණි පුද්ගලයෙකු පිළිබඳව ජාත්‍යන්තර වෙබ් අඩවි සහ සමාජ ජාල වෙබ් අඩවිවල පළවී තිබේ.
පෝල් රොසලී නමැත්තෙකු එලෙස ඇනකොණ්ඩා සර්පයෙකුගේ කුස තුළට පිවිස ඇත්තේ, ලොව සුප්‍රකට රූපවාහිනී චැනලයක් මගින් නිෂ්පාදනය කෙරෙන Eaten Alive නමැති වැඩසටහනක් සඳහා ය.
ආරක්ෂිත ඇඳුම් ඇඳ කැමරාවක් ද අතැතිව කුස තුළට පිවිසිය ද පෝල් රොසලීට එම සර්පයාගේ කුස තුළට සම්පූර්ණයෙන් ඇතුළු වීමට හැකි වූයේ නැත.
ඒ, එම පුද්ගලයාට ඇතුළු වීමට තරම් අවකාශයක් එම සර්පයාගේ කුස තුළ නොපැවතීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම වැඩසටහන සඳහා අඩි 26ක ඇනකොණ්ඩාවෙකු යොදා ගැනීමට තීරණය කර තිබුණ ද ඒ සඳහා අඩි 20ක සර්පයෙකු යොදාගෙන තිබීම හේතුවෙන් එම පුද්ගලයා කුස තුළ සිරවී ඇති බව ය.
කුස තුළ සිටියදී සිරවූ පෝල් රොසලී තමන් බේරා ගන්නා ලෙස නිෂ්පාදන කණ්ඩායමෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඔහු බේරා ගන්නා අයුරු වීඩියෝවෙහි දැක්වේ.

(newsfirst.lk)