Saturday, October 11, 2014

Tagged Under: ,

Maliagawatta Car Parts Robbery - CCTV Footage

By: Prosperity Tech On: 11:30 AM

මාලිගාවත්තේ වාහනවල Parts උස්සන හැටි (වීඩියෝ සහිතයි) 

මාලිගාවත්ත ප්‍රදේශයේ මාවතක් අසල නවතා තිබෙන වාහන වල උපාංග හොරෙන් ගලවා ගැනීමේ කල්ලියක් ක්‍රියාත්මක වන ආකාරය ඒ අසල සවිකොට තිබූ CCTV කැමරාවක පටිගත වී තිබේ. සංවිධානාත්මක කල්ලියක් විසින් ත්‍රි රෝද රථයකින් පැමිණ වාහනය ආසලටම කොට නවත්වන අතර ත්‍රි රෝද රථයෙන් බැස ගන්නා එක් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ගන්නා මුවාවෙන් පාරේ සිට ඔත්තු බැලීම සිදුකරනු ලබයි.


ඒ අතරතුරේ වාහනය සමීපයේ නැවතූ ත්‍රී රෝද රියේ සිටින පුද්ගලයා විසින් එම වාහනයේ පිටුපස වීදුරු පිස්නය (wiper) ගලවාගනු ලැබේ. මෙලෙස විනාඩි කිහිපයක් ඇතුලත එම කණ්ඩායම විසින් වාහන දෙකක විදුරු පිස්නා ගලවාගන්නා ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබේ. මෙම වීඩියෝවේ සිටින අදාළ සොරකම පුද්ගලයන් ඔබ දන්නවානම් අප වෙත දන්වන්න. 
 
ඊයේ (08) දිනයේ දහවල් 03:49 ට පටිගත වූ එම වීඩියෝව බලන්න පහතින්.


0 comments:

Post a Comment