දූෂණයකර මරා දැමුණු 16 හැවිරිදි ලූසියා රටක් හඬවයි
ආර්ජන්ටිනාවේ නව යොවුන් වියේ තරුණියක ඉතා අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට එරෙහිව එරට වැඩකරන කාන්තාවන් සිය සේවාවලින් ඉවත්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදී 16 හැවිරිදි ලූසියා පෙරේස් නමැති මෙම නව යොවුන් වියේ තරු‚ය ඝාතනයට ලක්ව තිබුණේ මෙම මස මුලදීය. පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පුරුෂයන් දෙදෙනෙකු විසින් මෙම තරු‚ය රෝහලක් වෙත ගෙනැවිත් භාරදී තිබුණේ ඇය මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව පවසමිනි.





