Sunday, October 19, 2014
Saturday, October 18, 2014
Justin Bieber Bodyguard HITS Paparazzi
By:
Prosperity Tech
On: 6:21 PM
ජස්ටින් බිබර්ගෙන් පැපරාසියෙකුට ප්‍රහාරයක්
පසුගියදා ඊර්ඛ පුවත් සේවය පැරීසියේ දී බිබර් විසින් පැපරාසි ඡායාරූප ශිල්පියෙකුට පහර දෙන අන්දම දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට යොමුකර තිබුණා. එහි පැහැදිලිවම බිබර් පහර දෙන අන්දම පිළිබිඹු වෙන බව එම වබේ අඩවිය පවසනවා.
මේ උද්දච්ච ගායන ශිල්පියා තම අත ඔසවමින් පහර දෙන විට පැපරාසි ඡායාරූප ශිල්පියා එම පහර වදිමින් පසුබසින ආකාරය එහි සටහන්ව තිබුණ බව ඊර්ඛ වැඩිදුරටත් පවසා තිබුණා. ඒ වගේම මෙය බිබර්ගේම ඡායාරූප බවට ඔවුන් එකහෙලාම පවසනවා.
මෙම සිදුවීමට මුල්වූ ආසන්නම සිද්ධිය වන්නේ ජස්ටින් බිබර් තම පිරිවර සමග රාත්‍රී ආහාරය ගැනීම සඳහා ඔවුන් සිටි හෝටල වෙත පැමිණ තිබූ මොහොතේ ඡායාරූප ශිල්පීන් පිරිසක් මොවුන් කණ්ඩායම පසුපස දිව විත් තිබිමයි. එම අවස්ථාවේදී සිදුවූ සිදුවීම පැහැදිලි නැතත් බිබර් එක් පැපරාසියෙකුට අතින් පහරදෙන ආකාරය නම් දැක ගැනීමට පුළුවන්. මෙය බිබර්ගේ ප්‍රථම පහරදීම නම් නොවේ. මීට පෙරත් ඔහු ඡායාරූප ශිල්පීන් සමග ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවන් හිදී බිබර්ගේ ආරක්ෂකයින්ද මාධ්‍යවේදීන්ටද කරදර හිරිහැර කිරීම නිතර දෙවේලේම සිදුවන සිදුවීමක් බවට පත්වෙලා. 2012 වසරේදීත් බිබර් මෙලෙසම ඡායාරූප ශිල්පියෙකු සමග හබයක පැටලී තිබුණා.
මෙය දුටු බිබර් පසුව ගැටුම පිළිබඳ ට්විටර් වබේ අඩවියට අදහස් දක්වමින් කියා තිබුණේ “අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුණා. ඩයනා කුමරියගේ මරණය නිසා . මම පැපරාසින් සමග තරහා නැහැ. නමුත් ඔවුන් සෑම විටම අපව අපහසුතාවට පත්කිරීම නම් මට අනුමත කරන්න බැහැ. ඔවුන්ගේ මේ වැඩ නිසා අපේ ජීවිත අනතුරේ වැටෙනවා” යනුවෙනුයි.
(lakbima.lk)
Sangeetha Weeraratne And Kamal Addararachchi In
By:
Prosperity Tech
On: 10:21 AM
මට ගැළපෙන්නේ සංගීතා විතරක් නෙවෙයි - කමල් අද්දරආරච්චි
සම්පූර්ණ නම - ජිනේන්ද්‍ර කමල් අද්දරආරච්චි
වෙනත් නම් - නැහැ
වයස (කැමැති නම්) - 52කායවර්ධනයට උනන්දුද - උනන්දුවක් නෑ. සික්ස් පැක් කවදාවත් තිබිලා නෑ.
