Tuesday, April 28, 2015

Lankan Parliament Passes Landmark 19th Constitutional Amendment Bill

By: Prosperity Tech On: 10:00 AM

තුනෙන් දෙකෙන් 19 සම්මතයි. මැතිසබය ඉතිහාසය යළි ලියයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215 ලැබිණි. විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
lankadeepa.lk

Monday, April 27, 2015

Sujeewa senasinghe releases a container from port

By: Prosperity Tech On: 6:58 PM

ඇල්ලු කන්ටේනරයක් මුදාගන්න යහපාලන ඇමති රේගුවට කඩා පනී!



අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ කොළඹ වරායේ රේගුවට දේශපාලන බලපෑම් කල බව එහි බලධරයෝ කියති.

ඩබුයි සිට මෙරටට ව්‍යාපාරිකයෙකු බදු රහිතව ගෙන්වන ලද තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට ඔහු මැදිහත් වී තිබේ. කෙසේ වෙත් සේනසිංහ මහතා එම චෝදනා ඉවතලයි.

රේගුව පවසන්නේ සේනසිංහ මහතා පැමිණ තඹ කන්ටේනරය මුදා හරින ලෙස බලපෑම් කල මුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බවයි.

මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇති බවත් ඉන් රජයට රුපියල් දස කෝටියක් පාඩු වූ බවද රේගුව කියයි.

Ong on ataka nataka suranga satharasinhe quits from Hiru TV

By: Prosperity Tech On: 6:24 AM
සුරංට කුඩම්මාගේ සැලකිලි දැක්වූ ''හිරු TV ''පටි රෝල් කරගනී

හිරු එපා කියා ''සුරං'' පිසාචයත් එක්ක දෙරණට රිංගලා

හිරු FM ගුවන්විදුලිය ඔස්සේ පේ‍්‍රක්ෂකයන් අතර අතිමහත් ජනප‍්‍රියත්වයට පත් ''පටිරෝල්'' ගුවන් විදුලි ප‍්‍රහසන නාටයකයේ සහ හිරු ටීවී ආරම්භ කිරීමෙන් පසු සති අන්තයේ විකාශය කිරීමට පටන් ගත්  ''ඕං ආටක නාටක'' නාට්‍යයේ නිර්මාතෘල පිටපත් රචක මෙන්ම ප‍්‍රධාන චරිතය රඟපෑ සුරංග සතරසිංහ හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් ඇතැයි වාර්තා වේ.


සුරංගගේ ඉවත්ව යාමත් සමග ඔහුගේ සහයකයා වන ‘පිසාචයා’ ලෙස ප‍්‍රකට ශිරාන් ශාන්තද හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් තිබේ. පටිරෝල් ඕං, ආටක නාටක සඳහා ඇතිකරගත් ගිවිසුම්  කාලය අවසන්වීමත් සමග එය නැවත අලූ‍ත්කර ගැනීමේ අදහස අතහැර මෙසේ සුරංග සතරසිංහ සහ ශිරාන් ශාන්ත හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ඇත්තේ එම ආයතනයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාවෙන් බවද වාර්තා වේ.


ඕං ආටක නාටක නාට්‍යය රූපවාහිනියේ අතිශය ජනප‍්‍රිය වීමත් සමග එක් නාට්‍ය කොටසක් සඳහා ලබාදෙන විකාශන කාලය විනාඩි හතකට සීමා කොට වැඩිපුර වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට පාලනාධිකාරිය ගත් තීන්දුවත් සමග එම කෙටි කාලය තුල ප‍්‍රහසන නිර්මාණයක් කිරීමේ ගැටළුවට මැදි වූ සුරංග සතරසිංහ එම ආයතනයෙන් ඉවත්වීමට තීරනයකොට තිබේ.
 

හිරු එෆ්.එම් හි විකාශය වන ‘පටිරෝල්’ වැඩසටහන මෙවර සලීම් නීල්සන් සම්මාන උළලේ වසරේ හොඳම රේඩියෝ වැඩසටහන යන සම්මානයට නිර්දේශවී තිබුන අතර හිරු පාලනාධිකාරිය විසින් ඒ බැව් සුරංග සතරසිංහ හට දැනුම්දීම ද නොසලකා හැර තිබූ බව වාර්තා වේ.

