Sunday, October 12, 2014

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)

By: Prosperity Tech On: 11:29 PM


දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ස්ටීවන් ස්මිත්ගේ විස්මිත උඩ පන්දු රැකීම (VIDEO)
  ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඊයේ විස්මිත ආකාරයේ උඩ පන්දු රැකීමක නිරත විය.
ඒ, Slip ස්ථානයේ පන්දු රකිමින් කඩුල්ලෙන් විරුද්ධ පසට දිවගොස් රැකගත් අසාමාන්‍ය ආකාරයේ උඩ පන්දු රැකීමකි.


මෙය සිදුවූයේ, අබුඩාබිහිදී පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ය. ‍මෙම උඩ පන්දු රැකීමට ගොදුරු වූයේ, පකිස්ථාන පිතිකරු ෆවාඩ් අලාම් ය.
ඔස්ට්‍රේලියාවේ ෂේවියර් ඩෝහර්ටි විසින් යවන ලද පන්දුවක් ෆවාඩ් අලාම් සිය පා ඉන්න දෙසින් යොමු කිරීමට උත්සහ කළ අතර පන්දුව ඔහු දෙසට යොමු වනවා ත් සමග ක්‍රියාත්මක වූ ස්ටීවන් ස්මිත් දිවගොස් උඩ පන්දුව රැක ගැනීමට සමත් විය.
එම අවස්ථාවේ ෆවාඩ් අලාම් පිටියේ රැඳී සිටිය ද ප්‍රධාන විනිසුරුවරුන් තෙවන විනිසුරුවරයාගේ උපදෙස් මත ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ආන්දෝලනයක් ගොඩ නැගිණි.
ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ, එම උඩ පන්දු රැකීම නීත්‍යනුකූල නොවන බව ය.
මෙම උඩ පන්දුව නීත්‍යනුකූල බව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සිය නිල Twitter වෙබ් පිටුවෙහි සඳහන් කර තිබිණි.
steven smith catch_dean jones
ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව (LawICC 41:8 වගන්තිය) පිතිකරුවෙකු පන්දුව පැමිණීමට පෙර ඊට පහර දීම සඳහා සැරසුණහොත් පන්දු රකින්නාට ද ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි ය.
මෙවැනි ම අවස්ථාවක් 2009 වසරේදී සිදු විය. ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී බ්‍රෙන්ඩන් මැකලම් විසින් රාහුල් ඩ්‍රාවිඩ් දවා ගැනීමේ සිද්ධිය යි.


(newsfirst.lk)

Sri Lankan Chat | Free Chat Room ~ podigossip.com

By: Prosperity Tech On: 2:18 AM
Chat | Sri Lankan, Sinhala Chat room


Saturday, October 11, 2014

Maliagawatta Car Parts Robbery - CCTV Footage

By: Prosperity Tech On: 11:30 AM

මාලිගාවත්තේ වාහනවල Parts උස්සන හැටි (වීඩියෝ සහිතයි) 

මාලිගාවත්ත ප්‍රදේශයේ මාවතක් අසල නවතා තිබෙන වාහන වල උපාංග හොරෙන් ගලවා ගැනීමේ කල්ලියක් ක්‍රියාත්මක වන ආකාරය ඒ අසල සවිකොට තිබූ CCTV කැමරාවක පටිගත වී තිබේ. සංවිධානාත්මක කල්ලියක් විසින් ත්‍රි රෝද රථයකින් පැමිණ වාහනය ආසලටම කොට නවත්වන අතර ත්‍රි රෝද රථයෙන් බැස ගන්නා එක් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ගන්නා මුවාවෙන් පාරේ සිට ඔත්තු බැලීම සිදුකරනු ලබයි.