ලග්නය - තුලා
දවස
දවස පටන්ගන්නේ කීයටද - එක එක වෙලාවට. පාන්දර 3-5-6ට
පළමුව අවදිවෙන්න ඕන බිරිඳද? සැමියාද - යන විදිහට නම් බිරිඳ තමයි අවදිවෙන්නේ ඉස්සෙල්ලාම.
සැමියාට කුස්සියේ වැඩ කැපද? අකැපද - කැපයි, කැපයි.
සැමියකුට පවුල වෙනුවෙන් වෙලාවක් නැතිවෙන්න පුළුවන්ද කොහොම හරි වෙලාවක් හොයාගන්න ඕනේ.
අපේක්ෂා කරන උපරිම ආයුකාලය කීයද - අවුරුදු 75ක් විතර.
කලාව
කැමැතිම නිළිය කවුද? - සේරම. ගොඩක් දක්ෂ නිළියෝ ඉන්නේ.
තිරයේ ඔබට ගැළපෙනම කෙනා සංගීතා වීරරත්න බව කෙනෙක් කීවොත්? - එයත් ගැළපෙනවා. මට ඕන කෙනෙක් ගැළපෙනවා.
එකට රඟපෑ කීදෙනකුට හිත බැඳිලා තියෙනවාද? - දෙතුන් දෙනෙක්ට.
ඒ අතරින් කීදෙනකුට ආදරය ප්‍රකාශ කළාද? - එක්කෙනෙක්ට. එයත් ප්‍රකාශයක් කළා.
නිළියක් බිරිඳ කර නොගත්තේ ඇයි? - ඒක එහෙම වෙන්න තිබුණු අවස්ථාව මග ඇරිලා ගියා.
ආදරය
ආදරයේ අවශ්‍යතා තුනක් කියන්න? - තමන්ට ආදරයක් ලබා ගැනීම, තව කෙනකුට තමන්ගේ ආදරය පෙන්වීම, ජීවිතය පුරාම දේවල් බෙදා හදාගෙන, තනි නොතනියට ජීවත් වීම.
මුලින්ම ආදරය දැනුණු වයස කීයද? - අවුරුදු 6දී 7දී වගේ.
පෙම් හසුන් ලියලා තියෙනවාද? - අපෝ ඔව්. සාමාන්‍යයෙන් 9-10 වසරවලදී වගේ.
හොඳටම ප්‍රේම කරන්න පුළුවන් උදයන්තිටද? සංගීතාටද? - ඒක ඉතින් ප්‍රේම කරලාම බලන්න ඕන.
විවාහයට පිටින් ආදරයක් උපදින්න පුළුවන්ද? - විවාහයට පිටින් කෙනකුට ආදරයක් ඇතිවෙන්න පුළුවන්.
විවාහය
විවාහය කියන්නේ කොළයක අත්සන් කිරීමමද - නැහැ. විවාහයක් වෙන්න අවශ්‍ය නැහැ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න.
වඩා හොඳ ප්‍රේම විවාහයද? යෝජිත විවාහයද - ප්‍රේම විවාහය.
ඊට හේතුව මොකක්ද - දෙන්නෙක් අවබෝධයෙන් යුතුව විවාහයට යන එක හොඳයි. බැඳලා ඉවරවෙලා අඳුන ගන්නවාට වඩා.
මවක් වුණු විට බිරිඳ වෙනස් වෙනවාද - ඔව් ඉතින් වෙනස් වෙනවානේ.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත්ද - නැහැ.
කුමරිනී ප්‍රතාපසිංහ
(rivira.lk)
Friday, October 17, 2014
16+ sirasa tv - The Watcher's biggest complaint
By:
Prosperity Tech
On: 11:52 AM
සිරස 16+ කොල්ලාගේ රෙදි ගැලවෙයි. (බලන්නම වටින සිද්ධියක්)
සිරස 16+ යනු සිංහල භාෂාව වනසමින් බටහිර නපුංසක හිපි සංස්කෘතිය අපේ රටේ තරුණ පරපුර අතරට ගෙන යන්නට හදන වැඩසටහනක් කියල ඒක වැරදීමකින් හෝ බලපු අය දන්නවා.
