Tuesday, January 17, 2017

Tagged Under: , , , ,

Chat with Mrs Srilanka 2016 Udari Perera

By: Prosperity Tech On: 5:18 PM

මගේ සාර්ථකත්වයට ගොඩක් අය කතා හැදුවා

මේ දවස්වල උදාරි ගැන එක එක විදියේ කට කතා පැතිරෙනවා නේද?

මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ මොනවා ගැනද?

උදාරිගේ පවුලේ ප්‍රශ්නයක් ගැන. මොනවද මේ කතා වෙන්නේ?

අනේ මම නම් දන්නේ නැහැ. මේ දැනුත් මම හස්බන්ඩ් එක්ක ගෙදර ඉන්න ගමන්. පුතාගේ වැඩ කරන ගමන්. අනිත් අයගේ වැරැදි අඩුපාඩු ගැන නිතර උනන්දු වෙන අයත් ඉන්නවනේ. ඒත් අපි නම් ඉන්නේ හරිම සතුටින්.

උදාරි නිළියක් නිසාද මේ තරම් කටකතා හැදෙන්නේ. සාමාන්‍ය කෙනෙක් වුණා නම් එහෙම වෙන්නේ නැති වෙයිද?


මම ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ වැඩ කරද්දීත් ජනප්‍රියයි. එයාර් ලයින් එකේදී ආකර්ෂණීය මුහුණට මාව තේරුණා. මගේ ෆොටෝස් නිතර ගත්තා. මාව මේ දේවල්වලට තෝරා ගත්තේ මට මැනේජ්මන්ට් එකේ අය කැමැති නිසා කියලත් කතා හැදුණා. මම මේ ගමන ආවේ හරිම අමාරුවෙන් කැපවීමෙන්. මම කාත් එක්කවත් ගිහින් නැති නිසා මගේ සාර්ථකත්වයට ගොඩක් දෙනා වැරැදි කතා හැදුවා. ඒ නිසා නිළියක් නිසාම නෙවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක කැපී පෙනෙන කොට ඒවගේ කතා හැදෙන්න පුළුවන්.

උදාරිගේ හස්බන්ඩ් සමහර විශේෂ අවස්ථාවල ඔබත් එක්ක දකින්න නැති නිසා කතා හැදෙනවා වෙන්න බැරිද?

මම රඟපානවට එයාගේ අකැමැත්තක් නැහැ. ඒත් එයා කාර්යබහුලයි. ඒ නිසා එයාට සමහර විශේෂ අවස්ථා මඟහැරෙනවා. මගේ මිසිස් ශ්‍රී ලංකා තරගයටත් එයාට එන්න බැරි වුණෙත් ඒ නිසයි. එහෙම නැතුව අපි දෙන්නා අතරේ ප්‍රශ්නයක් නැහැ.

මිසිස් ශ්‍රී ලංකා තරගය දිනපු වෙලාවේ උදාරිගේ හස්බන්ඩ් එතැන හිටියෙ නැති එක ගැනත් කතා හැදුණා නේද?

එදා එයාට music Video එකක වැඩක් තිබුණා. ඒ නිසා එයා ටිකක් බිසී වුණා. මාත් එයාට එන්න කියලා බල කළේ නෑ. අපි තේරුම් අරන් ඉන්න නිසා ඒක අපිට ගැටලුවක් නැති වුණාට අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ සම්මානෙ මම ගත්ත වෙලාවෙ මාව මේ තරම් කාලයක් බලාගත්ත අම්මා තාත්තා මතක් වුණා. එයාලට ස්තුති කළා. ඒත් මම මිසිස් වෙන්නෙ මගේ හස්බන්ඩ් නිසානෙ. එයා මාත් එක්ක නිතර ඉන්නවා. හස්බන්ඩ්ට මම ස්ටේජ් එකේදී ස්තුති කළේ නැති එක අනිත් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා.

පවුලේ ෆොටෝස් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන්නේ නැති එකත් මේ කතාවලට හේතුවක් වෙන්න ඇතිද?

ඔව්. සමහරු නම් යන යන තැන්වල ෆොටෝස් FB එකට අප්ලෝඩ් කරනවා. මම රටවල් 48ක සංචාරය කරපු කෙනෙක්. ඒත් මම එහෙම මගේ හැමදේම FB දාන කෙනෙක් නම් නෙවෙයි. එක සැරයක් මගේ යාළුවෙක් මට කිව්වා ඇයි ඔයා ෆොටෝස් දාන්නේ නැත්තේ, ඔයා ගැන කතා හැදෙනවා. ඒ නිසාවත් දාන්න කියලා. ඊට පස්සේ මම පවුලේ අයත් එක්ක සාදයකට ගිය ෆොටෝස් කීපයක් විතරක් FB දැම්මා. ඇත්තෙන්ම කිව්වොත් අපි සතුටු වෙන්නේ අනිත් අයට පේන්න නෙවෙයි.

උදාරි කාර්යබහුල නිළියක්ද?

මේ දවස්වල නම් ටිකක් නිදහසේ ඉන්නවා. ෆිල්ම් දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ගිය අවුරුද්දෙ නම් ප්‍රවේගය චිත්‍රපටය,Mrs Sri Lanka තරගය නිසා කාර්යබහුල වුණා. ඒ හැමදෙයක්ම ගොඩාක් සාර්ථක වුණා. ඉතින් මම හිතන්නේ මම ගොඩක් වාසනාවන්තයි.

උදාරි දැන් music Video වලටත් පෙනී ඉන්නවා නේද?

ඔව්. දෙරණ ස්ටාර් සිටිවලදී මම එම්.ජී.ව හඳුනගත්තේ. එයා මගේ ළඟම හිතවතෙක්. ඉතින් එම්.ජී. මට එයාගේ වීඩියෝ එකට කතා කළාම එයා වෙනුවෙන් ඒකට සම්බන්ධ වුණා. ඒත් තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් නම් විතරයි මම එහෙම දේකට සම්බන්ධ වෙන්නේ.

නංගිත් මියුසික් වීඩියෝවල ඉන්න නිසා උදාරි මියුසික් වීඩියෝවල පෙනී ඉන්න ගත්ත නෙවෙයිද?

නැහැ. මම මුලින්ම Tamil Bride කෙනෙක්ට ඉරාජ්ගේ Video එකේ හිටියා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් කීපයක්ම කළා. ළහිරු පෙරේරාගේ පළමුවැනි මියුසික් වීඩියෝ එකේ හිටියෙත් මමයි. ඒත් දැන් මට ඒවට වෙලාවක් නෑ කාර්යබහුල නිසා.

රංගන කටයුතුවලට අමතරව තවත් වැඩ කිහිපයක්ම උදාරි කරනවා නේද?

ඔව්. මම සැලෝන් එකක් කරනවා. ඒ වැඩත් ගොඩාක් හොඳට කරගෙන යනවා. ඇඳුම් ඩිසයින් කරන වැඩත් ටික ටික කරනවා. ඒත් ඒවාට කාලෙ මදි නිසා මම හිතවත් අයට තමයි ගොඩක් වෙලාවට ඩිසයින් කරලා දෙන්නේ.

ඉතින් උදාරිව අපිට ළඟදි අලුත් නිර්මාණවලින් දකින්න ලැබෙයිද?

මේ අවුරුද්දෙ අන්තිම වගේ වෙනකොට මම හිතන්නේ හොඳ ටෙලි නාට්‍ය මාලාවකින් ඔයාලට මාව දකින්න පුළුවන් වෙයි.

Description: Actress, Models, Beauty, Women, Gossip,

0 comments:

Post a Comment