Wednesday, January 4, 2017

Tagged Under: , ,

Nilukshi Madushika wedding

By: Prosperity Tech On: 5:16 AM

ආදරේ සුවඳ අරන් නිලුක්ෂිව හොයාගෙන ආ ෆේස්බුක් කුමාරයා කොහොමද නිලුක්ෂි?

හොඳින් වැඩ කරගෙන ඉන්නවා. මේ දවස්වල කළු කුරුල්ලා, ආදරේ සුවඳ අරන් කියන නාට්‍ය දෙක විකාශය වෙනවා. අලුත් ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.

මේ දවස්වල නිලුක්ෂි දීර්ඝ නාට්‍ය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇත්තද?

මම දීර්ඝ නාට්‍යවලට අකැමැත්තක් නැහැ. හැබැයි මම තව ටික දවසකින් අවුරුදු දෙකකට විතර ලංකාවෙන් යන්න ඉන්නේ. ඒ නිසා දීර්ඝ නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.
අවුරුදු දෙකක් රටින් පිට වෙන්න තීරණය කරපු හේතුව දැන්වත් කියමු?

මම ගිය අවුරුද්දේ විවාහ ගිවිස ගත්තා. ඉතින් මේ අවුරුද්දේ මගේ විවාහය සිද්ධ වෙනවා. හස්බන්ඩ් ඉන්නේ විදේශ රටක නිසා විවාහයෙන් පස්සේ අවුරුදු දෙකකට විතර එයා ජීවත් වෙන රටට යනවා. විවාහ ගිවිස ගැනීම හොර රහසෙද, හදිස්සියෙමද සිද්ධ කළේ?

ඇත්තටම ඒක හදිස්සියෙන් සිද්ධ කරන්න වුණේ. මොකද මට හස්බන්ඩ්ගේ රටට යන්න ලියකියවිලි හදාගන්න ඕන නිසා තමයි හදිසියෙම විවාහ ගිවිස ගත්තේ. දවස් තුනයි තිබ්බේ විවාහ ගිවිස ගැනීමේ කටයුතු සූදානම් කරගන්න. විවාහ ගිවිස ගැනීමට පහුවදාම එයා ලංකාවෙන් ගියා. මම ෂූටින් ගියා.

නිලුක්ෂිගේ හිත ගත්ත අත ගත්ත කෙනා ගැන දැන්වත් කියමු?

එයා සුමාල් රතුගම. එයා විදේශ රටක රැකියාවක් කරන්නේ.

නිලුක්ෂි සහ සුමාල්ගේ ආදර කතාව ෆේස්බුක් ආදර කතාවක් කියන්නේ ඇත්තද?

ඔව්. මට සුමාල්ව හම්බවෙන්නේ ෆේස්බුක් එකෙන්. ඒ කාලේ එයා වෙබ් රේඩියෝවක ප්‍රසන්ට් කළා. මමත් ඒ කාලේ රිදී පහන් නාට්‍ය කරනවා. ඒකේ මම කළේ එෆ්.එම්. එකක තරුණයකුට ආදරය කරන චරිතයක්. ඉතින් සුමාල් මට එයා ප්‍රසන්ට් කරන ප්‍රෝග්‍රෑම්වල ලින්ක් එව්වා. මුලින්ම මම එයාගේ කටහඬට ආස වුණේ. සම්බන්ධය පටන් අරගෙන අවුරුද්දකට පස්සේ තමයි මම එයාව ඇත්තටම දැක්කේ.

සැබෑවට දැකලා කතාබහ කරද්දි සුමාල් ගැන නිලුක්ෂිට මොකද හිතුණේ?

මම ෆේස්බුක් එකෙන් හඳුනගත්ත විදියටම එයා හොඳ කෙනෙක් කියලා තමයි මට දැනුණේ.

ෆේස්බුක් ආදර කතා ගැන විශ්වාස නැති කාලෙත් ෆේස්බුක් එකෙන් හොයාගත්ත ආදරවන්තයව නිලුක්ෂි විශ්වාස කළේ කොහොමද?

මම සාමාන්‍යයෙන් ෆේස්බුක් රික්වෙස්ට්වත් බලන්නේ නෑ. මල්ලි තමයි මගේ ෆේස්බුක් එක හැන්ඩ්ල් කළේ. ඒත් සුමාල්ගේ රික්වෙස්ට් එක මම මුලින්ම බලද්දී එයාගේ ෆොටෝ එක දකිද්දි මට හිතුණා මෙයාව තමයි මම බඳින්නේ කියලා. මම දන්නේ නැහැ මට එහෙම හිතුණේ ඇයිද කියලා. ඒක පෙර ආත්මයක ඉඳන් එන දෙයක් වෙන්න ඇති.

ආදර කතාවලට ඕන තරම් බාධක එනවනේ. නිලුක්ෂිගෙයි සුමාල්ගෙයි ආදර කතාවට පවුලෙන් බාධාවක් ආවෙම නැද්ද?

මට කලින් ආදර සම්බන්ධ තිබුණා. ඒත් ඒවට ගෙදරින් කැමැති වුණේ නැහැ. හැබැයි අපි දෙන්නගේ සම්බන්ධයට පවුලේ අයගෙන් බාධාවක් ආවේ නැහැ. එයාගේ පවුලේ අයත් මට කැමැතියි.

නිලුක්ෂි නිළියක් විදියට ඉන්නවට සුමාල් කැමැතිද?

ඔව්. මගේ රංගන කටයුතු එයාට ප්‍රශ්නයක් නෙමෙයි. මමත් රංගනයට ආදරෙයි. මාව එයා මුලින්ම දැකලා තිබ්බේ රොෂාන් අයියගේ මියුසික් වීඩියෝවකින්. ඒ නිසා එයා මාව රංගනයෙන් අෑත් කරන්නේ නෑ.

විවාහය ජනප්‍රියත්වයට බාධාවක් වෙයි කියලා සමහරු හිතනවා. නිලුක්ෂි එහෙම හිතන්නේ නැද්ද?

මම ජනප්‍රිය නිළියක් කියලා හිතන්නෙත් නැහැ. විවාහය ජනප්‍රියත්වයට බාධාවක් කියලා මම හිතන්නෙත් නැහැ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

වෙඩින් එක ගැන තමයි මේ දවස්වල වැඩිපුර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. වෙඩින් එකෙන් පස්සේ සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා


Description: Sri Lankan Actress, Models, Gossip, Nilukshi Madushika wedding photos

0 comments:

Post a Comment