ඒ අතරතුරේ වාහනය සමීපයේ නැවතූ ත්‍රී රෝද රියේ සිටින පුද්ගලයා විසින් එම වාහනයේ පිටුපස වීදුරු පිස්නය (wiper) ගලවාගනු ලැබේ. මෙලෙස විනාඩි කිහිපයක් ඇතුලත එම කණ්ඩායම විසින් වාහන දෙකක විදුරු පිස්නා ගලවාගන්නා ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබේ. මෙම වීඩියෝවේ සිටින අදාළ සොරකම පුද්ගලයන් ඔබ දන්නවානම් අප වෙත දන්වන්න. 
 
ඊයේ (08) දිනයේ දහවල් 03:49 ට පටිගත වූ එම වීඩියෝව බලන්න පහතින්.


Balumgala 2014-10-10 University Girl Fraud

By: Prosperity Tech On: 10:36 AM

"කැම්පස් කියන" ගරානාස් දිනුෂී

පේරාදෙණිය සරසවියෙන් මතු වූ මිස්කෝල් දිනුෂී ගැන දැන ගන්න අද බැලුම්ගල අහන්න. 


Will remove all buddha statues from North as soon as Sri Lanka army withdrawal sivajilingam

By: Prosperity Tech On: 10:07 AM
උතුරු පළාතේ රඳවා සිටින හමුදා බල ඇණි ඉවත් කළ පසුව, ඒ සමග බුදු පිලිමද ඉවත් වන බව උතුරු පළාත් සභා TNA මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

"හමුදා කෑම්ප් තියෙන ගමක් ගමක් පාසා ගෝඨාභය රාජපක්ෂ විසින් බුදු පිළිම හදලා. මේවට ඉඩ දෙන්න බෑ. ජනපතිවරයෙන් අපි දින්නට පස්සේ ගෝඨාභයව ගෙදර යවනවා. එවිට දෙමළ නිජබිමේ තීරණ ගන්නේ අපි." යයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මෙසේ පැවසුවේ උතුරු පළාත් සභාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

මෙම වසර අවසන් වනවිට උතුරේ සිටින හමුදාව ඉවත් විය යුතු බව අවධාරණය කරමින් මෙහිදී යෝජනාවක් සම්මත කරගෙන ඇත.

දෙමළ ඊළාම් මාතෘ භූමිය නිසැකවම පිහිටුවනවා - මාවෙයි සේනාධිරාජා

තමනට ප්‍රභාකරන් මල්ලී පෞද්ගලිකව හමු වූ ඓතිහාසික දින කිහිපය අමතක කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන පක්‍ෂය වන තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු පවසා ඇත්තේ තම අරමුණ දෙමළ ඊළාම් මාතෘ භූමියේ දෙමළ පාලනයක් පිහිටුවීම බවයි.

Jathika hela urumaya to quit from the government

By: Prosperity Tech On: 9:09 AM

ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර විධායක  බලතල සීමා කර 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත නොකරන්නේ නම් තමන් වහන්සේ ඇතුළු ප‍්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වන බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ආණ්ඩුවේ ප‍්‍රධානීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා නැති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී තම ඉල්ලීම් පිලිගන්නා අපේක්‍ෂකයෙකුට සහාය දැක්වීමට තීරණය කර ඇති බවත් පවසන එහිමියෝ මේ පිළිබඳ අවසන් තීරණය අඟහරුවාදා දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවද කීහ.
ව්‍යවස්ථාවේ පවතින ස්වරූපය වෙනස් කිරීම දාහත් වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම, මනාප ජන්ද ක‍්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනකදී පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිකම පමණක් භාරදීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන යෝජනා මේ අතර වෙයි.

ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..
(lankacnews.com)

Friday, October 10, 2014

Today daily horoscope, daily asrology forecast - 11-10-2014

By: Prosperity Tech On: 8:43 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 11 දින

මේෂ
තම අභිමතාර්ථයන් බොහෝ දුරට ක්‍රියාවට නැංවිය හැකි අද දින සමාජ සේවා කටයුතුවලට යොමුවීමෙන් අලුත් හිතවතුන් ද, ප්‍රසිද්ධිය ද ගෙනදිය හැකි අතර රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. අවිවේකී බව නිසා මනසට දැඩි වෙහෙසකාරී බවක් දැනේ.
වෘෂභ
ව්‍යාපාරික හා රැකියා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින උසස් තනතුරු බලා‍පොරොත්තු වූවන්ගේ පැතුම් ඉටුවිය හැකි අතර මිල මුදල් පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවන දවසකි. අතරමග නවතා තිබූ වැදගත් කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.