මේ වනවිට හිරු ටීවී  ඕං ආටක නාටක නාට්‍යය සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත නොමැතිව ඉදිරියට ගෙන යන අතර, හිරු එෆ්.එම් පටිරෝල් සඳහා පැරණි වැඩසටහන් නැවත විකාශය කරමින් පවත්වාගෙන යන බව වාර්තා වේ.


හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වූ සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත ’ෆැඞ්නා’ විසින් හඳුන්වා දුන් ‘Tummy Tea’ නම් තේ වර්ගයක සන්නම් තානාපති ලෙස කටයුතුකිරීමට පටන්ගෙන ඇතග මීට අමතරව පැය භාගයක් පුරා දිවෙන ප‍්‍රහසන නාට්‍යයක් සඳහා සුරංග සතරසින්හට අවස්තාවක් ලබාදීමට දෙරණ රූපවාහිනිය විසින් කැමැත්ත පලකොට ඇතැයි වාර්තා වේ.






eGossip.lk

Nepal's Hindu devotees slaughter thousands of animals

By: Prosperity Tech On: 4:28 AM

නේපාලයේ පොළොව කම්පා වුනේ සත්ව ඝාතනයන් නිසා යැයි අන්තර්ජාලයේ කතාබහක් - Photos

දිනය 2015 අප්‍රේල් මස 25 වනදාය. වෙනදා මෙන්ම උදෑසනම තම වැඩකටයුතු ආරම්භ කළ නේපාල වැසියන් තවත් සුලු මොහොතකින් ඔවුනට සිදුවීමට නියමිතව තිබූ ඛේදවාචකය පිළිබඳ හාන්කවිසියක් නොදැන සිටියාය. මහ පොළව මහ හයියෙන් සෙළවෙද්දි,මහා ගොඩනැගිලි පාසල් ගෙවල් දොරවල් බිමට සමතලා වෙද්දී එම සුන්බුන් මැදට යටවී අසරණ ජීවිත 2500ක් සිය අවසන් හුස්ම හෙලුවාය.
ලොවම හැඬවූ මෙම සිදුවීමට අදට (27) දින දෙකක් ගතවී ඇති අතර දැනට අහිමි වූ ජීවිත ප්‍රමාණය 2500 ඉක්මවන බව විදෙස් වාර්තා පවසනවා. මෙයින් පසු පසුකම්පන තත්ව බොහෝ ප්‍රමාණයක් ඇතිවුණ අතර ඉන්දීය පුවත්පතක් වාර්තා කර සිටියේ තවත් විශාල භූ කම්පනයක් ඇතී වීමට ඉඩ තිබෙන බවයි. බොහෝ දෙනෙක් භීතියට පත් කර ඇති තවත් කාරණාවක් වන්නේ නේපාලයේ පිහිටා ඇති ලොව උසම කන්ද වන එවරස්ට්හි ඇති අයිස් කඳු කඩා වැටීමේ අවධානමයි. එය සිදුවුවොහොත් තවත් විශාල විනාශයක් සිදුවණු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ..



ලාංකිකයන් ලෙස අපට මෙම සිදුවීම වඩාත් සංවේදී වන්නේ නේපාලය අප තිලොගුරු බුදුපියාණන් වහන්සේගේ උපන් බිම වන නිසයි. මෙම භූකම්පනයෙන් බුදුන් උපන් ලුම්බිණියට කිසිදු හානියක් සිදුව නැති බවයි සඳහන් වන්නේ..

කෙසේ වෙතත් මෙම සිදුවීමට පසු කරළියට ආ කතා බහක් මේ වන අන්තර්ජාලය පුරා උණසුම් අයුරින් හුවමාරු වනවා.. එනම් මෙම සිදුවීම සිදුවුනේ නේපාලයට කර්මය පළ දීමක් ලෙසයි ඇතැමුන් වාර්තා පළ කර සිටින්නේ.. මේ කතාබහ ඇතිවීමට හේතුව වී තිබෙන්නේ බුදුන් උපන් දේශයේ වසර පහකට වරක් පැවැත්වෙන බිළි පූජාවක් හේතු කොට ගෙනයි.

