Wednesday, January 11, 2017

Tagged Under: , ,

No Pants Day in London 2017

By: Prosperity Tech On: 5:13 PM

හැමෝටම පේන්න කට්ටියක් යට ඇඳුමෙන් කෝච්චියේ ගිහින්

පසුගියදා ලන්ඩනයේ සිදුවූ වෙනස්ම ආකරයේ සිදුවීමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ලන්ඩනයේ උමං දුම්රිය මාර්ගය භාවිත කරන පිරිසක් විසින් මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇති අතර මෙම පිරිස තමන් ඇඳගෙන සිටින කලිසම් ගලවා යට ඇඳූමින් පමණක් දුම්රියේ ගමන්කර තිබේ.
එසේම පිරිමි පුද්ගලයන්ට අමතරව කාන්තාවන්ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.කෙසේ වෙතත් මෙම ක්‍රියාව ලන්ඩන් වැසියන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති බව සදහන්ය.
එම අවස්ථාවට එක් වූවන් පවසන්නේ කාර්යබහුල ජිවිතයක් ගෙවන මිනිසුන්ගේ මුවගට සිනාවක් එක් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකළ බවයි.
මෙම අවස්ථාව 2001 වසරේදී  නිව්යෝර්ක් නඟරයේ ආරම්භ කරන ලද අතර එය මේ වනවිට මෙක්සිකෝ, ටොරොන්ටෝ සහ ලන්ඩන් ඇතුළු ලොව පුරා නගර ගණනාවක ව්‍යාප්ත වී තිබේ.
ඡායාරූප පහතින්..



Description: Tube passengers remove their TROUSERS for No Pants Day

0 comments:

Post a Comment