මිථුන
රැකියා ස්ථානයේ බලා‍පොරොත්තු නොවූ ගැටලු බාධක ගෙනදීමේ ප්‍රවණතාවක් පවතින අද දින රැකියාව පිළිබඳ කලකිරීමක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරයි. ආර්ථික අපහසුතා මතුවිය හැකි අතර අමතර වියදම් පියවාගැනීමට තැන්පත් මුදලක් වැයවිය හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

කටක
තම අරමුණු බොහොමයක් සාර්ථක වන අද දින රැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වගකීම් හිමිවන බව පෙනීයයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වන අතර ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව දක්නට ලැබේ. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙනදෙයි.

සිංහ
ආගමික කටයුතුවලට සිත වැඩි වශයෙන් යොමුවන අද දින වැඩිහිටියන්ගේ උදව් උපකාර ලබාගත හැකි වන බව පෙන්නුම් කරන අතර රැකියා කටයුතුතවල උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන දවසකි. ව්‍යාපාරිකයන්ට නොසිතූ ලාභ ලබාගත හැකි බව පෙනී යයි. ගෘහජීවිතය යහපත්ය.

කන්‍යා
රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් තිබූ බාධක ඉවත් වේ. නව රැකියා ලැබිමටත් රැකියා උසස්වීම් ලැබිමටත් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන අතර සිතට සහනදායී බවක් ගෙනදෙන දවසකි. යුගදිවිය සතුටින් ගතකිරීමට හැකි වේ.

තුලා
රැකියා කටයුතුවල කාර්ය බහුලත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට පාඩු සිදුවිය හැකි බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර සම්මුඛ පරීක්ෂණවල යෙදෙන අයට ශුභදායකය. අතපසුවීම් නිසා අනපේක්ෂිත ගැටලු ගෙනදිය හැකි දවසකි.

වෘශ්චික
බලා‍පොරොත්තු මුදුන්පත්වන අද දින මතෛක් පැවැති කරදර බාධා නිමාවට පත්වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රශංසාව හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වැඩිපුර ලාභ ලබාගැනීමට හැකිවන දවසකි. පවු‍ලේ වගකීම් තමන් වෙත යොමුවීම නිසා අවිවේකී බවක් පෙන්නුම් කරයි.

ධනු
ෙදෙනික කටයුතුවලින් උත්සාහයේ තරමට සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි වනු ඇත. රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පාඩු ගෙනදෙන බව පෙනීයයි. ඉගෙනීමේ යෙදීසිටින සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.

මකර
අනවශ්‍ය ඉක්මන්කාරී බවක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතු සම්බන්ධව බලපෑ බාධක තුරන්වන අතර සුළු ධන ලාභයක් ලැබිය හැකි බව පෙන්නුම් කරයි. අන්‍යයන්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියාකිරීමෙන් පාඩු ගෙනදිය හැකි දවසකි. ගෘහජීවිතය පී්‍රතිමත්ය.

කුම්භ
වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුවිශේෂී දියුණුවක් ගෙනදෙන බව දක්නට ලැබේ. රැකීරක්ෂා කටයුතුවලින් ශුභඵල ලබාගන්නා අද දින ආර්ථිකය යහපත් මට්ටමක පවතින අතර අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට තරග විභාගවලින් ජය අත්කර ගැනීමට හැකිවන දවසකි.

