Friday, December 12, 2014

Tagged Under: , ,

Jaipur girl Astha Agarwal gets Rs 2 cr job offer from Facebook

By: Prosperity Tech On: 7:14 PM

කෙල්ලගේ වයස 20යි වැටුප මිලියන 20යි 


ඉන්දීය රුපියල් කෝටි දෙකයි දශම එකක වැටුපකට ඉන්දීය තරුණියක් සදහා ෆේස් බුක් සමාගමෙන් රැකියාවක් ලබාදී තිබෙනවා. විසි හැවිරිදි වියේ පසුවන අස්තා අගර්වාල් නම් වු මෙම තරුණිය ජෙයිපූර් ප‍්‍රාන්තයේ පදිංචිකාරියක්. 2009 වසරේදී ඇය ෆේස් බුක් සමාජ ජාලය සමග එක්වී ඇත්තේද කිසියම් හෝ දිනක තමන්ට ෆේස් බුක් සමාගමෙන් රැුකියාවක් ලැබේවි යැයි යන විශ්වාසය අනුවයි. ඇය ෆේස් බුක් වෙබ් අඩවිය භාවිත කරමින් වැඩි වශයෙන් සිදුකර ඇත්තේ ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පියාඞ් තරගාවලියට එක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග දැනුම හුවමාරු කර ගැනීම බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුව අස්තාහට ඉකුත් මැයි මාසයේදී ෆේස්බුක් මූලස්ථානයේ පැවති මාස 2 ක අධ්‍යාපනික වැඩමුළුවකට එක්වීමටද අවස්ථාව උදාවී තිබුණා. ඇයට ෆේස්බුක් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස රැකියාවක් ලැබී ඇත්තේ ඉන් අනතුරුවයි.

0 comments:

Post a Comment