Friday, January 13, 2017

Tagged Under: , , ,

Dilhani Perera - Sri Lankan actress

By: Prosperity Tech On: 4:15 AM

එයාව දැක්කාම මට එකපාරට හිතාගන්නවත් බැරිවුණා - ගොඩක් ආදරේ හිතුණා

Dilhani Perera - Sri Lankan actress
Dilhani Perera - Sri Lankan actress


බබා දැක්ක පළමුවැනි මොහොතෙදි මම ඇඬුවා
මම ප්‍රාර්ථනා කළා වගේම රෝස පාට ලස්සන දුවෙක් මට ලැබුණා

රංගන ශිල්පිනි දිල්හානි පෙරේරා තව ගොඩාක් කාලයක් යනකම් කලා කේෂේත්‍රයට එන්නේ නැති බව කියලා තියෙනවා.

ඒකට හේතුව මොකද්ද කියලා කියන ගමන්ම ඇයගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරපු හේතුවකුත් දිල්හානි සතිඅන්ත පුවත්පතකට මෙලස සඳහන් කරලා තිබුණා.


ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද උදාවුණේ වෙනසක් එක්ක නේද ?

ලොකු වෙනසක් තියෙනවා. මේ අවුරුද්ද සැමරුවේ අලුත් කෙනෙක් එක්ක. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 26 තමයි දුව ඉපදුණේ. මේ අවුරුද්ද ගිය අවුරුදුවලට වඩා නැවුම් කියලා දැනෙනවා. ඒ වගේම වෙන අවුරුදුවලට වඩා සතුටක් තියෙනවා. ඒ දුව නිසා.

බබාව මුලින්ම අතට ගත්ත වෙලාවේ මොනවද හිතුණේ ?

ගොඩක් ආදරේ හිතුණා. එයාව දැක්කාම මට එකපාරට හිතා ගන්නවත් බැරි වුණා. ඒ වෙලේ දැනුණු හැඟීම නම් වචනවලට පෙරළන්න බැහැ වගේ. තියටර් එකේ ඉද්දි ඩොක්ටර් මට බබාව එක පාරක් පෙන්නුවා. දුකටද සතුටටද කියලා කියන්න දන්නේ නැහැ. බබා දැක්ක පළමුවැනි මොහොතෙදි මම ඇඬුවා. මට කලින් බබාව රූම් එකට අරගෙන ගියා. ඒ වෙලාවේ නම් බබාව අතට ගන්නකම් මම සිහියක් නැතිව හිටියේ. දැන් වුණත් එයාව දාලා මට ගෙදරින් එළියටවත් යන්න හිතෙන්නේ නැහැ.

කොහොමද එයත් එක්ක ගෙවන ජීවිතය ?

අලුත් අමුත්තිය හරිම ආදර”යයි. හරිම හුරතල්. ළගින් හෙළවෙන්නවත් හිතෙන්නේ නැහැ. හරිම අහිංසකයි. අම්මා වගේම තමයි. පොඩ්ඩක්වත් තරහ ගන්නේ නැහැ. හරි ආදරේ හිතෙනවා.

ඒ කියන්නේ දුව අම්මා වගේ කියලා වැඩිපුර අයිතිවාසිකම් කියන්නද යන්නේ ?

නැහැ ඉතිං. එයා මං වගේ හරි අහිංසකයි. පෙනුම ගැන නම් දැන්ම කියන්න බැහැ. සමහරු කියනවා දුව මම වගේ කියලා. තවත් අය කියන්නේ තාත්තා වගේලු. මට හිතෙන්නේ නම් අපි දෙන්නම වගේ. තව ටිකක් ලොකු වුණාම තමයි හරියටම අපි දෙන්නාගෙන් කවුරු වගේද කියලා බලාගන්න පුළුවන්.

හීන දැක්ක විදියටම දුවෙක්ගේ හීනේ හැබෑ වුණා නේද ?

මම ඒ දවස්වල ඉඳන්ම හීන දැක්කේ දුවෙක්ට. මම ප්‍රාර්ථනා කළා වගේම රෝස පාට ලස්සන දුවෙක් මට ලැබුණා.

දුවට නමක් තිබ්බද ?

ඔව්. රිතුලි සචිත්යා පෙරේරා කියලා තමයි එයාට නම තිබ්බේ. රිතුලි කියන්නේ ආශාවේ උල්පත. සචිත්යා කියන්නේ යහපත් සවිය ඇති කියන එක.

නම දැම්මේ කවුද ?

ගෙදර කට්ටියම එකතු වෙලා නම තිබ්බේ.