මීන
ස්වයං රැකියාවල නියුතු වූවනට ජංගම වෙළෙඳාම්වල යෙදී සිටින්නන්ට ශුභදායක දවසකි. රැකීරක්ෂා කටයුතුවල දියුණුව පෙන්නුම් කරන අතර විවිධ තරාතිරමේ අය අතර සම්බන්ධකම් පැවැත්වීමට අවස්ථාව උදා වේ. ප්‍රිය සම්භාෂණ උත්සවයකට සහභාගි වීමට හැකිවන බව පෙනී යයි.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස

(rivira.lk)

 

Monk playing guitar with a beauty model

By: Prosperity Tech On: 8:17 PM

හිමි නම සමඟ රිතිකා ගිටාර් ගැසූ මියුසික් වීඩියෝව

එක්තරා තරු‚යක් සමඟ හිමිනමක් ගිටාර් වාදනයේ සිටින ජායාරූප කිහිපයක් පසුගිය ජනවාරි මාසයේ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ අතර එය තරමක් ආන්දෝලනාත්මක පුවතක්ද වියග
එම අවස්ථාව පිළිබඳ සොයාබැලු අපට දැනගන්නට ලැබුනේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරනා අවස්ථාවේ එම ජායාරූප ගෙන ඇති බවයිග
එම ජායාරූප වල සිටි තරු‚ය රිතිකා කොඩිතුවක්කු වන අතර ගිටාර් ගැසූ හිමියන් වූයේ ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමියන්යග
එම ගිටාර් ගැසීම සිදුවූ අවස්ථාවේ රූගත කරමින් පැවති මියුසික් වීඩියෝව මේ වනවිට නිකුත්වී තිඛෙන අතර එහි පසුබිම් රංගනයෙන් දායක වන්නේ රිතිකායග
එම වීඩියෝව පහත


 



 චීවරය දරා සිටින චායාරූපයක්

Thursday, October 9, 2014

Chethana Ranasinghe, Baila singer

By: Prosperity Tech On: 8:57 PM
බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා
නිල්වන් ජලාසේ
දියරැලි සිනාසේ
කිමිදෙන්න පීනා
හද විලෙහි මාගේ...

කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත‍්‍රණය කරද්දී, චේතනා රණසිංහගේ ලයාන්විත හඬ ගලායන්නේ මෙලෙසිනි.
සඳකැන් වැටිලා
පෙම්වන්ත යායේ
නැලවෙන්න  ඕනෑ
තුරුලේ ඔයාගේ...

එලෙසින් ගී මුමුණමින් තාරුණ්‍යය අතර ජනප‍්‍රියව සිටින මේ චේතනා සඳැල්ල පිළිසඳරකට එක්වූවාය.
5
button චේතනා ඔබ ගැන වූ සඳහනකින් අපි කතා බහ අරඹමු නේද?
මගේ සම්පූර්ණ නම චේතනා ආදේශිකා රණසිංහ. ගම සීදූව. ඉගෙන ගත්තේ කොළඹ බිෂෝප් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මා - තාත්තා සහ නංගියි මමයි. දැන් මගේ වයස් අවුරුදු 22යි. මේ වන විට මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කලා අංශයේ දෙවැනි වසරේ සිසුවියක්. ඊට අමතරව සංගීත විශාරද (ප‍්‍රථම) විභාගයට සූදානම් වෙනවා. ඊටත් අමතරව ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා.

button මේ දිනවල ඔබ සහ කසුන් පැස්කුවල් ගයන  ‘‘නිල්වන් ජලාසේ’’ ගීතය ජනප‍්‍රිය වගේම, තවත් අලූත් ගීතයක් තරුණ පරපුර අතර වඩාත් ජනප‍්‍රිය වෙලා නේද?
ඒ ‘‘නොකිව්ව ආදරය’’යි.

button‘‘නොකිව්ව ආදරය’’ කිව්වෙ?
නන්දන වික‍්‍රමගේ රචනා කළ රොමේෂ් සුගතපාල සංගීතවත් කළ  ‘‘නොකිව්ව ආදරය’’ ගීතයට මේ දිනවල ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. ඒක මගේ අලූත්ම ගීතයයි.

