Thursday, October 16, 2014

Tagged Under: ,

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 17 දින

By: Prosperity Tech On: 7:08 PM
මේෂ : රැකියා කටයුතුවල දියුණුවක් උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි සැලසෙන අද දින කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි අතර අධ්‍යාපන කටයුතුවල තෘප්තිමත් භාවයක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.
වෘෂභ

වෙළෙඳ ව්‍යාපාරවල සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින රැකියා ස්ථානයේ දී වගකීම් කිහිපයක් භාර ගැනීමට සිදුවන අතර ආර්ථිකය යහපත් බව පෙනීයයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගනී. නිවසේ කාර්ය බහුල පරිසරයක් ගොඩනැගේ.

මිථුන

මතෛක් ලැබෙමින් තිබූ ආදායම් මාර්ගයන් හිටිහැටියේම නතර වීම නිසා සිතට අසහනයක් ගෙන දෙන අතර ඔබ කරන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් උදාවිය හැකි බව පෙනීයයි. රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට ශුභදායකය.

කටක

රැකියා ස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි අද දින අපවාද චෝදනාවලට මුහුණ දීමට සිදුවන බව දක්නට ලැබේ. වෙළෙද ව්‍යාපාරික කටයුතුවලින් පාඩු ගෙන දිය හැකි අතර රහසිගත ක්‍රමවලින් ලාභ ලබාගන්නා බව පෙනීයයි. දරුවන්ගේ ඉගෙනීම ගැන සතුටු විය හැකි දවසකි.

සිංහ

රැකියා කටයුතුවල උදාසීන තත්ත්වයක් මතුවිය හැකි අද දින තම හැකියාවන් යටපත් විය හැකි වාතාවරණයක් පවතින බව පෙනී යයි. වෙළෙඳ ව්‍යාපාරවල පසුබෑමක් දක්නට ලැබෙන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබිම අසිරු වන බව පෙන්නුම් කරයි.

කන්‍යා

වෙළෙඳ ව්‍යපාර හා රැකියා කටයුතුවලින් නොසිතූ ලාභ ප්‍රයෝජන ලබාගත හැකි වුවද අද දින වැදගත් කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමට නොහැකිවන බව පෙනීයයි. ආදායම සතුටුදායක මට්ටමක පවතින අතර ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසකි.

තුලා

සිතේ සැනසිලි ගතියකින් වැඩකටයුතු කිරීමට හැකිවන අද දින රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබෙන අතර ආර්ථිකය සතුටුදායකය. නීතිමය ප්‍රශ්නවලින් යහපත සැලසෙන දවසකි. යුග දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ.

වෘශ්චික

රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ සහයෝගය ලබාගත හැකි අද දින අතිරේක මුදලක් අතට පත්වන බව දක්නට ලැබේ. කලක සිට බලා‍පොරොත්තුවෙන් සිටි උසස්වීමකට ඉඩ ඇති බව පෙන්නුම් කරන අතර ව්‍යාපාරිකයන්ට ශුභදායකය.

ධනු

අද දින සිතට සහනදායි තත්ත්වයක් ගෙන දෙයි. රැකියා විරහිත අයට රැකියා ලාභ හිමිවෙයි. රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අතර ව්‍යාපාර කටයුතුවලින් වාසි ලබා ගත හැකි දවසකි. අධ්‍යාපන කටයුතුවල නිරත වූවනට යහපත්ය.

මකර

වැඩකටයුතු බොහොමයක් සාර්ථක අන්දමින් අවසන් කරගැනීමට හැකිවන අද දින රැකීරක්ෂා හා ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ආර්ථිකය යහපත්ය. අනපේක්ෂිත ලාභවලට ඉඩ සැලසෙන අතර තම බලය නිසි ලෙස පවත්වා ගත හැකි දවසකි. පවු‍ලේ සමගිය හා සමාදානය වර්ධනය වේ.

කුම්භ

රැකීරක්ෂා කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකිවන අද දින ව්‍යාපාර කටයුතුවලින් වාසි සලසා ගත හැකි අතර ආර්ථිකය යහපත් බව පෙන්නුම් කරයි. කෙටි ගමන් බිමන්වලින් ලාභ අත්වනු ඇත. ආගමික කටයුතුවලට සිත වැඩිවශයෙන් යොමුවන දවසකි.

මීන

සැනසීම හා ප්‍රබෝධය ගෙනදෙන දවසකි. රැකීරක්ෂා කටයුතුවලට යහපත්ය. ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීමට තම ඥාතියකුගේ සහයෝගය ලබාගත හැකි අද දින මුදල් පිළිබඳ තිබූ බාධක මග හැරේ. අන් අයට පිහිට වීමට සිදුවන බව පෙන්නුම් කරයි.

ලෙස්ලි ජයසිංහ - රද්දෙළුගම නිවාස

(rivira.lk)

0 comments:

Post a Comment