Friday, October 10, 2014

Tagged Under: , ,

Today daily horoscope, daily asrology forecast - 11-10-2014

By: Prosperity Tech On: 8:43 PM

අද දින ඔබගේ කල දසාව 2014 ඔක්තෝබර් 11 දින

මේෂ
තම අභිමතාර්ථයන් බොහෝ දුරට ක්‍රියාවට නැංවිය හැකි අද දින සමාජ සේවා කටයුතුවලට යොමුවීමෙන් අලුත් හිතවතුන් ද, ප්‍රසිද්ධිය ද ගෙනදිය හැකි අතර රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. අවිවේකී බව නිසා මනසට දැඩි වෙහෙසකාරී බවක් දැනේ.
වෘෂභ
ව්‍යාපාරික හා රැකියා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින උසස් තනතුරු බලා‍පොරොත්තු වූවන්ගේ පැතුම් ඉටුවිය හැකි අතර මිල මුදල් පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවන දවසකි. අතරමග නවතා තිබූ වැදගත් කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.

මිථුන
රැකියා ස්ථානයේ බලා‍පොරොත්තු නොවූ ගැටලු බාධක ගෙනදීමේ ප්‍රවණතාවක් පවතින අද දින රැකියාව පිළිබඳ කලකිරීමක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරයි. ආර්ථික අපහසුතා මතුවිය හැකි අතර අමතර වියදම් පියවාගැනීමට තැන්පත් මුදලක් වැයවිය හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.

කටක
තම අරමුණු බොහොමයක් සාර්ථක වන අද දින රැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වගකීම් හිමිවන බව පෙනීයයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වන අතර ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව දක්නට ලැබේ. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙනදෙයි.

සිංහ
ආගමික කටයුතුවලට සිත වැඩි වශයෙන් යොමුවන අද දින වැඩිහිටියන්ගේ උදව් උපකාර ලබාගත හැකි වන බව පෙන්නුම් කරන අතර රැකියා කටයුතුතවල උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන දවසකි. ව්‍යාපාරිකයන්ට නොසිතූ ලාභ ලබාගත හැකි බව පෙනී යයි. ගෘහජීවිතය යහපත්ය.

කන්‍යා
රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් තිබූ බාධක ඉවත් වේ. නව රැකියා ලැබිමටත් රැකියා උසස්වීම් ලැබිමටත් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන අතර සිතට සහනදායී බවක් ගෙනදෙන දවසකි. යුගදිවිය සතුටින් ගතකිරීමට හැකි වේ.

තුලා
රැකියා කටයුතුවල කාර්ය බහුලත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට පාඩු සිදුවිය හැකි බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර සම්මුඛ පරීක්ෂණවල යෙදෙන අයට ශුභදායකය. අතපසුවීම් නිසා අනපේක්ෂිත ගැටලු ගෙනදිය හැකි දවසකි.

වෘශ්චික
බලා‍පොරොත්තු මුදුන්පත්වන අද දින මතෛක් පැවැති කරදර බාධා නිමාවට පත්වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ප්‍රශංසාව හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වැඩිපුර ලාභ ලබාගැනීමට හැකිවන දවසකි. පවු‍ලේ වගකීම් තමන් වෙත යොමුවීම නිසා අවිවේකී බවක් පෙන්නුම් කරයි.

ධනු
ෙදෙනික කටයුතුවලින් උත්සාහයේ තරමට සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි වනු ඇත. රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට පාඩු ගෙනදෙන බව පෙනීයයි. ඉගෙනීමේ යෙදීසිටින සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.

මකර
අනවශ්‍ය ඉක්මන්කාරී බවක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතු සම්බන්ධව බලපෑ බාධක තුරන්වන අතර සුළු ධන ලාභයක් ලැබිය හැකි බව පෙන්නුම් කරයි. අන්‍යයන්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියාකිරීමෙන් පාඩු ගෙනදිය හැකි දවසකි. ගෘහජීවිතය පී්‍රතිමත්ය.

කුම්භ
වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුවිශේෂී දියුණුවක් ගෙනදෙන බව දක්නට ලැබේ. රැකීරක්ෂා කටයුතුවලින් ශුභඵල ලබාගන්නා අද දින ආර්ථිකය යහපත් මට්ටමක පවතින අතර අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට තරග විභාගවලින් ජය අත්කර ගැනීමට හැකිවන දවසකි.

මීන
ස්වයං රැකියාවල නියුතු වූවනට ජංගම වෙළෙඳාම්වල යෙදී සිටින්නන්ට ශුභදායක දවසකි. රැකීරක්ෂා කටයුතුවල දියුණුව පෙන්නුම් කරන අතර විවිධ තරාතිරමේ අය අතර සම්බන්ධකම් පැවැත්වීමට අවස්ථාව උදා වේ. ප්‍රිය සම්භාෂණ උත්සවයකට සහභාගි වීමට හැකිවන බව පෙනී යයි.
ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස

(rivira.lk)

 

0 comments:

Post a Comment