button ගීතයෙන් ඔබ නොකිව්ව ආදරයක් ගැන කිව්වත්, ප‍්‍රකාශ කළ ආදරයක් සැබෑ ජීවිතයේ තියෙනවා නේද?
ඔව්, ඔව්, තියෙනවා.

buttonඑළිමහන් ප‍්‍රසංග වේදිකාවේදී ඔබ මෙතෙක් ගැයූ ගීත නෙවෙයි, නේද ගයන්නෙ. එතැනදි හිංදි සහ දමිළ ගීත නේද ගයන්නෙ?
එළිමහන් වේදිකාවට වඩාත් ගැළපෙන විදියට අපි ගීත ගයන්න  ඕනෑ. ඒ නිසා එතැනදි මම වැඩිපුර ගයන්නෙ හිංදි සහ දමිළ ගීතයි.

buttonනමුත් මේ සියල්ලට වඩා ඔබට ආරාධනා ලැබෙන්නෙ, රඟපෑමටලූ නේද?
ඇත්තෙන්ම රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් ඉගෙනීම් කටයුතු සහ සංගීත ක්ෂේත‍්‍රයේ වැඩ නිසා රඟපෑම් කිසිවක් බාර ගත්තෙ නැහැ.

buttonසංගීතය, ජනමාධ්‍ය සහ කලා අංශයෙන් ඉගෙන ගන්නා ඔබගේ අරමුණ මොකක්ද?
සංගීත කටයුතු අතරේ මාධ්‍යවේදිනියක වීම තමයි අරමුණ.

buttonඇයි පිරිමි ළමුන් ඔබගෙ ගායනයට මෙතරම් ලැදි?
මම හිතන්නෙ ගායන රිද්මය නිසා වෙන්න ඇති.
3
buttonබයිලා ලොවේ රට හොල්ලපු වොලීබැස්ටියන් ඔබගෙ පරපුරේ ඥාතීත්වයක් තියෙනවා නේද?
ඔව්. වොලී බැස්ටියන් සමඟ අපේ ඥාතීත්වයක් තියෙනවා.

buttonඒ විදියට බයිලාවලින් රට හොල්ලන අරමුණක් ඔබටත් නැද්ද?
ආනිවාර්යයෙන්ම ඒ විදියෙ අදහසක් තියෙනවා. අපට අයිතියකුත් තියෙන නිසා ඔහුගේ ගීතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අරමුණකුත් තියෙනවා.

button ඔබගෙ පියා පොලිස් නිලධාරියෙක්. පොලිස් නිලධාරිනියක් වෙන්න ඔබට හිතුණෙ නැද්ද?
එය ඉතා වගකීමකින් මෙන්ම කැපවීමකින් කළ යුතු වෘත්තියක්. අපි කරන දේ හරියට කරන්න  ඕනෑ. මේ දැනට කරන දේ හරියට කිරීම තමයි මගේ අරමුණ.

buttonචේතනා ඔබ හින්දි ගීතයක් සිංහලෙන් ගයනවා නේද?
වාදාරහා කියන හින්දි ගීතයට චතුරංගගෙ රචනයට සචිත් රාජපක්ෂ සිංහලෙන් එය නිර්මාණය කළා ‘‘ඉන්නම් බලා’’ යනුවෙන්.

buttonතාත්තා පොලිසියේ නිසා ඔබ ටිකක් සැරෙන්ලූ ඉන්නෙ නේද?
අපෝ නැහැ. අපේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුනාට මම කලාකාරියක්නෙ. මොකටද සැර වෙන්නෙ.

button ඒත් පිරිමි ළමුන් නම් ඔබට විහිළු කරන්න එන්නෙ නැහැලූ නේද?
ඒ කතාව නම් ඇත්ත.

buttonචේතනා ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද?
සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරමින් - සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ප‍්‍රියතම තැන ගෙදරයි. වෙන කොහේ ගියත් මට වැඩක් නැහැ. ගෙදර තරම් හොඳ තැනක් ලෝකයේ කොහෙවත් නැහැ.
DSC_4780
(lankadeepa.lk)

Wednesday, October 8, 2014

Why Ranjan delay his marriage because of the government - 2014

By: Prosperity Tech On: 11:57 PM


රන්ජන් විවාහ නොවෙන්නේ දූෂිත ආණ්ඩුව නිසා (VIDEO)

රන්ජන් රාමනායකගේ වයස මේ වනවිට 51 වන අතර තවමත් ඔහු අවිවාහකය. 