කොටි සිරසෙ අරමුණ තමයි, නපුංසක ගති පැවතුම් සහිත සිංහල ජාතියක් අනාගතයේ බිහි කරන එක. ඒ සඳහාමයි නව යොවුන් පරපුරම ඉලක්ක කරලා තියෙන්නේ. පිරිමිත් නොවන ගැහැණුත් නොවන විදිහට හැසිරෙන ප්‍රජාවක් හසුරුවන එක ලේසියිනේ. එසේම එවන් සිංහලයින් අබියස සුළු ජාතීන්ට මෙරට අත් පත් කර ගන්න ලේසියි.
පසුගිය කාලයේ එයට එරෙහිව ෆේස්බුක් එකේ නවයොවුන් පරපුරෙන් විශාල විරෝධයක් එල්ල වූයේ එනිසයි. සිංහල භාෂාවට කොටි සිරස කරන විනාශය ගැන ඔවුන්ගේ රෙදි ගැලවූ අවස්ථාවයි මේ.

දමිතා - සේමිණී නඩුව ඉල්ලා අස් කර ගනී.
By:
Prosperity Tech
On: 6:15 AM
දමිතා අබේරත්න සහ සේමිණී ඉද්දමල්ගොඩ අතර පසුගිය දවස්වල ඇතිවුණු ප‍්‍රශ්න ගැන නොදන්න කෙනෙක් නැහැ. අන්තිමට ඒ ප‍්‍රශ්නෙ නීතිය ඉදිරියට පවා ගියා.
ඒත් අපිට ආරංචි වුණා ඒක සමථයකට පත්වෙලා කියලා. ඉතින් ඒ ගැන දැන ගන්න අපි සේමිණීට කතා කළා. එතකොට ඇය කිව්වේ ප‍්‍රවීනයන්ගෙන් ලැබුණු උපදෙස් සහ මාධ්‍යවලින් කළ ඉල්ලීම්වලට ගරු කිරීමක් ලෙස මෙම නඩුව ඉවත් කර ගත්තා කියලයි. ඒත් දමිතා කිව්වේ මේ වගේ දෙයක්. ‘‘මම හැමදාම කෙලින් කතා කරන කෙනෙක්. මම කාටවත් විරුද්ධව නඩුවක් ගොනු කරලා නැහැ. සේමිණීට මම කලින් කිව්වා මේක කතා කරලා විසද ගමු කියලා. ඒත් දැන් කියනවා ප‍්‍රවීනයන් නිසා නඩුව ඉල්ලා අස් කර ගත්තා කියලා. ඒක මට පිළිගන්න බැහැ. එයා නඩුව ඉල්ලා අස්කර ගත්ත නිසයි මම නඩුව ඉවත් කර ගත්තේ.’’

Thursday, October 16, 2014
New Ministers for UVA Provincial council (2014) take oaths
By:
Prosperity Tech
On: 7:18 PM
ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු දිවුරුම් දෙති
ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (16) දිවුරුම් දුන්හ.ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, සංස්කෘතික, සමාජ සුබසාධන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර් කර්මාන්ත,
ප්‍රවාහන සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස අනුර රවීන්ද්‍ර විදානගමගේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙස රත්නායක මුදියන්සේලාගේ කුමාරසිරි රත්නායක
මාර්ග සංවර්ධන, නිවාස ජල සම්පාදන, සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස අකලන් සෙන්දිල් තොණ්ඩමාන් මුක්කුට්ටිනායගම්
ක්‍රීඩා හා යෞවන කටයුතු, විදුලි බල හා බලශක්ති, පේෂකර්ම හා කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස ආතර් චාමර සම්පත් දසනායක යන මහත්වරු දිවුරුම් දුන් අයුරු.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ.