දෙවියන් සතුටු කිරීම සඳහා පැවැත්වෙන මෙම උත්සවය සෑම වසර 5කට වරක්ම නේපාල දේශ සීමා ආසන්නයේදී පැවැත්වෙන අතර එහිදී දෙවියන් සතුටු කිරීමේ අදහසින් බැතිමතුන් මී ගවයින් ,එළුවන් මෙන්ම පක්ෂින්ද විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලබනවා.

අවසන් වරට මෙම පූජාව පැවැත්වූ විට සතුන් 250 000 කට අධික පිරිසක් මෙලෙස ඝාතනය වූ බවයි පැවසෙන්නේ.. බැතිමතුන්ද මිලියන 2.5 ආසන්න ප්‍රමාණයක් මෙයට සභාගී වී තිබෙනවා

සතුන් සුරැකීමේ සංවිධානයක් වන ‘පෙටා‘ සංවිධානය මෙය නවත්වන්නැයි උද්ඝෝෂණය කළත් එය සාර්ථකවී නොමැති බවයි පැවසෙන්නේ.. අසල්වාසීන්ගේ තරම්ම නැතත් නේපාලයේ මිලියන 27 දෙනා හින්දු ජාතිකයන් බව සඳහන් වනවා..

තමාට සතුට හා සෞභාග්‍ය්‍ය ළඟා වෙතැයි පවතින විශ්වාසය නිසා මොවුන් මෙසේ කරනු ලබනවා..ඉන්දියාවේ ගවයින් පූජනීය වස්තුවක් ලෙස සැලකුවත් මී ගවයින්ට මේ ආකාරයෙන් සැළකීම එක්තරා ආකාරය පුදුමයක් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.. මේ පිළිබඳ අදහස් දක්වන බලධාරීන් පවසන්නේ මෙය බැතිමතුන්ගේ විශ්වාසය බවත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත්ය..

කෙසේ වෙතත් මේ සිදුවීම දෙස බලන අපට නම් ඇතිවන්නේ එක් ප්‍රශ්ණයකි..බුදුන් උපන් දේශයේ සිදු කරන මේ මහා පාපකර්මයට කර්මය පටිසන් දුන්නාද?? එය තීරණය කිරිම අප ඔබ හට භාර කරමු.

hirufm.lk

Saturday, April 25, 2015

Death worker at bambalapitiya school

By: Prosperity Tech On: 7:43 AM

දෙදරු මවක් වූ පිරිසිදු කරන්නිය මැරුණේ අනියම් සැමියා සමග පාසැල තුළම අඹුසැමියන් ලෙස එකතු වීමෙන් පසුවද ?

බම්බලපිටියේ විදුහලක ගබඩා කාමරයක් තුළ මියගොස් සිටි පසුගියදා හමුවූ පිරිසිදු කරන්නිය අනියම් සැමියා සමග පාසලේදීම අඹුසැමි ඇසුරෙන් පසුව මියගොස් ඇතැයි සැක පළ කෙරෙනවා.

බම්බලපිටිය පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී ඇගේ අනියම් පෙම්වතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගේ අනියම් පෙම්වතා පවසා ඇත්තේ තමා පිටව යන විටත් හොඳින් සිටි ඇය පසුව දුරකථන ඇමතුමක් දුන් විට ප්‍රතිචාර නොදැක්වූ බවයි.

කිරුළපන පදිංචි 44 හැවිරිදි මියගිය දෙදරු මවට සිටින්නේ නිවුන් දරු දෙදෙනෙක්.

18 හැවිරිදි වියේ පසුවන ඔවුන්ගේ පියා දෙමළ ජාතිකයෙක් බව පැවසෙනවා.ඇය පසුගිය දා (15) රාජකාරි සඳහා පිටත්වී නැවත නිවසට නොපැමිණි බැවින් ඇයගේ සැමියා පාසලට විත් බලන විට ඇය මියගොස් ඇති බව දැනගෙන තිබෙනවා.

