මගේ සාර්ථකත්වයට ගොඩක් අය කතා හැදුවා
මේ දවස්වල උදාරි ගැන එක එක විදියේ කට කතා පැතිරෙනවා නේද?මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ. ඒ මොනවා ගැනද?
උදාරිගේ පවුලේ ප්‍රශ්නයක් ගැන. මොනවද මේ කතා වෙන්නේ?
අනේ මම නම් දන්නේ නැහැ. මේ දැනුත් මම හස්බන්ඩ් එක්ක ගෙදර ඉන්න ගමන්. පුතාගේ වැඩ කරන ගමන්. අනිත් අයගේ වැරැදි අඩුපාඩු ගැන නිතර උනන්දු වෙන අයත් ඉන්නවනේ. ඒත් අපි නම් ඉන්නේ හරිම සතුටින්.
උදාරි නිළියක් නිසාද මේ තරම් කටකතා හැදෙන්නේ. සාමාන්‍ය කෙනෙක් වුණා නම් එහෙම වෙන්නේ නැති වෙයිද?