(rivira.lk)
අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 17 දින
By:
Prosperity Tech
On: 7:08 PM
මේෂ : රැකියා කටයුතුවල දියුණුවක් උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි සැලසෙන අද දින කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි අතර අධ්‍යාපන කටයුතුවල තෘප්තිමත් භාවයක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
වෘෂභ
වෙළෙඳ ව්‍යාපාරවල සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින රැකියා ස්ථානයේ දී වගකීම් කිහිපයක් භාර ගැනීමට සිදුවන අතර ආර්ථිකය යහපත් බව පෙනීයයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගනී. නිවසේ කාර්ය බහුල පරිසරයක් ගොඩනැගේ.
මිථුන
මතෛක් ලැබෙමින් තිබූ ආදායම් මාර්ගයන් හිටිහැටියේම නතර වීම නිසා සිතට අසහනයක් ගෙන දෙන අතර ඔබ කරන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් උදාවිය හැකි බව පෙනීයයි. රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට ශුභදායකය.
කටක
රැකියා ස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි අද දින අපවාද චෝදනාවලට මුහුණ දීමට සිදුවන බව දක්නට ලැබේ. වෙළෙද ව්‍යාපාරික කටයුතුවලින් පාඩු ගෙන දිය හැකි අතර රහසිගත ක්‍රමවලින් ලාභ ලබාගන්නා බව පෙනීයයි. දරුවන්ගේ ඉගෙනීම ගැන සතුටු විය හැකි දවසකි.
සිංහ
රැකියා කටයුතුවල උදාසීන තත්ත්වයක් මතුවිය හැකි අද දින තම හැකියාවන් යටපත් විය හැකි වාතාවරණයක් පවතින බව පෙනී යයි. වෙළෙඳ ව්‍යාපාරවල පසුබෑමක් දක්නට ලැබෙන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබිම අසිරු වන බව පෙන්නුම් කරයි.
කන්‍යා
වෙළෙඳ ව්‍යපාර හා රැකියා කටයුතුවලින් නොසිතූ ලාභ ප්‍රයෝජන ලබාගත හැකි වුවද අද දින වැදගත් කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට නොහැකිවන බව පෙනීයයි. ආදායම සතුටුදායක මට්ටමක පවතින අතර ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසකි.
තුලා
සිතේ සැනසිලි ගතියකින් වැඩකටයුතු කිරීමට හැකිවන අද දින රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අතර ආර්ථිකය සතුටුදායකය. නීතිමය ප්‍රශ්නවලින් යහපත සැලසෙන දවසකි. යුග දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.
වෘශ්චික
රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ සහයෝගය ලබාගත හැකි අද දින අතිරේක මුදලක් අතට පත්වන බව දක්නට ලැබේ. කලක සිට බලාපොරොත්තුවෙන් සිටි උසස්වීමකට ඉඩ ඇති බව පෙන්නුම් කරන අතර ව්‍යාපාරිකයන්ට ශුභදායකය.
ධනු
අද දින සිතට සහනදායි තත්ත්වයක් ගෙන දෙයි. රැකියා විරහිත අයට රැකියා ලාභ හිමිවෙයි. රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර ව්‍යාපාර කටයුතුවලින් වාසි ලබා ගත හැකි දවසකි. අධ්‍යාපන කටයුතුවල නිරත වූවනට යහපත්ය.
මකර
වැඩකටයුතු බොහොමයක් සාර්ථක අන්දමින් අවසන් කරගැනීමට හැකිවන අද දින රැකීරක්ෂා හා ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ආර්ථිකය යහපත්ය. අනපේක්ෂිත ලාභවලට ඉඩ සැලසෙන අතර තම බලය නිසි ලෙස පවත්වා ගත හැකි දවසකි. පවුලේ සමගිය හා සමාදානය වර්ධනය වේ.
