ඉන්දියාවේ වැඩි ම ආදායම් ලැබූ ජනප්‍රිය තරු අතර පළමු තැන සල්මන්ට: ජැක්ලින් 62වන තැනට (Full List)
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි.
පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන්
මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.
ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි.
ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.
සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Jai Ho සහ Kick චිත්‍රපට මෙම වසරේ වාර්තාගත ලෙස අදායාම් ඉපයී ය.
ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ් බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.
අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.
0 comments:
Post a Comment