Thursday, October 16, 2014

Tagged Under: ,

New Ministers for UVA Provincial council (2014) take oaths

By: Prosperity Tech On: 7:18 PM

ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරු දිවුරුම් දෙති

ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (16) දිවුරුම් දුන්හ.
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, සංස්කෘතික, සමාජ සුබසාධන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර් කර්මාන්ත,
ප්‍රවාහන සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස අනුර රවීන්ද්‍ර විදානගමගේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙස රත්නායක මුදියන්සේලාගේ කුමාරසිරි රත්නායක
මාර්ග සංවර්ධන, නිවාස ජල සම්පාදන, සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස අකලන් සෙන්දිල් තොණ්ඩමාන් මුක්කුට්ටිනායගම්
ක්‍රීඩා හා යෞවන කටයුතු, විදුලි බල හා බලශක්ති, පේෂකර්ම හා කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස ආතර් චාමර සම්පත් දසනායක යන මහත්වරු දිවුරුම් දුන් අයුරු.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ.
 











(rivira.lk)

 

0 comments:

Post a Comment