කුම්භ
රැකීරක්ෂා කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකිවන අද දින ව්‍යාපාර කටයුතුවලින් වාසි සලසා ගත හැකි අතර ආර්ථිකය යහපත් බව පෙන්නුම් කරයි. කෙටි ගමන් බිමන්වලින් ලාභ අත්වනු ඇත. ආගමික කටයුතුවලට සිත වැඩිවශයෙන් යොමුවන දවසකි.
මීන
සැනසීම හා ප්‍රබෝධය ගෙනදෙන දවසකි. රැකීරක්ෂා කටයුතුවලට යහපත්ය. ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීමට තම ඥාතියකුගේ සහයෝගය ලබාගත හැකි අද දින මුදල් පිළිබඳ තිබූ බාධක මග හැරේ. අන් අයට පිහිට වීමට සිදුවන බව පෙන්නුම් කරයි.
ලෙස්ලි ජයසිංහ - රද්දෙළුගම නිවාස

Tuesday, October 14, 2014
Shaaruk son & amithab Daughter Fake Video
By:
Prosperity Tech
On: 5:32 AM
"ෂාරුක් පුතු හා අමිතාබ් මිනිපිරිය සිපගන්නා වීඩියෝ එකේ ඇත්ත කතාව(Video)"
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ පුතු ආර්යන් හා අමිතාබ් බච්චන්ගේ මිණිබිරිය නව්‍යා නවේලි (බච්චන් දියණිය ස්වේතාගේ දුව) අතර පෙම් සබඳතාවයක් ඇති බවට බොලිවුඩයේ පසුගිය කාලයේ කටකතාවක් පැතිර ගොස් තිබුණා.
ඔවුන් දෙදෙනා කාර් එකක පසුපස අසුනේදී සිපගනිමින් ලබාගත් වීඩියෝවක් බව කියමින් ඉන්දියාව පුරා වීඩියෝවක් හුවමාරුවූ අතර එය අන්තර්ජාලයටද පැතිර තිබුණා.
මේ දෙදෙනා හොඳ මිතුරන් වීමත් එකට ඉගෙන ගැනීමත් නිසා මේ කටකතා පැතිර තිබුනා.
නමුත් පසුව මාධ්‍ය මගින් කළ සොයා බැලීම් වලදී මේ එම දෙදෙනාගේ වීඩියෝවක් නොව ඒ රුවට සමාන වෙනත් තරුණ යුවළකගේ වීඩියෝවක් බව දැන් තහවුරු කරගෙන තිඛෙනවා.
ආන්දෝලනයට තුඩු දුන් ඒ වීඩියෝව මෙන්න.
(shaafm.lk)
Ranjan Ramanayaka vs Vijith Vijithamuni Soyza Funn
By:
Prosperity Tech
On: 4:43 AM
පසුගියදා සිරස රූපවාහිනිය මගින් විකාශය කළ සිරස සටන වැඩසටහනට පවිත්‍රා වන්නිආරච්චි, රන්ජන් රාමනායක, විජිත් විජිතමුණි සොයිසා හා සුනිල් හඳුන්නෙත්ති වේ. එම වැඩසටහනේ විශේෂ අවස්ථා මේවනවිට ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
එවන් සංවාද කිහිපයක් බලන්න පහතින්.
ජනාධිපති ජන්ද හොරකම් කරලා නෑ - විජිතමුණි සොයිසා
ප්‍රේක්ෂකයෙකු දොට්ට දාන්න කියන විජිතමුණි සොයිසා රගර් ටීම් එකේ දක්ෂයාට තැන නැහැ - රන්ජන් රාමනායක (gossipbook.lk)
Monday, October 13, 2014
නිළියක් වීම මගේ විවාහයට හේතුවක් වුණේ නෑ - ප්‍රතිභා
By:
Prosperity Tech
On: 1:10 AM
ප්‍රතිභා හෙට්ටිආරච්චි. ඇයව ඒ නමින් හඳුනන අය නැතුවා නොවෙයි. නමුත් ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණිය ප්‍රතිභා කිව්වොත් හැමෝම හඳුනනවා. අලුත විවාහ වුණු ඇගේ ගෘහ ජීවිතය ගැනත් ඕපපාතිකයක් නොවුණු කලා ජීවිතය ගැන කතා කරන්නත් ඇයව රිවිසරසි කතාබහකට එකතු කරගත්තා. මේ අලුත් ජීවිතයට හුරුවුණු ප්‍රතිභාගේ තොරතුරුයි.
