නිල්වන් ජලාසේ
දියරැලි සිනාසේ
කිමිදෙන්න පීනා
හද විලෙහි මාගේ...
කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත‍්‍රණය කරද්දී, චේතනා රණසිංහගේ ලයාන්විත හඬ ගලායන්නේ මෙලෙසිනි.
සඳකැන් වැටිලා
පෙම්වන්ත යායේ
නැලවෙන්න ඕනෑ
තුරුලේ ඔයාගේ...
එලෙසින් ගී මුමුණමින් තාරුණ්‍යය අතර ජනප‍්‍රියව සිටින මේ චේතනා සඳැල්ල පිළිසඳරකට එක්වූවාය.
මගේ සම්පූර්ණ නම චේතනා ආදේශිකා රණසිංහ. ගම සීදූව. ඉගෙන ගත්තේ කොළඹ බිෂෝප් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මා - තාත්තා සහ නංගියි මමයි. දැන් මගේ වයස් අවුරුදු 22යි. මේ වන විට මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කලා අංශයේ දෙවැනි වසරේ සිසුවියක්. ඊට අමතරව සංගීත විශාරද (ප‍්‍රථම) විභාගයට සූදානම් වෙනවා. ඊටත් අමතරව ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා.
ඒ ‘‘නොකිව්ව ආදරය’’යි.
නන්දන වික‍්‍රමගේ රචනා කළ රොමේෂ් සුගතපාල සංගීතවත් කළ ‘‘නොකිව්ව ආදරය’’ ගීතයට මේ දිනවල ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. ඒක මගේ අලූත්ම ගීතයයි.
ඔව්, ඔව්, තියෙනවා.
එළිමහන් වේදිකාවට වඩාත් ගැළපෙන විදියට අපි ගීත ගයන්න ඕනෑ. ඒ නිසා එතැනදි මම වැඩිපුර ගයන්නෙ හිංදි සහ දමිළ ගීතයි.
ඇත්තෙන්ම රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් ඉගෙනීම් කටයුතු සහ සංගීත ක්ෂේත‍්‍රයේ වැඩ නිසා රඟපෑම් කිසිවක් බාර ගත්තෙ නැහැ.
සංගීත කටයුතු අතරේ මාධ්‍යවේදිනියක වීම තමයි අරමුණ.
මම හිතන්නෙ ගායන රිද්මය නිසා වෙන්න ඇති.
ඔව්. වොලී බැස්ටියන් සමඟ අපේ ඥාතීත්වයක් තියෙනවා.
ආනිවාර්යයෙන්ම ඒ විදියෙ අදහසක් තියෙනවා. අපට අයිතියකුත් තියෙන නිසා ඔහුගේ ගීතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අරමුණකුත් තියෙනවා.
එය ඉතා වගකීමකින් මෙන්ම කැපවීමකින් කළ යුතු වෘත්තියක්. අපි කරන දේ හරියට කරන්න ඕනෑ. මේ දැනට කරන දේ හරියට කිරීම තමයි මගේ අරමුණ.
වාදාරහා කියන හින්දි ගීතයට චතුරංගගෙ රචනයට සචිත් රාජපක්ෂ සිංහලෙන් එය නිර්මාණය කළා ‘‘ඉන්නම් බලා’’ යනුවෙන්.
අපෝ නැහැ. අපේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුනාට මම කලාකාරියක්නෙ. මොකටද සැර වෙන්නෙ.
ඒ කතාව නම් ඇත්ත.
සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරමින් - සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ප‍්‍රියතම තැන ගෙදරයි. වෙන කොහේ ගියත් මට වැඩක් නැහැ. ගෙදර තරම් හොඳ තැනක් ලෝකයේ කොහෙවත් නැහැ.
(lankadeepa.lk)
0 comments:
Post a Comment