Saturday, October 18, 2014

Tagged Under: ,

Justin Bieber Bodyguard HITS Paparazzi

By: Prosperity Tech On: 6:21 PM

ජස්ටින් බිබර්ගෙන් පැපරාසියෙකුට ප්‍රහාරයක්

වචනයෙන් කිවනොහැකි දහසක් දේ එක් ඡායාරූපයකින් කිව හැකි බව ඔබ අසා ඇති. පසුගියදා මේ ජනප්‍රිය ගායකයා තම සහචරයන් සමග පැරීසියේ කළ සංචාරයක් අතරතුර පැපරාසි ඡායාරූප ශිල්පියෙකු සමග ඇතිකරගත් හබයක් නිසා අන්තර්ජාල වබේ අඩවි තුළ ඔහු පිළිබඳව නැවතත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබෙනවා.

පසුගියදා ඊර්ඛ පුවත් සේවය පැරීසියේ දී බිබර් විසින් පැපරාසි ඡායාරූප ශිල්පියෙකුට පහර දෙන අන්දම දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට යොමුකර තිබුණා. එහි පැහැදිලිවම බිබර් පහර දෙන අන්දම පිළිබිඹු වෙන බව එම වබේ අඩවිය පවසනවා.
මේ උද්දච්ච ගායන ශිල්පියා තම අත ඔසවමින් පහර දෙන විට පැපරාසි ඡායාරූප ශිල්පියා එම පහර වදිමින් පසුබසින ආකාරය එහි සටහන්ව තිබුණ බව ඊර්ඛ  වැඩිදුරටත් පවසා තිබුණා. ඒ වගේම මෙය බිබර්ගේම ඡායාරූප බවට ඔවුන් එකහෙලාම පවසනවා.
මෙම සිදුවීමට මුල්වූ ආසන්නම සිද්ධිය වන්නේ ජස්ටින් බිබර් තම පිරිවර සමග රාත්‍රී ආහාරය ගැනීම සඳහා ඔවුන් සිටි හෝටල වෙත පැමිණ තිබූ මොහොතේ ඡායාරූප ශිල්පීන් පිරිසක් මොවුන් කණ්ඩායම පසුපස දිව විත් තිබිමයි. එම අවස්ථාවේදී සිදුවූ සිදුවීම පැහැදිලි නැතත් බිබර් එක් පැපරාසියෙකුට අතින් පහරදෙන ආකාරය නම් දැක ගැනීමට පුළුවන්. මෙය බිබර්ගේ ප්‍රථම පහරදීම නම් නොවේ. මීට පෙරත් ඔහු ඡායාරූප ශිල්පීන් සමග ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවන් හිදී බිබර්ගේ ආරක්ෂකයින්ද මාධ්‍යවේදීන්ටද කරදර හිරිහැර කිරීම නිතර දෙවේ‍ලේම සිදුවන සිදුවීමක් බවට පත්වෙලා. 2012 වසරේදීත් බිබර් මෙලෙසම ඡායාරූප ශිල්පියෙකු සමග හබයක පැටලී තිබුණා.
මෙය දුටු බිබර් පසුව ගැටුම පිළිබඳ ට්විටර් වබේ අඩවියට අදහස් දක්වමින් කියා තිබුණේ “අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුණා. ඩයනා කුමරියගේ මරණය නිසා . මම පැපරාසින් සමග තරහා නැහැ. නමුත් ඔවුන් සෑම විටම අපව අපහසුතාවට පත්කිරීම නම් මට අනුමත කරන්න බැහැ. ඔවුන්ගේ මේ වැඩ නිසා අපේ ජීවිත අනතුරේ වැටෙනවා” යනුවෙනුයි.
(lakbima.lk)

0 comments:

Post a Comment