ප්‍රතිභා කොහොමද?
හොඳින්, සතුටින් ඉන්නවා.
අලුත් ජීවිතේට හුරුවෙලාද?
මුල් දවස් ටිකේ නම් නුහුරුකම තදින්ම දැනුණා. අම්මා, තාත්තා, අයියාගෙන් ඈත්වෙලා ජීවත් වෙන්න අමාරු වුණා. දුකයි. නිතරම ඒ අයව මතක් වෙනවා. මොකද මම විවාහ වෙනකල් ජීවත් වුණේ ඒ අය එක්ක. අපේ බැඳීම හරිම ශක්තිමත්. ඒ නිසා වෙනස් වෙන්න ටිකක් අමාරු වුණා. මගේ සැමියා වෙනුර සේනානාත්. දැන් නම් එයා එක්ක ගෙවන ජීවිතේ සුන්දරයි. ඒ ජීවිතය දැන් මට හුරුයි.
ජනප්‍රිය සංස්කෘතියට අයත් බොහෝ ගෘහණියන් උයන්න දන්නේ නැහැනේ. ප්‍රතිභාත් රසට උයන්න දන්නේ නැද්ද?
මමයි, වෙනුරයි පදිංචිවෙලා ඉන්නේ තනියම. ගෙදර වැඩ කරන්න කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මම රැකියාවක් කළත් කාර්යබහුල වුණත් ගෙදරදොරේ වැඩ කරන්න වෙන්නේ මට. මට රසට උයන්න පුළුවන්. මම උයන්න පුරුදු වුණේ අද ඊයේ නෙවෙයි. ඉස්සර ඉඳලාම උයනවා. ගෙදර හැම වැඩකටම මට වෙනුර හුඟක් උදව් කරනවා. ඒ නිසා ගෙදර වැඩවල අමාරුවක් දැනිලා නැහැ.
ඔහුට ඔබව මුණ ගැහෙන්නේ නිළිකම නිසාද?
නිළියක් හැටියට වෙනුර වගේම එයාගේ අම්මා, තාත්තා, මල්ලී මාව දන්නවා. මගේ ටෙලි නාට්‍ය බලලා තියෙනවා. ඒත් අපි ආදරවන්තයන් විදිහට නෙවෙයි මුණ ගැහුණේ. අපි විවාහ වුණේ යෝජිත විවාහයකින්. මම හිතන්නේ නැහැ මගේ නිළිකම විවාහයට හේතුවක් වුණා කියලා.
විවාහයෙන් පසුව රඟපාන්න එපා කියලා වෙනුර වගේම ඔහුගේ දෙමාපියන් තහනම් තහංචි දාන්නේ නැද්ද?
වෙනුර වගේම එයාගේ දෙමව්පියන් මම ගැන, මගේ කලා කටයුතු ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. මම රඟපාන්න අදිමදි කළත් වෙනුර කියනවා හොඳ නිර්මාණයක් නම් සම්බන්ධ වෙන්න කියලා. වෙනුරගේ අම්මා වගේම තාත්තා හුඟක් හොඳ මිනිස්සු. කලාවට ආදරෙයි. මම ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා. ඒ අයට ඒක ආඩම්බරයක්. වෙනුරට මාව යෝජනා වෙනකොට එයාගේ මල්ලී තමයි කියලා තියෙන්නේ ‘එයා හොඳයි, පොඩ්ඩක් යෝජනාව ගැන හිතන්න’ කියලා. මගේ පවුල තරමටම ඒ පවුලත් මට ආදරෙයි. මගේ කලා කටයුතුවලට උදව් කරනවා.ඒ නිසා මම හිතන්නේ නැහැ මගේ රඟපෑම එයාලට මදිපුංචිකමක් කියලා. ඒ වගේම කිසිම තහනමක් නැහැ මගේ රංගන වැඩවලට.
