Saturday, October 18, 2014

Tagged Under:

Sangeetha Weeraratne And Kamal Addararachchi In

By: Prosperity Tech On: 10:21 AM

මට ගැළපෙන්නේ සංගීතා විතරක් ‍නෙවෙයි - කමල් අද්දරආරච්චි

සම්පූර්ණ නම - ජිනේන්ද්‍ර කමල් අද්දරආරච්චි
වෙනත් නම් - නැහැ

වයස (කැමැති නම්) -  52
කායවර්ධනයට උනන්දුද -  උනන්දුවක් නෑ. සික්ස් පැක් කවදාවත් තිබිලා නෑ.
ලග්නය - තුලා

දවස
දවස පටන්ගන්නේ කීයටද - එක එක වෙලාවට. පාන්දර 3-5-6ට
පළමුව අවදිවෙන්න ඕන බිරිඳද? සැමියාද - යන විදිහට නම් බිරිඳ තමයි අවදිවෙන්නේ ඉස්සෙල්ලාම.
සැමියාට කුස්සියේ වැඩ කැපද? අකැපද - කැපයි, කැපයි.
සැමියකුට පවුල වෙනුවෙන් වෙලාවක් නැතිවෙන්න පුළුවන්ද කොහොම හරි වෙලාවක් හොයාගන්න ඕනේ.
අපේක්ෂා කරන උපරිම ආයුකාලය කීයද - අවුරුදු 75ක් විතර.

කලාව
කැමැතිම නිළිය කවුද? - සේරම. ගොඩක් දක්ෂ නිළියෝ ඉන්නේ.
තිරයේ ඔබට ගැළපෙනම කෙනා සංගීතා වීරරත්න බව කෙනෙක් කීවොත්? - එයත් ගැළපෙනවා. මට ඕන කෙනෙක් ගැළපෙනවා.
එකට රඟපෑ කීදෙනකුට හිත බැඳිලා තියෙනවාද? - දෙතුන් දෙනෙක්ට.
ඒ අතරින් කීදෙනකුට ආදරය ප්‍රකාශ කළාද? - එක්කෙනෙක්ට. එයත් ප්‍රකාශයක් කළා.
නිළියක් බිරිඳ කර නොගත්තේ ඇයි? - ඒක එහෙම වෙන්න තිබුණු අවස්ථාව මග ඇරිලා ගියා.

ආදරය
ආදරයේ අවශ්‍යතා තුනක් කියන්න? - තමන්ට ආදරයක් ලබා ගැනීම, තව කෙනකුට තමන්ගේ ආදරය පෙන්වීම, ජීවිතය පුරාම දේවල් බෙදා හදාගෙන, තනි නොතනියට ජීවත් වීම.
මුලින්ම ආදරය දැනුණු වයස කීයද? - අවුරුදු 6දී 7දී වගේ.
පෙම් හසුන් ලියලා තියෙනවාද? - අ‍පෝ ඔව්. සාමාන්‍යයෙන් 9-10 වසරවලදී වගේ.
හොඳටම ප්‍රේම කරන්න පුළුවන් උදයන්තිටද? සංගීතාටද? - ඒක ඉතින් ප්‍රේම කරලාම බලන්න ඕන.
විවාහයට පිටින් ආදරයක් උපදින්න පුළුවන්ද? - විවාහයට පිටින් කෙනකුට ආදරයක් ඇතිවෙන්න පුළුවන්.

විවාහය
විවාහය කියන්නේ කොළයක අත්සන් කිරීමමද - නැහැ. විවාහයක් වෙන්න අවශ්‍ය නැහැ දෙන්නෙකුට එකට ජීවත් වෙන්න.
වඩා හොඳ ප්‍රේම විවාහයද? යෝජිත විවාහයද - ප්‍රේම විවාහය.
ඊට හේතුව මොකක්ද - දෙන්නෙක් අවබෝධයෙන් යුතුව විවාහයට යන එක හොඳයි. බැඳලා ඉවරවෙලා අඳුන ගන්නවාට වඩා.
මවක් වුණු විට බිරිඳ වෙනස් වෙනවාද - ඔව් ඉතින් වෙනස් වෙනවානේ.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත්ද - නැහැ.
කුමරිනී ප්‍රතාපසිංහ

(rivira.lk)http://www.rivira.lk/online/images/2014/10/19/kamal-addareaaracchi-4.jpg

 

0 comments:

Post a Comment