Monday, April 27, 2015

Tagged Under: ,

Ong on ataka nataka suranga satharasinhe quits from Hiru TV

By: Prosperity Tech On: 6:24 AM
සුරංට කුඩම්මාගේ සැලකිලි දැක්වූ ''හිරු TV ''පටි රෝල් කරගනී

හිරු එපා කියා ''සුරං'' පිසාචයත් එක්ක දෙරණට රිංගලා

හිරු FM ගුවන්විදුලිය ඔස්සේ පේ‍්‍රක්ෂකයන් අතර අතිමහත් ජනප‍්‍රියත්වයට පත් ''පටිරෝල්'' ගුවන් විදුලි ප‍්‍රහසන නාටයකයේ සහ හිරු ටීවී ආරම්භ කිරීමෙන් පසු සති අන්තයේ විකාශය කිරීමට පටන් ගත්  ''ඕං ආටක නාටක'' නාට්‍යයේ නිර්මාතෘල පිටපත් රචක මෙන්ම ප‍්‍රධාන චරිතය රඟපෑ සුරංග සතරසිංහ හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් ඇතැයි වාර්තා වේ.


සුරංගගේ ඉවත්ව යාමත් සමග ඔහුගේ සහයකයා වන ‘පිසාචයා’ ලෙස ප‍්‍රකට ශිරාන් ශාන්තද හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් තිබේ. පටිරෝල් ඕං, ආටක නාටක සඳහා ඇතිකරගත් ගිවිසුම්  කාලය අවසන්වීමත් සමග එය නැවත අලූ‍ත්කර ගැනීමේ අදහස අතහැර මෙසේ සුරංග සතරසිංහ සහ ශිරාන් ශාන්ත හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ඇත්තේ එම ආයතනයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාවෙන් බවද වාර්තා වේ.


ඕං ආටක නාටක නාට්‍යය රූපවාහිනියේ අතිශය ජනප‍්‍රිය වීමත් සමග එක් නාට්‍ය කොටසක් සඳහා ලබාදෙන විකාශන කාලය විනාඩි හතකට සීමා කොට වැඩිපුර වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට පාලනාධිකාරිය ගත් තීන්දුවත් සමග එම කෙටි කාලය තුල ප‍්‍රහසන නිර්මාණයක් කිරීමේ ගැටළුවට මැදි වූ සුරංග සතරසිංහ එම ආයතනයෙන් ඉවත්වීමට තීරනයකොට තිබේ.
 

හිරු එෆ්.එම් හි විකාශය වන ‘පටිරෝල්’ වැඩසටහන මෙවර සලීම් නීල්සන් සම්මාන උළලේ වසරේ හොඳම රේඩියෝ වැඩසටහන යන සම්මානයට නිර්දේශවී තිබුන අතර හිරු පාලනාධිකාරිය විසින් ඒ බැව් සුරංග සතරසිංහ හට දැනුම්දීම ද නොසලකා හැර තිබූ බව වාර්තා වේ.

මේ වනවිට හිරු ටීවී  ඕං ආටක නාටක නාට්‍යය සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත නොමැතිව ඉදිරියට ගෙන යන අතර, හිරු එෆ්.එම් පටිරෝල් සඳහා පැරණි වැඩසටහන් නැවත විකාශය කරමින් පවත්වාගෙන යන බව වාර්තා වේ.


හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වූ සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත ’ෆැඞ්නා’ විසින් හඳුන්වා දුන් ‘Tummy Tea’ නම් තේ වර්ගයක සන්නම් තානාපති ලෙස කටයුතුකිරීමට පටන්ගෙන ඇතග මීට අමතරව පැය භාගයක් පුරා දිවෙන ප‍්‍රහසන නාට්‍යයක් සඳහා සුරංග සතරසින්හට අවස්තාවක් ලබාදීමට දෙරණ රූපවාහිනිය විසින් කැමැත්ත පලකොට ඇතැයි වාර්තා වේ.






eGossip.lk

0 comments:

Post a Comment