සමාජය ගැන දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳලා යුවතියක් හීන දකිනවා තමන්ගේ අනාගත සැමියා කොයි වගේ ස්වරූපයක් ගන්න ඕනෑද කියලා. ඔබටත් ඒ වගේ හීනයක් තිබුණාද?
මම හැම වෙලාවේම හිතුවේ මම ආදරය කරන කෙනා මගේ අයියා වගේ වෙන්න ඕන කියලයි. මගේ අයියා හරිම විනෝදයෙන් සතුටින් ජීවත්වෙන කෙනෙක්. කලාවට ලැදි, මාව අගය කරන කෙනෙක් ගැන හිතුවා. ඒ වගේම උගත් බුද්ධිමත් කෙනෙක්. ඒ හැමදේම වෙනුර ළඟ තියෙනවා. බාහිර ස්වරූපය වුණත් මම හිතාගෙන හිටියේ වෙනුරගේ ස්වරූපය. හිතපු කෙනා ඒ විදිහටම ලැබුණා.
ප්‍රතිභා දැන් රැකියාවක් කරනවා නේද?
මම මූල්‍ය ගණිතය විෂයෙන් මාස්ටර් ඩිග්රිය කරලා ඉවර කළා. දැන් රැකියාවක් කරනවා. මම වැඩ කරන ආයතනය තියෙන්නේ කටුබැද්දේ. මගේ රංගනයට අවශ්‍ය පසුබිම ආයතනයෙන් හදලා දෙනවා. ඒක ඇත්තටම මට පහසුවක්. කාර්යබහුලයි වගේම හරිම ආතතියක් තියෙන රැකියාවක්. ඒත් මම රැකියාව සතුටින් කරගෙන යනවා.
රැකියාවත්, ගෘහයේ කාර්යබහුලකමත් එක්ක ප්‍රතිභා රංගනයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
කාලය කළමනාකරණය කරගෙන හැම දෙයක්ම සමබරව කරන්න උත්සාහ ගන්නවා. රංගනයෙන් ඉදිරි කාලයේදී ඉවත් වෙයිද කියන්න බැහැ. දැනට නම් එහෙම අදහසක් නැහැ. නමුත් පසුගිය කාලයට වඩා පුංචි තිරයේ මාව දකින වාරය අඩුවෙයි.
ප්‍රතිභා රංගනයෙන් දායක වුණු අලුත් නිර්මාණ මොනවාද?
රූගත කළ නිර්මාණ හුඟක් තියෙනවා. දිය බින්දුවක්, විෂ්ණු සංක්‍රාන්තිය, වස්සාන සමය වගේ නිර්මාණ. ඒවා ඉදිරියේදී විකාශය වේවි.
පුංචි පවුල රත්තරන් කියනවනේ. ප්‍රතිභාගේ පුංචි පවුල සම්පූර්ණ වෙන්නේ කවදාද?
වෙනුර පුංචි ළමයින්ට හුඟක් ආදරෙයි. අපිටත් දරුවෙක් ලැබෙනවාට එයා වගේම මමත් කැමැත්තෙන් ඉන්නවා. ඒත් එයා කවදා එයිද දන්නේ නැහැ. එයා එන දවසට එයි. එදාට සතුටින් එයාව භාරගන්නවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-වෙනුර චන්ද්‍රමාලිත

Subscribe to:
Posts (Atom)