කොහොමින් කොහොම හරි දෝණි නිසා පදිංචියත් වෙනස් වුණා නේද ?

අපි දෙන්නට තිබුණු වගකීම් වැඩිවුණා. ඒ නිසාම සමහර දේවල් වෙනස් වුණා. මම ගොඩක්ම හිතුවේ බබා ගැන. කොළඹ පරිසරය ටිකක් සද්ද බද්ද වැඩියි. ඒ නිසා නාවලපිටියේ මහත්තයගේ මහගෙදර පදිංචියට ආවා. මෙහෙ හරි නිස්කලංකයි. සද්ද බද්ද හරි අඩුයි. පරිසරයත් හරි සෞම්‍යයි.

බබාගේ වැඩ තනියමද කරන්නේ ?

බබාගේ හැම දේම වගේ කරන්නේ මම. ඒත් ඉතින් මට තාම බබා නාවන්න නම් බැහැ. එයා තාම චූටි නිසා මට බයයි. බබාව නාවන්නේ හස්බන්ඩ්ගේ අම්මා. අනිත් හැම වැඩේම කරන්නේ මම. බබාව කාටවත්ම දෙන්න හිතෙන්නේ නැහැ. මගේ අතේම තියාගෙන ඉන්න හිතෙනවා.

දුව නිසා දිල්හානිගේ ජීවිතේ වෙනස් වෙලා වගේ ?

ගොඩක් දුරට. ඉස්සරට වඩා දැන් හිතන්න දේවල් ගොඩයි. ඉස්සර නම් කොහේ හරි යන්න ඕනෑ වුණාම ඇඳුමක් දාගත්තා, කාර් එක ගත්තා ගියා. දැන් එහෙම බැහැ. දැන් කොහේ හරි යන්න ඕනේ නම් බබා නිදාගන්නකල්ම ඉන්න ඕනේ. එයාට බඩගිනි වෙනවා. කිරි දෙන්න ඕනේ. හිතන්න දේවල් ගොඩයි.

දෝණිගේ තාත්තා ලංකාවේ හිටියේ නැතත් දුව ගැන හොයලා බලනවා ඇති නේද ?

බබා එක්ක මාසයයි හිටියේ. ඊට පස්සේ එයා රැකියා කටයුතුවලට විදේශ ගතවුණා. බබා ලැබුණු මුල් දවස්වල මට හරි අමාරුයි. මම ඒ දවස්වල වැඩිය බබාගේ වැඩ කළේ නැහැ. හස්බන්ඩ් තමයි හැමදේම කළේ. එයා ඉද්දි බබා හිටියේ එයාගේ අතේමයි. දැන් වුණත් එයා හැම වෙලේම කියන්නේ බබාගේ වීඩියෝස්, ෆොටෝස් එවන්න කියලා. මමත් ඉතින් බබාගේ හුරතල් වැඩ හැමදේම වීඩියෝ කරලා යවනවා. එයා හරිම ආදරෙයි දුවට. අපි නැතුව පාළුයි කිය කියා ඉන්නේ.

පවුලේ පළමුවැනි මිනිපිරි නිසා දුවට ආදරේ ගොඩක් ලැඛෙනවා ඇති ?

ඔව්. අපි දෙන්නගේ පවුල් දෙකේම පළමුවැනි මිනිපිරි තමයි මේ. ඒ නිසාමද කොහෙදෝ එයාට හැමෝම ආදරෙයි. අපේ අම්මත් නිතරම වගේ කොළඹ ඉඳන් බබාව බලලා යන්න එනවා. කට්ටිය දුවට කොච්චර ආදරේද කියනවා නම් අඬන්නවත් දෙන්නේ නැහැ. අඬන සද්දේ ඇහුණු ගමන්ම ගෙදර හැමෝම එයා නළවන්න දුවන් එනවා.

තව සෑහෙන කාලෙකට දිල්හානිගේ කලා හැකියාවන් බලන්න බැරිවෙයි නේද ?

බබාට අවුරුදු දෙකක්වත් යනකම් වැඩ කරන්නේ නැහැ කියලා හිතලා තියෙන්නේ. මම දැන් අවුරුදු තුනක විතර ඉඳන් නිවේදන කටයුතුවලින් ඈත්වෙලා ඉන්නේ. බබාව කාට හරි බලාගන්න පුළුවන් දවසක මම ආයෙත් නිවේදන කටයුතු පටන් ගන්නවා.
Description: Actress, Sri Lankan Actress, Models, Gossip,

0 comments:

Post a Comment