ඔහු තවමත් අවිවාහකව සිටීමට හේතුව ලෙස වරින් වර ඔහු නොයෙක් දේ පවසා තිබේ. 

පසුගිය වසර කිහිපය තුල අවිවාහකව කල් ගත කිරීම සම්බන්ධව රන්ජන් පලකල අදහස් හා අවිවාහකව සිටීමේ 2014 වසරේ සංස්කරණය පහතින් බලන්න.

2012 - මම පෘථිවියට ආපු සංචාරකයෙක්
"මම බැඳීම් ඇතිකරගන්න කැමති නැහැ. මම හිතන්නේ මම පෘතුවියට ආ සංචාරකයෙකු කියලයි. මුදල් ගොඩ ගැසීම්, මටම කියල ගෙවල් ගැනීම්, වාහන ගැනීම්, බිරිඳක් දරුවෙක් තියාගෙන බැඳීම් ඇතිකරගන්න මම කැමති නැහැ.

කොටින්ම කිව්වොත් මේ ජීවිතය මට අයිති නැහැ කියලයි මට හිතෙන්නේ. මගේ අම්ම එක්ක මට ලොකු බැඳීමක් තිබ්බා. එයා ජිවිතයෙන් සමුගත්තට පස්සේ මම තවත් මේ දේවල් අනිත්‍යය බව තේරුම් ගත්ත. මගේ ලගින් ඉන්න යහළුවන් මේ සියල්ල දන්නවා".

2013 - මගේ හඳහනේ මංගල යෝග නෑ
මගේ වෘත්තිය අනුව මා එක්ක ගැවසෙන පිරිස වැඩියි. ඒ නිසා දුක් වෙන්න වෙලාවක් තිබුණේ නෑ. විවාහ වුණත් කවදා හරි තනිවෙන්න පුළුවන් නේද?මගේ හඳහනේ මංගල යෝග නෑ කියලා මීගහවල සුමන ශාන්ත හිමියෝ කියල තියෙනවා. ඒත් සමහරුන් මාව සනසන්නද මන්දා විවාහ වන බව කියලා තියෙනවා.

2014 - විවාහ නොවන්නේ දූෂිත ආණ්ඩුව නිසා


"ඩඞ්ලි සේනානායක අසාර්ථක මිනිහෙක්ද, අබ්දුල් කලාම් අසාර්ථක මිනිහෙක්ද, නරේන්ද්‍ර මූඩි අසාර්ථක මිනිහෙක්ද, ජේසුස් වහන්සේ අසාර්ථක මිනිහෙක්ද? මේ වගේ තක්කඩි ඒකාධිපති රජයක් යටතේ පවුලක් පන්සලක් වුනොත් අනිවර්යෙන්ම මගේ දරුවන්ව උස්සනවා. මගේ වයිෆ්ව බ්ලැක්මේල් කරනවා, සිරගත කරනවා. 


දුෂණය කරලා මරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි මරණ වරෙන්තු අතේ තියන් ඉන්න අය හැටියට, මගේ අක්කත් මට ඔස්ටේ‍්‍රලියාවේ ඉදලා ලගදි කෝල් කරලා කිව්වා. චූටි කියලා මට කතා කරන්නේ. චූටි ඇයි ඔයා මෙහෙම දුක්විදින්නේ. ඔයා වගේම කතා කරලා විජේ කුමාරතුංග අපේ මාමාට ඔලූවට වෙඩි තිබ්බා.  ඇයි ඔයා අනිත් අය වගේ කෝටි35 ක් අරගෙන ඔස්ටේ‍්‍රලියාවට එන්නේ නැත්තේ. "