බම්බලපිටිය ‍පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා.
hirufm.lk



Thursday, April 23, 2015

Politician Strips Off For Controversial Video In Protest

By: Prosperity Tech On: 5:11 AM

මන්ත්‍රීවරියක් ප්‍රසිද්ධියේ නිරුවත් වෙයි - වීඩියෝ සහිතයි

මන්ත්‍රීවරියක් විසින් රටේ ජනතාවට අධික බදුගෙවීමට සිදුවීම නිසාවෙන් අත්වී ඇති ඉරණම පෙන්නුම් කිරීමට අමුතුම ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක්කර තිබෙනවා. ඇය මේ මඟින් පෙන්වා දෙන්නට යන්නේ රටේ මිනිසුන් හට ඇඳුමක් ඇඳීමටවත් බදු හේතුවෙන් නොහැකි වී ඇති බවයි.චෙක් රාජ්‍යයේ මන්ත්‍රීවරියක් වන ඇය එරට ආණ්ඩුව ගෙන ඇති නොමනා තීරණයන්ට එරෙහිව නිරුවතින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර මෙම එයට පෙනී සිටින්නේ Ester Kaplankova නැමැති 37 හැවිරිදි චෙක් ජනරජයේ නිදහස් ජනතාවගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියකුයි.
ඇයගේ වීඩියෝව පහතින් නරඹන්න
hirufm.lk


Sheshadris doesnt know what is Ragaya

By: Prosperity Tech On: 4:47 AM

‘‘රාගය කියන්නේ මොකක්ද ? මම නම් දන්නේ නෑ‘‘  - ශේෂාද්‍රි


‍ජනප්‍රිය නිළියක් වුනු ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය දවසක විවාහ වුනානේ. එත් එක්කම ඇය පොඩ්ඩක් කලා ක්ෂේත්‍රයෙන් ඈත් වුනා. ඇය විවාහ වුනේ හිතගිය තැන මාළිගාව හදාගත්ත ඇයගේ ප්‍රථම ආදරය වුණු සම්පත් එක්ක කියලයි ඇය කීවේ.

පසුගිය දවසක පුවත්පතක් සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ අලුත් ජීවිතය ගැන වගේම විවාහයෙන් පස්සේ ජීවිතයට අලුතින් එකතු වුනු දේවල් ගැනත් ප්‍රකාශ කරලා තිබුණා.


ඔබේ නම?
ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද් ද සිල්වා

උස?
අඩි 5 යි අඟල් 2 යි

සැමියා ඔබේ කීවෙනි ප්‍රේමයද?
හිතගිය අය හිටියට මගේ පළමු ආදරය වුනේ ඔහු තමයි.

වෙනත් නම්?
ෂැඩෝ, සුදු නෝනා, ශෙස්, ශේ,ශේදි - සම්පත් කියන්නේ සුද්දි කියලා

ආදරය රාගයෙන් තොරද?
රාගය කියන්නේ මොකක්ද. ? මට ඒකට උත්තර දෙන්න තේරෙන්නෙ නැහැ

පෙම්වතාගෙත් සැමියගෙත් වෙනස මොකක්ද?
අපෝ එයා එහෙමමයි කිසි වෙනසක් නෑ

ඔබේ සැමියා හොඳ කෝකියෙක්ද ?
අපෝ නෑ, හැබැයි එළවළු කපලා දෙනවා.

ජනප්‍රියත්වය නැතිවුනු දාට මොකද කරන්නේ ?
දැන් කියලත් ලොකු ජනප්‍රියත්වයක් නෑ. ඒක නැතුව ඉන්න බැරිකමකුත් නෑ


hirufm.lk

Tuesday, April 21, 2015

Primeminister Ranil talks about minister & mps

By: Prosperity Tech On: 7:58 PM

සභාවට එනවා..රාත්‍රී ඉන්නවා..විස්කි බොනවා... ලැජ්ජයි ! ලැජ්ජයි !! - අගමැති

HON.Ranil Wickramasinghe speech - සභාවට එනවා..රාත්‍රී ඉන්නවා..විස්කි බොනවා... ලැජ්ජයි ! ලැජ්ජයි !! - අගමැතිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටියත් ඇමතිකම් නොලැබුණු මන්ත්‍රීවරු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔහු එහි දී පෙන්වා දුන්නේ ඇමතිකම් නොලැබුණු මේ පිරිස විපක්ෂයට ගොස් දැන් කෑගසන බවයි.


එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දීමේ දී අගමැතිවරයා පාර්ලිමේන්තුවේ රාත්‍රී කල් ගත කිරීම සහ විස්කි බීමක් ගැන ද සඳහන් වුණා.

මේ අතර පාර්ලිමේන්තු සභාගර්භයේ රැයක් පහන් කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකළ විරෝධය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට වාර්තා වූ සිදුවීමක් බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ දී සිදුවූ මෙම කතා බහ පහතින් වැඩිදුරටත් නැරඹීමට හැකි වෙනවා.


hirufm.lk



Dinesh Chandimal Wedding

By: Prosperity Tech On: 7:44 PM

දිනේෂ් චන්දිමාල් යුගදිවියට - Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම කලක් විස්සයි විස්ස ජාතික කණ්ඩායමේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ගේ විවාහය ලබන මස පළවෙනිදා පැවැත්වීමට නියමිත බව හිරු ගොසිප් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා.ඔහුගේ අතගන්නේ ඉෂිකා ජයසේකර යි. පසුගියදා ඔවුන්ගේ විවාහ උත්සවයේ පූර්ව ඡායාරූප ගතකිරීම මහනුවරදී සිදුවී ඇති බවත් වාර්තා වනවා.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ බොහෝ සාමාජිකයින් පිරිසක් විවාහවී ඇති අතර පසුගියදා අන්තර්ජාලය පුරා කතාබහක්ද ඇතිවුනේ චන්දිමාල්ද විවාහ වූයේ නම් පෙරට වඩා දක්ෂතාවලට පැමිණෙනු ඇති බවයි.

hirufm.lk

Protest in Sri Lankan Parliament against bribery summons for ex-president

By: Prosperity Tech On: 5:02 AM

පාර්ලිමේන්තුවේි අයුතු ජනරාශියට යට වී විමර්ශන නවත්වනවා ද? 

මේ වන විට පාර්ලිමේන්තුවේ සිදු වෙමින් තිබෙන්නේ ඉතාම නින්දිත ක්‍රියාවකි.

මහින්ද රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්නට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම හමුවට යන්නට සිදු වීම වළක්වා ගැනීමට අවනීතිය හා මැරවර බලය පාවිච්චි කරමින් තිබේ.

පාර්ලිමේන්තුවේ ඇති අයුතු ජන රාශියට අමතරව හෙට පාර්ලිමේන්තුව අසල ද අයුතු ජන රාශියක් රැස් කිරීමට ද කටයුතු කරන බව විමල් වීරවංශ වහසි බස් දොඩයි.

මොවුන් මේ සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂට තිබෙන බව කියන ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග වළක්වාගෙන තමන් ද ගොඩ යන්නටයි. ‍

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වාඩි ලාගෙන සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට බරපතල විෂමාචාර චෝදනා තිබේ. එක් මන්ත්‍රීවරයකුට හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් මුදල් ලබා ගැනීම ගැන චෝදනාවක් ද තිබේ.

මේ අවස්ථාව අතිශය වැදගත් ය. මේ චෞරයන් පිරිස පාර්ලිමේන්තුව නියම විගඩමක් බවට පත් කර තිබේ. නීතිය සියතට ගත් මේ චෞරයන්ට ඉඩ දී සොරුන්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු ද?

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට නම් විමර්ශනවලට මුහුණ දිය යුතු ය. විමර්ශන වළක්වා ගන්නට උත්සාහ ක‍රන්නෝ කිල්ලෝටවල හුණු ඇත්තෝ ය.

මොවුන්ට මෙහෙමම ඉන්නට දුන්නොත් කොයි තරම් කාලයක් සිටිනු ඇද්ද යන්න බලාගන්නට පුළුවන.

එසේම, නීතිය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් ද ජනතාව බලමුළුගැන්විය යුතු ය.